මැතිවරණ ව්‍යාපාරය සඳහා ජේ.ආර්. මොසාඩ් සංවිධානයෙන් ඩොලර් මිලියන 1ක් ඉල්ලා සිටි බව රහස්‍යභාවයෙන් ඉවත් කළ ලිපිගොනු හෙළි කරයි..
ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරය හරහා ප්‍රසිද්ධියට පත් කරන ලද ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ අලුතින් රහස්‍යභාවයෙන් ඉවත් කරන ලද (declassified) ලේඛනවලට අනුව පෙනී යන්නේ, ශ්‍රී ලංකාව රජයේ හමුදා දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ යුද්ධයේ මුල් වසරවලදී ඊශ්‍රායල හමුදා සහාය අපේක්ෂා කළ බවත්, දේශපාලන අරමුණු සඳහා මූල්‍ය ආධාර ලබාගැනීම පිළිබඳවද සොයා බැලූ බවත්ය.
එම වාර්තාව සඳහන් කරන පරිදි, එවකට දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී ගැටලුවට මුහුණ දීම සඳහා සහාය පතා, 1984 දී කොළඹ ඊශ්‍රායල අවශ්‍යතා පිළිබඳ අංශයක් (Israeli Interests Section) පිහිටුවීමට ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමඟ එකඟ වී ඇති බවයි.
එම ලේඛන වලට අනුව, 1980 ගණන්වල මැද භාගය වන විට මුර සංචාරක බෝට්ටු, ආයුධ, සන්නිවේදන පද්ධති සහ ආරක්ෂක අංශ සඳහා පුහුණුව ඇතුළු හමුදා උපකරණ ඊශ්‍රායලය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ඊශ්‍රායල වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල උපදේශකයින්ද මෙරටට අනුයුක්ත කර තිබූ අතර, ඔවුන් ඇතැම් විට "කෘෂිකාර්මික උපදේශකයින්" ලෙස වෙස්වළාගෙන ක්‍රියාත්මක වී ඇත.
ගැටුම් පැවති සමයේදීත්, විශේෂ කාර්ය බලකායට (STF) අනුයුක්ත නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ සහ ප්‍රභූ පොලිස් ඒකකවල සාමාජිකයින්ට ඊශ්‍රායලය විසින් පුහුණුව ලබා දුන් බව මෙම ලේඛන තවදුරටත් හෙළි කරයි.
විශේෂ හෙළිදරව්වක් වන්නේ ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා ද ඊශ්‍රායල නියෝජිතයන්ගෙන් මූල්‍ය ආධාර ඉල්ලා තිබූ බවයි. එම වාර්තාවේ උපුටා දක්වා ඇති රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩයකට (diplomatic cable) අනුව, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා ජයවර්ධන මහතා ඩොලර් මිලියන 1 ක් ඉල්ලා ඇති අතර, ඔහු තවදුරටත් බලයේ සිටියහොත් ඊශ්‍රායලයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවට ඉඟි කර ඇත.
කෙසේ වෙතත්, අවසානයේදී එවැනි මූල්‍ය ආධාරයක් ලබා දුන්නේද යන්න මෙම ලේඛන මගින් තහවුරු නොකරයි.
විශේෂයෙන් එම කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මර්ධනය සහ එල්ටීටීඊ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා, එකල ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් තත්ත්වය පිරිහෙමින් පවතින බව ඊශ්‍රායල නිලධාරීන් දැන සිටි බව ද එම වාර්තාව අවධාරණය කරයි. එසේ තිබියදී හමුදා සහයෝගීතාව අඛණ්ඩව පැවතුණි.
ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පුළුල් කරනු ලැබුවද, ගැටුමට හුදෙක් මිලිටරි විසඳුමක් ලබා දීමේ ඵලදායිතාව පිළිබඳව ඊශ්‍රායල නිලධාරීන් විසින් එම වාර්තාවේ පෙන්වා දෙයි.
මෙම හෙළිදරව් කිරීම් පදනම් වී ඇත්තේ මෑතකදී ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරය හරහා ප්‍රසිද්ධියට පත් කරන ලද ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ලිපිගොනු මතය.
- දුලාර ගුණතිලක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..