News Category
From Date
To Date
Maximum Number of Result

වාමාංශික ලේබලය ගහගත් ආණ්ඩුවක් රුසියාව වැනි සමාජවාදී රටක් ප්‍රතික්ෂේප කර ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම..

Mar 21, 2026 at 08:36 AM
|

ඊයෙ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කරපු කතාවෙදි අපිට එච්චර සීරියස් නොවුන ඒත් රුසියාව සහ ඇමරිකාව අනිවාර්යයෙන්ම පික් කරන බරපතල කතා දෙකක් කිව්වා..

එකක් තමයි මේ කතාව..

" අපේ අපනයන වලින් 25% ක් යන්නෙ එක්සත් ජනපදයට.. ඔබට මතක ඇති අපේ අසල්වැසි රාජ්‍යයන්ට පවා මේ ටැරිෆ් ප්‍රශ්ණය නිසා රුසියාව සමග තියෙන ගනුදෙනු අඩාල කරන්න සිද්ධ උනා.."

ජනාධිපතිවරයා මේ නොකිය කිව්වෙ මොකක්ද...? 

' හූ කෙයාර්ස් රුසියාව.. අපිට මේ වෙලාවෙ වැදගත් ඇමරිකාව කියලා... " 

ඔව් ආර්ථික දත්ත එක්ක අරගෙන බලනකොට මේ කතාව 100% ක් හරි වෙන්න පුළුවන්. ඒත් කටට ආ පලියට මේ වගේ කතාවක් රටක ජනාධිපතිවරයෙක් කිව යුතුද...?

රුසියාව කියන්නෙ අපිට එදා ඉඳන්ම හිටපු මිතුරෙක්.. විශේෂයෙන්ම අපි ත්‍රස්තවාදී යුද්ධය ඉවර කරාට පස්සෙ UN එකේදි අපිට විරුද්ධව යෝජනා එනකොට කොන්ද කෙලින් තියාගෙන අපිත් එක්ක කෙලින් හිටගත්ත රටක්.. රුසියාව, චීනය වගේ රටවල් එදා අපිත් එක්ක එකට හිටගත්තෙ නැත්නම් අපිට සම්බාධක පවා වැටෙන්න තිබ්බා.

ඉතිහාසයේ පලවෙනි වතාවට අපේ රටේ ජනාධිපතිවරයා 2025 BRICS සමුළුවට කරපු ආරධනාව ප්‍රතික්ෂේප කරනවා. (BRICS කියන්නෙ Brazil, Russia, India, China, සහ South Africa කියන රටවල මුල් අකුරුවලින් හදාගත්ත නමක්). එය ප්‍රධාන නැගී එන ආර්ථිකයන් අතර දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීමක්

මේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව රුසියානු තානාපති එල්. ධාගරියන් ( S. Dzhagaryan ) වරක් මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කරේ..

" අපි ඔහුට ආරාධනා කරා එය ඔහුට තේරුනාද දන්නෙ නෑ " කියලා ජනාධිපතිතුමාගෙ භාෂාමය දැණුම පිළිබඳව සමච්චල් කරමින්. ඒ සමච්චලය ඇතුළෙ තිබ්බෙ රුසියාවෙ නොරිස්සුම.

ඊටපස්සේ මේ මැතකදි නැවතත් රුසියානු තානාපතිවරයා ප්‍රකාශයක් කරනවා..

" ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කිසිදු සෘජු රුසියානු ආයෝජන ව්‍යාපෘතියක් නෑ. අපි ආයෝජනයට සූදානම්. ඒත් කොහේද ආයෝජනය කරන්නේ. කිසිම ව්‍යාපෘතියක් වෙන්නෙ නෑනෙ?. සමහර තානාපතිවරු ශ්‍රී ලංකාවේ ආයෝජන වටපිටාව ගැන කනස්සල්ලෙන් ඉන්නෙ.. " 

මේවා රාජ්‍යතාන්ත්‍රිකව අපේ රට පිළිබඳව එල්ල වෙන බරපතල ප්‍රකාශ..

විශේෂයෙන්ම වාමාංශික ලේබලය ගහගත් ආණ්ඩුවක් රුසියාව වගේ සමාජවාදී රටක් ප්‍රතික්ෂේප කරලා ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පුදුමයක්. ( ජවිපෙ සමාජවාදය සහ සමානාත්මතාවය තියෙන්නෙ බෝඩ් ලෑලි වල විතරයි කියන්ක මේ හොඳම නිදර්ශනයක්)

උග්‍ර ඇමරිකානු ගැත්තෙක් ලෙස ජනප්‍රියව සිටි ඒ නිසාම " යැංකි ඩිංකි" ( Yankee Dinky)  ලෙස නමක් පවා පටබැඳුණු ජේ ආර් ජයවර්ධන පවා රුසියාව සමග ගනුදෙනු කරේ පරිණත රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙසයි.

රුසියාව කියන්නෙ ශ්‍රී ලංකාවේ එදා ඉදන්ම හිටපු අතිශය කලණ මිතුරෙක් 

📕 ආපදා සහ මානුෂීය සහන : ඉතිහාසයේ පටන්ම ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වයන්හිදී රුසියානු රජය මානුෂීය ආධාර සපයා ඇත. 

📕 ආර්ථික ආධාර සහ ඉන්ධන: රුසියානු-යුක්රේන අර්බුදය මධ්‍යයේ වුවද, රුසියාව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම වැනි ආර්ථික සහයෝගයන් ලබා දී ඇති අතර, රුසියානු ධජය යටතේ යාත්‍රා කරන ඉන්ධන ප්‍රවාහන නෞකා මගින් ඉන්ධන සැපයුම් ලැබී ඇත.

📕 වෙළෙඳ : රුසියාව ශ්‍රී ලංකාවේ තේ සඳහා විශාලම වෙළඳපොළකි.

📕 අධ්‍යාපන සහ තාක්ෂණික ආධාර: රුසියාව ශ්‍රී ලාංකික සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම සහ තාක්ෂණික අංශයේ පුහුණුවීම් ලබා දීම හරහා මානව සම්පත් සංවර්ධනයට ආධාර කරයි.

මතකද එකපාරක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රුසියාවෙන් ගේන ඇස්බැස්ටස් වාරණය කරලා අපේ තේ වලට කුරුමිණියෙක් දාලා සමස්ත තේ අපනයනයම තහනම් කරපු හැටි. අන්තිමට අපිට ඇස්බැස්ටස් තීරණය රිවර්ස් කරන්න උනා.

අප නොබැඳි විදේශ පිලිවෙතක් අනුගමනය කරන රටක්. එවැනි අවස්ථාවකදි එක් බල කඳවුරක් වෙනුවෙන් වක්‍රාකාරව හෝ පෙනී සිටීම නොකල යුතුය.

ජනාධිපතිවරයාගෙ කතාවෙදි එක් අතකින් රුසියාව සමග ගැටුමකට අත්පොත තැබූ අතර අනිත් පසින් ඇමරිකාව සමග විරසකයකටද මග පාද ගත්තේය..

" එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපි අවසර දුන්නෙ නෑ " 

ප්‍රතිපත්තිමය වශයෙන් එය ඉතා හොඳ තීරණයක්. ඒත් කෝපි කඩේ එංසිනා වගේ ඕවා අගුපිල් ගාන්නෙ කියව කියව යන්න ඕන ඒවා නෙවේ.

ඇමරිකානුවන්ගෙ අංක එක තමයි අභිමානය. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම කැපකිරීමක් කරනවා. ඒ වගෙ රටක් සමග මේ වගෙ යුධ වාතාවරණයකදි, ඩොනල්ඩ් ට්‍රම්ප් වගෙ හිතට එන එන දේ කරන පිස්සු කෙලින නායකයෙක් එක්ක ගනුදෙනු කරනකොට මීට වඩා ගොඩක් ප්‍රවේශමෙන් වචන පාවිච්චි කරන්න ඕන.

ශ්‍රී ලංකාව වගේ රටක් ඒ මොහොතේ ඇමරිකානු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන් සාධාරණ දෙයක් කියලා පිලිගත්තත් මං පොර වෙන්න අනුර ප්‍රසිද්ධියෙ එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම ( හරිම වචනෙ පාරම්බෑම ) ඔවුන් කෙසේ පිළිගනී දැයි සැක සහිතය.

" හොඳට නරකට දෙකට කටමය " කියලා පැරැන්නො කියලා තියෙන්නෙ නිකං නෙවෙයි.

රාජ්‍ය නායකයෙක්ගෙ වචන නිදි යහනෙ කපල් එකකගෙ වචන වගෙ වෙන්න ඕන. කරන හැමදේම එළිපිට කියන්නෙ නෑ. අපේ ජනාධිපතිතුමා අර හෙඩ් ප්‍රිෆෙක්ට් වගේ කියනවා විතරක් නෙවේ වීඩියොත් ලීක් කරනවා.

භූදේශපාලනය ( Geopolitics) ගැන මෙලෝ අවබෝධයක් නැතුව කටට එන්නන් වාලෙ වචන කියවීම මගින් හානියක් සිද්ධ වෙන්නෙ පෞද්ගලිකව අනුරට නොව සමස්ත රටටමය.

මේ කතා කරන්නේ තඹුත්තේගම තනි සිග්නල් කණුව යට රන් බංඩාගෙ පුතා නොව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේදීය.

රාජ්‍ය නායකයෙක්ගෙ වචන හැසිරවීම පිළිබඳව මම එක් සුන්දර උදාහරණයක් දෙන්නම්..

1963 දී සිරිමාවෝ මැතිණිය රුසියාවට යනවා...

එවකට ඈ ලෝකයෙ පලමු වෙනි කාන්තා අගමැතිනිය.

ඇය රුසියාවට යන විට රුසියාවෙ ශීත සෘතුව පැමිණිලා. රුසියාවේ සීතල කොපමණ දැඩිද කියලා කියන්න මම එක් උදාහරණයක් පමණක් කියන්නම්.

දෙවන ලෝක යුද්ධයෙහිදී ජර්මනිය රුසියාවට පහර දෙනවා. රුසියාව තමන්ගෙම නගර විනාශ කරමින් පසුබසිනවා. ඒක උපක්‍රමික පසුබැසීමක්. 

ඔවුන් පසු බැස්සෙ ශීත සෘතුව පැමිණෙන තුරු. ශීත ඍතුව පැමිණි වහාම රුසියානු රතු හමුදාව ජර්මනියේ නාසි හමුදාවට පහර දී පරාජය කරනවා. රුසියාවේ ඒ ජයග්‍රහණයට හේතුව වූයේ ශීත සෘතුව.

මැතිණිය රුසියාවට සම්ප්‍රාප්ත වූ වහාම රුසියානු අගමැති නිකීතා කෲෂප් මැතිණියට මෙහෙම කියනවා 

" සරත් සෘතුවේ හිතුවක්කාර ශිතල ඔබතුමියට කරදර කරනවා "

මැතිණිය මෙහෙම උත්තර දෙනවා.. 

" ලංකාවේ ජනතාවට ඔබේ ජනතාව දක්වන මිත්‍රත්වයේ උනුසුම නිසා මට ඒ ශීතල බිදක්වත් දැනෙන්නෙ නැහැ"

බලන්න ඒ වචනවල තියෙන ලෙංගතු බව. තැනට සුදුසු බව... ලෝකය දිනන්නෙ එහෙමයි..

- නිලන්ත සත්සර ගමගේ ගේ මුහුණු පොතෙන්

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.