News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ ගජමිතුරු කල්ලිය..

Mar 10, 2026 at 10:48 AM
|

ෆිට්ස් එයා (Fits Air) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ගුවන් සේවය බවත්, එහි සම හිමිකරුවන් දෙදෙනෙක් සිටින බවත් ෆිට්ස් එයා ආරම්භ කළේ එක්ස්පො එයා නමින් බව සහ එය ආරම්භ කළේ ඕමාර් කසීම් සහ හනීෆ් යුසූෆ් විසින් පවත් සමාජ මාධ්‍යයේ තොරතුරු අනාවරණය කරයි.

හනීෆ් යූසුෆ්  මාලිමා ආණ්ඩුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා බවත් ෆිට්ස් එයා ගුවන් සේවය ගුවන් මගීන්ගෙන් අයකරන එම්බාර්කේෂන් ටැක්ස් (Embarkation tax) කියලා හඳුන්වන  බද්ද සිවිල් ගුවන් සේවා අධිකාරියට තවමත් ගෙවා නැති බවත් මෙමගින් හෙළිදරව් කරයි.

මේ සම්බන්ධයෙන් චන්දන රොහාන් නිෂ්ශංක ගේ මුහුණු පොතින් උපුටා ගත්  අනාවරණය පහළින්..

ශ්‍රී ලංකාවෙන් පිටත් වෙන හැම ගුවන් මගියෙක්ම ගෙවීමට අවශ්‍ය බද්දක් තියෙනවා.

එම්බාර්කේෂන් ටැක්ස් (Embarkation tax) කියලා හඳුන්වන මේ බද්ද සෑම ගුවන් ටිකට් පතකටම ඇතුලත් කරලා තියෙන්නේ.

ඔබ ශ්‍රී ලංකාවෙන් මොන රටට ගියත්, ඔබ ගන්න ගුවන් ටිකට් පතට දැනටම මේ සල්ලි ඇතුලත් කරලා තියෙනවා.

මැදපෙරදිග ගෘහ සේවිකාවො, කොරියාවේ  ජපානේ යන කොල්ලො, ඕස්ට්‍රේලියාවේ යන කට්ටිය, සිංගප්පෝ බිස්නස් වලට යන කට්ටිය හැමෝම මේ බද්ද ගෙවනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ෆිට්ස් එයා ආදී සෑම ගුවන් සේවයකම ගුවන් ටිකට් පතට එම්බාර්කේෂන් ටැක්ස් එක ඇතුල් කරලා තියෙන්නේ.

2026 වසරේ දී මේ බදු මුදල ඩොලර් 60 ක්. ඔබගේ සෑම ගුවන් ටිකට් පතකම සැබෑ අගය ඊට ඩොලර් හැටක් (රු 18,500) අඩුයි. ඩොලර් හැටක් ඔබ ගෙවනා බද්ද.

මේ බද්ද එකතු කරන්නේ මහා භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL).

මේ බදු මුදලෙන් 30% ක් සෘජුවම මහා භාණ්ඩාගාරයට.

12% - 15% ක් අතර මුදලක් ගුවන් තොටුපළ සමාගමට (Airport and aviation authority of sri lanka). 

ඉතිරි 55% ක ආසන්න මුදල සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයට. (මන්ද මෙයින් විශාල කොටසක් සංචාරකයන් ලබා ගන්නා පිටත් වීමේ ගුවන් ප්‍රවේශ පත්‍ර මත පැනවෙන බදු නිසා) 

............. ............... ................. ...........

ෆිට්ස් එයා (Fits Air) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ගුවන් සේවය.

එහි සම හිමිකරුවන් දෙදෙනෙක් ඉන්නවා.

ෆිට්ස් එයා ආරම්භ කළේ එක්ස්පො එයා නමින්. එක්ස්පො ලංකා සමාගමේ ගුවන් සේවයක් විදියට.

එක්ස්පෝ ලංකා ආරම්භ කළේ ඕමාර් කසීම් සහ හනීෆ් යුසූෆ්.

හනීෆ් යූසුෆ් තමයි මාලිමා ආණ්ඩුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා.

මාලිමාවේ ප්‍රධානපෙළේ සාමාජිකයෙක්.

ඕමාර් කසීම් සහ හනීෆ් යුසූෆ් කියන්නේ එකම පවුලේ මස්සිනාලා (First cousins)

ඇබර්ඩීන් හෝල්ඩිංග්ස් කියන්නේ ඕමාර් කසීම්ගේ ව්‍යාපාරය. ඇබර්ඩීන් හෝල්ඩිංග්ස්, එක්ස්පෝ ලංකා පවුලේ බිස්නස්.

දැන් ෆිට්ස් එයා පාලනය කරන්නේ ඕමාර් කසීම්ගේ පුතුන් දෙන්නා, ශෆීක් කසීම් සහ අම්මාර් කසීම්.

කරළිය ඉදිරියේ ශෆීක් සහ අම්මාර් හිටියට තාම මේ ව්‍යාපාර ජාලයම පාලනය කරන්නේ ඕමාර් සහ බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්.

කතාව ඒක නෙවෙයි.

ෆිට්ස් එයා ගුවන් සේවයත් මේ බද්ද ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍ර වලින් අය කරනවා.

නමුත් ෆිට්ස් එයා ගුවන් සේවය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියට තවමත් මේ පිටත්වීමේ බද්ද ගෙවා නැහැ.

මේ බද්ද දැනටම ෆිට්ස් එයා පාවිච්චි කරපු පාරිභෝගිකයො, ගුවන් ටිකට් පත්‍රයක් මිලට ගනිද්දිම ෆිට්ස් එයා එකට ගෙවලා ඉවරයි.

මේ ෆිට්ස් එයා ලාභයෙන් ගෙවන බද්දක් නෙවෙයි.

ඔවුන් එකතු කරපු බද්දක්.

නමුත් ෆිට්ස් එයා ඒ එකතු කරගත්තු බදු මුදල  පවා සිවිල් ගුවන් සේවා අධිකාරියට ගෙවා නැහැ.

දැනට ෆිට්ස් එයා සමාගම එම්බාර්කේෂන් ටැක්ස් රුපියල් ඩොලර් බිලියන 4 ක මුදලක්, ආණ්ඩුවට ගෙවීමට තියෙනවා.

රුපියල් බිලියන හතරක්. එනම් කෝටි 400 ක්. අති විශාල බදු මුදලක්.

මේ බිලියන හතරෙන් 30% ක් සෘජුවම මහා භාණ්ඩාගාරයට යා යුතු, රටේ මිනිස්සුන්ගේ මුදල්.

එනම් රුපියල් බිලියන 1.2 ක සෘජු මුදලක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතුයි.

නමුත් මේ බදු එකතු කිරීමේ බලය හිමි ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය දිනෙන් දින ලියුම් ගසමින්, ෆිට්ස් එයා සමාගමට මේ බදු මුදල නොගෙවා සිටීමට සහන කාල ලබා දෙමින් ඉන්නවා.

ඒ ක්‍රියාව පසුපස දෙදෙනෙක් ඉන්නවා.

එක් අයෙක් මේ මහා බදු වංචාවට දේශපාලනික නායකත්වය ලබා දෙන බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්.

දෙවැන්නා මේ ආණ්ඩුව යටතේ සිවිල්  ගුවන් සේවා අධිකාරියේ (CAASL) ප්‍රධාන විධායක නිළධාරියා සහ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කළ දමින්ද රඹුක්වැල්ල.

දමින්ද දිගින් දිගටම ෆිට්ස් එයා ආයතනයෙන් අයවිය යුතු රුපියල් බිලියන හතර නොගෙවීමට සහන කාල ලබා දෙමින් ලිපි යවමින් සිටිනවා.

මේ මැදපෙරදිග රස්සා කරන්න ගියපු, මේ මොහොතෙත් යුද්ධයට බයේ ජීවත් වෙන, ජපානයේ කොරියාවේ දුක් විඳින , යුරෝපයේ සීතලේ ගැහි ගැහි ඉන්න අහිංසක ශ්‍රී ලංකාවේ මිනිස්සු සහ මෙරටට පැමිණි සංචාරකයන් ගෙවපු මුදල්.

ඒ බදු මුදල් අනීතිකව ෆිට්ස් එයා සමාගම තමන් ලඟ තබාගෙන ඉන්නවා.

ආණ්ඩුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට පත් කරපු නිළධාරියා මේ මහා බදු වංචාවට උදව් කරනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල ගැන අප වෙනම සාකච්ඡා කළ යුතුයි.

ඔහු තනතුරට පත් කරන්නේ ආරක්ෂක ලේකම් තුයියකොන්තා.

ඔහු සිවිල් ගුවන් සේවා අධිකාරියේ DG බවට පත් වීමට කිසිඳු සුදුසුකමක් ඇති පුද්ගලයෙක් නෙවෙයි.

ඔහු සිවිල් ගුවන් සේවයේ නියමු පරීක්ෂණ අසමත් වූ පුද්ගලයෙක්. නමුත් ඔහු 'කැප්ටන්' නාමය භාවිතා කරනවා. හරියට ආචාර්ය අශෝක රන්වල වගෙයි. එය වෙනම කතාවක්.

මේ දූෂිත ගණුදෙනුව වෙනුවෙන් දමින්ද රඹුක්වැල්ලට විවිධ වරප්‍රසාද හිමිවෙනවා.

මුදල් තෑගි වලට අමතරව, ඔහු සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ඉවත් වූ දාට ෆිට්ස් එයා රැකියාවක් ඔහුට සුරක්ෂිතයි.

කොහොම වුනත් මේ රටේ අහිංසක මිනිස්සුන්ට කෝටි 400 ක් තබා රුපියල් 400 ක් හෝ බදු නොගෙවා ඉන්නට බැහැ.

ඔවුන් පාන් රාත්තලට පවා බදු ගෙවනවා. 

ඔබට ක්‍රෙඩිට් කාර්ඩ් එකක රුපියල් මිලියනයක ණය වාරිකයක් ඇත්නම්, ඔබට බැංකුවෙන් කොපමන පීඩනයක් දෙනවද ?

ඒ ඔබට පමණයි. 

ඒ අතරේ නිර්ප්‍රභූ ආණ්ඩුවක් බලයේ සිටිද්දී මහා පරිමාණ කෝටිපති ව්‍යාපාරිකයන්, රජයට කෝටි 400 ක බදු පොලු තබා නිදැල්ලේ සිටිනවා.

- sachin rathwatta -

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.