News Category
From Date
To Date
Maximum Number of Result

ශිෂ්‍ය කාලයේදි මගේ සිවුරු ඇරවන්න සමහරු උත්සහ කළා - මල්වතු අනුනාහිමි

Apr 16, 2026 at 06:23 PM
|

අදට යෙදෙන  දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමියන්ට සුබ උපන් දිනයක් වේවා....

අනුනාහිමියන් සමග මා කළ මෙම සාකච්ජාව  පළවුණේ 2017 ජුලි මාසයේ ලක්බිම ඉරිදා සංග්‍රහයේය.අදට යෙදෙන අනුනාහිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙය නැවත ඉදිරිපත්කරමි...

අනුනායක හාමුදුරුවන්ගේ උපන් දිනය.?

1941 අප්‍රේල් 16

උපන්නේ?

මගේ උපන්ගම දිඹුල්කුඹුර.උඩහේවාහැට හඟුරන්කෙත රිකිල්ලගස්කඩවලට ආසන්නව තමයි මගේ උපන්ගම තියෙන්නේ.

පවුලේ විස්තර ?

මගේ අප්පච්චිගේ නම බජ්ජල වලව්වේ රන්බණ්ඩාර.අම්මා බත්ගල වලව්වේ ඩිංගිරි අම්මා.මට වැඩිමල් අයියන්ඩියි අක්කණ්ඩිලා දෙන්නයි.මට බාල නංගිලා දෙන්නයි තමයි අපේ පවුලේ හිටියේ.දැන් ඒ අයගෙන් ඉන්නේ මමයි නංගි කෙනෙකුයි විතරයි.

අනුනායක හාමුදුරුවන් ගේ ගිහිනම ?

බත්ගල වලව්වේ ටිකිරි බණ්ඩා.

නායක හාමුදුරුවෝ ඉගෙනගත්තේ ..?

දිඹුල්කුඹුර කනිෂ්ඨ විද්‍යාලයේ තුන්වැනි පන්තිය දක්වා ගියා.

ගමේ ඒ කාලයේ යාළුවෝ එක්ක කොහොමද තිබුණු සබඳකම්..?

ගමේ කවුරුත් ඉතින් සමගියෙන් හිටියේ.නිතරම යාළුවෝ එක්ක තමයි හිටියේ.ගමේ එළවළු කොටු කුඹුරු  පිරිලාඉකින් ඒවායේ ඇවිදිනවා.බොහෝ වෙලාවට කොල්ලෙ⁣ා් කුරුට්ටො එක්ක චක්ගුඩු ගැහැව්වා.

තව අපේ සෙල්ලමක් තිබුණා පුල්ලේයාර් ගහනවා කියලා.ගලක් හිටවලා ඒ ගලට දුර ඉඳලා බෝලයකින් ගහන සෙල්ලමක්.ඉතින් මම චක්ගුඩු ගැහැලිල්යි පුල්ලේයාර් ගැහැල්ලයි හරිම ආසාවෙන් කළා.

ඔබ වහන්සේගේ.අප්පච්චි මොනවද කළේ...?

අප්පච්චි ගොවිතැන් කළා.අපිට එළහරක් මී හරක් එළුවෝ හිටියා.හැබැයි 1946 ලෙ⁣ේක යුද්ධ කාලේ අපි ඒ ගමෙන් ගියා මොරගොල්ල ගලඋඩ අතරේ තියෙන මුහුන්ගිරි තලාව කියන ගමට.අපේ ඒ වලව්ව දැන් දිරාපත් වෙලා.

ඇයි ගම හැරදාලා ගියෙ.?

යුද්ධ කාලේ නිසාකන්න බොන්න හිගයිනේ.ඉතින් අප්පච්චිලා මුහුන්ගිරි තලාව ගමේ රජයේ ඉඩම් අරන් ගොවිතැන් කළා.

ගමෙන් ගියාම ඔබ වහන්සේගේ ඉස්කෝල ගමන..?

මම මගේ අක්කණ්ඩි එක්ක හැතැම්ම 2ක් විතර පයින්ම දිඹුල්කුඹුරේ ඉස්කෝලෙට ගියා .ඉතින් ස්කෝලේ ඇරිලා ඇවිල්ලත් අපි ගස්කොළන් යට තමයි හිටියේ.ජම්බු මාදං දං වගේ.පලතුරු  පිරිලා ගමේ.ගෙදර හිටපු එළවෝ එළහරක් ගොඩක් දවස්වල මම තමයි දක්කගෙන යන්නේ.ඒ කාලේ ගමේ තවලම් තිබුණා.

පුංචි කාලේ ම පැවිදි වෙන්න අදහසක් තිබුණාද..?

අපොයි නැහැ.මගේ හිතේ කිසිම අදහසක් තිබුණේ නැහැ මහණ වෙන්න.

එතකොට පැවිදි වෙන්න යොමුවුණේ කොහොමද..?

දවසක් අපේ නැදෑ වෙන අයියා කෙනෙක් අපේ ගෙදර ඇවිත් කිව්වා මහනුවර පන්සලක් තියෙනවා .පන්සල ඉස්සරහ ලස්සන වැවක් තියෙනවා.පාරේ වාහන එහෙම යනවා.ඉතින් එ පනසලේ නැවතිලා ඉගෙන ගන්න එහෙම පුලුවන් කිව්වා.මම ඒකට එකපයින්ම ඒකට  කැමැතිවුණා.මම භට කලින් කවදාවත් නුවර ඇවිත් නැහැ.

කොහොම හරි 1950  දෙසැම්බර්  23දා තමයි මම මල්වතු විහාරයේ මාත්ගමුවේ පන්සලට ආවේ.ඒ කාලේ නගරයේ දියුණුවක් තිබුණේ නැහැ.තට්ටු ගොඩනැගිල්ලකට තිබුණේ ක්වින්ස් හෝටලයේ විතරයි.වැව වටේ කුඩ ඉහළගත්ත කැමරා කාරයෝ පිරිලා හිටියා ෆොටෝ ගහලා දෙන්න

පන්සලට ඇවිත් මොනවද කළේ...?

මම ඉතින් පන්සලේ ඇබිත්තියා වුණා.මාත්ගමුවේ ධම්මාලෝක ලොකු හාමුදුරුවෝ  මගේ ගිහි කාලේ ගුරු හාමුදුරුවෝ .මම අකුරු කියෙව්වේ සකස්කඩය ශතක පොත් ඉගෙන ගත්තේ රත්තින්දේ අනෝමදස්සි හාමුදුරුවෝ ළගයි.පස්සේ සංඝරාජ පිරිවෙනට ඇතුළත් වෙලා විභාග සමත්වුණා.පිරිවෙන් යන ගමන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුෂ්පදානේ නයිට් ඉස්කොලේ ගියා.

එතකොට ඔ බ වහන්සේ පැවිදි වෙලාද..?

නැහැ නැහැ.පැවිදි වෙන්න නොවේනේ මම පන්සලට ආවේ.හැබැයි ම⁣ගේ ගුරු හාමුදුරුවෝ  මාත්ගමුවේ ධම්මාලෝක ලොකු හාමුදුරුවෝ මට හොඳට සැලකුවා මට ලෙඩක්.දුකක් හැදුනාම හරියට හොයලා බැලුවා.උන් වහන්සේගේ අවසානය වෙනකල්ම මමත් හොඳට සැලකුවා.ඒත් මහණ වෙන්න කියාල උන් වහන්සේ මට කවදාවත් කියලා නැහැ.

 මල්වතු විහාරයේ මාත්ගමුවේ පන්සලේ මම ඇබිත්තකමේ ඉනනනකොට මගේ හොඳම යාලුවා වුනේ තිබ්බටුවාව පන්සලේ පොඩි හාමුදුරුවෝ.ඒ කියන්නේඅද මල්වතු පාර්ශවයේ මහානායක ධුරය දරන අපේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ.

මගේ හැම දෙයක්ම කතාකරනනේ පොඩි හාමුදුරුවෝ  එක්ක.ඒකාලේ ත් උන්.වහනසේ හරි පෙනුමයි.හරිම කරුණාවන්තයි.සිල්වන්තයි.

ඔබ වහන්සේ ගිහිකාලේ ගුරුවරුන්ගෙන් දඬුවම් එහෙම ලබල තියෙනවද..?

දවසක් ඉස්කොලේ දි ටිචර් මට හුණු කෑල්ල.දිලා කිව්වා කළුලෑල්ලේ "අ" යන්න ලියන්න කියලා.මම හුණු කැටේ කියාන ඔහේ බලාන හිටියා.ලිව්වේ නැහැ.ටිචර් ඇවිත් මගේ ඔලුවට කෝටුවෙන් ගැහැව්වා.ඒ පාරට මගේ ඇස් දෙකෙන් කදුළු පැන්නා.ගුටි කැවට පස්සේ ඔන්න හොඳට අකුරු ලිව්වා.

ඔබ වහන්සේ පැවිදි වුණේ..?

මගේ ගුරු හාමුදුරුවෝ 1965 දි අපවත්වුණාට පස්සේ ඒ හාමුදුරුවන් ගේ ශිෂ්‍ය ඉලුක්වත්තේ ධම්මානන්ද  හාමුදුරුවෝයි උන්.වහන්සේගේ ශිෂ්‍ය වතුරකුඹු⁣රේ ඤාණවිමල හාමුදුරුවෝයි මට විශාල බලපෑමක් කළා පැවිදි වෙන්න කියලා.මට එතකොට වයස අවුරුදු  24යි.

මම මහණ වෙන්න කැමැති වුණේම නැහැ.අර මට මහණ වෙන්න කියාපු හාමුදුරුවෝ දෙනම හිටියේ වෙනත් පන්සල්වල.මම බැහැම කිව්වා .පස්සේ මම මේ ගැන මගේ මිතුරු පොඩි  හාමුදුරුවන්ට (වත්මන් මල්වතු මහනාහිමිට) කිව්වා.උන්වහන්සේ කිව්වා ඔයා මහණ වෙන්න පන්සලේ ගැටලුවක් වු⁣ණොත් අපේ පන්සලේ හරි  ඉන්න පුළුවන් කියලා.ඊට පස්සේ තමයි අම්මා අප්පච්චිටත් කියලා මම මහණ වෙන්න කැමැත්ත දුන්නේ.

මම පැවිදි වුනේ1965 දෙසැම්බර්  31 වෙනිදා මල්වතු විහාරයේ පෝය ගෙයි.එදා තවත් විශේෂ සිදුවිමක් වුණා.

ඒ මොකක්ද අනුනායක හාමුදුරුවනේ..?

මම මහණ වුණේ 31 වෙනිදා උදේ 10.00ට.එදාම හවස 2.00ට මම උපසම්පදා  වුණා.කෙනෙක් පැවිදි වෙලා එදාම උපසම්පදා කරන්නේ කලාතුරකින්.ඒ වෙනකොට උපසම්පදා වට වයසත් හරි.

පැවිදි වුණාට පස්සේ ඔබ වහන්සේට යළිත් ග්හි ගෙදරට යන්න හිතුනේ නැද්ද..?

අපොයි නැහැ.හැබැයි විශ්ව විද්‍යාලයේදිනම් මගේ යාළුවෝ කිව්වා සිවුරු හැරලා එන්න කියලා.නිතරම ඒ අය එහෙම කිව්වත් මම ඒකට කැමැතිවුනේ නැහැ.

 විශ්ව විද්‍යාලයට යන්න කලින් මම ගුරු විභාගෙත් සමත්වුණා.ඒත් මගේ පාලි සංස්කෘත දැනුම තියෙන නිසා ඒවායින් වැඩක්නැහැ කියලා මාව සම්මුඛ පරික්ෂණයෙන් අසමත්කළා.

විශ්ව විද්‍යාලයේදි ඔබ වහන්සේගේ ගුරුවරුන් කවුද?

මහාචාර්ය ජේ.බි.දිසානයක, මහචාර්ය සන්නස්ගල, මහාචාර්ය ලක්ෂ්මන් ෂු.පෙරේරා වගේ වියතුන් ගෙන් මම ඉගෙන ගත්තා.

ඔබ වහන්සේගේ ඉගෙනිමට උදව්කරපු අය ඉන්නවාද..?

මම විශ්ව විද්‍යාලයේ  ඉදලා නුවර පන්සලට ආවස දානේ උයාගන්නවත් වෙලාවක් නැහැ.පාඩම් වැඩ කළා.ඉතින් ඉස්සරහා පන්සලේ පොඩි හාමුදුරුවෝ  (වත්මන් මල්වතු මහනාහිමි) මගේ පන්සලට ඇවිත් යං යං දානේවළදන්න කියලා මාව එක්ක යනවා.කොහොම හරි  හොඳට ඉගෙන ගන්න කියලා පොඩි හාමුදුරුවෝ මට නිතරම කියනවා.

නිවාඩු දවස්වල මොනවද ඔබ වහන්සේ කළේ?

පොඩි පොඩි  හාමුදුරුවෝ  (වත්මන් මල්වතු මහනාහිමි) ඒ කාලේ කැමැතියි වන්දනා ගමන් යන්න.ඉතින් මමයි පොඩි හාමුදුරුවෝයි තවත් කීප නමකුය් එකතු වෙලා කාර් එකක් කුලියට අරන් රටේ නොයෙක් දිහායනවා.අනුරාධපුර පොලොන්නරුව වගේ ඈත පළාත්වල ගිහින් එදාම නුවර එනවා.කාර් කුලිය රුපියල් 60-70ක් වගෙයි.සමහර දවස්වල අපි ළඟ සල්ලි නැතිවුනාම පොඩි හාමුදුරුවෝ  (වත්මන් මල්වතු මහනාහිමි) තමයි වියදම් දරන්නේ.ඉතින් අතරමඟ වාහනය නවත්වලා අපි උයාගෙන වළදලා වන්දනාවේ යනවා.මමයි පොඩි පොඩි හාමුදුරුවෝ යි ශ්‍රී  පාදෙත් ගියා.

බෝගම්බර හිර ගෙදරත් ඔබ වහන්සේ බණ ට වඩිනවා නේද..?

ඔව් ඒ කාලේ පෝය දවස්වලට බණට වඩිනවා.සාමාන්‍ය හිරකරුවන්ට වගේම මරණ දඬුවමට නියමුවු අයටත් බණ කිව්වා.මරණ දඬුවමට නියමුවු අයෙකුට බණට දෙන්නේ විනාඩි 15යි.ඉතින් ඒ හිරකාරයෝ අඬ අඬා බණ අහනවා.අනේ ඇයි අපිට වෙලාව බල බලා බණ කියන්නේ කියලත් ඒ අය අහනවා

ඔබ වහන්සේට ජිවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද..?

මම චිනයේ ගිය වෙලාවක ලොකු අනතුරක් වෙන්න ගියා එහෙ හරියට පාපැදිකාරයෝ ඉන්න⁣වනේ මම දවසක් පාර පැන්නා එකපාරටම වේගයෙන් ආපු පාපැදියක් මගේ ඇඟේ ගෑවි නොගෑවි බ්‍රේක් ගැහැව්වා.එදානූලෙන් තමයි මම බේරුණේ..

ධර්ම ශ්‍රී තිලකවර්ධන 

(2017 ජුලි මස 18  දින ඉරිදා ලක්බිම)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.