පිස්සන්ගේ රටක්!
බටහිර ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය විසින් උතුරු කොරියාව ගැන අපේ අයගේ ඔළු ගෙඩිවල පැළ කරපු කතාවක් තියෙනවා. ඒ කතාවේ හැටියට උතුරු කොරියාව කියන්නේ සමාජ - ආර්ථික අතින් ඉතාමත් පහළින් තියෙන මහ කාලකන්නි රටක්.
මෙච්චර පහළින් තියෙනවා කියලා කියන උතුරු කොරියාව ගැන මම ලියනවා. ඒ රටේ ඇත්ත තත්ත්වය පෙන්නන වීඩියෝ ෂෙයාර් කරනවා. බටහිරට වැඳගෙන ඉන්න අයට මේ වැඩේ දරාගන්න බෑ. ඒ යක්කු හිතන්නේ මට ඩෝප් කියලා. ඇත්තටම කාට ද අන්දකයිප්පු කියලා මම තේරුම් කරලා දෙන්නම්.
අපිට පුළුවන් අපේ තත්ත්වය උතුරු කොරියාවත් එක්ක සන්සන්දනය කරන්න. එච්චර පහළින් තියෙන රටක් අපිට උඩින් ඉන්න විදිහක් නෑනේ. ඉතින් අපිට මේ වැඩේ බය නැතුව කරන්න පුළුවන්.
දකුණු කොරියාව විදුලි ආලෝකයෙන් දිදුලද්දි උතුරු කොරියාව අඳුරේ තියෙන “සැටලයිට් පින්තූරයක්” අපේ අය උස්සගෙන ඉන්නවා. මේ පින්තූරය තමන්ට දුන්නේ කවුද කියන එකවත් බටහිර වන්දනා නඩය හිතන්නේ නෑ.
කොහොම වුනත් මම මේ කරන්නේ උතුරු කොරියාව දකුණු කොරියාවත් එක්ක සැසඳීමක් නෙවෙයිනේ. මම උතුරු කොරියාව සන්සන්දනය කරන්නේ අපේ මේ සිරිලංකාවත් එක්ක.
2023 දත්තවලට අනුව, උතුරු කොරියාවේ පුද්ගලයෙක් අවුරුද්දකට මෙගා වොට් පැය (MWh) 1.01 ක විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඒ කියන්නේ අවුරුද්දකට කිලෝ වොට් පැය (kWh) 1010 ක්. 2023 අවුරුද්දේ අපේ ඒ ප්‍රමාණය කිලෝ වොට් පැය (kWh) 642 ක්. ශ්‍රී ලංකාවේ කෙනෙක් අවුරුද්දකට පාවිච්චි කරන විදුලිය ප්‍රමාණය වගේ සීයට 157 කට වැඩි ප්‍රමාණයක් උතුරු කොරියාවේ කෙනෙක් පාවිච්චි කරනවා කියන එක තමයි මේ කාරණයෙන් පැහැදිළිවෙන්නේ. ඒ කියන්නේ, විදුලි පරිභෝජනය අතින් අපි ඉන්නේ උතුරු කොරියාවට ගොඩක් පස්සෙන්.
අපේ රටේ ආණ්ඩුව විසින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල 17 ක් තියෙනවා. උතුරු කොරියාවේ මේ ප්‍රමාණය 300 කට වැඩියි. (අපේ රටේ ජනගහනය දෙකෝටි විසි ලක්‍ෂයක් බවත් උතුරු කොරියාවේ ජනගහනය දෙකෝටි හැට ලක්‍ෂයක් බවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ මේ රටවල් දෙකේ ජනගහනය අතර ලොකු වෙනසක් නෑ)
උතුරු කොරියාවේ අගනුවර උමං දුම්රිය මාර්ග දෙකක් තියෙනවා. ඒ මාර්ගවල දුවන දුම්රියවල දවසකට ලක්‍ෂ 5 ක විතර ජනගහනයක් ප්‍රවාහනය කරනවා. අපේ අගනුවර (කොළඹ) උමං දුම්රිය නෑ. ඉතින් මේ කාරණයේ සන්සන්දනය කරන්න තරම් දෙයක් නෑ.
උතුරු කොරියාවේ සාමාන්‍ය දුම්රිය මාර්ග පද්ධතිය කිලෝ මීටර් 6000 කට වඩා දිගයි. අපේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝ මීටර් 1600 ක් විතර ඇති. අපි දැන් දඟලමින් ඉන්නේ මහනුවරට යන කෝච්චි පාලම හදාගන්න. අපිට තාමත් ඒ වගේ වැඩක්වත් කරගන්න බෑ.
උතුරු කොරියාවේ වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා අටක් තියෙනවා. මේවා අතර කාර්, බස් විතරක් නෙවෙයි විදුලි දුම්රිය හදන කර්මාන්ත ශාලාත් තියෙනවා. උතුරු කොරියාවේ අගනුවර තියෙන එක කර්මාන්ත ශාලාවක අවුරුද්දකට බයිසිකල් ලක්‍ෂ 3 ක් විතර නිෂ්පාදනය කරනවා.
ඊට අමතරව විදුලි බයිසිකල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාත් තියෙනවා.
උතුරු කොරියාවේ ට්‍රැක්ටර් හදන විශාලතම කර්මාන්ත ශාලාවේ අවුරුද්දකට ට්‍රැක්ටර් 10,000 ක් විතර හදනවා.
අපේ රටේ වාහන නිෂ්පාදනය ගැන කියන්න තියෙන්නේ මොනවා ද?
උතුරු කොරියාවේ අවුරුද්දකට මෙට්‍රික් ටොන් 888,830 ක මත්ස්‍ය නිෂ්පාදනයක් කෙරෙනවා. අපේ රටේ ඒ ප්‍රමාණය අවුරුද්දකට මෙට්‍රික් ටොන් 292,765 ක්. ඒ කියන්නේ අපේ මත්ස්‍ය නිෂ්පාදනය වගේ තුන් ගුණයකට වඩා මත්ස්‍ය නිෂ්පාදනයක් උතුරු කොරියාවේ සිද්දවෙනවා.
උතුරු කොරියාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයත් ලොකු එකක්. විශාල නැව් නිෂ්පාදනය කරන මහ තටාකාංගන දෙකක් උතුරු කොරියාවට තියෙනවා. නැව් නිෂ්පාදන කර්මාන්තයේ අපි කොතැන ද ඉන්නේ?
අපේ මේ සිරිලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 96 කට වැඩියි. උතුරු කොරියාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10 ක් විතර ඇති.
මම මේ කිව්වේ කාරණා කීපයක් විතරයි. පස්සේ තව කියන්නම්.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..