කොවිඩ් කළමනාකරණය..
මෙහි දැක්වෙන්නේ ධනුෂ්ක නුවන් පතිරණ Dhanushka Nuwan Pathirana නම් වෛද්‍යවරයෙක් වෛද්‍යවරුන්ගේ fb සාමූහිකයකට සැපයූ ලිපියකි. ඔහුගේ fb පිටුවේ ද එය පළ කර ඇත. (මෙම වෛද්‍යවරයා මාගේ පෞද්ගලික මිතුරකු හෝ ශිෂ්‍යයකු හෝ නොවේ. මට කිසිදා හමු වී ද නැත).
කොවිඩ් වසංගතය අවස්ථාවේ අප සිදු කළ කැපවීම යටපත් කර මඩ ගැසීමට දැවැන්ත ව්‍යාපාරයක් දියත් විය. ජවිපෙට සහාය දැක්වූ වෛද්‍යවරු කණ්ඩායමක් එහි මූලිකත්වය ගත්හ. ඉන් ඇතැම්හු අද ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරති.
කල් ගතවී හෝ සෞඛ්‍ය සේවකයන්ටම සැබෑ තතු අවබෝධ වීම සතුටට කරුණකි.
උපුටා ගැනීම 👉
//කවුරුන් කෙසේ කීවත් කොරෝනා වැනි අතිශය ව්‍යසනකාරී අර්බුදයක් කළමනාකරණය කර, මියැදෙන්නට තිබුණු (මා ද ඇතුලු ව) සිය ගණනක් ජීවිත ඉන් මුදවා ගත් නායකත්වයට අද ද හිස නමා ආචාර කරමි.....
අද වැනි පාලන සමයක, කෝරෝන වැනි වසන්ගතයක් පැමිණියේ නම් කුමක් වේවි දැයි මදකට උපකල්පනය කර බලන්න ...
එකල, උදෑසන 6ට දරුණු කෝවිඩ් නියුමෝනියා වාට්ටුවට යනෙන විට, රෝගීන්ට අවශ්‍ය සියලු ඔක්සිජන් ගෙනැවිත් තිබුණි....
අතිශය පිරිවැයක් ගත වුවද කිසිම රෝගියෙකුට මොහොතක්වත් ඔක්සිජන් අඩුපාඩුවක් තිබුණේ නැත...අවශ්‍ය බෙහෙත් සියල්ල -මිල අධික වුවත් -- Enoxaparin, Ceftriaxone, Meropenum, Dexamethasone, methylprednisone ආදි සියල්ල කිසිදිනක හිග වූයේ නැත.....
සියලු කෝවිඩ් නියුමෝනියා රෝගීනට නිවැසියන්ට පැමිණීමට නොහැකි නිසා, සැකසූ බත් ආහාර නිසි පරිදි ලැබිණි...
අවශ්‍ය වූ විට සහල් කැද, කිරි තේ අඩුවක් නොතිබිණි....
විකාරුරූපී චක්‍රලේඛ ගෙනෙන උගත් යැයි සම්මත වත්මන් ඇමතිවරුන් මෙන් නොව, ප්‍රායෝගික ව වාට්ටුවලට අදාල රෙදි, පැම්පස්, CPAP, High flow වැනි උපකරණ, සමීපාරක්ෂණ ද්‍රවය අදාල පරිදි බාධාවකින් තොර ව රෝහල් තුළට ලබා ගැනීම මනා සේ කළමනාකරණය විය...
සෞඛ්‍ය සේවකයින්ගෙ අභිමානය ගැන උසුලු විසිලු කරන වත්මන් පාලකයින් මෙන් නොවී, ඔවුන්ගේ සේවය අගයා දිරිගැන්වීම් ලබා දෙන ලදී..
සියලු සෞඛ්‍යය සේවකයන් හට ප්‍රධාන රෝගල්වල සිට නිවැසට යෑමට උදැසන, දහවල හා සවස බස් රථ යොදවා තිබිණි...
සෞඛ්‍යය සේවයකන්ගේ ආරක්ෂක ඇදුම් ආදිය හැකි තරමින් ලැබුණු අතර, වාට්ටු සියල්ල වසන්ගතය සෞඛ්‍ය සේවකයින්ට බෝ නොවන සේ ආවරණ සකසා, විධිමත් ලෙස සකසන ලදි..
වාට්ටු පිරිසුදු කීරීම සදහ අවශ්‍ය රසායනික නිසි පරිදි එවූ අතර,, සෞඛ්‍යය සේවකයින්ගේ නිවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝහලෙන් නික්මීමට පෙර පිරිසුදු කටයුතු කරගැනීමට අවශ්‍ය පහසුකම් හැකි පරිදි සකසන ලදී....
අද සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අභ්‍යන්තර අර්බූදය ගැන කතා කරන්නට ගොස් රස්සාවෙන් වන්දි ගෙවීමට සිදු විය හැකි මා දනිමි....
ඒ සියල්ල සිදුවන අතරතුර, සමාගම් සේවකයින් හා ගුරුවරුන් පාරට ගෙන එමින්, බොර දියේ මාළු බෑ අවස්ථාවාදී දේශපාලනික හස්තයන් ද සිටි බව සිහි තබා ගත යුතුය..
(ආචාර්ය දන්න ජයසුමනගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්