News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ ගජමිතුරු කල්ලිය..

Mar 10, 2026 at 10:48 AM
|

ෆිට්ස් එයා (Fits Air) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ගුවන් සේවය බවත්, එහි සම හිමිකරුවන් දෙදෙනෙක් සිටින බවත් ෆිට්ස් එයා ආරම්භ කළේ එක්ස්පො එයා නමින් බව සහ එය ආරම්භ කළේ ඕමාර් කසීම් සහ හනීෆ් යුසූෆ් විසින් පවත් සමාජ මාධ්‍යයේ තොරතුරු අනාවරණය කරයි.

හනීෆ් යූසුෆ්  මාලිමා ආණ්ඩුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා බවත් ෆිට්ස් එයා ගුවන් සේවය ගුවන් මගීන්ගෙන් අයකරන එම්බාර්කේෂන් ටැක්ස් (Embarkation tax) කියලා හඳුන්වන  බද්ද සිවිල් ගුවන් සේවා අධිකාරියට තවමත් ගෙවා නැති බවත් මෙමගින් හෙළිදරව් කරයි.

මේ සම්බන්ධයෙන් චන්දන රොහාන් නිෂ්ශංක ගේ මුහුණු පොතින් උපුටා ගත්  අනාවරණය පහළින්..

ශ්‍රී ලංකාවෙන් පිටත් වෙන හැම ගුවන් මගියෙක්ම ගෙවීමට අවශ්‍ය බද්දක් තියෙනවා.

එම්බාර්කේෂන් ටැක්ස් (Embarkation tax) කියලා හඳුන්වන මේ බද්ද සෑම ගුවන් ටිකට් පතකටම ඇතුලත් කරලා තියෙන්නේ.

ඔබ ශ්‍රී ලංකාවෙන් මොන රටට ගියත්, ඔබ ගන්න ගුවන් ටිකට් පතට දැනටම මේ සල්ලි ඇතුලත් කරලා තියෙනවා.

මැදපෙරදිග ගෘහ සේවිකාවො, කොරියාවේ  ජපානේ යන කොල්ලො, ඕස්ට්‍රේලියාවේ යන කට්ටිය, සිංගප්පෝ බිස්නස් වලට යන කට්ටිය හැමෝම මේ බද්ද ගෙවනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ෆිට්ස් එයා ආදී සෑම ගුවන් සේවයකම ගුවන් ටිකට් පතට එම්බාර්කේෂන් ටැක්ස් එක ඇතුල් කරලා තියෙන්නේ.

2026 වසරේ දී මේ බදු මුදල ඩොලර් 60 ක්. ඔබගේ සෑම ගුවන් ටිකට් පතකම සැබෑ අගය ඊට ඩොලර් හැටක් (රු 18,500) අඩුයි. ඩොලර් හැටක් ඔබ ගෙවනා බද්ද.

මේ බද්ද එකතු කරන්නේ මහා භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL).

මේ බදු මුදලෙන් 30% ක් සෘජුවම මහා භාණ්ඩාගාරයට.

12% - 15% ක් අතර මුදලක් ගුවන් තොටුපළ සමාගමට (Airport and aviation authority of sri lanka). 

ඉතිරි 55% ක ආසන්න මුදල සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයට. (මන්ද මෙයින් විශාල කොටසක් සංචාරකයන් ලබා ගන්නා පිටත් වීමේ ගුවන් ප්‍රවේශ පත්‍ර මත පැනවෙන බදු නිසා) 

............. ............... ................. ...........

ෆිට්ස් එයා (Fits Air) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ගුවන් සේවය.

එහි සම හිමිකරුවන් දෙදෙනෙක් ඉන්නවා.

ෆිට්ස් එයා ආරම්භ කළේ එක්ස්පො එයා නමින්. එක්ස්පො ලංකා සමාගමේ ගුවන් සේවයක් විදියට.

එක්ස්පෝ ලංකා ආරම්භ කළේ ඕමාර් කසීම් සහ හනීෆ් යුසූෆ්.

හනීෆ් යූසුෆ් තමයි මාලිමා ආණ්ඩුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා.

මාලිමාවේ ප්‍රධානපෙළේ සාමාජිකයෙක්.

ඕමාර් කසීම් සහ හනීෆ් යුසූෆ් කියන්නේ එකම පවුලේ මස්සිනාලා (First cousins)

ඇබර්ඩීන් හෝල්ඩිංග්ස් කියන්නේ ඕමාර් කසීම්ගේ ව්‍යාපාරය. ඇබර්ඩීන් හෝල්ඩිංග්ස්, එක්ස්පෝ ලංකා පවුලේ බිස්නස්.

දැන් ෆිට්ස් එයා පාලනය කරන්නේ ඕමාර් කසීම්ගේ පුතුන් දෙන්නා, ශෆීක් කසීම් සහ අම්මාර් කසීම්.

කරළිය ඉදිරියේ ශෆීක් සහ අම්මාර් හිටියට තාම මේ ව්‍යාපාර ජාලයම පාලනය කරන්නේ ඕමාර් සහ බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්.

කතාව ඒක නෙවෙයි.

ෆිට්ස් එයා ගුවන් සේවයත් මේ බද්ද ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍ර වලින් අය කරනවා.

නමුත් ෆිට්ස් එයා ගුවන් සේවය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියට තවමත් මේ පිටත්වීමේ බද්ද ගෙවා නැහැ.

මේ බද්ද දැනටම ෆිට්ස් එයා පාවිච්චි කරපු පාරිභෝගිකයො, ගුවන් ටිකට් පත්‍රයක් මිලට ගනිද්දිම ෆිට්ස් එයා එකට ගෙවලා ඉවරයි.

මේ ෆිට්ස් එයා ලාභයෙන් ගෙවන බද්දක් නෙවෙයි.

ඔවුන් එකතු කරපු බද්දක්.

නමුත් ෆිට්ස් එයා ඒ එකතු කරගත්තු බදු මුදල  පවා සිවිල් ගුවන් සේවා අධිකාරියට ගෙවා නැහැ.

දැනට ෆිට්ස් එයා සමාගම එම්බාර්කේෂන් ටැක්ස් රුපියල් ඩොලර් බිලියන 4 ක මුදලක්, ආණ්ඩුවට ගෙවීමට තියෙනවා.

රුපියල් බිලියන හතරක්. එනම් කෝටි 400 ක්. අති විශාල බදු මුදලක්.

මේ බිලියන හතරෙන් 30% ක් සෘජුවම මහා භාණ්ඩාගාරයට යා යුතු, රටේ මිනිස්සුන්ගේ මුදල්.

එනම් රුපියල් බිලියන 1.2 ක සෘජු මුදලක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතුයි.

නමුත් මේ බදු එකතු කිරීමේ බලය හිමි ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය දිනෙන් දින ලියුම් ගසමින්, ෆිට්ස් එයා සමාගමට මේ බදු මුදල නොගෙවා සිටීමට සහන කාල ලබා දෙමින් ඉන්නවා.

ඒ ක්‍රියාව පසුපස දෙදෙනෙක් ඉන්නවා.

එක් අයෙක් මේ මහා බදු වංචාවට දේශපාලනික නායකත්වය ලබා දෙන බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්.

දෙවැන්නා මේ ආණ්ඩුව යටතේ සිවිල්  ගුවන් සේවා අධිකාරියේ (CAASL) ප්‍රධාන විධායක නිළධාරියා සහ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කළ දමින්ද රඹුක්වැල්ල.

දමින්ද දිගින් දිගටම ෆිට්ස් එයා ආයතනයෙන් අයවිය යුතු රුපියල් බිලියන හතර නොගෙවීමට සහන කාල ලබා දෙමින් ලිපි යවමින් සිටිනවා.

මේ මැදපෙරදිග රස්සා කරන්න ගියපු, මේ මොහොතෙත් යුද්ධයට බයේ ජීවත් වෙන, ජපානයේ කොරියාවේ දුක් විඳින , යුරෝපයේ සීතලේ ගැහි ගැහි ඉන්න අහිංසක ශ්‍රී ලංකාවේ මිනිස්සු සහ මෙරටට පැමිණි සංචාරකයන් ගෙවපු මුදල්.

ඒ බදු මුදල් අනීතිකව ෆිට්ස් එයා සමාගම තමන් ලඟ තබාගෙන ඉන්නවා.

ආණ්ඩුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට පත් කරපු නිළධාරියා මේ මහා බදු වංචාවට උදව් කරනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල ගැන අප වෙනම සාකච්ඡා කළ යුතුයි.

ඔහු තනතුරට පත් කරන්නේ ආරක්ෂක ලේකම් තුයියකොන්තා.

ඔහු සිවිල් ගුවන් සේවා අධිකාරියේ DG බවට පත් වීමට කිසිඳු සුදුසුකමක් ඇති පුද්ගලයෙක් නෙවෙයි.

ඔහු සිවිල් ගුවන් සේවයේ නියමු පරීක්ෂණ අසමත් වූ පුද්ගලයෙක්. නමුත් ඔහු 'කැප්ටන්' නාමය භාවිතා කරනවා. හරියට ආචාර්ය අශෝක රන්වල වගෙයි. එය වෙනම කතාවක්.

මේ දූෂිත ගණුදෙනුව වෙනුවෙන් දමින්ද රඹුක්වැල්ලට විවිධ වරප්‍රසාද හිමිවෙනවා.

මුදල් තෑගි වලට අමතරව, ඔහු සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ඉවත් වූ දාට ෆිට්ස් එයා රැකියාවක් ඔහුට සුරක්ෂිතයි.

කොහොම වුනත් මේ රටේ අහිංසක මිනිස්සුන්ට කෝටි 400 ක් තබා රුපියල් 400 ක් හෝ බදු නොගෙවා ඉන්නට බැහැ.

ඔවුන් පාන් රාත්තලට පවා බදු ගෙවනවා. 

ඔබට ක්‍රෙඩිට් කාර්ඩ් එකක රුපියල් මිලියනයක ණය වාරිකයක් ඇත්නම්, ඔබට බැංකුවෙන් කොපමන පීඩනයක් දෙනවද ?

ඒ ඔබට පමණයි. 

ඒ අතරේ නිර්ප්‍රභූ ආණ්ඩුවක් බලයේ සිටිද්දී මහා පරිමාණ කෝටිපති ව්‍යාපාරිකයන්, රජයට කෝටි 400 ක බදු පොලු තබා නිදැල්ලේ සිටිනවා.

- sachin rathwatta -

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.