මැතිවරණ ව්‍යාපාරය සඳහා ජේ.ආර්. මොසාඩ් සංවිධානයෙන් ඩොලර් මිලියන 1ක් ඉල්ලා සිටි බව රහස්‍යභාවයෙන් ඉවත් කළ ලිපිගොනු හෙළි කරයි..
ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරය හරහා ප්‍රසිද්ධියට පත් කරන ලද ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ අලුතින් රහස්‍යභාවයෙන් ඉවත් කරන ලද (declassified) ලේඛනවලට අනුව පෙනී යන්නේ, ශ්‍රී ලංකාව රජයේ හමුදා දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ යුද්ධයේ මුල් වසරවලදී ඊශ්‍රායල හමුදා සහාය අපේක්ෂා කළ බවත්, දේශපාලන අරමුණු සඳහා මූල්‍ය ආධාර ලබාගැනීම පිළිබඳවද සොයා බැලූ බවත්ය.
එම වාර්තාව සඳහන් කරන පරිදි, එවකට දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී ගැටලුවට මුහුණ දීම සඳහා සහාය පතා, 1984 දී කොළඹ ඊශ්‍රායල අවශ්‍යතා පිළිබඳ අංශයක් (Israeli Interests Section) පිහිටුවීමට ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමඟ එකඟ වී ඇති බවයි.
එම ලේඛන වලට අනුව, 1980 ගණන්වල මැද භාගය වන විට මුර සංචාරක බෝට්ටු, ආයුධ, සන්නිවේදන පද්ධති සහ ආරක්ෂක අංශ සඳහා පුහුණුව ඇතුළු හමුදා උපකරණ ඊශ්‍රායලය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ඊශ්‍රායල වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල උපදේශකයින්ද මෙරටට අනුයුක්ත කර තිබූ අතර, ඔවුන් ඇතැම් විට "කෘෂිකාර්මික උපදේශකයින්" ලෙස වෙස්වළාගෙන ක්‍රියාත්මක වී ඇත.
ගැටුම් පැවති සමයේදීත්, විශේෂ කාර්ය බලකායට (STF) අනුයුක්ත නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ සහ ප්‍රභූ පොලිස් ඒකකවල සාමාජිකයින්ට ඊශ්‍රායලය විසින් පුහුණුව ලබා දුන් බව මෙම ලේඛන තවදුරටත් හෙළි කරයි.
විශේෂ හෙළිදරව්වක් වන්නේ ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා ද ඊශ්‍රායල නියෝජිතයන්ගෙන් මූල්‍ය ආධාර ඉල්ලා තිබූ බවයි. එම වාර්තාවේ උපුටා දක්වා ඇති රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩයකට (diplomatic cable) අනුව, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා ජයවර්ධන මහතා ඩොලර් මිලියන 1 ක් ඉල්ලා ඇති අතර, ඔහු තවදුරටත් බලයේ සිටියහොත් ඊශ්‍රායලයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවට ඉඟි කර ඇත.
කෙසේ වෙතත්, අවසානයේදී එවැනි මූල්‍ය ආධාරයක් ලබා දුන්නේද යන්න මෙම ලේඛන මගින් තහවුරු නොකරයි.
විශේෂයෙන් එම කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මර්ධනය සහ එල්ටීටීඊ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා, එකල ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් තත්ත්වය පිරිහෙමින් පවතින බව ඊශ්‍රායල නිලධාරීන් දැන සිටි බව ද එම වාර්තාව අවධාරණය කරයි. එසේ තිබියදී හමුදා සහයෝගීතාව අඛණ්ඩව පැවතුණි.
ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පුළුල් කරනු ලැබුවද, ගැටුමට හුදෙක් මිලිටරි විසඳුමක් ලබා දීමේ ඵලදායිතාව පිළිබඳව ඊශ්‍රායල නිලධාරීන් විසින් එම වාර්තාවේ පෙන්වා දෙයි.
මෙම හෙළිදරව් කිරීම් පදනම් වී ඇත්තේ මෑතකදී ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරය හරහා ප්‍රසිද්ධියට පත් කරන ලද ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ලිපිගොනු මතය.
- දුලාර ගුණතිලක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්