News Category
From Date
To Date
Maximum Number of Result

පාද චාරිකාව, ප්‍රයෝජනය සහ ජනප්‍රියවාදයේ ප්‍රශ්නය..

Apr 28, 2026 at 12:29 PM
|

මෙම සටහන ගැන ඔබ උරන විය හැක. එහෙත් මම මාගේ අදහස ඉදිරිපත් කරමි. 

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ඉතා අසීරු පරිසර සාධක මැද කිලෝමීර් තුන්දහසක් හෝ ඊට ආසන්න ගණනක් පයින්ම වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ ව්‍යායාමය දෙස ඉමහත් සතුටින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් බලා සිටි, ඒ ගැන බොහෝ දෑ ලියා පළ කළ මට, උන්වහන්සේලාගේ ශ්‍රී ලංකාවේ පාද චාරිකාව දැකීමෙන් - නම් කර ඇති පරිද්දෙන් ඒහිපස්සිකෝ - එබඳු සැනසිලිදායක, නිවුනු පහන් සිතක් උපදින්නේ නැත.

මම ඒ ඇයිදැයි කල්පනා කරමි. ඊට හේතුව ඝර්ම කලාපික අපි, බොහෝ විට අත්විඳින්නට ආශා කරන, ඇතැම් රටවල ශීත සෘතුවේ පරිසර සාධක නොවේ. ආලෝකා නම් ලද සුනඛයාද නොවේ.  මා සිතන්නේ බෞද්ධයකු ලෙස අප බොහෝ දෙනෙකුගේ සිත් බැඳගත්තේ උන් වහන්සේලාගේ අපේක්ෂාව හෝ කාර්යභාරය (purpose) ය. ඇතැම් ඇමරිකානුවන් බුද්ධශ්‍රාවකයකු, දුටුවේ පළමුවතාවට විය හැක. එසේම, තමන්ගේ බසින්ම සරළ බුදු වදනක්, ශ්‍රවනය කිරීමෙන්, අන්‍යාගමික හෝ නිරාගමික වූ ඒ මිනිසුන්ගේ වියලි, හිස් හෝ විසිරුනු සිත් වලට යම් ශාන්තියක් දැනෙන්නට ඇත. අස්සජි මහ රහතන් වහන්සේගෙන් ‘යේ ධම්මා හේතුප්පභවා‘ පාඨය ඇසීමෙන් උපතිස්ස කෝලිත පිරිවැජියන්ගේ සිත් පුබුදු වූ තරමින් නොවූවාට ඒ සිදුවීමට සමාන්තර කුඩා සුභවාදී යහපත් සෙලවීමක් හෝ බුදු වදන් නෑසූ ඒ මිනිසුන් තුළ සිදුවන්නට ඇත. එය ඉතාම ප්‍රවේසමෙන්, උපේක්ෂාවෙන් පාගමනින් වඩින ස්වාමීන් වහන්සේලා එකම නිමිත්ත කරගනිමින් නවීන මාධ්‍ය ඔස්සේ විසුරුවා හැරි මාධ්‍ය මෙහෙයුම තවත් ඇමරිකානු හා ඉන් පරිබාහිර ලක්ෂ සංඛ්‍යාත මිනිස් සිත් සතන්, ආමුලිකා ශ්‍රද්ධා සිසිලකින් හෝ ඊටත් ප්‍රාථමික හැගීමකින් තෙමාලන්නට සමත්වූයේය. 

බුදු දහමට, ශාසනික කරුණු වලට මුලුමනින්ම ආගන්තුක වූ ඇමරිකාවේ සිට ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවීම මුඛ්‍ය පරමාර්තය කරගනිමින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ වඩින්නේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකාව යනු සලකන ලද රටේ සමස්ථ ජනගහනයට සාපේක්ෂව වැඩිම බෞද්ධයින් පිරිසක් ජීවත්වන ලොව 5 වන හෝ 6 වන රටය. 

මේ සියලු සංඛ්‍යා ලේඛන අනාවරණය කරන්නේ උපතින් බෞද්ධ පිරිස මිස පිලිවෙතින් බෞද්ධ සංඛ්‍යාව නොවේ. මා මෙහිදී පිළිවෙතින් බෞද්ධ යනුවෙන් හඳුන්වන්නේ ජනප්‍රිය බුද්ධාගමේ අන්තයටම ගමන් කළ, ශාක්‍ය වංශිකයන් පවා අභිබවා තථාගතයන් වහන්සේට අයිතිවාසිකම් කියන පිරිස නොවේ. සියලු අගතීන් කැටිව නිමැවුනු ජනප්‍රියවාදී වතාවත් පුරන බෞද්ධයින්ද නොවේ. ග්‍රාම්‍ය උදාහරණයකින් පවසන්නේ නම්, ලංකාවේ ලොම් ගානට බෞද්ධයින් සිටියාට, පිලිවෙතින් බෞද්ධයින් සිටින්නේ අං ගානට ය. උන් වහන්සේ මෙහි වැඩියේ පාගමනින් වැඩම කිරීමට උවත්, අවසානයේ සිදුවී ඇත්තේ ජනප්‍රිය මාදිලියේ වැඩැම්ම්වීමකට මුහුන දෙන්නට ය..!! 

මා මේ සටහනට භාවිත කරන, අන්තර්ජාලයෙන් සපයාගත් ඡායාරූපයේ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ මුහුනෙහි සියුම් කළකිරීමක් දකිමි. ඒ කලකිරීම, උන්වහන්සේ අත්විඳි ජනප්‍රියවාදී නිසාම ආක්‍රමනශීලී ව්‍යාජ ශුද්ධාව නිසා ඇතිවූ වෙහෙස හා කැළඹීම යැයි සිතමි. දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය පුද්ගලයන්ට, විශේෂයෙන්ම තම ගෝත්‍රයේ, පක්ෂයේ නායකයන්ට, ලංව සිටීමට, එසේ ලංව සිටීමෙන් ඕලාරික බලපුලුවන්කාරකමක් සුලු වේලාවකට හෝ මමත්වයෙන් යුක්තව ප්‍රදර්ශනය කිරීමට, මන්ත්‍රියා ඇමතියා මාධ්‍යයට කතා කරද්දී පිටුපසින් හිටගෙන රූපරාමුවේ පෙනීසිටීමට, ලංව සිට ඡායාරූප ගැනීමට හුරුකරන ලද සිල්ලර මිනිසුන් මෙන්, උන්වහන්සේ වෙත සමීප ව සිටින, ඇමරිකානු ආදර්ශය සිහිකරමින් අසාර්ථකව අනුකරණය කිරීමට උත්සහ දරණ, විපරීත හැසිරීම් නිසා ඒහිපස්සිකෝ රූපරාමු පිරිසිදු නැත. එක් අතකින් මංගල දිනය දවසේ නිදහසේ සිටීමට නව යුවතිපතීන්ට ඉඩනොදෙන කලබලකාරී ඡායාරූප ශීල්පීන් නිසා එවැනි සංස්කෘතික අවස්ථා විකාරරූපී වන ආකාරය මට සිහිපත්වේ! 

(උන්වහන්සේ වෙත ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව සමීපව වන්දනා කරන අතලොස්සක් දෙනා මට කමත්වා! - මේ කියන්නේ ඔබ ගැන නොවේ) ඊටම නොදෙවෙනිව, එක්සත් ජනපදයේ චාරිකාවට බාධා නොවන අයුරින් සලසා තිබූ ආරක්ෂක සැලසුම් සමග බලද්දී වෙනුවට අපේ ආරක්ෂක විධිවිධාන අසාමාන්‍ය ලෙසින් බාධාකාරී හා විකාරූපීය. ඉස්ලාම් අන්තවාදය විසින් බුදු සව්වන් ඝාතනය කළ අග්නිදිග ආසියානු රටක, සන්නද්ධ සොල්දාදුවන් සමග පිඬු සිඟා වඩින භික්ෂූන් වහන්සේ සහිත ඡායාරූප කලකට ඉහතදී අපි දුටිමු. 

ඇත්තෙන්ම පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ශ්‍රී ලංකාවේ පාද චාරිකාවක නිරතවිය යුතුද? ඉන් ශ්‍රී ලාංකීය බෞද්ධයාට/රටට හෝ පොදුවේ ශ්‍රී ලාංකිකයාට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?  ශ්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට පෙර උතුරු පලාතේ උන්වහන්සේලා පාදචාරිකාවෙහි නිරතවූවා නම් පාද චාරිකාව සාරම්මනය. උත්තුංගය!

 උන්වහන්සේලා මෙරටට වැඩමවීමේ අරමුණ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ඇමරිකා එක්සත් ජනපදයට වැඩමවීම නම්, ඒ ප්‍රමුඛ අරමුනට රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන් ලැබීම වැදගත්ය. මේ ජාත්‍යන්තර බෞද්ධ දූත පිරිස, උතුරු හා නැගෙනහිර පලාත් වෙත නොවඩින්නේ ඇයි? සුලභ වශයෙන් නාමික බෞද්ධයින් ජීවත්වන ප්‍රදේශ පමනක් මේ පාද චාරිකාව විසින් ආවරණය කරන්නේ ඇයි? පින්වත් අහිංසක ස්වාමීන් වහන්සේලාගේ වටිනාකම් දේශපාලනික වශයෙන් හෝ වානිජ වශයෙන් අවභාවිත වන්නේදැයි සාධාරණ සැකයක් පහල වන්නේ මෙවැනි නොගැලපෙන විගඩම් දැකීමෙනි. ආණ්ඩුව පත්වූ වහාම සිදුකල ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය, ඉකුත් පෙබරවාරියේ සංවිධානය කළ  කළ භාරතයේ ගුජරාට් දේශයෙන් වැඩමවූ සර්වඥ ධාතූන් වහන්සේ කොළඹදී ප්‍රදර්ශනය, ආදියෙන් අපට ගම්‍ය වූයේ, බෞද්ධයාගේ හෝ ශාසනයේ අභිවෘද්ධිය පිනිස එම මහෝත්සව සංවිධානය කරනු වෙනුවට, ජනප්‍රියවාදයෙන් හා මිත්‍යාවෙන් අන්ධවී ඇති, ඕලාරික බෞද්ධයැයි කියාගන්නා පිරස ‘බැලන්ස්‘ කිරීමේ උපාය ලෙස මේ වන්දනීය වස්තූන් අවභාවිත වන බවය. 

ඇමරිකානු ජනමනසට මෑත කාලයේදී බරපතලම මතවාදී බලපෑම කළ පුද්ගලයා පූජ්‍ය පඤ්ඤාකර හිමියෝය. මා සිතන පරිදි, ථේරවාදයේ මූලස්ථානය ශ්‍රී ලංකාද්වීපය නම්, අප කළ යුත්තේ අපේරටේ උගත් ධර්මධර විනයධර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනා හා අනුග්‍රහය මැද, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ හා තවත් දහස් සංඛ්‍යාත ධර්මධූතයන් වහන්සේලා පුරුදු පුහුනු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය. මේ අද්විතීය අසාමාන්‍ය ධර්මයේ අවිච්ඡින්න පැවැත්ම තහවුරු වන්නේ එවිටය. ඇමරිකාව හරහා වැඩම කරද්දී අරහත් ධජය, බුදු පුතුන් දුටු,  සරල දහම් කරුනක් ඇසූ ඇමරිකානුවන් අතලොස්සක් තුළ හෝ දහම් පිපාසයක් ඇතිවුනි නම්, එය සංසිඳවීම කළ හැක්කේ එවිටය. 

යුගමෙහෙවරක නිරත දුර්ලභ ධර්මදූතයාණන් වහන්සේ නමක ලෙසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් පිළිබඳ මා සිත්හි ඇති ගෞරවය මදකුදු අඩුවන්නේ නැත. එහෙත්, ථේරවාදයේ මූලස්ථානයයි කියාගන්නා මේ රටේ තමන් වහන්සේ දරණ වෙහෙස නිෂ්ඵල නේදැයි උන් වහන්සේටද සිතී ඇති සැටියක්, මේ පින්තූරයෙන් මට පෙනේ. 

කිසිවකුටත් රිදවීමට නොලීමි. සමාවන්න!

- චමිල ලියනගේ.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.