ලංකාවට ඉහලින් යන ඉන්දියානු මිසයිල වලට බිය නොවෙමු..
තම රටට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර සදහා ඉරානය මිසයිල යොදා ගන්න අයුරු අප සැවොම දැක ඇත්තෙමු. අද ලෝකයේ මිසයිල යනු තම ප්‍රතිවාදීන් බියගන්වන ආයුධයක් බව අප සැම පිළිගන්නා සත්‍යකි. ඉන්දියාවද මෙසේ තම මිසයිල සහ රොකට් තාක්ෂනය කලක සිට ඉතාමත් දියුණු තත්වයකට ගෙන ඒමට කටයුතු කර ඇත. ඔවුන් ලංකාව තමන්ගේ මතයට නම්මව ගැනීමට ඔවුන් සතු දැවැන්ත යුධ බලය යොදා ගන්න අයුරු කිසිදු ලාංකිකයෙකුට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත. මේ ලංකාව බංකොලොත් බවේ අභියස සිටින විට ලංකා අහසේ සිදු කල දිගු දුර මිසයිල අත්හදබැලිමක දර්ශන. ලංකාව රජය පෙරලා දැමීමට ඔවුන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය ගත ක්‍රියාමාර්ග ගැන අප බොහෝ දේ දන්නා නමුදු අපට නොපෙනුණු බොහෝ දේ සිදුව ඇතිබවට මේ දර්ශන සාක්ෂි සපයයි. අපව 2022 වසරේ මාර්තු මස ඩොලරය පා කිරීම සදහා බලහත්කාරයෙන් මුදල් මණ්ඩලය හරහා එසේ නොකිරීමට ගත තීරණය වෙනස් කරවුයේ ඉන්දියානු බලපෑමෙන් බව ප්‍රසිද්ධ කාරණයකි. එම තීරණයද රට තුල එකතුවන රුපියල් වලින් තෙල් මිලදී ගැනීමට නොහැකි වූ අර්භුධයට ඉවහල් විය. මෙය රට ඉතාම ඉක්මනින් බංකොලොත් බවටද ඉතාම කෙටි කලකින් regime change එකෙක්ද ඇතිවීමට අවශ්‍ය පසුබිම සැලසිය. මේමිසයිල අත්හදබලිම අපට දකින්නට ලැබෙන්නේ මේ අතර තුරේ වීම ඉතාම බරපතල කාරණයකි.
එම වසරේම මේ සිදුවීම දැන ගත් වහාම මා පුත්ගලිකව එම අත්හද බැලීම හෙලා දුටුවේය. නමුත් පුරවැසියන් වන අපගේ හෙළාදකිමකින් වලක්වා ගත නොහැකි අන්දමේ අර්බුදයකට අප සම මුහුණ පා සිටියේය. නැවත ඉන් වසර 4කට පසුව මා මේ කරණය පිළිබද සටහන් කරන්නේද අප රට නැවතත් පෙරට වැඩ අදුරු යුගයකට පිය තැබීමට ආසන්නව ඇති මොහොතකය. අප තේරුම් ගත යුත්තේ අපට පෙනෙන මතුපිටට වඩා අපට නොපෙනෙන තර්ජන ගනනවට්කට ලංකාව මුහුණ දී ඇති පසුබිමකය. ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් නොව ඊශ්‍රායලය පවා මේ මොහොතේ ඉතාම ආක්‍රමණික ශීලි ලෙසට ලංකාව තුල ක්‍රියාත්මක වේ. මුස්ලිම් අන්තවාදයට මෙන්ම ඊට උත්තර බැදීමට කියා අප අතරට එන ඇතැම් දේශ ද්‍රෝහීගේද පිටුපස ඇත්තේ ඊශ්‍රායල මුදල්ය. අප රට මුහුණ ප සිටින දේශපාලන අස්ථාවරත්වයත් ආර්ථික සහ බලශක්ති අර්භුදත් අතර තුරේ මාළු බාන්නට උත්සහ කරන ධ්රෝහින්ගෙන් රටත් අපේ දරුවන්ගේ අනාගතයත් ආරක්ෂා කරගැනීමට අප සිය දෙනාට පරම යුතුකමක් ඇත.
විශේෂයෙන්ම ලංකාව නමැති අයිතිහාසික සිංහල බෞද්ධ රාජ්‍යය ඉතිහාසයෙන් මකා දැමිය හැකි ඕනෑම විනාශයකට එරෙහිව සටන් කිරීමේ පරම යුතුකමක් සියලු සිංහල බෞද්ධයන්ට ඇත. එම නිසා රට මීලග මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී බලහුමාරුවක් වන තෙක් ස්ථාවරව පවත්වා ගැනීමට අපට යුතුකමක් ඇත.
2022 වසරේ මා පලකල සටහන
ඉන්දියානු සන්නද්ධ හමුදා මගින් ශ්‍රී ලංකාවට ඉහල අහසේ රොකට් හෝ / සහ අධි බල බැලැස්ටික මිසයිල අත්හද බැලීම තරයේ හෙළාදකිමු!
අප ඉන්දියානු තක්කඩි කම් වලට බිය විය යුතු නැත. අපගේ විදේශ සහ ආර්ථික ප්‍රතිපත්ති අපට ඕනෑ ලෙසට විනා ඉන්දියානු හමුදාවට හෝ ඇමෙරිකානු ආණ්ඩුවට උවමනා ලෙස හැසිරවිය යුතු නැත. බන්කොලොත්බාවයට පත් කරවනු ලැබූ ලංකාව තම ප්‍රාන්තයක් කර ගත හැකියි සිතෙන දවල් හීන දැකීමට ඉන්දියානු අධිපති වාදීන්ට අයිතියක් ඇතිමුත් යුධමය, ආර්ථික සහ දේශපාලන තර්ජන අපට එල්ල කිරීමට ඔය කොයි අය්යාටත් අයිතියක් නැති බව අප ඉන්දියානු රජයට කියා සිටිමු.
අනෙක මෙවැනි රොකට්ටුවක් හෝ අධි බල බැලැස්ටික මිසයිලයක් වැරදීමකින් හෝ ලංකා භූමියට කඩාගෙන වටිනහොත් ජීවිත කොතරම් විනාශ විය හැකිද?
- සංඛ චන්දිම අහයවර්ධන


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්