News Category
From Date
To Date
Maximum Number of Result

හැව ඇරීම සහ ඩොලර් තොප්පිය..

May 26, 2026 at 08:22 AM
|

පහුගිය දවස් ටිකේ රුපියලේ අගය වේගයෙන් පල්ලම් බහින්න පටන්ගත්තා. ඩොලරයේ අගය රුපියල් 350 සීමාවත් ඉක්මවලා ගියා. “අපිට විදේශ සංචිත අච්චර තියෙනවා, මෙච්චර තියෙනවා” කියලා පම්පෝරී ගහපු ආණ්ඩුවක පාලනය යටතේ මෙහෙම වුණේ ඇයි?

මේ සම්බන්ධයෙන් මහ බැංකුව කියන්නේ මොකක්ද?

පහුගිය මාස කීපයේ තෙල් මිල ගොඩක් වැඩිවෙච්ච හින්දා ආනයන වියදම් ඉහළ ගිය බවත් සංචාරකයන් පැමිණීම අඩුවෙච්ච හින්දා ඩොලර් ලැබීම පහළ ගිය බවත් මහ බැංකුව කියනවා දැක්කා. ඊට අමතරව, ආනයන වියදම වැඩිවුනත් ඊට සාපේක්‍ෂව අපනයන ආදායම ඉහළ ගියේ නෑ කියලාත් මහ බැංකුව කියනවා. හැබැයි විදේශ රටවල්වල වැඩ කරන අපේ අය එවන සංක්‍රමණවල අඩුවක් වෙලා නැති බවක් තමයි මහ බැංකුව කියන්නේ.

මහ බැංකුව විසින් දේශීය පොලී අනුපාත පහළ දාලා තියෙනවා නම් ඒකත් ඩොලර් හිඟයට බලපාන්න පුළුවන්. (එහෙම කරලා තියෙනවා ද කියලා මම දන්නේ නෑ). අපේ බැඳුම්කරවල පොලිය අඩු නම් ඒවායේ ආයෝජනය කරපු විදේශිකයෝ තමන්ගේ ඩොලර් ආපහු ඇරැගෙන යනවා. එහෙම වෙද්දි, අපේ රටේ තියෙන ඩොලර් තොගය අඩුවෙනවා.

හේතුව මොකක් වුනත්, ඩොලරයේ මිල ඉහළ යද්දි ආනයනකරුවෝ කලබලවෙනවා. ඒ අය හෙට කරන්න ඕන වියදම් අද ම කරන්න පටන්ගන්නවා. ඉතින් ඒ විදිහට අසාමාන්‍ය විදිහට ඉල්ලුම වැඩිවුණාමත් ඩොලරයේ මිල ඉහළ යන්න පුළුවන්. ඩොලරයේ මිල ඉහළ යද්දි, අපනයනකරුවෝ තමන් හම්බ කරන ඩොලර් රුපියල් බවට පත්කිරීම පමා කරන්න පෙළැඹෙනවා. අදට වඩා හොඳ ගානක් හෙට ගන්න පුළුවන් කියලයි ඒ අය හිතන්නේ. ඉතින් වෙළෙඳපොළට ඩොලර් ලැබීමත් අඩුවෙනවා.

ඩොලරයේ මිල ඉහළ යෑමට අදාළ ආර්ථික කතන්දර ඕවා තමයි.

හැබැයි මේ වැඩේට අදාළ දේශපාලන කතාවකුත් තියෙන බව පැහැදිළියි. මේක ජනතා විමුක්ති පෙරමුණේ හැව ඇරීමට අදාළ කතාවක්.

ඉවරයක් නැති “රතු කතා” කිය කියා තමන් මහා මාක්ස්වාදී, විප්ලවවාදියෝ සෙට් එකක් කියන රංගනයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ යෙදිලා හිටියේ. මේ රංගනය විශ්වාස කරපු අහිංසක තරුණගහනයකුත් අපේ රටේ ඇතිවුණා. ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ තලයටත් මෙහෙම අය පත්වුණා. ඉතින් ඒ අහිංසක මිනිස්සු තවමත් සමාජවාදය ගැන තමන්ගේ හීනය දකිනවා.

ඒත් මගේ නිරීක්‍ෂණයේ හැටියට, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ආරම්භයේ ඉඳලා ම අධිරාජ්‍යවාදී අතකොළුවක්. අපේ රටේ වාමාංශික ව්‍යාපාරය නැත්තට ම නැති කරලා දාන සහ විප්ලවවාදී ජීව ගුණයෙන් සන්නද්ධ තරුණ පිරිසට බිල්ලට දෙන අධිරාජ්‍යවාදී කොන්ත්‍රාත්තුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටු කරලා දුන්නා. අපේ ජාතියට නායකත්වය දෙන්න තරම් ජවයක්, ශක්තියක් තිබුණු අතිවිශාල තරුණ පිරිසක් මේ මගෝඩි කැති, පොරෝ විප්ලව හින්දා අපිට අහිමිවුණා.

ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික විප්ලවවාදී දේශපාලන සංවිධානයක් නොවන බව දැන් සෑහෙන දෙනෙක් දන්නවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එළිපිට ම අධිරාජ්‍යවාදයට කඩේ යන හින්දයි ඒ අවබෝධය ඇතිවෙලා තියෙන්නේ. “අපි මෙහෙම කරන්නේ කෙටිකාලීන විප්ලවීය උපක්‍රමයක් විදිහට” කියලා ඇතුළේ ඉන්න “රතු නායකයෝ” පිරිස රවට්ටලා තියෙන බවත් පැහැදිළියි. (මෙතැන මේ “රතු නායකයෝ” කියලා කියන්නේ ටිල්වින්ලා, ලාල්ලා වගේ උදේ හවස ලෙනින් ගැන කිය කියා තමන්ගේ හෙළුව වහගන්න අයට නෙවෙයි. ඒ අය මේ වෙද්දි තැරැව්කාර ධකපති නරා වළේ පතුලත් ලෙව කන්න පටන් ඇරැගෙන තියෙන බව මුළු රට ම දන්නවා).

තමන්ගේ මේ සුවච කීකරු අතකොළුව තවත් කාලයක් ඉස්සරහට පවත්වාගෙන යන්න නම් අනුර දිසානායක ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඕන කියලා අධිරාජ්‍යවාදී බලවේග දන්නවා. ඉතින් ඒ වෙනුවෙන් ආණ්ඩුවට එරාන්ලා හර්ෂලා වගේ අයත් එක්ක කසාදයක් කරලා දෙන්න සිද්දවෙනවා. අධිරාජ්‍යවාදයට කත් අදින මේ දෙපාර්ශ්වයේ ම පොරොන්දම් ඉතාමත් හොඳින් ගැලැපෙන හින්දා එහෙම කසාදයක් කරන එක අමාරු වැඩක් නෙවෙයි.

ඒත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ ඉන්න “රතු නායකයෝ” කීප දෙනා මේ මංගල්ලයට විරුද්ධයි. ඉතින් දැන් මේ මංගල්ලයට විරුද්ධ “රතු නායකයෝ” පිරිස ආණ්ඩු මට්ටු කරන්න ඕන. මේක තර්ක කරලා, කරුණු පැහැදිළි කරලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ අය නමාගන්න, එහෙම බැරි නම් එළියට විසි කරලා දාන්න රට ඇතුළේ ලොකු ගින්දරක් පත්තු කරන්න ඕන. දැන් ඩොලර් ගින්දර පත්තු කරලා තියෙන්නේ මෙන්න මේ “විප්ලවය” වෙනුවෙන්.

“මේ ඩොලර් ගින්දර හරහා උපදින ආර්ථික අර්බුදය මේච්චල් කරගත්තේ නැතිනම් ආණ්ඩුව බිඳ වැටෙනවා” කියන යකා පෙන්නලා තමයි ඒ විරුද්ධවාදියෝ සෙට් එක මේච්චල් කරන්න හදන්නේ. මේ වැඩේට අවශ්‍ය උපකරණයකුත් අධිරාජ්‍යවාදී බලවේග විසින් ම හදලා දීලා තියෙනවා. “2017 අංක 12 දරන විදේශ විනිමය පනත” කියලා තමයි ඒ ගැජට් එකට කියන්නේ.

තමන් උපයන විදේශ විනිමය විදේශ රටවල්වල ගාල්කිරීමේ අවසරය 2017 විදේශ විනිමය පනතින් ව්‍යාපාරිකයන්ට ලැබුණා. ඉතින් ඒ අවසරය දේශපාලන පොල්ලක් විදිහටත් යොදාගන්න පුළුවන්. ආණ්ඩුව තමන් කියන කියන විදිහට නටනවා නම් ඒ අය විදේශ විනිමය රට ඇතුළට ගේනවා. එහෙම නැතිනම් ඩොලර් පිට තියාගෙන රට ඇතුළේ ගිනි තියනවා.

දැන් ජනතා විමුක්ති පෙරමුණ කරන හැව ඇරිල්ලට උදව්වක් විදිහට මේ උපකරණය පාවිච්චි කරලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් දැන් ඩොලර් ගින්න හෝ ගාලා පත්තුවෙනවා. අධිරාජ්‍යවාදී අතකොළු කසාදය ගැන පැලවත්තේ ඊ ළඟ රැස්වීම තියන්නේ මේ ගින්දරෙන් රට පිච්චෙද්දි. ඉතින් තවදුරටත් තමන්ගේ කසාදය පමා කරන්න බෑ කියලා මහ අතකොළුවලට කියන්න පුළුවන්. ඒ හේතුවට අවනතවෙනවා ඇරෙන්න විකල්පයක් හුඟක් “රතු නායකයන්ට” තියෙන එකක් නෑ එහෙම අවනතවෙන්න බැරි අය පක්‍ෂයෙන් එළියට විසිවෙයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.