ලංකාවේ පළමු චිත්‍රපටය
> ලංකාවේ පළමු චිත්‍රපටය ගැන කතා කිරීමේදී බොහෝ දෙනාට සිහිපත් වන්නේ 1947 ජනවාරි 21 වැනිදා තිරගත වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයයි. නමුත් එය ලංකාවේ පළමු කථා නාද චිත්‍රපටය වූ අතර, ඊට පෙර ලංකාවේ නිහඬ චිත්‍රපට කීපයක් නිර්මාණය වී තිබේ.
> ඒ අනුව ලංකාවේ පළමු චිත්‍රපටය ලෙස සැලකිය හැක්කේ රාජකීය වික්‍රමය නම් නිහඬ චිත්‍රපටයයි. 1925 දී ජී. ඒ. ජී. නූර්බායි මහතා විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය පිටුපස ඇත්තේ අපූරු කතාවකි.
> මෙහි ප්‍රධාන නළුවා වූයේ පසුකාලීනව මෙරට වාම දේශපාලනයේ පතාක යෝධයකු මෙන්ම රටේ මුදල් ඇමති හා විපක්ෂ නායක ලෙසද කටයුතු කළ කීර්තිමත් දේශපාලනඥයකු වූ ඇන්. ඇම්. පෙරේරා මහතාය.
> ඇන්. ඇම්. පෙරේරා මහතා පාසල් ජීවිතය අවසාන කළ අවදියේ පුවත්පතක දුටු දැන්වීමකට අනුව මේ චිත්‍රපටයට සම්බන්ධ වී ඇති අතර එහි ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් ඔහුට කළ ගෙවීම රුපියල් 100කි.
> සිබිල් පිට් නම් පාසල් සිසුවිය මෙහි ප්‍රධාන නිළියගේ චරිතය රගපෑ අතර, දුෂ්ට චරිතය රගපාන ලද්දේ ග්‍රේෂන් පෙරේරා විසිනි. ඇන්. පී. ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා යන අය සෙසු චරිත නිරූපණය කළහ.
> ඉන්දියානු චිත්‍රපට කතාවකට අනුව නිර්මාණය කරන ලද මේ චිත්‍රපටයේ කැමරා ශිල්පියාද ගුප්ත නම් ඉන්දියානු ජාතිකයෙකි. දෙබස් අකුරින් ලියන ලද්දේ එම්. සාර්ලිස් හා ජී. ඇස්. ප්‍රනාන්දු විසිනි. බම්බලපිටිය ප්‍රදේශයේ සකස් කරන ලද චිත්‍රාගාරයක චිත්‍රපටය රූ ගත කර තිබිණි.
> පසුව මේ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවට ගෙන යාමෙන් පසු එය බොම්බාය ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල ප්‍රදර්ශනය කොට අතිශය ජනප්‍රියත්වයට පත් වූවක් බව කියැවේ. පසුව එය සිංගප්පූරුවේද ප්‍රදර්ශනය කොට නැවතත් ඉන්දියානු සිනමා රසිකයන්ගේ ඉල්ලීම මත ඉන්දියාවේ ප්‍රදර්ශනය කර තිබේ.
> ඉතාම අවාසනාවන්ත කාරණය වූයේ මේ චිත්‍රපටය ලංකාවට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබියදී හදිසියේ ඇති වූ ගින්නකින් චිත්‍රපටය සම්පූර්ණයෙන් විනාශයට පත් වීමය. ඒ නිසා ලංකාවේ නිපදවු පළමු සිනමා නිර්මාණය ලංකාවාසීන්ට කිසිදා දැකගත හැකි වූයේ නැත.
> මේ ගිනිගැනීම අහඹු සිදුවීමක් නොව චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යාවෙන් පසවූ පිරිසක් හිතා මතා කරන ලද්දක් බවටද විවිධාකාර මත පළ වී තිබේ.
> අනතුරුව උපන්ගෙයිම මියගිය ලංකාවේ පළමු චිත්‍රපටය ගැන කතාව ඉතිහාසයෙන් මැකී ගොස් තිබියදී නැවත ඒ පිළිබඳ කතාබහක් ඇති වූයේ ඊට දශක තුනකට පසුව බව කියැවේ.
> කාලයකට පසුව අහම්බෙන් මේ චිත්‍රපටය ගැන කරුණු දැනගත් සිනමා ලෝලියෙකු හා ලේඛකයෙකු වූ ඩී. වී. සෙනෙවිරත්න මහතා 1955 නොවැම්බර් 3 වැනි දින ඉරිදා ලංකාදීප පුවත්පතට මේ චිත්‍රපටය ගැන ලිපියක් ලියා තිබිණි. ඒ ඇන්. ඇම්. පෙනී සිටි පළමුවන චිත්‍රපටය යන තේමාව යටතේය.
> ලාංකේය සිනමාවේ ඉතිහාසය ගැන කතා කිරීමේදී මේ කරුණු ඉතා වැදගත්ය. අකල් මරණයකට ගොදුරු වූ සිංහල සිනමාවේ කුළුදුල් දරුවා වන රාජකීය වික්‍රමය නම් චිත්‍රපටයට එහිදී හිමිවන්නේ අමතක නොකළ යුතු ස්ථානයකි.
(ඡායාරූපයේ වමේ සිට ඇන්. ඇම්. පෙරේරා, නූර්බායි, ඩී. වී. සෙනෙවිරත්න, ඇල්බට් ද සිල්වා)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..