News Category
From Date
To Date
Maximum Number of Result

ධර්ම සංගායනාවක්..

Apr 27, 2026 at 03:52 PM
|

ඊයේ දින මෙරට බෞද්ධයන්ට ඉතා ම කණගාටුදායක දිනයකි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූ පුවත අසන්නට ලැබුනේ ඊයේ උදෑසනයි. චීවරධාරී ආදී විවිධ නම්වලින් හැදින්වුව ද එම පිරිස භික්ෂූන් වහන්සේලා ලෙස කටයුතු කළ බව දැනට ලැබී ඇති තොරතුරුවලින් පෙනී යයි. 

මේ තරුණ භික්ෂූන් වහන්සේලා ඈත දුරබැහැර ගම්පළාත්වල අහිංසක දෙමාපියන්ගේ දරුවන් බවට සැක නැත. උන්වහන්සේලා දැනුවත්ව හෝ නොදැනුවත්ව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කරගෙන ඇත. කවුරුන් හෝ උන් වහන්සේලාව කඩේ යවා ඇති බව පැහැදිලි ය. මේ සමගම සකල විධ බෞද්ධ විරෝධීන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව ඇති බව සමාජ මාධ්‍යවල ඔවුන්ගේ පළ කිරීම් මගින් පෙනෙන්නට තිබේ.

තරුණ භික්ෂූන් වහන්සේලා ජාවාරම්වලට සම්බන්ධ කරගත්, කඩේ යැවූ පළමු පිරිස මත්ද්‍රව්‍ය වෙළෙන්දන් නොවේ. උන්වහන්සේලා වසර පනහකට වැඩි කාලයක් දේශපාලන ජාවාරමේ ඉත්තන්, ගොදුරු බවට පත් වූහ. 

විවිධ දේශපාලන පක්ෂ සමඟ භික්ෂූන් වහන්සේලා ආරම්භයේ සිට සබඳතා පැවැත්වුව ද “අබෞද්ධ" කටයුතු වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා පූර්ණකාලීනව යොදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. අද ඔවුන් හා තරගයට මෙන් පෙරටුගාමී පක්ෂය ද එය සිදු කරයි. ජාතික හෙළ උරුමය ද 2004 වසරේ භික්ෂුන් වහන්සේලා ඍජු දේශපාලනය සඳහා යොදා ගත්හ. උන් වහන්සේලා බහුතරයකගේ තිබුනේ රට දැය සමය රැක ගැනීමේ අරමුණක් වුව අපි ඒ අවස්ථාවේ දී ද මහා සංඝ රත්නය ජන්දය ඉල්ලීමෙන් සිදුවන අගතිය පෙන්වා දී ඊට එරෙහිව පෙනී සිටියෙමු. රට දැය සමය සුරැකීමට ගිහියන්  යොමු කිරීමේ අනුලංඝනීය ඓතිහාසික අයිතියක්, උරුමයක් සිංහල භික්ෂුන්වහන්සේලාට තිබුණ ද ජන්දය ඉලීම මගින් සිදුවන්නේ අවැඩක් බව අපි පෙන්වා දුන්නෙමු. 

ඊනියා මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර තරම් පසුගිය සියවසේ මේ රටේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට, භික්ෂු ශාසනයේ පරිහානියට දායක වූ තවත් යමක් නැත. ලජ්ජා බය නැති, දෘෂ්ටියෙන් අබෞද්ධ, චීවරධාරීන් නිර්මාණය කිරීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ භාර ගත යුතුය. ලජ්ජා බය නැති වූ පසු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් නොව ඕනෑම කෙනකුට සම වයසේ ගිහියකුට තරම්වත් සමාජ අත්දැකීම් නැති තරුණ භික්ෂුන් වහන්සේලා කඩේ යවා ගත හැකි ය. 

උච්ඡේදවාදී නියත මිථ්‍යා දෘෂ්ටියක් වෙනුවෙන් තරුණ භික්ෂූන් වහන්සේලා විශ්ව විද්‍යාල තුළදී මොළ ශෝධනයට ලක්කර එම පක්ෂවල පූර්ණ කාලිකයන් ලෙස යොදා ගැණිනි. විශ්ව විද්‍යාලයට පැමිණෙන ගැමි අහිංසක භික්ෂූන් වහන්සේලා බහුතරයක් ජ්‍යෙෂ්ඨ මාක්ස්වාදීන්ගේ  බලපෑම අනුදැනුම පිට මුලින්ම බුදුරජාණන් වහන්සේටත් පසුව ගුරු හාමුදුරුවන්ටත් අපහාස කර වැඩ කටයුතු අරඹති. ඒ සිදුවන්නේ නවක වදය මුවාවෙනි. එහි දී කෝටියක් සංවර සීලය රැකීම කෙසේ වෙතත් පංචශීලය කැඩීම පවා වීරත්වයෙන් හුවා දැක්වෙයි. අවසානයේ රැවුල් වවාගත්, රතු පැහැ සිවුරු දරන ගිහියකුගේ ශීලයවත් නැති, හුදු දේශපාලන සත්වයෙක් නිර්මාණය වෙයි (විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වසර විස්සකට ආසන්න කාලයක් ගැවසුණු මට ඒ පිළිබඳ උදාහරණ අත්දැකීම්  සිය ගණනක් ඉදිරිපත් කළ හැකි වුව ද ඒ ගැන සවිස්තර ව කතා කිරීමට මේ සුදුසු අවස්ථාව යැයි නොසිතමි. පෞද්ගලිකව  බැලුවහොත් මාගේ අදහස් වලට සහ වැඩ කටයුතුවලට වැඩියෙන්ම පහර දෙන්නන් අතර ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ කිහිප නමක් සිටිති. ඔවුහු මා ජාතිවාදියෙකු සහ ආගම්වාදියෙකු ලෙස හඳුන්වති).  

ඒ සමගම පාරමී, උප පාරමී හෝ පරමත්ථ පාරමී පුරමින් සසර කෙටි කරගන්නා නිවන් මග වෙනුවට  මෙලෝ පරලෝ දියුණුවක් නැති මිත්‍යාදෘෂ්ටික දහමක් මත පදනම් වෙමින් සමානාත්මතාව, පංති විරහිත සමාජය, නිර්ධන පන්ති රාජ්‍යය, නිර්ප්‍රභූ පාලනය පිහිටුවීමේ මඟට උන්වහන්සේලා පිවිසෙති. සිවුර වෙස්වලා ගැනීමේ  ආභරණයක් පමණක් බවට පත්වේ. අවසානයේ ඒ බහුතරයක් උපැවිදි වී ධනපති මග සොයා යති. 

පසුගිය අඩ සියවස තුල මෙරට සරසවි අධ්‍යාපනය ලැබූ භික්ෂුන් වහන්සේලා අති බහුතරය උපැවිදි වූහ. ශ්‍රද්ධා,වීර්යය, සති, සමාධි, පඤ්ඤා වැඩි දියුණු කරගත් සුපේශල ශික්ෂාකාමී, විනයධර, ධර්මධර භික්ෂුන්වහන්සේලා කී නමක් මෙරට සරසවි තුළින් පිට වී ඇති ද?     

ඊයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම සඳහන් කර ඇත්තේ මීට පෙර භික්ෂු වහන්සේ නමක් විදේශගත වීමට නම් තම ගුරු ස්වාමීන් වහන්සේගේ සහ අදාල නිකායේ මහ නායක ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ ද  ලිපියක් ලබා ගැනීමට අවශ්‍ය වූ බවයි. එම අවශ්‍යතාව මෑතකදී ඉවත් කළ බවක් ද  සඳහන් විය.  එය එසේ සිදු වී නම් සාමාන්‍ය පෙළ කළ දරුවන්ට රුපියල් 5000ක් ලබා දී විනෝද වීමට අවස්ථාව ලබා දීමේ යෝජනාව හා සමගාමීව සිදුවූවක් ද යන්න සොයා බැලීම වටී.

ඊයේ සිදු වූ සිද්ධියෙන් මෙන්ම පසුගිය වසර පනහක කාලය තුළ  “අබෞද්ධ" ක්‍රියාකාරකම්වල නියැලෙන දේශපාලන භික්ෂූන් වහන්සේලා බිහි කිරීම මගින් ද යළි යළිත් අපට බල කරන්නේ, අවධාරණය කරන්නේ ධර්ම සංගායනාවක අවශ්‍යතාවයි.  කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් විශාලා මහනුවර වාලුකරාමයේ දී පැවති ධර්ම සංගායනාවත්, දෙවන පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ශ්‍රී විජයසුන්දරාරාමයේ දී පැවති දඹදෙණි කතිකාවතත් මේ සඳහා ගුරු කර ගත හැකි යැයි සිතමි.

ඉදිරි දශකයක කාලය තුළ ඒ ඉලක්කය සපුරා ගැනීමට මෙරට ගිහි බෞද්ධ සමාජයට සැලසුමක් තිබිය යුතු ය. නොඑසේනම් අපට සිදුවන්නේ හාමුදුරුවන් මෙහෙම කරලා, අරම කරලා, අරක ලීක් වෙලා, මේක ලීක් වෙලා යැයි පවසන පවසන වාරයට හූල්ල හූල්ලා සිටීමටයි.  

- ආචාර්ය චන්න ජයසුමන 

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.