හැව ඇරීම සහ ඩොලර් තොප්පිය..
පහුගිය දවස් ටිකේ රුපියලේ අගය වේගයෙන් පල්ලම් බහින්න පටන්ගත්තා. ඩොලරයේ අගය රුපියල් 350 සීමාවත් ඉක්මවලා ගියා. “අපිට විදේශ සංචිත අච්චර තියෙනවා, මෙච්චර තියෙනවා” කියලා පම්පෝරී ගහපු ආණ්ඩුවක පාලනය යටතේ මෙහෙම වුණේ ඇයි?
මේ සම්බන්ධයෙන් මහ බැංකුව කියන්නේ මොකක්ද?
පහුගිය මාස කීපයේ තෙල් මිල ගොඩක් වැඩිවෙච්ච හින්දා ආනයන වියදම් ඉහළ ගිය බවත් සංචාරකයන් පැමිණීම අඩුවෙච්ච හින්දා ඩොලර් ලැබීම පහළ ගිය බවත් මහ බැංකුව කියනවා දැක්කා. ඊට අමතරව, ආනයන වියදම වැඩිවුනත් ඊට සාපේක්‍ෂව අපනයන ආදායම ඉහළ ගියේ නෑ කියලාත් මහ බැංකුව කියනවා. හැබැයි විදේශ රටවල්වල වැඩ කරන අපේ අය එවන සංක්‍රමණවල අඩුවක් වෙලා නැති බවක් තමයි මහ බැංකුව කියන්නේ.
මහ බැංකුව විසින් දේශීය පොලී අනුපාත පහළ දාලා තියෙනවා නම් ඒකත් ඩොලර් හිඟයට බලපාන්න පුළුවන්. (එහෙම කරලා තියෙනවා ද කියලා මම දන්නේ නෑ). අපේ බැඳුම්කරවල පොලිය අඩු නම් ඒවායේ ආයෝජනය කරපු විදේශිකයෝ තමන්ගේ ඩොලර් ආපහු ඇරැගෙන යනවා. එහෙම වෙද්දි, අපේ රටේ තියෙන ඩොලර් තොගය අඩුවෙනවා.
හේතුව මොකක් වුනත්, ඩොලරයේ මිල ඉහළ යද්දි ආනයනකරුවෝ කලබලවෙනවා. ඒ අය හෙට කරන්න ඕන වියදම් අද ම කරන්න පටන්ගන්නවා. ඉතින් ඒ විදිහට අසාමාන්‍ය විදිහට ඉල්ලුම වැඩිවුණාමත් ඩොලරයේ මිල ඉහළ යන්න පුළුවන්. ඩොලරයේ මිල ඉහළ යද්දි, අපනයනකරුවෝ තමන් හම්බ කරන ඩොලර් රුපියල් බවට පත්කිරීම පමා කරන්න පෙළැඹෙනවා. අදට වඩා හොඳ ගානක් හෙට ගන්න පුළුවන් කියලයි ඒ අය හිතන්නේ. ඉතින් වෙළෙඳපොළට ඩොලර් ලැබීමත් අඩුවෙනවා.
ඩොලරයේ මිල ඉහළ යෑමට අදාළ ආර්ථික කතන්දර ඕවා තමයි.
හැබැයි මේ වැඩේට අදාළ දේශපාලන කතාවකුත් තියෙන බව පැහැදිළියි. මේක ජනතා විමුක්ති පෙරමුණේ හැව ඇරීමට අදාළ කතාවක්.
ඉවරයක් නැති “රතු කතා” කිය කියා තමන් මහා මාක්ස්වාදී, විප්ලවවාදියෝ සෙට් එකක් කියන රංගනයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ යෙදිලා හිටියේ. මේ රංගනය විශ්වාස කරපු අහිංසක තරුණගහනයකුත් අපේ රටේ ඇතිවුණා. ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ තලයටත් මෙහෙම අය පත්වුණා. ඉතින් ඒ අහිංසක මිනිස්සු තවමත් සමාජවාදය ගැන තමන්ගේ හීනය දකිනවා.
ඒත් මගේ නිරීක්‍ෂණයේ හැටියට, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ආරම්භයේ ඉඳලා ම අධිරාජ්‍යවාදී අතකොළුවක්. අපේ රටේ වාමාංශික ව්‍යාපාරය නැත්තට ම නැති කරලා දාන සහ විප්ලවවාදී ජීව ගුණයෙන් සන්නද්ධ තරුණ පිරිසට බිල්ලට දෙන අධිරාජ්‍යවාදී කොන්ත්‍රාත්තුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටු කරලා දුන්නා. අපේ ජාතියට නායකත්වය දෙන්න තරම් ජවයක්, ශක්තියක් තිබුණු අතිවිශාල තරුණ පිරිසක් මේ මගෝඩි කැති, පොරෝ විප්ලව හින්දා අපිට අහිමිවුණා.
ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික විප්ලවවාදී දේශපාලන සංවිධානයක් නොවන බව දැන් සෑහෙන දෙනෙක් දන්නවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එළිපිට ම අධිරාජ්‍යවාදයට කඩේ යන හින්දයි ඒ අවබෝධය ඇතිවෙලා තියෙන්නේ. “අපි මෙහෙම කරන්නේ කෙටිකාලීන විප්ලවීය උපක්‍රමයක් විදිහට” කියලා ඇතුළේ ඉන්න “රතු නායකයෝ” පිරිස රවට්ටලා තියෙන බවත් පැහැදිළියි. (මෙතැන මේ “රතු නායකයෝ” කියලා කියන්නේ ටිල්වින්ලා, ලාල්ලා වගේ උදේ හවස ලෙනින් ගැන කිය කියා තමන්ගේ හෙළුව වහගන්න අයට නෙවෙයි. ඒ අය මේ වෙද්දි තැරැව්කාර ධකපති නරා වළේ පතුලත් ලෙව කන්න පටන් ඇරැගෙන තියෙන බව මුළු රට ම දන්නවා).
තමන්ගේ මේ සුවච කීකරු අතකොළුව තවත් කාලයක් ඉස්සරහට පවත්වාගෙන යන්න නම් අනුර දිසානායක ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඕන කියලා අධිරාජ්‍යවාදී බලවේග දන්නවා. ඉතින් ඒ වෙනුවෙන් ආණ්ඩුවට එරාන්ලා හර්ෂලා වගේ අයත් එක්ක කසාදයක් කරලා දෙන්න සිද්දවෙනවා. අධිරාජ්‍යවාදයට කත් අදින මේ දෙපාර්ශ්වයේ ම පොරොන්දම් ඉතාමත් හොඳින් ගැලැපෙන හින්දා එහෙම කසාදයක් කරන එක අමාරු වැඩක් නෙවෙයි.
ඒත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ ඉන්න “රතු නායකයෝ” කීප දෙනා මේ මංගල්ලයට විරුද්ධයි. ඉතින් දැන් මේ මංගල්ලයට විරුද්ධ “රතු නායකයෝ” පිරිස ආණ්ඩු මට්ටු කරන්න ඕන. මේක තර්ක කරලා, කරුණු පැහැදිළි කරලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ අය නමාගන්න, එහෙම බැරි නම් එළියට විසි කරලා දාන්න රට ඇතුළේ ලොකු ගින්දරක් පත්තු කරන්න ඕන. දැන් ඩොලර් ගින්දර පත්තු කරලා තියෙන්නේ මෙන්න මේ “විප්ලවය” වෙනුවෙන්.
“මේ ඩොලර් ගින්දර හරහා උපදින ආර්ථික අර්බුදය මේච්චල් කරගත්තේ නැතිනම් ආණ්ඩුව බිඳ වැටෙනවා” කියන යකා පෙන්නලා තමයි ඒ විරුද්ධවාදියෝ සෙට් එක මේච්චල් කරන්න හදන්නේ. මේ වැඩේට අවශ්‍ය උපකරණයකුත් අධිරාජ්‍යවාදී බලවේග විසින් ම හදලා දීලා තියෙනවා. “2017 අංක 12 දරන විදේශ විනිමය පනත” කියලා තමයි ඒ ගැජට් එකට කියන්නේ.
තමන් උපයන විදේශ විනිමය විදේශ රටවල්වල ගාල්කිරීමේ අවසරය 2017 විදේශ විනිමය පනතින් ව්‍යාපාරිකයන්ට ලැබුණා. ඉතින් ඒ අවසරය දේශපාලන පොල්ලක් විදිහටත් යොදාගන්න පුළුවන්. ආණ්ඩුව තමන් කියන කියන විදිහට නටනවා නම් ඒ අය විදේශ විනිමය රට ඇතුළට ගේනවා. එහෙම නැතිනම් ඩොලර් පිට තියාගෙන රට ඇතුළේ ගිනි තියනවා.
දැන් ජනතා විමුක්ති පෙරමුණ කරන හැව ඇරිල්ලට උදව්වක් විදිහට මේ උපකරණය පාවිච්චි කරලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් දැන් ඩොලර් ගින්න හෝ ගාලා පත්තුවෙනවා. අධිරාජ්‍යවාදී අතකොළු කසාදය ගැන පැලවත්තේ ඊ ළඟ රැස්වීම තියන්නේ මේ ගින්දරෙන් රට පිච්චෙද්දි. ඉතින් තවදුරටත් තමන්ගේ කසාදය පමා කරන්න බෑ කියලා මහ අතකොළුවලට කියන්න පුළුවන්. ඒ හේතුවට අවනතවෙනවා ඇරෙන්න විකල්පයක් හුඟක් “රතු නායකයන්ට” තියෙන එකක් නෑ එහෙම අවනතවෙන්න බැරි අය පක්‍ෂයෙන් එළියට විසිවෙයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..