ජන රජ දිනය..
ශ්‍රී ලංකාවේ ජනරජ දිනය සෑම වසරකම මැයි මස 22 වැනිදාට යෙදී ඇත. එදින 1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ යටත්විජිත බැඳීම් සම්පූර්ණයෙන්ම අහෝසි කර, පූර්ණ ස්වාධීන හා ස්වෛරී ජනරජයක් බවට පත්වූ ඓතිහාසික දිනය ලෙස සිහිපත් කරනු ලබයි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් අප "නිදහස" ලැබුව ද මීට වසර 54 කට පෙර, එනම්, 1972 මැයි 22 එතෙක් පැවැති බ්‍රිතාන්‍ය මහා රැජිණ හෝ රජු රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ඩොමීනියන් තත්වයේ (Dominion Status) පාලනයෙන් මෙරට නිදහස් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස "සිලෝන්" (Ceylon) නාමය "ශ්‍රී ලංකාව" ලෙස නිල වශයෙන් වෙනස් කෙරුණු අතර, ඉන් පසුව මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස විලියම් ගොපල්ලව මහතා පත් කෙරිණි.
ඩොමීනියන් තත්වයේ "නිදහස" තුළ පැවතියේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කරන ලද අග්‍රආණ්ඩුකාරයාගේ බලය යි. එමෙන්ම, මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය හිමිව තිබුණේ එංගලන්තයේ ආයතනයන්ට ය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රආණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුව ද නීතිගත වූයේ නැත. විශේෂයෙන්ම, මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූව ද සන්නද්ධ සේනාවන් හි සේනානායකයා වූයේ අග්‍රආණ්ඩුකාරයා ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ ද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට ය.
එවැනි දීන තත්වයට ඇද හෙලා තිබු නිදහස පරිපූර්ණ නිදහසක් බවට පත් කළේ 1972 මැයි 22 දා ය. ඒ, ගරු සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිනියගේ නායකත්වයෙන් පැවති පාලනය විසින් ය. කලක් යනතුරු මේ දිනය අභිමානවත්ව සමරණ ලද රාජ්‍ය උත්සවයක් බවට පත්ව තිබුණත්, පසුව එය ඉතිහාසයේ දින දසුනෙන් උවමනාවෙන්ම මකා දැමුවේය.
කෙසේ වුවද ජනරජ දිනයක් ඇතිවීමට 1971 තරුණ නැගීටීමේ බලපෑමක්ද තිබූ බව බොහෝ විද්වතුන්ගේ මතය වී තිබේ.
අප පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ මෙදින, අප ඊට හිමි ගරුත්වය ලබා දී සමරන්නේ නැතුවාක් මෙන්ම ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් හිතා මතාම නොසලකා හැර ඇත්තේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..