News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකන් බළල් අතක් වූ ඉස්ලාමීය අන්තවාදය - ඇමරිකාව ඉරානය ආක්‍රමණය කරන්නේ ඉස්ලාමීය අන්තවාදයට තිත තියන්න ද?

Apr 3, 2026 at 11:53 AM
|

ඉස්ලාමීය අන්තවාදය කියන්නෙම ඇමරිකන්  බලල් අතක්. පශ්චාත් දෙවන ලෝක යුධ ඉතිහාසය තුල ඇමරිකාව ඔවුන්ගේ ගෝලීය බලව්‍යාපෘතිය තහවුරු කර ගන්න රුසියාවේදි, සිරියාවේදි, ලිබියාවෙදි, ඇෆ්ගනිස්තානය සහ බොස්නියාව වගේ රටවල ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කලා.  අවි ආයුධ, පුහුණුව විතරක් නෙමේ, ඩොලර් ප්‍රකෝටි ගණන් පොම්ප කරපු ඇමරිකාව ඉරානය ආක්‍රමණය කරන්නේ ඉස්ලාමීය අන්තවාදයට  තිත තියන්න කියල හිතන එක තර්කයෙන් තොර හිතලුවක් විතරයි. 9/11 වලදි බින් ලාඩන් වගේ කිරිදීලා හදා ගත්ත නාගයා , ආපහු හැරිලා පෙනේ පුප්පන කොට, නළාව පිඹලා නලව ගන්න එක කිරි බිත්තර දිලා නයා විකුණන් කාපු අහිකුංඨකයගේ වගකීමක් මිස අපේ වැඩක් නෙමේ. ඇමරිකාවට ඔවුන්ගේ වෙළඳ ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මැදපෙරදිග තෙල් සම්පත හැසිරවීමේ බලය අතට ගැනීම හැර ඉස්ලාමීය අන්තවාදය පාලනය කිරිමේ  මාතෘකාවක් ඇත්ත ඇමරිකන් න්‍යාය පත්‍රයේ නෑ. ඉරාකයේ සමුළ ඝාතක අවි තිබුනෙත් නෑ වගේම, R2P (Right to Protect)  කියලා කරපු ඇමරිකන් මැදිහත් වීමෙන්  ලිබියන් ජනතාවට ලැබුණ ප්‍රජාත්‍රන්තවාදයකුත් නෑ. 

අපි හිටගන්නේ ඇමරිකා-ඊශ්‍රායල පාර්ශවය එක්කද නැත්නම් ඉරාණය පාර්ශවය එක්කද කියන එකට අපි අතරෙම ගැටුමක් හටගන්නේ ජාත්‍යන්තර ගැටලුවක් අපේ දෘෂ්ඨියෙන් විග්‍රහා කර ගන්න පරිචයක් අපිට නැති නිසා.  කලින් දවසකත් කිවුවා වගේ , රටක විදේශ ප්‍රතිපත්තිය කියන්නේ ඒ රටේ දේශිය ප්‍රතිපත්තියේම දිගුවක්. ඒකේ කේන්ද්‍රයේ තියෙන්නේ අදාළ රටේ ජාතික අභිලාශය . දැන් වෙන්නේ අපි ලෝකය විග්‍රහා කර ගන්නේ අපේ දෘෂ්ථියට වඩා අපි නොවන ප්‍රශ්නයේ වෙනත් පාර්ශවයක අභිලාෂයට සාපේක්ෂවයි.      

ඉරානයේ ඉස්ලාමීය ආගමික විප්ලවය එතෙක් පැවති  ෂා රාජාණ්ඩුවට එරෙහිව සංවිධානය වුවක්.  ෂා ආණ්ඩුව එන්නේ ඉරානයේ තිබුණු වාමාංශික නැඹුරුවක් සහිත මොහොමඩ් මොෂඩැග් ගේ ආණ්ඩුව පෙරළපු  ඇමරිකානු සීඅයිඒ කුමණ්ත්‍රනයක ප්‍රතිඵලයක් හැටියට.  අද ඇමරිකාව ඉරානයට එරෙහි වෙන්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කියලා හිතන අයට  ඇමරිකාවේ ඇත්ත උවමනාව තේරුම් ගන්න මේ කුමන්ත්‍රණය ප්‍රමාණවත්.  මොහොමඩ් මොෂඩැග් ගේ ආණ්ඩුව බ්‍රිතාන්‍යය පර්ශියන් තෙල් සමාගමේ තෙල් සමාගම් ජනසතු කිරිමට පළිගැනීමක් හැටියටයි මේ කුමණ්ත්‍රණය  වෙන්නේ. එදත් අදත් ඇමරිකන් න්‍යාය පත්‍රයේ අංක 01 තෙල්ම තමා.  ෂාගේ ආණ්ඩුව රාජාණ්ඩුවක් වුනාට ඇමරිකන් රූකඩ ආණ්ඩුවක්.අපේ වගේ  කොඩියේ සිංහයෙක් හිටියට එතන පර්සියානු ජාතිකත්වයක් තිබුනේ නෑ,  ඇමරිකාවට රිසි සේ රඟන්න ඉඩ දුන්නා විතරක් නෙමෙ ඉරාන ජනතාවගේ ඔළුගෙඩිවල ඇමරිකන් වහල් සංස්කෘතියත් පැල කලා.  ඒක 1977 දි  ජේ.ආර් ජයවර්ධන ගෙනාපු විවෘත ආර්ථිකය අපේ රටේ මිනිස්සුන්ට දිපු ආශ්වාදය වගේ.  අපේ  හුඟක් අය බූරුමයේ සූකීට පක්ෂව හමුදා ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙත් මේ අනවබෝධයෙන්මයි. අපි නිදහස තේරුම් ගන්නේ  ඇමරිකන් ලිබරල් අර්ථයෙන්. හිට්ලර්  කිවුවේ නිදහස වඩාත් අර්ථවත් වෙන්නේ අපි රාජ්‍යයට කැප වු තරමටයි කියලා. බටහිර ලිබරල් වල්බුරු  නිදහසින් වල්මත් වෙන්නෙ නැතුව, සිංහල බෞද්ධයෝ , අපේ නිදහස ගැන අපේ  අර්ථ නිරුපණයක් දා ගන්න ඕනේ.   

ඒ අර්ථයෙන් ගත්තම ඉරානීය විප්ලවය, ඇමරිකන් පාරිභෝගිකවාදි  ලුම්පන් සංස්කෘතියට එරෙහිව  ඔවුන්ගේ ආගමික ජාතිකත්වය වෙනුවෙන්   වුන අරගලයක්. ඉරානයේ ජනතාව ඉස්ලාමීය වෙන්න ඕනේද නැද්ද කියන එක ඔවුන් විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඉරාන ජනතාවගේ පරමාධිපත්‍ය බලය අපිට පවරලා නෑ. ලෝකයේ අනිත් රටවල  සංස්කෘතික පැවත්ම හෝ පාලන ක්‍රමය කුමක්දැයි තීරණය කිරිම හා ලෝකය ශිෂ්ඨාචාරගත කිරිමේ වගකීම දෙවියන් වහන්සේ සිංහල බෞද්ධයාට පවරලා නෑ. ඉරානය  ඔවුන්ගේ භුම් සීමාවෙන් ඔබ්බට ඉස්ලාමීය ව්‍යාප්තවාදයට  උඩගෙඩි නොදෙන තාක් ඒක අපේ ප්‍රශ්නයක් නෙමේ.   සීමාව පයිනවා නම් ප්‍රභාකරන්ට වගේ  තෙරේන බාසාවකින් කියල දෙන එක අපේ වැඩක්.    

ඇමරිකාවට මැදපෙරදිගට මැදිහත් වෙන්න තියෙන බලල් අත තමා ඊශ්‍රායලය. මේ ප්‍රශ්නයේදි  ඇමරිකාවට වඩා කඩේ යන පිරිසක්  ඉන්නේ ඊශ්‍රායලයට. ලංකාවට වැඩීම පළඳායි විදේශ ශ්‍රමික ආදායමක් ගේන රටවල් දෙකයි තියෙන්නේ. ඒ ඊශ්‍රායලය සහ දකුණු කොරියාව. ඊශ්‍රායලයේ ඉන්න එහේ වැඩකරන ලංකාවේ කොල්ලෝ ඊශ්‍රායලය වෙනුවෙන් පක්ෂවීම තාර්කිකව තේරුම් ගන්න පුලුවන්. ඒක එහෙම වෙන්නත් ඕනේ. ගැටලුව තියෙන්නේ මෙහේ ඉන්න වැටුපට කහින ඊශ්‍රායල් කුළි හමුදාව.   කුළි හේවායෝ එක්ක තර්ක කරලා වැඩක්  නැ මොකද හොරට නිදන් උන් නැගිට්ටන්න බැරි නිසා. ගාසා තීරයේ අහිංසක දරුවන් කාන්තාවන් සහ සිව්ල් වැසියන් අමු අමුවේ ඝාතනය කරන ඊශ්‍රයාල් වාර්ගික හමුදාව මෙහේ ඉන්න ඊශ්‍රායල් සැට්ටැම්ඹයෝ ලක්ෂ තුනක් දෙමළ ජනතාව ප්‍රභාකරන්ගේ ජිවග්‍රහණයෙන් මුදවා ගත්ත අපේ විරෝධාර රණවිරුවන්ගේ මානුෂික මෙහෙවර සමාන කරලා හෝදන්න අසාර්ථක උත්සහයක යෙදනවා.  කොන්ත්‍රාත් පදනමින් කඩේ ගියාට  රෙදි හේදුවට කමක් නෑ අපේ හමුදාවන්ගේ වෘත්තිය ගරුත්වය විකුණන් කන්න එපා.

අපේ රටේ ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වන තරමට ඊශ්‍රායල් ව්‍යාප්තිවාදයකුත් වෙනවා.     මිරිස්සේ ඉඳන් ආරුගම් බොක්ක දක්වා වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය ඊශ්‍රායල් , යුක්‍රේන්  සහ රුසියන් ජාතිකයන් තරඟෙට ගිල ගනිද්දි,  ඊශ්‍රායල් පල්ලි සහ ඊශ්‍රායල්-මුස්ලිම් ගැටුම් වලට අපි ළඟදිම කෙළිමඩලක් වෙනවා. ඊශ්‍රායලයට එරෙහි එකම මුස්ලිම් අභියෝගය ඉරානය නෙමේ. ඒ වගෙම ලංකාවේ පුනානි සාරියා විශ්ව විද්‍යාලයේ ඉඳල මද්‍රසා පාසල් සහ ජිහාඩය පෝෂණය කලේ ඉරානය නොව ඇමරිකානු හිතවාදි සෞදි අරාබිය සහ කටාරයයි.  

ඇමරිකන් අධිරාජ්‍යවාදයයි ඉස්ලාම් අන්තවාදයයි කියන්නේ අමුඩෙයි පුපයි වගේ. මේ දෙකම එකම   වර්ගයේ විෂබීජ දෙකක්.      අපිට වැදගත් වෙන්නේ, ඉතිහාසයේ කලා වගේ ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ ඉස්ලාමීය අන්තවාදය වෙනුවට ඊශ්‍රායල් ව්‍යාප්තවාදය කරේ දා ගන්න එක නෙමේ   ඇමරිකන්-චීන- ඉන්දියන් බලුපොරේ මැද්දට ඊශ්‍රායල්- ඉස්ලාම් නයි පැටවුත් අපේ රෙද්ද අස්සට නොදාගෙන ඉන්න එකයි.

- නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.