12.000 හමුදාව කොටි 3000 බයේ දිව්වයි කියන සරත් ෆොන්සේකා තමයි දුවපු හමුදාවට අණ දුන්නේ..
අද මම දැක්කා tv එකේ සරත් ෆොන්සේකා කියනවා " ගුටිකලා දුවන හමුදාවක් තමයි මම නැවත පුරුදු පුහුනු කරලා අරන් යුද්දේ ජයගත්තේ. අලිමංකඩ 12,000 හමුදාව හිටපු කදවුරක් ත්‍රස්තවාදී 3000 වටකරන් ගහන කොට දාලා දිව්වා".... කියලා.
මම කිසිම ආයුධයක් වැඩිපුර ගත්තේ නැහැ තිබුන ආයුධ වලින් තමයි සටන් කරේ පතුරම් තමයි වැඩිපුර ගත්තේ.....
ඒ කතාවේ සමහරක් තැන් ඇත්ත ..
අවසන් සටනේදී කොටි කොන්ක්‍රිට් බංකර් කඩන්න චීනයේ නිෂ්පාදිත red arrow කුඩා ප්‍රමානයේ මිසයිල හමුදාවට ගෙනත් දුන්නා ගෝඨා...
අලිමංකඩට ගහන්න කලින් කොටි ගැහුවේ අයියකච්චි වලට අලිමංකඩ කදවුරට වතුර සපයන ළිං අල්ල ගන්න ...ඒ දවස් වල තමයි චන්ද්‍රිකා අලිමංකඩ බේර ගන්න මේජර් ගෙනරාල් සරත් ෆොන්සේකව යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ඒකාබද්ද අණදෙන ආඥාපති ලෙස ජානක පෙරේරව යාපනයට යැව්වේ...
12.000 හමුදාව කොටි 3000 භයේ දිව්වයි කියන සරත් ෆොන්සේකා තමයි දුවපු හමුදාවට අණ දුන්නේ ..එයා තමයි අලිමංකඩ අතහැරලා පලෙයි දක්වා පසුබසින සැලසුම හැදුවේ....
කොටි නොනවතින රැල්ල මෙහෙයුමෙන් යාපනය බිද වැටෙන කොට 40.000 දාහක හමුදාවට යාපනයෙන් පසු බැසීමේ නියෝගයට අත්සන් යොදලා පසු බසින්න නියෝග කරේ ....
ගුටිකාලා දුවපු හමුදාවක් හිටියේ කොටි තුන් හාරදාහකට භයේ කියලා කියන්න සරත් ෆොන්සේකට සදාචාරාත්මක අයිතියක් නැහැ මොකද කොටි තුන් දහසකට භයේ පසු බසින 40,000 හමුදාවකට අණ දුන්නේ සරත් ෆොන්සේකා සහ ජානක පෙරෙරා .
අපේ කතානායකයා එවකට බ්‍රිගේඩියර් 55 සේනාංකාදිපතිගෙ සේනාව කොටි නොනවතින රැල්ල එලුදුමඩ්ඩුවාල් වලින් එන්න දෙන්නෙ නැතිව දරැනු සටනක නිරත වෙලා හිටියා අනිත් සේනාංක තරගෙට පසුබසිද්දිත්...
ඒ වෙනකොට සීවලී 53 සේනාකයටත් නායකත්වය දෙමින් සටන් කරමින් හිටියේ...මේජර් ජෙනරාල් ජානක පෙරේර සීවලිට කෝල් කරලා අහනව එලුදුමඩ්ඩුවාල් අල්ලන් ඉන්න පුලුවන්ද කියලා ...
" ඔව් සර් පුලුවන් අපි දිගටම අල්ලන් ඉන්නව අත හරින්නේ නැහැ...සීවලී කියනවා..
" සිවලි හමුදාවට withdraw වෙන්න කියලා නියොග කරලා තියෙද්දි අපේ සෙබලු ටෙරාලට අහුවුනොත් ඒකට ඔයා වග කියන්න ඕනේ හරිද...ජානක පෙරෙරා එහෙම තර්ජනය කරනවා සීවලිට...
" සර් මට කලිසමක් ඇදන් නැව් නැගලා කොළඹ යන්න බැහැ..අවශ්‍ය උනොත් මගේ රාජකාරි පිස්තොලේ ඉනේ තියෙනවා ඔලුවට වෙඩිතියා ගන්න ..මම සටන් කරනවා මම නිහඩ උනොත් සර්ට කැමති තීරනයක් ගන්න...
සීවලි එහෙම කියලා සංවාදේ නතර කරලා සටනට අණ දෙනවා..
ඊට පස්සෙ අනුරුද්ද රත්වතේ යාපනේ ඇවිත් සරත් ,ජානක එක්ක දුරකතනෙන් පසු බැසීම ගැන සාකච්ඡා කරනවා ..
එම සාකච්චාව මැදට කඩා පනින සිවලි " මේක සාකච්චා කර කර ඉන්න වෙලාවක් නෙමෙයි වහාම සරසාලෙයි defense එක බේරගන්න මොනවා හරි කරන්න කියලා තමන්ගෙ ඉහල නිළධාරින්‍ට බැන වදිනවා....
සරතුයි ජානකයි එකතු වෙලා සරසාලේ සටන් පෙරමුනේ අණ දෙන්නන්ට කෑගහලා කොහොම හරි defense එක කඩන්න නොදී එව්ලේ රැක ගන්නවා ..
ඉන් පසුව සරත් ෆොන්සේකා සීවලිගෙන් අහනවා අහවල් මේජර් ජෙනරාල් වරයා අණ දෙන 52 සේනාකයත් සීවලී යටතට අරන් සරසාලේ දිගටම රැකගන්න පුලුවන්ද කියලා සීවලි දෙපාරක් නොහිතම එම සේනාංකයටත් අණ දෙනවා දැරැණු සටනකට...
ඒ සමගම වලිකාමම් වල ඉන්න සේනංකයට දැරැණු ප්‍රහාරයක් එල්ල කරන ත්‍රස්තවාදී එය රැක සිටින සේනාකයට බරපතල හානි කරල ආරක්ෂක වලල්ල බිදින්න ආසන්න වෙනකොට සරත් ෆොන්සේකා සීවලිට කියනවා වලිකාමම් වැටෙන්න ළගයි එහෙම උනොත් උන් පලාලී වෙනකන්ම එන එක නතර කරන්න බැහැ ..වහාම ක්‍රියාත්මක වෙන බ්‍රිගේඩියර් සිවලි වනිගසේකර කර්නල් ජගත් ඩයස් සමග සේනාකයක් සටනට යවලා වලිකාමම් රැකගන්නවා...
මම දන්න විදිහට හමුදා ඉතිහාසයේ බ්‍රිගේඩියර් වරයෙක් සේනාංක තුනකට එකවර අණ දුන්න අවස්තාව හැටියට සහ පසුබසින හමුදාවක එම සේනාංක තුනම ඉතාම බිහිසුනු දරැණු සටනකින් පසු ජයගත් බවයි...
එඩිතරව සටන්කොට මව්බිමට තම යුතුකම අකුරටම ඉටු කොට මේජර් ජෙනරාල් වරයකු ලෙස නිහඩව හමුදාවෙන් විශ්‍රාම ලැබිය ....
අවම ඔහුගෙ චායාරූපයක් අන්තර්ජාලයේ හො කිසිදු තැනක නැත....
අපි වෙනුවෙන් ඔවුන්ගේ දිවියම අනතුරේ හෙලා ගත් වීරෝධාර රණවිරුවන්ටජාතියේ උත්තමාචාරය හිමි වේවා මතු නිවනින් සැනසේවා!
(සමාජ මාධ්‍යයෙන් උපුටාගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..