ක්‍රිකට් පාලක මණ්ඩලය ජෙරම් යටතට!
ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට සිදුව ඇති හානිය මකා ගැනීම සදහා එක් පිළියමක් ලෙස, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ යුතුය යන තීරණය ගෙන ඇත්තේ මීට මසකට පමණ පෙරදීය. එම තීරණය ගෙන ඇත්තේ “ප්‍රොපට්” ජෙරම් ප්‍රනාන්දු, ප්‍රමිෂ්කා පෙරේරා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අමාත්‍ය විජිත හේරත් හා අමාත්‍ය නලින්ද ජයතිස්ස යන අය සිදුකරන ලද සාකච්ඡාවකදීය.
කිසිවකුත් දැන නොසිටියද පසුගිය ජනාධිපතිවරණයේදී ජෙරම් ප්‍රනාන්දු හරහා එම ආගමික විශ්වාසය දරණවුන්ගේ ඡන්ද ලබාගැනීම ද ජ.වි.පෙ. කටයුතු කර තිබේ. ප්‍රමිෂ්කා පෙරේරා හරහා මෙම සම්බන්ධතාව ඇති වී තිබේ.
ජනාධිපති වීමෙන් පසුව මසකට දෙපාරක් ඉහත කී පිරිස මුණ ගැසීම සිරිතක් ලෙස සිදු කර තිබේ. මුලදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ වන නිවසකදී පිරිස හමුවී ඇත. නමුත් පසුව මෙම මුණ ගැසීම සිදු කරණුයේ “ප්‍රොපට්” ජෙරම්ගේ නිවසකදීය.
මෙම හමුවේදී ශම්මි සිල්වා ඉවත් කිරීම පිළිබදව සාකච්ඡා වී තිබේ. ස.ජ.බ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම යෝජනා වී ඇත්තේද එහිදීය. මෙම වෙනස සිදු කරවා ලැනීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන සිය බෝන් අගේන්කරණයට ලක් කර ගැනීම “ප්‍රොපට්” ජෙරම්ගේ අරමුණ වී තිබේ.
කෙසේ වෙතත්, ආණ්ඩුව පිළිබදව පවත්නා බිය මත ශම්මි සිල්වා ඇතුලු කණ්ඩායම පසුබැසීමට තීරණය කරන ලදී. ඒ අනුව ඔවුන් සියලු දෙනාම ඉල්ලා අස් වූ අතර තාවකාලිකව ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
icc ය මේ පිළිබදව ගනු ලබන කුමන ස්ථාවරයක් ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. ශම්මි සිල්වා පාර්ශවය හිතන්නේ මාස කිහිපයක් ඇතුළත නිළවරණයක් පවත්වා නීත්‍යානුකූලව ක්‍රිකට් පරිපාලනය නැවත බාර නොගතහොත් icc ය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අරඹයා දැඩි පියවරක් ගැනීමට ඉඩ තිබෙන බවයි.
පසුගිය කාලය තුළ සිරස රූපවාහිනි නාලිකාව හරහා ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබද දරුණු විවේචන එල්ල කරන ලද්දේද මෙම සැලසුමේ කොටසක් ලෙසිණි.
අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේනවද ජනාධිපතිවරයා විසින් තමන්ට අවශ්‍ය පරිදී හසුරුවාගත්තේ “ප්‍රොපට්” ජෙරම් හරහාය. මේ අනුව ශ්‍රී ලංකාවේ පාලනය මේ වන විට ජෙරමියානුකරණයට ලක්ව ඇතැයි තතු චත් පිරිස් විශ්වාස කරති.
එරාන් වික්‍රමරත්න යනු පාස්ටවරයෙකි. ශ්‍රී ලංකාවට “බෝර්න් අගේන්” ආගමික දහරාව හදුන්වා දෙනු ලැබුවේද එරාන් වික්‍රමරත්නගේ පියාය. තමන් දිවැසිවරයෙකු (ප්‍රොපට්) ලෙස හදුන්වාගනු ලබන ජෙරම් ප්‍රනාන්දු ද ” බෝර්න් අගේන් ” ආගමිකයකු බවට පත්වුයේ එරාන්ගේ පියාගේ බලපෑම අනුවය. මෙම ආගමික දහරාව නියෝජනය කරන පිරිස දැඩි මූලධර්මවාදීන් ලෙස සැලකේ.
මේ අතර, නව අතුරු පාලක කමිටුවට පත් කර ඇති සාමාජිකයන් අතර බොහෝමයක්, ” බෝර්#න් අගේන් ” ආගමික විශ්වාසය සහිත වූවන් බව පැවසේ. කුමාර් සංගක්කාර, ප්‍රකාෂ් ශාෆ්ටර්, අවන්ති රදැල්ල, චිතාල් ෆිලිප්ස් යනාදීන් ඒ අතර වේ.
– ගතීන්ද්‍ර ජයවර්ධන –
(lankaundergroundnews වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..