News Category
From Date
To Date
Maximum Number of Result

පුටින් විසින් ට්‍රම්ප් පාලනයට නිකුත් කළ අවසාන නිවේදනය..

Mar 22, 2026 at 05:28 AM
|

ලෝක දේශපාලනයේ මේ මොහොතේ උණුසුම්ම මාතෘකාව වෙන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඇමරිකාවට ඉදිරිපත් කර ඇති "අවසාන නිවේදනය" හෙවත් 'Ultimatum' එක. පුටින් ඉතාම සූක්ෂ්ම විදියට ට්‍රම්ප් පාලනයට යෝජනාවක් කරලා තියෙනවා.. 

ඒ තමයි, "ඔබ යුක්රේනයට ලබා දෙන සහයෝගය නතර කරනවා නම්, අපි ඉරානයට ලබා දෙන රහස් ඔත්තු තොරතුරු සැපයීම නතර කරන්නම්!" යනුවෙන්. ඇමරිකානු හමුදා ඉලක්ක කරන ආකාරය ගැන රුසියාව ඉරානයට උදව් කරන බව දැන් ප්‍රසිද්ධ රහසක්.. 

පුටින් එය දඩමීමා කරගෙන උත්සාහ කරන්නේ යුක්රේන යුද්ධයේදී තමන්ට වාසිදායක තත්ත්වයක් ඇති කරගන්න. පුටින් විසින් ට්‍රම්ප් පාලනයට නිකුත් කළ අවසාන නිවේදනය, මහාවංශයේ එන දුටුගැමුණු රජු සහ එළාර රජු අතර සිදුවූ දූත සංවාද සිහිපත් කරනවා. 

මෙහිදී පුටින් හැසිරෙන්නේ කූට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසයි. පුටින්ගේ යෝජනාව මහාවංශ බසින්, "නුඹලාගේ යුක්රේන මෙහෙයුම නතර කරවු, එවිට මම නුඹලාගේ මැදපෙරදිග සතුරන්ට (ඉරානයට) රහස් හෙළි නොකරන්නෙමි. එසේ නොවුවහොත් නුඹලාගේ සේනාවන් විනාශ වනු දැක සතුටු වන්නෙමි."

මෙවැනි "තර්ජනාත්මක සාකච්ඡා" මහාවංශයේ බොහෝ තැන්වල දක්නට ලැබෙනවා.. විශේෂයෙන්ම සතුරා දුර්වල අවස්ථාවේදී හෝ තමන්ට වාසිදායක තොරතුරු ඇති විට මෙවැනි අවසාන නිවේදන නිකුත් කිරීම පැරණි රජුන්ගේද උපක්‍රමයක් වුණා. 

දැන් තියෙන ලොකුම ගැටලුව තමයි, මේ යෝජනාව ගැන ට්‍රම්ප් පාලනය නිල වශයෙන් නිහඬව සිටීම! මේ නිහඬතාවය ලෝකය පුරාම, විශේෂයෙන්ම යුරෝපා රටවල් අතර ලොකු සැකයක් සහ බියක් ඇති කරලා තියෙනවා.. "ට්‍රම්ප් මේ ගනුදෙනුවට එකඟ වෙයිද?" කියන ප්‍රශ්නය අද හැමෝම අහනවා. රුසියාව විසින් ඉදිරිපත් කළ බව කියන ඇතැම් යෝජනා ඇමරිකානු පරිපාලනය විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙනවා.. මොනවා වුනත් ට්‍රම්ප් කියන්නේ අද එකක් කියලා, හෙට තව දෙයක් කියන කෙනෙක්.

දැනටමත් පෙන්ටගනය විසින් යුධ නැව් සහ දහස් ගණනක් මැරීන් භටයින් මැදපෙරදිගට යවමින් ඉන්නවා.. ට්‍රම්ප් පවසන්නේ තමන්ට "බූට්ස් ඔන් ද ග්‍රවුන්ඩ්" හෙවත් සෘජු පාබල හමුදා ආක්‍රමණයකට අවශ්‍යතාවයක් නැති බව. නමුත් ක්‍රියාවෙන් පෙනෙන්නේ නම් වෙනත් දෙයක්!

මේ යුධ වාතාවරණය නිසා දැනටමත් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යමින් පවතිනවා. ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බව. සෞදි අරාබිය පවා පවසන්නේ මිල අවම වශයෙන් ඩොලර් 180 ක් වත් වනු ඇති බව. එහෙම වුනොත් ලංකාව වගේ රට වලට ඒක දරාගන්න බැරි පහරක් වේවී. තෙල් මිල වැඩි වෙනවා කියන්නේ ප්‍රවාහන වියදම වැඩි වීම, ඒ හරහා සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල ඉහළ යාම. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ සාමාන්‍ය මිනිසා තව තවත් පීඩාවට පත්වීම.

මේ අර්බුදය අස්සේ ට්‍රම්ප් තමන්ගේ මිත්‍ර රටවල් වන නේටෝ සංවිධානයටත් දැඩි විවේචන එල්ල කරනවා. ඔහු පවසන්නේ ඇමරිකාව නැතිව නේටෝව කියන්නේ "කඩදාසි කොටියෙක්" බව. තෙල් මිල වැඩිවීම ගැන මැසිවිලි නගන යුරෝපා රටවල් ඉරානයට එරෙහි සටනට උදව් නොකරන බව පවසමින්, ඔහු ඔවුන්ව 'Cowards' ලෙස හඳුන්වනවා.. මිත්‍ර රටවල් අතර මෙවැනි මතභේද ඇතිවීම රුසියාවට ලොකු වාසියක්. 

රුසියාව ඉරානයට ලබා දෙන "තොරතුරු" මොනවාද?

ඇමරිකානු යුධ නැව් හෝ ඩ්‍රෝන යානා පවතින නිශ්චිත ස්ථානය සෙන්ටිමීටරයකට පවා නිවැරදිව හඳුනා ගැනීමට රුසියානු 'GLONASS' චන්ද්‍රිකා පද්ධතියේ සහාය ඉරානයට ලැබෙනවා.. මෙය සාමාන්‍ය GPS පද්ධතියකට වඩා වෙනස්, මිලිටරි මට්ටමේ ඉහළ තාක්ෂණයක්.

ඉරානය විසින් ඇමරිකානු 'රීපර්' වර්ගයේ ඩ්‍රෝන යානා බිම හෙළීමට සමත් වී ඇත්තේ රුසියාවෙන් ලැබුණු සංඥා අවහිර කිරීමේ 'Jamming' තාක්ෂණය නිසා බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මෙය රේඩියෝ තරංග පරාසයන් කළමනාකරණය පිළිබඳ ඉතා දියුණු භෞතික විද්‍යාත්මක ක්‍රියාවලියක්. එහිදී ඇමරිකානු නාවික භටයෙකුගේ අත්දැකීම වුණේ "අපි රේඩාර් තිරය දෙස බලා සිටියදී අපේ යානය හදිසියේම අතුරුදහන් වුණා. එය නිකම්ම වැටීමක් නෙවෙයි, යමෙක් අපේ පද්ධතිය 'හැක්' කළා වගෙයි. අපේ ඇස් පියාගෙන ඉන්නා අතරතුර සතුරා අපට පහර දෙනවා වැනි හැඟීමක් අපට දැනුණා." යන්න.

පුටින් ඇමරිකාවට ඉදිරිපත් කර ඇති යෝජනාව මනෝවිද්‍යාත්මකව හඳුන්වන්නේ "ද්විත්ව බන්ධනයක්" ලෙස. එනම්, කුමන තීරණය ගත්තත් ඇමරිකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කිරීමයි. යුක්රේනයට සහය දීම නතර කළහොත්, ඇමරිකාව සිය මිත්‍ර රටවල් පාවා දුන් බවට ලෝකය හංවඩු ගසයි. යුක්රේනයට දිගටම සහය දුන්නොත්, රුසියාව ඉරානය ලවා ඇමරිකානු සොල්දාදුවන් මරා දමයි. 

අද පුටින් උත්සාහ කරන්නේත් ඇමරිකාව සමඟ ඇති කරගන්නා රහසිගත ගනුදෙනුවක් හරහා ඉරානය බිල්ලට දී තමන්ට අවශ්‍ය යුක්රේන සහනය ලබා ගැනීමට. මෙම අත්දැකීම තුළ කැපී පෙනෙන තවත් කරුණක් වන්නේ ට්‍රම්ප්ගේ නියෝජිතයන් වන ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් මුහුණ දුන් තත්ත්වය. ඔවුන් රුසියානු නියෝජිතයන් සමඟ සාකච්ඡා මේසයට වාඩි වන විට, රුසියාව විසින් ඉදිරිපත් කළ "අපිට යුක්රේනය දෙන්න - අපි ඉරානයට උදව් කරන එක නවත්වන්නම්" යන කූට යෝජනාව ඔවුන්ව දැඩි අපහසුතාවයකට පත් කළ අත්දැකීමක් විය. 'ක්විඩ් ප්‍රෝ කෝ' යනු ලතින් භාෂාවෙන් "යමකට වෙනුවෙන් යමක්" යන්නයි. දැන් රුසියාව උත්සාහ කරන්නේත් "ගනුදෙනුවක්" (Quid pro quo) හරහා ඇමරිකාව ලවා යුක්රේනය පාවා දීමටයි.

මේ සියලු දේශපාලන සාකච්ඡා මැද ඇති බිහිසුණුම විද්‍යාත්මක කරුණ නම් න්‍යෂ්ටික විලයනය සහ විඛණ්ඩනය පිළිබඳ තාක්ෂණයයි. ඉරානය සිය යුරේනියම් සාන්ද්‍රණය 60% දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා.. න්‍යෂ්ටික බෝම්බයක් සඳහා අවශ්‍ය වන 90% ක සාන්ද්‍රණයට ළඟා වීමට මෙය ඉතා ආසන්න මට්ටමක්. රුසියාව ඉරානයට මේ සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් ලබා දෙන්නේ නම්, එය ලෝකයේ සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරන අවුල් සහගත බව තත්ත්වයක් නිර්මාණය කිරීමක්.

රුසියාව විසින් ඉරානයට තොරතුරු ලබා දීම සහ ඒ හරහා ඇමරිකාවට කොන්දේසි පැනවීම, චීන උපායමාර්ගික චින්තනයට අනුව නම් "සීතල යුද්ධයේ මනෝභාවය" නැවත පැමිණීමකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලිකම දර්ශනයක් වන්නේ "මහජනතාවට සේවය කිරීම" යන්නයි. තෙල් මිල ඉහළ යාම සහ පොහොර අර්බුදය නිසා ඇමරිකාවේ මෙන්ම ලෝකයේම සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වීම චීන දර්ශනයට අනුව "නායකත්වයේ අසාර්ථකත්වයකි". 

චීන දර්ශනය පවසන්නේ, "රජයක් මැනිය යුත්තේ ඔවුන් සතු අවි ආයුධ ප්‍රමාණයෙන් නොව, තම ජනතාවගේ බත් පිඟානට ඔවුන් කරන සේවයෙනි." යනුවෙන්. පොහොර මිල වැඩිවීම නිසා ගොවීන් පීඩාවට පත්වීම, ලෝක ආහාර සුරක්ෂිතතාවයට එල්ල වන විශාල තර්ජනයක් ලෙස චීනය හඳුනා ගනී. ඒ නිසාම ඔවුන් සැමවිටම අවධාරණය කරන්නේ සම්බාධක සහ යුද්ධ වෙනුවට වෙළඳාම නිදහස් විය යුතු බවයි. ඉතින් මේ සිදුවීම් මාලාව දෙස බලන විට ඔබට මොකද හිතෙන්නේ?  

© සාගර දියගම

(උපුටා ගැනීම සමාජ මාධ්‍යයෙන්)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.