තේ වැව්ලි කරුවන්ගේ කතාව..
මේ රටේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියන්නේ මීලගට එන පොහොර නැවේ පොහොර ටොන් එකක් ඩොලර් 800 යි කියලා. ඒ අනුව බදු රහිතව පොහොර මිටියක් වරායේදී රුපියල් 12500/= ත් 12800/= ත් අතර මිලක්.
පසුගිය කාලේ ගෙනවිත් තියෙන දැනටමත් තේ වගාවට දාන පොහොර මිටියක් රුපියල් 15500/= ක් වෙලා. කලින් ආන්ඩුව පත්වීමට පෙර තිබුණේ 8500/= ත් 9250/= ත් අතර මිලක්.
ඒ අස්සේ කොළඹ වරායට ඩොලර් 300 ට අඩුවෙන් කසකස්තානයෙන් ගෙනත් දෙන්න පුලුවන් කියලා ආනයනකරුවෙක් කියනවා. ආසන්න මිල පොහොර මිටියක් කොළඹ වරායට බදු රහිතව රුපියල් 5000/= කට ආසන්න මිලක්.
ඇමතිවරයා කියන විදිහට හා ඩොලර් 300 ට ගෙනත් දෙන්න පුලුවන් කියන ආනයනකරුවන් අතර වෙනස ඩොලර් 500/= ක් මෙට්‍රික් ටොන් එකකට.
ටෙන්ඩර් කරලා අතර මැදියන් ගෙන් වැඩිමිලට ගැනීම හරහා එක මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 500 ක් රටට අහිමි වෙනවා.
අපේ දැනුවත් භාවය අනුව කන්නයකට ඇවැසි ටොන් එක් ලක්ෂ පනස්දහසක් ඩොලර් 500×150000 = 7,500,000,000 ඩොලර් (7,500,000,000× 320=2,400,000,000,000 රුපියල්)
රුපියල් බිලියන 2 කට වැඩි මුදලක් රටේ නිකං විනාශ වෙනවා ඒ මුදල් කාගේ අතට යනවද දන්නේ නෑ.
රුසියානු සම්බාධක අයින් කරලා තියෙන නිසා රුසියාවෙන් මීටත් අඩුවෙන් පොහොර ගන්න පුලුවන් රජයන් රජයන් අතර ගනුදෙනු මගින් හැබැයි එතකොට කොමිස් නෑ.
පරන හොරුන්ගේ දූශිත කාටල් එක බිදිනවා කියලා තමයි වේදීකාවල බෙරිහන් දෙන්නේ.
කාටල් එක බිදින්න නම් ගොවියා රකින්න නම් හොරාකෑම නවත්වන්න නම් රජයන් රජයන් අතර ගනුදෙනු මගින් ඩොලර් 300 ට අඩුවෙන් පොහොර මිලදි ගන්න රජය කටයුතු කල යුතුය. සම්බාධක නැති නිසා රුසියාවෙන් ගන්නත් පුලුවන් එසේ නොවේ නම් අපිට කියන්න තියෙන්නේ පරන හොරු අතර වෙනසක් නෑ කියලා.
දූශිත ටෙන්ඩර් ක්‍රම නිසා වැඩිපුර පිටවෙන්නේ රටේ ඩොලර් ඒක මෑතකදී සිදුවෙච්ච මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5 ට වඩා වැඩියි.
රටට ව්දේශ විනිමය ගේන තේ වගාව හබක් ඩොලරය වැඩියි පොහොර මිල වැඩියි දලු මිල විශාල ලෙස පහල බැහැලා.
අනික මේ දෙපැත්තෙන්ම වෙන්නේ රටේ නිශ්පාදන වියදම අධික වීම සහ රැකගතයුතු විදේශ විනිමය අහිමිවීම.
එසේම රටේ බදු මුදල් වියදම් කරමින් වී ගොවින් වෙත දැනටමත් හෙක්ටයාර එකක් සදහා රුපියල් 25000/= ක සහනාධාරයක් හිමිවන අතර ,තේ ගොවීන් වෙනුවෙන් එක් වරක් පමනක් කර්මාන්ත ශාලා වෙත දෙන දලු ප්‍රමාණය අනුව එක් වරක් පමනක් සහනාධාරයක් ලබාදී ඇත..
මේ සහනාධාරය නැවතත් භාන්ඩාගාරය වෙත යන්නේ නම් කම් නැත එය යන්නේ මුදලාලිලා ගේ සාක්කුවට නම් බරපතළ ප්‍රශ්නයකි.
රජයන් රජයන් අතර ගනුදෙනු මගින් පොහොර මිලදී ගන්නේ නම් ගොවීන්ට පොහොර සහනාධාරයක් ඇවසි නැත.
මේ රට පාලනය කරන්නේ කවුද පිටකොටුවේ මුදලාලිලාද එහෙනම් ආන්ඩුවක් ඕනි නෑ කියලා ජනාධිපතිවරයා මීට පෙර කිව්වේ.
අපිත් ප්‍රශ්න කරන්නේ ඒකම තමයි ලෝකයේ වැඩිම මිලට පොහොර ගන්න මොකටද ආන්ඩුවක්.
රටේ ගොවියා වෙනුවෙන් කතා කල යුතු විපක්ෂය නිහඩයි.
රටට දෙවියන් ගේ පිහිටයි
ලේකම්
ජාතික තේ වැවිලි කරුවන්ගේ සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..