සද්ද කළොත් අපි යනවා!..
අපේ රට තමයි ථෙරවාදයේ මහගෙදර. මියන්මාව, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, චම්පාව (දැන් දකුණු වියට්නාමය), චීනයේ ශි-ෂුවන්-පන්නා ප්‍රදේශය, බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශය ඇතුළත් ථෙරවාද කලාපයට බුද්ධ ධර්මය ව්‍යාප්ත වුණේ අපේ රටේ ඉඳලා. ඒ හින්දා, දැන් “සාම පාගමන” රඟ දක්වන්නේ අපේ රටට ථෙරවාද බුදුදහම හඳුන්වාදීම වෙනුවෙන් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
“සාම පාගමන” කියලා හඳුන්වන මේ රංගනයට ඇමෙරිකාවේ ඉඳලා වියට්නාම ස්වාමීන්වහන්සේලා හත් නමක් අපේ රටට වැඩම කළා කියලා ප්‍රවෘත්තියක් දැක්කා. ඊට අමතරව, මේ වැඩේට බල්ලෙකුත් ඇරැගෙන ඇවිල්ලා තියෙනවා. මේ කණ්ඩායම ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් කියලත් කියනවා. මේ වැඩේට මහරාජා මාධ්‍ය ජාලායේ ප්‍රචාරක අනුග්‍රහයත් ලැබෙනවා. “ශ්‍රී ලංකා සාම දූපතේ - සාමය සඳහා ගෝලීය පාගමනක්” (A Global Walk for Peace in the Island of Peace – Sri Lanka) කියලා මේ වැඩේ නිල වශයෙන් නම් කරලා තියෙනවා.
මේ වැඩේට ලොකු ප්‍රචාරයකුත් ලබාදුන්නා. “එහි පස්සිකො” (එව බලව) කියලත් මිනිස්සුන්ට කිව්වා. ඉතින් දැන් අපේ මිනිස්සු පාරට ගිහිල්ලා මේ නාට්‍යය බලනවා.
පුංචි දූපතක් වුනත් අපේ රටේ ජන ඝනත්වය හුඟක් ඉහළයි. ඇමෙරිකාවේ ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට 37 ක්. අපේ රටේ ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට 372 ක්. මේ 371 හැදෙන්නෙත් අනුරාධපුර, මොණරාගල, වවුනියාව වගේ ජනගහනය අඩු ප්‍රදේශත් එකට දැම්මාම.
පාගමන මහ පාරක යන හින්දා මහ පාර අයිනේ ජන ඝනත්වය රටේ ජන ඝනත්වයට වඩා (372 ට වඩා) හුඟක් ලොකු එකක්. දඹුල්ලේ ඉඳලා නුවර හරහා කොළඹට එන මහ පාරේ දෙපැත්තේ ජීවත්වෙන ජනගහනය ගැන හිතන්න. අපි නිකමට අදාළ දිස්ත්‍රික්කවල ජන ඝනත්ව ගැන හිතමු.
මාතලේ - 310
මහනුවර - 715
කෑගල්ල - 514
ගම්පහ - 1,600
කොළඹ - 3,549
මෙතැන මාතලේ කිව්වාම ලග්ගල, පල්ලේගම විතරක් නෙවෙයි වස්ගමුව කැලේ පවා ඇතුළත්. ඉතින් පාර අයිනේ, මහ පාරේ ඉඳලා කිලෝ මීටරයක් ඇතුළත ඉන්න ජවගහනය ඊට හුඟක් වැඩි එකක්.
අපිට ඇමෙරිකාවට වගේ ලොකු පාරවල් නෑ. අපේ පාරවල් හුඟක් පටුයි. ඒ මදිවට පාර දෙපැත්තේ ම කඩ හදලා. පාරවල් යන වාහන ප්‍රමාණයත් වැඩියි.
ඒ මදිවට, මෙහෙම නාට්‍යය බලන්න යන සංස්කෘතික පුරුද්දකුත් අපිට තියෙනවා. ඉතින් “සාම පාගමන” කියලා රඟ දක්වන නාඩගම බලන්න අපේ මිනිස්සු යනවා. අපේ අය ඕන දෙයක් බලන්න කැමැති මනුස්ස කොට්ඨාශයක්. කෝවිඩ් වසංගතය දවස්වල අලුත් ආසාදිතයෙක් හම්බවුණා කියලා දැනගත්තාම ඒක බලන්න ගිය එවුනුත් මේ රටේ හිටියා. ඉතින් සාම නාඩගම බලන්න අපේ මිනිස්සු වැල නොකැඩි යෑම පුදුමයට කාරණයක් නෙවෙයි.
මේ ඔක්කොම කාරණා සහ තවත් කාරණා මහ ගොඩක් පාගමන් රංගනයට බලපෑම් කරනවා.
ඉතින් බැලූ බැල්මට අපිට පේනේ පාගමන අස්සේ ඇවිස්සෙන මහා ජංජාලයක්. මේ ජංජාලය පාලනය කරන්න පොලිසියට පවරලා. ඉහළ මට්ටමේ පොලිස් නිලධාරියෙක් මිනිස්සුන්ට දොස් කියනවා දවස් දෙකකට කලින් මම දැක්කා. ඊයේ වෙද්දි, වැඩේ තවත් බරපතල වුණා. මිනිස්සු නිශ්ශබ්ද වෙන්නේ නැතිනම් තමන් වේදිකාවෙන් බැහැලා යනවා කියලා නාට්‍යයේ රඟපාන අය කියනවා. ඉතින් මේ නාට්‍යය බලන්න නම් මිනිස්සු පාරට යන්නේ නැතුව ඉන්න ඕන.
මේ ජංජාලයට මිනිස්සුන්ට දොස් කියන්න එපා. මේකට වගකියන්න ඕන අපේ අහිංසක මිනිස්සු නෙවෙයි. මේ මගුල සංවිධානය කරපු එවුන්. මෙහෙම එකකින් සාමයක් ඇති කරන්න බැරි බව පොඩි දරුවෙක්ට වුනත් තේරෙනවා. මේ මැද්දේ බල්ලෙක්ට කරන්න පුළුවන් කිසිම වැඩකුත් නෑ. බල්ලා යොදාගෙන තියෙන්නේ මේ වැඩේට අදාළ ප්‍රචාරක උපක්‍රමයක් විදිහට විතරයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..