ලාල්ට ජම්පරය අන්ඳවන විදිහ..
මේ දවස්වල ඇමති ලාල් කාන්ත වංචනික විදිහට උපයාගත්ත බව කියන මුදල් භාවිතා කරලා හදපු කඩුවෙල මන්දීරයක් ගැන ලොකු සමාජ සංවාදයක් ඇතිවෙලා තියනවා.ලාල් ඒ ගැන එක එක ප්‍රකාශ කරනවා.ඇත්තටම ඒ ප්‍රකාශවලින් වෙන්නේ මේ මෝඩයා තවත් අමාරුවේ වැටෙන එකයි.දැනටමත් ලාල්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්වෙලා තියනවා.දැන් ඔන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට පුළුවන් එයා කලින් අල්ලස් ගැනීම සම්බන්ධව කරපු විග්‍රහට අනුව නීතිය ක්‍රියාත්මක කරලා එහෙම සිද්ධවෙලාද කියලා බලන්න.
ලාල්ගේ වැඩ නිසා ලාල් විතරක් නෙවෙයි තව ගොඩක් දෙනෙක්ගේ රෙදි ගැලවෙන්න නියමිතයි.දේශපාලනඥයෙක් මහජන මුදල් හරි පෞද්ගලික පරිත්‍යාග හරි කියමින් දේපළ අත්පත් කරගැනීමත් එක් බැඳුණු නීතිමය තත්ත්වය මොකද්ද කියලා අපි ඉස්සෙල්ලාම සළකලා බලමු.
මෙතනදී ප්‍රධාන වශයෙන් බලපාන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත (Anti-Corruption Act) සහ අල්ලස් පනතයි. දේශපාලනඥයෙකුට හරි මහජන නියෝජිතයෙකුට හරි පෞද්ගලික අවශ්‍යතාවකට (නිවාස සෑදීම වැනි) මහජනයාගෙන් හරි හිතවතුන්ගෙන් හරි මුදල් ගැනීම නීතිමය වශයෙන් ඉතා අවදානම් සහගත වැඩක් වගේම සංකීර්ණ ක්‍රියාවලියක්.
යම් පුද්ගලයෙක් තමන්ගේ හිතවත්කමට සල්ලි දුන්නා කිව්වත්,ඒ පුද්ගලයා රජය එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් හරි ඒ මුදල් දීම හරහා කිසියම් අයුතු වාසියක් බලාපොරොත්තු වෙනවා නම් ඒය අල්ලසක් විදිහට අර්ථකථනය වෙනවා.දූෂණ විරෝධී පනතට අනුව ඕනෑම මහජන නියෝජිතයෙක් තමන්ට ලැබෙන දීමනා සහ දේපළ ගැන නිවැරදි හෙළිදරව් කිරීමක් කරන්න බැදිලා ඉන්නවා. ඊළඟට බලන්න වෙන්නේ මෙතන අල්ලස් හෝ දූෂණය කියන වරද සිද්ධවෙලා තියනවද කියලයි.
යම් පුද්ගලයෙකු සතු වත්කම් එයා උපයන නීත්‍යානුකූල ආදායමට වඩා වැඩි නම්,ඒක නීතිය ඉදිරියේ වරදක්වීමට ඉඩ තියනවා.යම් පුද්ගලයෙක්ගේ සහ එයාගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම්, එයාලගේ ප්‍රකාශිත ආදායම් මාර්ග (වැටුප්,ව්‍යාපාරික ලාභ,උරුම වූ දේපළ) මගින් පැහැදිලි කළ නොහැකි නම් ඒක දූෂණ විරෝධී පනත යටතේ වරදක්.ගෙයක් හදන්න බිරිඳගේ දේපළ විකිණලා මුදල් යෙදෙව්වා කියලා කියනවා නම් ඒ ලියකියවිලි (ඔප්පු,බැංකු වාර්තා) සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න ඕනි.
හිතවතුන් සල්ලි දුන්නා කියන එක නීතිය ඉදිරියේ සරලව පිළිගන්නේ නෑ.එහෙනං ඒ මුදල් ලබාදුන් පුද්ගලයන් කවුද, එයාලට ඒ මුදල් ලැබුණු ආකාරය සහ ඒ මුදල් ලබාදීමට හේතුව විමර්ශනයට ලක් වෙන්න ඕනි.ලංකාවේ පවතින වත්කම් හා බැරකම් නීතියට අනුව සෑම මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක්ම වාර්ෂිකව තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ (Declaration of Assets and Liabilities) දෙන්න ඕනි.වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ තමන්ගේ,බිරිඳගේ සහ යැපෙන දරුවන්ගේ සියලුම දේපළ,බැංකු ගිණුම් සහ ලැබුණු තෑගි/පරිත්‍යාග ඇතුළත් කරන්න ඕනි.
යම් විදිහකින් නිවස සෑදීමට ලැබුණු මුදල් ඒ ප්‍රකාශවල සටහන් කරලා නෑත්තං හරි ඒ මුදල් ලැබුණු ආකාරය ඔප්පු කරන්න බැරි නම් ඒක දණ්ඩනීය වරදක්.ලාල් කාන්ත දේශපාලනඥයෙක් විදිහට එයාලා සතු දේපළක් විකිණීම සහ එම මුදල් නිවාසක් ඉදිකිරීමට යෙදවීම සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාවලිය අපේ රටේ පවතින මූල්‍ය සහ දූෂණ විරෝධී නීති කිහිපයක් යටතේ විග්‍රහ කරන්න පුළුවන්.මෙතනදී දේපළ මිලදී ගත් පුද්ගලයා, විකුණූ පුද්ගලයා (බිරිඳ) සහ ප්‍රතිලාභ ලබන දේශපාලනඥයා යන තුන්දෙනාම විවිධ නීතිමය බැඳීම්වලට යටත් වෙනවා.
දේපළක් විකිණීම කියන්නේ හුදු "ප්‍රකාශයක්" විතරක් නෙවෙයි. ලිඛිත සාක්ෂි තියෙන්න ඕනි. දේපළ විකිණීම අදාළ ප්‍රාදේශීය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරපු "විකුණුම් ඇටෝර්නි බලපත්‍රයක්" හරි "සින්නක්කර ඔප්පුවක් " මගින් හරි තහවුරු වෙන්න ඕනි.දේපලේ විකුණූ මිල වෙළඳපොළ වටිනාකමට වඩා අසාමාන්‍ය ලෙස වැඩි නම් ඒක "මුදල් විශුද්ධිකරණයක්" (Money Laundering) විදිහට සලකන්න පුළුවන්.
ඒ වගේම මෙතන වෙන වැරදි මාර්ගවලින් උපයාගත් මුදල් දේපළ ගනුදෙනුවක් ලෙස පෙන්වා නීත්‍යානුකූල කිරීමට උත්සාහ කිරීමක් වෙන්නත් පුළුවන්.2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) රෙගුලාසි අනුව විශාල මුදල් ප්‍රමාණයක් (සාමාන්‍යයෙන් රුපියල් මිලියනයකට වඩා වැඩි) අතින් අතට (Cash) මාරුකිරීම සැක සහිත ගනුදෙනු නිසා ඒ වගේ ගනුදෙනු බැංකු පද්ධතිය හරහා කරන්න ඕනි.දේපළ මිලදී ගත් පුද්ගලයාට ඒ මුදල් ලැබුණු ආකාරය (Source of Wealth/Funds) ඔප්පු කරන්න වෙනවා.
එයාට ඒ වගේ ධනයක් නැත්තං එයා වෙනත් අයෙකු වෙනුවෙන් පෙනී සිටින "නාමිකයෙකු" (Nominee) විදිහටයි සැලකෙන්නේ. දේපළ ගනුදෙනුවකදී බදු ගෙවීම අනිවාර්යයි.ඒක පැහැර හැරීම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ වරදක්.දේපළක් විකිණීමේදී ලැබෙන ලාභය මත 10% ක ප්‍රාග්ධන ලාභ බද්දක් රජයට ගෙවීම අනිවාර්යයි.ඒ වගේම දේපළ මිලදී ගන්නා පාර්ශවය රජයට නියමිත මුද්දර ගාස්තු ගෙවා ඔප්පුව සහතික කරගන්න ඕනි.
යම් හෙයකින් බදු ගෙවීම පැහැර හැරලා තියනවා නං හරි දේපළේ නියම වටිනාකම හංගලා අඩු වටිනාකමක් දාලා නම් ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැඩි දඬුවම් සහ දඩ මුදල්වලට යටත් වෙන වරදක්.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 93 වන වගන්තිය අනුව,විමර්ශනයකදී විමසන අනිවාර්ය කරුණු කීපයක් තියනවා.මෙතනදී දේපළ මිලදී ගත් පුද්ගලයා ඒ මුදල් ලබාගත් ආකාරය සහ ලාල් කාන්තට හෝ බිරිඳට එම මුදල් ගෙවූ ආකාරය (බැංකු වාර්තා හෝ චෙක්පත්) ඉදිරිපත් කරන්න ඕනි.
"හිතවතුන් මුදල් දුන්නා" යන කාරණත ඔප්පු කිරීමට නම් ඒ හිතවතුන්ගේ අනන්‍යතාවය සහ එයාලට ඒ මුදල් දෙන්න තිබූණ නීත්‍යානුකූල අවශ්‍යතාවය පෙන්වා දෙන්න ඕනි.ලාල්ලා මීට කලින් කියලා තිබුණ " දුප්පත්කම " හරි " අසීරු ජීවිතය " ගැන ප්‍රකාශ සාක්ෂි විදිහට අරගෙන, හදිසියේ ලැබුණු මහා ධනස්කන්ධය ගැන විමර්ශන නිලධාරීන්ට ප්‍රශ්න කරන්න පුළුවන්.මෙතනදී අවසාන වශයෙන් ලාල් මතක තියාගන්න ඕනි කරුණු ටික සාරාංශ කලොත්.
● යම් දේශපාලනඥයෙකු මෙවැනි ගනුදෙනුවක් හරහා වත්කම් උපයා ඇත්නම්,ඒක නීත්‍යානුකූල වීමට නම් ඒ දේපළ විකිණීම නීත්‍යානුකූලව ලියාපදිංචි වී තිබිය යුතුය.
● සියලුම බදු (Capital Gains Tax) ගෙවා තිබිය යුතුයි.
● මුදල් ලැබුණු මූලාශ්‍රය (Bank Trail) පැහැදිලි විය යුතුයි.
● මෙම සියලු කරුණු වත්කම් හා බැරකම් ප්‍රකාශවල ඇතුළත් විය යුතුයි.
මේ කොන්දේසි උල්ලංඝනය වී ඇත්නම් ඒක අල්ලස් හෝ දූෂණ වරදක්,බදු වංචාවක් මෙන්ම මුදල් විශුද්ධිකරණ වරදක් ලෙස ද සැලකිය හැකිය.ඒක ඔප්පු උනොත් දේපළ රාජසන්තක කිරීමේ බලය අනාගත රජයකට තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්