තේ වැව්ලි කරුවන්ගේ කතාව..
මේ රටේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියන්නේ මීලගට එන පොහොර නැවේ පොහොර ටොන් එකක් ඩොලර් 800 යි කියලා. ඒ අනුව බදු රහිතව පොහොර මිටියක් වරායේදී රුපියල් 12500/= ත් 12800/= ත් අතර මිලක්.
පසුගිය කාලේ ගෙනවිත් තියෙන දැනටමත් තේ වගාවට දාන පොහොර මිටියක් රුපියල් 15500/= ක් වෙලා. කලින් ආන්ඩුව පත්වීමට පෙර තිබුණේ 8500/= ත් 9250/= ත් අතර මිලක්.
ඒ අස්සේ කොළඹ වරායට ඩොලර් 300 ට අඩුවෙන් කසකස්තානයෙන් ගෙනත් දෙන්න පුලුවන් කියලා ආනයනකරුවෙක් කියනවා. ආසන්න මිල පොහොර මිටියක් කොළඹ වරායට බදු රහිතව රුපියල් 5000/= කට ආසන්න මිලක්.
ඇමතිවරයා කියන විදිහට හා ඩොලර් 300 ට ගෙනත් දෙන්න පුලුවන් කියන ආනයනකරුවන් අතර වෙනස ඩොලර් 500/= ක් මෙට්‍රික් ටොන් එකකට.
ටෙන්ඩර් කරලා අතර මැදියන් ගෙන් වැඩිමිලට ගැනීම හරහා එක මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 500 ක් රටට අහිමි වෙනවා.
අපේ දැනුවත් භාවය අනුව කන්නයකට ඇවැසි ටොන් එක් ලක්ෂ පනස්දහසක් ඩොලර් 500×150000 = 7,500,000,000 ඩොලර් (7,500,000,000× 320=2,400,000,000,000 රුපියල්)
රුපියල් බිලියන 2 කට වැඩි මුදලක් රටේ නිකං විනාශ වෙනවා ඒ මුදල් කාගේ අතට යනවද දන්නේ නෑ.
රුසියානු සම්බාධක අයින් කරලා තියෙන නිසා රුසියාවෙන් මීටත් අඩුවෙන් පොහොර ගන්න පුලුවන් රජයන් රජයන් අතර ගනුදෙනු මගින් හැබැයි එතකොට කොමිස් නෑ.
පරන හොරුන්ගේ දූශිත කාටල් එක බිදිනවා කියලා තමයි වේදීකාවල බෙරිහන් දෙන්නේ.
කාටල් එක බිදින්න නම් ගොවියා රකින්න නම් හොරාකෑම නවත්වන්න නම් රජයන් රජයන් අතර ගනුදෙනු මගින් ඩොලර් 300 ට අඩුවෙන් පොහොර මිලදි ගන්න රජය කටයුතු කල යුතුය. සම්බාධක නැති නිසා රුසියාවෙන් ගන්නත් පුලුවන් එසේ නොවේ නම් අපිට කියන්න තියෙන්නේ පරන හොරු අතර වෙනසක් නෑ කියලා.
දූශිත ටෙන්ඩර් ක්‍රම නිසා වැඩිපුර පිටවෙන්නේ රටේ ඩොලර් ඒක මෑතකදී සිදුවෙච්ච මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5 ට වඩා වැඩියි.
රටට ව්දේශ විනිමය ගේන තේ වගාව හබක් ඩොලරය වැඩියි පොහොර මිල වැඩියි දලු මිල විශාල ලෙස පහල බැහැලා.
අනික මේ දෙපැත්තෙන්ම වෙන්නේ රටේ නිශ්පාදන වියදම අධික වීම සහ රැකගතයුතු විදේශ විනිමය අහිමිවීම.
එසේම රටේ බදු මුදල් වියදම් කරමින් වී ගොවින් වෙත දැනටමත් හෙක්ටයාර එකක් සදහා රුපියල් 25000/= ක සහනාධාරයක් හිමිවන අතර ,තේ ගොවීන් වෙනුවෙන් එක් වරක් පමනක් කර්මාන්ත ශාලා වෙත දෙන දලු ප්‍රමාණය අනුව එක් වරක් පමනක් සහනාධාරයක් ලබාදී ඇත..
මේ සහනාධාරය නැවතත් භාන්ඩාගාරය වෙත යන්නේ නම් කම් නැත එය යන්නේ මුදලාලිලා ගේ සාක්කුවට නම් බරපතළ ප්‍රශ්නයකි.
රජයන් රජයන් අතර ගනුදෙනු මගින් පොහොර මිලදී ගන්නේ නම් ගොවීන්ට පොහොර සහනාධාරයක් ඇවසි නැත.
මේ රට පාලනය කරන්නේ කවුද පිටකොටුවේ මුදලාලිලාද එහෙනම් ආන්ඩුවක් ඕනි නෑ කියලා ජනාධිපතිවරයා මීට පෙර කිව්වේ.
අපිත් ප්‍රශ්න කරන්නේ ඒකම තමයි ලෝකයේ වැඩිම මිලට පොහොර ගන්න මොකටද ආන්ඩුවක්.
රටේ ගොවියා වෙනුවෙන් කතා කල යුතු විපක්ෂය නිහඩයි.
රටට දෙවියන් ගේ පිහිටයි
ලේකම්
ජාතික තේ වැවිලි කරුවන්ගේ සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්