News Category
From Date
To Date
Maximum Number of Result

පිස්සන්ගේ රටක්!

Apr 20, 2026 at 05:06 AM
|

බටහිර ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය විසින් උතුරු කොරියාව ගැන අපේ අයගේ ඔළු ගෙඩිවල පැළ කරපු කතාවක් තියෙනවා. ඒ කතාවේ හැටියට උතුරු කොරියාව කියන්නේ සමාජ - ආර්ථික අතින් ඉතාමත් පහළින් තියෙන මහ කාලකන්නි රටක්.

මෙච්චර පහළින් තියෙනවා කියලා කියන උතුරු කොරියාව ගැන මම ලියනවා. ඒ රටේ ඇත්ත තත්ත්වය පෙන්නන වීඩියෝ ෂෙයාර් කරනවා. බටහිරට වැඳගෙන ඉන්න අයට මේ වැඩේ දරාගන්න බෑ. ඒ යක්කු හිතන්නේ මට ඩෝප් කියලා. ඇත්තටම කාට ද අන්දකයිප්පු කියලා මම තේරුම් කරලා දෙන්නම්.

අපිට පුළුවන් අපේ තත්ත්වය උතුරු කොරියාවත් එක්ක සන්සන්දනය කරන්න. එච්චර පහළින් තියෙන රටක් අපිට උඩින් ඉන්න විදිහක් නෑනේ. ඉතින් අපිට මේ වැඩේ බය නැතුව කරන්න පුළුවන්.

දකුණු කොරියාව විදුලි ආලෝකයෙන් දිදුලද්දි උතුරු කොරියාව අඳුරේ තියෙන “සැටලයිට් පින්තූරයක්” අපේ අය උස්සගෙන ඉන්නවා. මේ පින්තූරය තමන්ට දුන්නේ කවුද කියන එකවත් බටහිර වන්දනා නඩය හිතන්නේ නෑ.

කොහොම වුනත් මම මේ කරන්නේ උතුරු කොරියාව දකුණු කොරියාවත් එක්ක සැසඳීමක් නෙවෙයිනේ. මම උතුරු කොරියාව සන්සන්දනය කරන්නේ අපේ මේ සිරිලංකාවත් එක්ක.

2023 දත්තවලට අනුව, උතුරු කොරියාවේ පුද්ගලයෙක් අවුරුද්දකට මෙගා වොට් පැය (MWh) 1.01 ක විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඒ කියන්නේ අවුරුද්දකට කිලෝ වොට් පැය (kWh) 1010 ක්. 2023 අවුරුද්දේ අපේ ඒ ප්‍රමාණය කිලෝ වොට් පැය (kWh) 642 ක්. ශ්‍රී ලංකාවේ කෙනෙක් අවුරුද්දකට පාවිච්චි කරන විදුලිය ප්‍රමාණය වගේ සීයට 157 කට වැඩි ප්‍රමාණයක් උතුරු කොරියාවේ කෙනෙක් පාවිච්චි කරනවා කියන එක තමයි මේ කාරණයෙන් පැහැදිළිවෙන්නේ. ඒ කියන්නේ, විදුලි පරිභෝජනය අතින් අපි ඉන්නේ උතුරු කොරියාවට ගොඩක් පස්සෙන්.

අපේ රටේ ආණ්ඩුව විසින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල 17 ක් තියෙනවා. උතුරු කොරියාවේ මේ ප්‍රමාණය 300 කට වැඩියි. (අපේ රටේ ජනගහනය දෙකෝටි විසි ලක්‍ෂයක් බවත් උතුරු කොරියාවේ ජනගහනය දෙකෝටි හැට ලක්‍ෂයක් බවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ මේ රටවල් දෙකේ ජනගහනය අතර ලොකු වෙනසක් නෑ)

උතුරු කොරියාවේ අගනුවර උමං දුම්රිය මාර්ග දෙකක් තියෙනවා. ඒ මාර්ගවල දුවන දුම්රියවල දවසකට ලක්‍ෂ 5 ක විතර ජනගහනයක් ප්‍රවාහනය කරනවා. අපේ අගනුවර (කොළඹ) උමං දුම්රිය නෑ. ඉතින් මේ කාරණයේ සන්සන්දනය කරන්න තරම් දෙයක් නෑ.

උතුරු කොරියාවේ සාමාන්‍ය දුම්රිය මාර්ග පද්ධතිය කිලෝ මීටර් 6000 කට වඩා දිගයි. අපේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝ මීටර් 1600 ක් විතර ඇති. අපි දැන් දඟලමින් ඉන්නේ මහනුවරට යන කෝච්චි පාලම හදාගන්න. අපිට තාමත් ඒ වගේ වැඩක්වත් කරගන්න බෑ.

උතුරු කොරියාවේ වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා අටක් තියෙනවා. මේවා අතර කාර්, බස් විතරක් නෙවෙයි විදුලි දුම්රිය හදන කර්මාන්ත ශාලාත් තියෙනවා. උතුරු කොරියාවේ අගනුවර තියෙන එක කර්මාන්ත ශාලාවක අවුරුද්දකට බයිසිකල් ලක්‍ෂ 3 ක් විතර නිෂ්පාදනය කරනවා.

ඊට අමතරව විදුලි බයිසිකල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාත් තියෙනවා.

උතුරු කොරියාවේ ට්‍රැක්ටර් හදන විශාලතම කර්මාන්ත ශාලාවේ අවුරුද්දකට ට්‍රැක්ටර් 10,000 ක් විතර හදනවා.

අපේ රටේ වාහන නිෂ්පාදනය ගැන කියන්න තියෙන්නේ මොනවා ද?

උතුරු කොරියාවේ අවුරුද්දකට මෙට්‍රික් ටොන් 888,830 ක මත්ස්‍ය නිෂ්පාදනයක් කෙරෙනවා. අපේ රටේ ඒ ප්‍රමාණය අවුරුද්දකට මෙට්‍රික් ටොන් 292,765 ක්. ඒ කියන්නේ අපේ මත්ස්‍ය නිෂ්පාදනය වගේ තුන් ගුණයකට වඩා මත්ස්‍ය නිෂ්පාදනයක් උතුරු කොරියාවේ සිද්දවෙනවා.

උතුරු කොරියාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයත් ලොකු එකක්. විශාල නැව් නිෂ්පාදනය කරන මහ තටාකාංගන දෙකක් උතුරු කොරියාවට තියෙනවා. නැව් නිෂ්පාදන කර්මාන්තයේ අපි කොතැන ද ඉන්නේ?

අපේ මේ සිරිලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 96 කට වැඩියි. උතුරු කොරියාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10 ක් විතර ඇති.

මම මේ කිව්වේ කාරණා කීපයක් විතරයි. පස්සේ තව කියන්නම්.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.