News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාණ්ඩුව ඉක්මන් වැඩි ද?

May 4, 2026 at 01:03 PM
|

මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබල වී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය. අපට වට්ටන්න බැහැ, අපි වැටෙන්නෙ නැහැ, ආයෙ වෙන ආණ්ඩු නැහැ, අපි තමයි දිගටම ආණ්ඩුව ආදී කයිවාරු ගැසීම වැඩි වී තිබෙන්නේ ඇයි?

ඔවුන් මැයි රැලි, අප්‍රේල් සමරු, ඉල් මහ විරු සමරු ආදිය පවත්වන්නේ මූලික වශයෙන්ම ඔවුන්ගේ කාඩරයටය. තම කාඩරය රැස් කරවා ඔවුන්ට ඔවුන්වම පෙන්වා, ඔවුන්ගේ මොරාලය එසවීම සඳහා උද්වේගකර කතා පැවැත්වීම මෙම අභිචාරයයි.

මෙය හැට වසරක් තිස්සේ කළත්, ඔවුන්ට බලය නො ලැබුණු අතර, දැන් බලය ලැබී ඇත. ඒ නිසා තත්ත්වය සංකීර්ණ වී තිබේ. බලය පිළිබඳ ඔවුන් නිර්මාණය කළ චිත්‍රය අසම්පූර්ණ එකක් බව ඔවුන්ට දැන් වැටහී තිබේ. බලය ලබා ගත්තත්, එයින් කළ හැකි මහ ලොකු දෙයක් නැති බව දැන් දැන් ඔවුන්ට වැටහෙමින් තිබේ. බලය ගැනීමටත් වඩා බලය රැක ගැනීම දුෂ්කරය.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප උගත යුතු වැදගත්ම පාඩම නම්, බලය යනු දැඩිව අල්ලා ගෙන සිටීමට උත්සාහ කරනවාට වඩා බෙදා ගත යුතු, හුවමාරු කර ගත යුතු දෙයක් බවයි. බලයට වඩා වැදගත් වන්නේ බලය මෙහෙයවා කරන්නේ කුමක් ද යන්නයි. කරන්නේ කවුරු ද යන්න ද එතරම් වැදගත් නැත.

බලය මෙහෙයවා ප්‍රතිසංස්කරණ සිදු කළ හැකිය. විප්ලවීය අවස්ථාවලදී විප්ලවීය ප්‍රතිසංස්කරණ සිදු කළ හැකිය. දූෂණයේ ද යෙදිය හැකිය. දූෂණය හෙළිදරව් වීම වළක්වා ගැනීම සඳහා බලය දිගු කර ගැනීම අවශ්‍ය වේ. එහෙත්, කිසිවෙකුට සදාකාලිකව බලයේ සිටින්නට ලැබී නැත. බලය ගිලිහෙන විට මිනිස්සු බලු වෙති. එබැවින් බලය ගන්නා විටම, එය ණයට ගත් පිරුවටයක් බව අවබෝධ කර ගෙන සිටිනවා නම්, නැවත බලය ගැනීම පවා දුෂ්කර වන්නේ නැත.

මාලිමා ආණ්ඩුවේ බලයට ඔවුන් සිතන තරම් ලොකු අභියෝගයක් තිබුණේ නැත. ඔවුන්ට විධායක ජනාධිපති, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පමණක් නොව, පළාත් පාලන බලය ද හිමි වී ඇත. විපක්ෂය කියා තනි දෙයක් නැත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිටින්නේ ඔවුන්ගේ ඔඩොක්කුවේය. අභියෝගාත්මක විපක්ෂය වන පොහොට්ටුවේ නායකයන්ට අපවාද රැසකි. රනිල් වික්‍රමසිංහ වයෝවෘද්ධය. රෝගාතුරය. ඉතින් මාලිමාව කලබල වන්නේ කුමට ද? ඔවුන්ට තියෙන්නේ ඔවුන් දැන් මනාව හඳුනා ගනිමින් තිබෙන රටට ඉදිරියට යාමට දැනට ඇති එකම මාවත වන ධනේශ්වර ක්‍රමය තිරසර කිරීමේ මාවත ඔස්සේ යාමය. එයට සමාජයෙන් හෝ විපක්ෂයෙන් ඇති අභියෝගයක් ද නැත. තක්කඩි වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂවල අභියෝග ජවිපෙ ගණන් ගන්නේ කුමට ද?

විපක්ෂ දේශපාලනය තෝරා ගත් අප වැනි අය කොහොමත් ආණ්ඩුවට පහර දෙන එක දිගටම කරනවාය. දේශපාලනය එහෙම තමාය. මහජන මතය හසුරුවන එක සියුම් ක්‍රීඩාවකි.

මාලිමා ආණ්ඩුව වලිගය පාගා ගෙන ඇත්තේ කිසිදු සාධාරණ හේතුවකින් තොරවය. ඔවුන් මේ අන්දමින් සොරකම් හා දූෂණ නො කළ යුතුව තිබිණි. කන්ටේනර් 323, බාල ගල් අඟුරු වංචාව, ඩීසල් වංචාව හා අලුත්ම එක වන භාණ්ඩාගාර වංචාව වැනි දූෂණවල ඔවුන් පැටලුණේ ඇයි ද යන්න තේරුම් ගත නොහැකි තත්ත්වයකි. ඒවා නො කර ඔවුන්ට යන්නට බැරිකමක් තිබුණේ නැත.

දූෂණවල ප්‍රතිඵල ලෙස දැන් ලේ හැළීම් ද සිදු වේ. එය බරපතළ තත්ත්වයකි.

මාලිමා ආණ්ඩුව අනවශ්‍ය කලබල ඇති කර නො ගෙන ඉන්නවා නම්, ඔවුන්ට එතරම් ලොකු අභියෝග නැත. මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ඇති වන තත්ත්ව මුළුමනින්ම ඔවුන්ගේ පාලනය තුළ සිදු වන ඒවා නොවේ. උදාහරණයක් ලෙස, ඉදිරි කාලයේදී උද්ධමනය, ඩොලරයේ රුපියල් වටිනාකම, ඉන්ධන මිල, විදුලි බිල, සියලු භාණ්ඩ හා සේවා මිල අධිවේගයෙන් ඉහළ යනු ඇත. පොහොර හිඟය විසින් ආහාර හිඟයක් ද නිර්මාණය කිරීමට ඉඩ ඇත. ආණ්ඩුව කළ යුතුව ඇත්තේ හොරකම්, වංචා සහ වහසි බස් කීම නොව, ඉදිරි තත්ත්වවලට ජනතාව සූදානම් කිරීමයි.

ඒ සඳහා ජනතාවට ඇත්ත කිව යුතුය. තිබෙන ඉන්ධන, පොහොර තොග පරිස්සම් කර ගෙන පරිහරණය කළ යුතුය. තමන් මැජික්කාරයන් නො වන බව රටට කිව යුතුය. අප සැවොම එක් වී මෙම අභියෝගය ජය ගත යුතු බව අවධාරණය කළ යුතුය. කාගේත් සහයෝගය ඒ සඳහා දිනා ගත යුතුය. ඒ සඳහා මූලිකවම ජනාධිපති අනුර කුමාර දිසානායක මීට වඩා පරිණත අන්දමින් ක්‍රියා කළ යුතුය.

හොරකම්, දූෂණ, වංචා හා වෛරී දේශපාලනය නැවැත්විය යුතුය. එවිට ඔබට බලය රැක ගැනීම දුෂ්කර වන්නේ නැත. අපට නම් ඔය බලය ඕනෑම නැත.

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.