ඇමරිකන් බළල් අතක් වූ ඉස්ලාමීය අන්තවාදය - ඇමරිකාව ඉරානය ආක්‍රමණය කරන්නේ ඉස්ලාමීය අන්තවාදයට තිත තියන්න ද?
ඉස්ලාමීය අන්තවාදය කියන්නෙම ඇමරිකන් බලල් අතක්. පශ්චාත් දෙවන ලෝක යුධ ඉතිහාසය තුල ඇමරිකාව ඔවුන්ගේ ගෝලීය බලව්‍යාපෘතිය තහවුරු කර ගන්න රුසියාවේදි, සිරියාවේදි, ලිබියාවෙදි, ඇෆ්ගනිස්තානය සහ බොස්නියාව වගේ රටවල ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කලා. අවි ආයුධ, පුහුණුව විතරක් නෙමේ, ඩොලර් ප්‍රකෝටි ගණන් පොම්ප කරපු ඇමරිකාව ඉරානය ආක්‍රමණය කරන්නේ ඉස්ලාමීය අන්තවාදයට තිත තියන්න කියල හිතන එක තර්කයෙන් තොර හිතලුවක් විතරයි. 9/11 වලදි බින් ලාඩන් වගේ කිරිදීලා හදා ගත්ත නාගයා , ආපහු හැරිලා පෙනේ පුප්පන කොට, නළාව පිඹලා නලව ගන්න එක කිරි බිත්තර දිලා නයා විකුණන් කාපු අහිකුංඨකයගේ වගකීමක් මිස අපේ වැඩක් නෙමේ. ඇමරිකාවට ඔවුන්ගේ වෙළඳ ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මැදපෙරදිග තෙල් සම්පත හැසිරවීමේ බලය අතට ගැනීම හැර ඉස්ලාමීය අන්තවාදය පාලනය කිරිමේ මාතෘකාවක් ඇත්ත ඇමරිකන් න්‍යාය පත්‍රයේ නෑ. ඉරාකයේ සමුළ ඝාතක අවි තිබුනෙත් නෑ වගේම, R2P (Right to Protect) කියලා කරපු ඇමරිකන් මැදිහත් වීමෙන් ලිබියන් ජනතාවට ලැබුණ ප්‍රජාත්‍රන්තවාදයකුත් නෑ.
අපි හිටගන්නේ ඇමරිකා-ඊශ්‍රායල පාර්ශවය එක්කද නැත්නම් ඉරාණය පාර්ශවය එක්කද කියන එකට අපි අතරෙම ගැටුමක් හටගන්නේ ජාත්‍යන්තර ගැටලුවක් අපේ දෘෂ්ඨියෙන් විග්‍රහා කර ගන්න පරිචයක් අපිට නැති නිසා. කලින් දවසකත් කිවුවා වගේ , රටක විදේශ ප්‍රතිපත්තිය කියන්නේ ඒ රටේ දේශිය ප්‍රතිපත්තියේම දිගුවක්. ඒකේ කේන්ද්‍රයේ තියෙන්නේ අදාළ රටේ ජාතික අභිලාශය . දැන් වෙන්නේ අපි ලෝකය විග්‍රහා කර ගන්නේ අපේ දෘෂ්ථියට වඩා අපි නොවන ප්‍රශ්නයේ වෙනත් පාර්ශවයක අභිලාෂයට සාපේක්ෂවයි.
ඉරානයේ ඉස්ලාමීය ආගමික විප්ලවය එතෙක් පැවති ෂා රාජාණ්ඩුවට එරෙහිව සංවිධානය වුවක්. ෂා ආණ්ඩුව එන්නේ ඉරානයේ තිබුණු වාමාංශික නැඹුරුවක් සහිත මොහොමඩ් මොෂඩැග් ගේ ආණ්ඩුව පෙරළපු ඇමරිකානු සීඅයිඒ කුමණ්ත්‍රනයක ප්‍රතිඵලයක් හැටියට. අද ඇමරිකාව ඉරානයට එරෙහි වෙන්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කියලා හිතන අයට ඇමරිකාවේ ඇත්ත උවමනාව තේරුම් ගන්න මේ කුමන්ත්‍රණය ප්‍රමාණවත්. මොහොමඩ් මොෂඩැග් ගේ ආණ්ඩුව බ්‍රිතාන්‍යය පර්ශියන් තෙල් සමාගමේ තෙල් සමාගම් ජනසතු කිරිමට පළිගැනීමක් හැටියටයි මේ කුමණ්ත්‍රණය වෙන්නේ. එදත් අදත් ඇමරිකන් න්‍යාය පත්‍රයේ අංක 01 තෙල්ම තමා. ෂාගේ ආණ්ඩුව රාජාණ්ඩුවක් වුනාට ඇමරිකන් රූකඩ ආණ්ඩුවක්.අපේ වගේ කොඩියේ සිංහයෙක් හිටියට එතන පර්සියානු ජාතිකත්වයක් තිබුනේ නෑ, ඇමරිකාවට රිසි සේ රඟන්න ඉඩ දුන්නා විතරක් නෙමෙ ඉරාන ජනතාවගේ ඔළුගෙඩිවල ඇමරිකන් වහල් සංස්කෘතියත් පැල කලා. ඒක 1977 දි ජේ.ආර් ජයවර්ධන ගෙනාපු විවෘත ආර්ථිකය අපේ රටේ මිනිස්සුන්ට දිපු ආශ්වාදය වගේ. අපේ හුඟක් අය බූරුමයේ සූකීට පක්ෂව හමුදා ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙත් මේ අනවබෝධයෙන්මයි. අපි නිදහස තේරුම් ගන්නේ ඇමරිකන් ලිබරල් අර්ථයෙන්. හිට්ලර් කිවුවේ නිදහස වඩාත් අර්ථවත් වෙන්නේ අපි රාජ්‍යයට කැප වු තරමටයි කියලා. බටහිර ලිබරල් වල්බුරු නිදහසින් වල්මත් වෙන්නෙ නැතුව, සිංහල බෞද්ධයෝ , අපේ නිදහස ගැන අපේ අර්ථ නිරුපණයක් දා ගන්න ඕනේ.
ඒ අර්ථයෙන් ගත්තම ඉරානීය විප්ලවය, ඇමරිකන් පාරිභෝගිකවාදි ලුම්පන් සංස්කෘතියට එරෙහිව ඔවුන්ගේ ආගමික ජාතිකත්වය වෙනුවෙන් වුන අරගලයක්. ඉරානයේ ජනතාව ඉස්ලාමීය වෙන්න ඕනේද නැද්ද කියන එක ඔවුන් විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඉරාන ජනතාවගේ පරමාධිපත්‍ය බලය අපිට පවරලා නෑ. ලෝකයේ අනිත් රටවල සංස්කෘතික පැවත්ම හෝ පාලන ක්‍රමය කුමක්දැයි තීරණය කිරිම හා ලෝකය ශිෂ්ඨාචාරගත කිරිමේ වගකීම දෙවියන් වහන්සේ සිංහල බෞද්ධයාට පවරලා නෑ. ඉරානය ඔවුන්ගේ භුම් සීමාවෙන් ඔබ්බට ඉස්ලාමීය ව්‍යාප්තවාදයට උඩගෙඩි නොදෙන තාක් ඒක අපේ ප්‍රශ්නයක් නෙමේ. සීමාව පයිනවා නම් ප්‍රභාකරන්ට වගේ තෙරේන බාසාවකින් කියල දෙන එක අපේ වැඩක්.
ඇමරිකාවට මැදපෙරදිගට මැදිහත් වෙන්න තියෙන බලල් අත තමා ඊශ්‍රායලය. මේ ප්‍රශ්නයේදි ඇමරිකාවට වඩා කඩේ යන පිරිසක් ඉන්නේ ඊශ්‍රායලයට. ලංකාවට වැඩීම පළඳායි විදේශ ශ්‍රමික ආදායමක් ගේන රටවල් දෙකයි තියෙන්නේ. ඒ ඊශ්‍රායලය සහ දකුණු කොරියාව. ඊශ්‍රායලයේ ඉන්න එහේ වැඩකරන ලංකාවේ කොල්ලෝ ඊශ්‍රායලය වෙනුවෙන් පක්ෂවීම තාර්කිකව තේරුම් ගන්න පුලුවන්. ඒක එහෙම වෙන්නත් ඕනේ. ගැටලුව තියෙන්නේ මෙහේ ඉන්න වැටුපට කහින ඊශ්‍රායල් කුළි හමුදාව. කුළි හේවායෝ එක්ක තර්ක කරලා වැඩක් නැ මොකද හොරට නිදන් උන් නැගිට්ටන්න බැරි නිසා. ගාසා තීරයේ අහිංසක දරුවන් කාන්තාවන් සහ සිව්ල් වැසියන් අමු අමුවේ ඝාතනය කරන ඊශ්‍රයාල් වාර්ගික හමුදාව මෙහේ ඉන්න ඊශ්‍රායල් සැට්ටැම්ඹයෝ ලක්ෂ තුනක් දෙමළ ජනතාව ප්‍රභාකරන්ගේ ජිවග්‍රහණයෙන් මුදවා ගත්ත අපේ විරෝධාර රණවිරුවන්ගේ මානුෂික මෙහෙවර සමාන කරලා හෝදන්න අසාර්ථක උත්සහයක යෙදනවා. කොන්ත්‍රාත් පදනමින් කඩේ ගියාට රෙදි හේදුවට කමක් නෑ අපේ හමුදාවන්ගේ වෘත්තිය ගරුත්වය විකුණන් කන්න එපා.
අපේ රටේ ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වන තරමට ඊශ්‍රායල් ව්‍යාප්තිවාදයකුත් වෙනවා. මිරිස්සේ ඉඳන් ආරුගම් බොක්ක දක්වා වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය ඊශ්‍රායල් , යුක්‍රේන් සහ රුසියන් ජාතිකයන් තරඟෙට ගිල ගනිද්දි, ඊශ්‍රායල් පල්ලි සහ ඊශ්‍රායල්-මුස්ලිම් ගැටුම් වලට අපි ළඟදිම කෙළිමඩලක් වෙනවා. ඊශ්‍රායලයට එරෙහි එකම මුස්ලිම් අභියෝගය ඉරානය නෙමේ. ඒ වගෙම ලංකාවේ පුනානි සාරියා විශ්ව විද්‍යාලයේ ඉඳල මද්‍රසා පාසල් සහ ජිහාඩය පෝෂණය කලේ ඉරානය නොව ඇමරිකානු හිතවාදි සෞදි අරාබිය සහ කටාරයයි.
ඇමරිකන් අධිරාජ්‍යවාදයයි ඉස්ලාම් අන්තවාදයයි කියන්නේ අමුඩෙයි පුපයි වගේ. මේ දෙකම එකම වර්ගයේ විෂබීජ දෙකක්. අපිට වැදගත් වෙන්නේ, ඉතිහාසයේ කලා වගේ ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ ඉස්ලාමීය අන්තවාදය වෙනුවට ඊශ්‍රායල් ව්‍යාප්තවාදය කරේ දා ගන්න එක නෙමේ ඇමරිකන්-චීන- ඉන්දියන් බලුපොරේ මැද්දට ඊශ්‍රායල්- ඉස්ලාම් නයි පැටවුත් අපේ රෙද්ද අස්සට නොදාගෙන ඉන්න එකයි.
- නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..