NPP ආණ්ඩුවේ දේශපාලඥයින්ට ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනිවල කොටස්..
වත්මන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා 2021 ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින් දවස් 55ක් හිඟුරක්ගොඩ පැවැත්වු සත්‍යග්‍රහයට පැමිණියා. පස්සේ ටෙන්ට් එකක් ගැන වෙච්ච අබැද්ධියක් ලිහාගන්නත් උදව් කළා.
ඒ මහත්මයාගේ ප්‍රකාශිත වත්කම් අතර ඔහු හිමිකම් කියන කොටස් වෙළෙඳපල ආයෝජන පිලිබඳ විස්තරත් තියෙනවා. ඒ අතරින් ඔහු වැඩියෙන්ම මුදල් (රුපියල් 41 420/= කොටස් 5450ක) ආයෝජනය කර ඇත්තේ ලංකා ක්‍රෙඩිට් සහ බිස්නස් ෆිනෑන්ස් (LCB ෆිනෑන්ස් කොම්පැනියේ). ඒක ක්‍ෂුද්‍රමුල්‍ය සපයන ෆිනෑන්ස් කොම්පැනියක්. ඔහු ඒ කොටස් මිලදී ගෙන ඇත්තේ 2022දී.
මීට කලින් වත්කම් පප්‍රකාශ කල අලුත අපි දැනගත්ත දෙයක් තමයි අගමැති හරිනි අමරසුරිය මහත්මියත් LOLC, ඇසට්ලයින් වැනි මුල්‍ය සමාඟම් වල තම අතිරික්ත ධනය, fixed deposits හැටියට, ආයෝජනය කර ඇති බවක්. අමාත්‍ය වසන්ත සමරසිංහත් එවැනි කොටස් හිමියෙක් බව දැනගන්නට ලැබුනා.
දේශපාලඥයින් කොටස් වෙළෙඳපල වගේ තැනක ආයෝජනය කිරීම දේශපාලන සදාචාරය පිලිබඳ ගැටළුවක්. ඒක විශේෂයෙන්ම අපිට තේරෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ දේශපාලඥයෙක් තමන්ගේ, තම හිතවතුන්ගේ ආයෝජන තර කරන්න ලෝක භූ-ආර්ථික දේශපාලනය චෙස් බෝර්ඩ් සෙල්ලමක් විදිහට පාවිච්චි කරන හැටි දැක්කම. හෝමුස් සන්ධිය වහනවා, ඉරාන ශිෂ්ටාචාරය ඉවර කරනවා වගේ ප්‍රකාශ කරන පමණින් තෙල් මිල ඉහල යනවා. තෙල් කොම්පැනි කොටස් මිල ඉහල යනවා. ඒවගේ ප්‍රකාශ ආයෝජනය කරන අයට විශාල ලාභ අත්කරදෙනව. මේ වගේ ක්‍රියා අර්බුද හරහා ධනය රැස් කිරීම කියලා හඳුන්වනවා.
ලාල් කාන්ත, හරිනි අමරසුරිය, වසන්ත සමරසිංහ ... වැනි NPP දේශපාලඥයින්ට ට්‍රම්ප්ට තරම් කේවල් කිරීමේ බලයක් - ලේවරේජ් එකක් නැතත්, ඔවුන් ලංකාවේ ආණ්ඩුවේ වැදගත් අමාත්‍යංශ ප්‍රධානීන්. ලංකාවේ ආර්ථිකේ මරමස්ඨාන හැසිරීම පිලිබඳ තීන්දු තීරණ ගන්න බලය ඇත්තන්. ඒ වගේ අය කොටස් වෙළෙඳපල වගේ සමපෙක්ෂණය (speculation) - ඒ කියන්නේ අනාගතයේ මොනවා වේදැයි, සැක, බිය, අවිනිශ්චිතා, බලාපොරොත්තු මත කේවල් කිරීම හරහා මුල්‍ය වාසි ගන්න වෙළෙඳපලක, ආයෝජකයින් වීම සුදුසු නැහැ. කැබිනට් අමාත්‍යවරු හැටියට ලංකාවේ සියලු රාජ්‍යය තීන්දු තීරණ ගැන දන්නා පුද්ගලයින් හැටියට මේ ආයෝජන විශාල conflict of interest, එහෙම නැත්නම් ලැඹදියාව පිලිබඳ ගැටුම් පෙන්වනවා.
- Amali Wedagedara
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..