News Category
From Date
To Date
Maximum Number of Result

4 වෙනිදා 'තවම හිතනවා' කී CIDය 5 වෙනිදා සලේව 3 වැනි සැකකරු කිරීම..!

Mar 6, 2026 at 02:49 PM
|

නීතිය යනු සැමට සමානව ක්‍රියාත්මක විය යුතු පලිහක් වුවද, ඇතැම් අවස්ථාවලදී එය බලවතුන්ගේ අතේ ඇති දඩයම් ආයුධයක් බවට පත්වන අයුරු අපි මේ දිනවල දැක ඇත්තෙමු. හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ගේ අත්අඩංගුවට ගැනීම පිටුපස දිගහැරෙමින් පවතින නෛතික නාඩගම, ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ අපක්ෂපාතීත්වය පිළිබඳව බරපතලම අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සිටී.

මෙය හුදු විමර්ශනයක් නොව සැලසුම් සහගත අත්තනෝමතික මෙහෙයුමක් බවට වන ලිඛිත නෛතික සාක්ෂි, සැකකරුගේ භාර්යාව වන එස්.බී.එම්.එස්. බී. සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ ලිපි හරහා මේ වන විට තහවුරු වී තිබේ.

1. අභිරහස් පිටපත: පැමිණිලිකරු රිමාන්ඩ් වීම

මෙම සමස්ත නාටකයේ ආරම්භය සනිටුහන් වන්නේ 2021 වසරේදී අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය (ITJP) විසින් සංවිධානය කළ සූම් (Zoom) මාධ්‍ය සාකච්ඡාවක් මුල්කරගෙනය. එම මාධ්‍ය සාකච්ඡාවට මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඇතුලු තවත් පියතුමන්ලා සහභාගීවී සිට ඇති අතර, එහිදී සිරිල් ගාමිණී පියතුමා විසින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුරේෂ් සලේ විසින් CID විශේෂ අංශයට පැමිණිල්ලක් ගොනු කරන ලදී. තමන්ව අත්අඩංගුවට ගනු ඇතැයි බියට පත් සිරිල් පියතුමා, තම ප්‍රකාශය CID යට ලබාදීමටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක් ගොනු කළේය. කෙසේ වෙතත්, පසුව පියතුමාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් CID ය, අදාළ විමර්ශන සටහන් සහ සූම් වීඩියෝව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කළ අතර, එම විමර්ශනයට පසුව සිදුවූයේ කුමක්දැයි අදටත් අභිරහසකි.

එපමණක් නොව, සුරේෂ් සලේ කොළඹ දිසා අධිකරණයේ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව වන්දි ඉල්ලා අපහාස නඩුවක්ද (නඩු අංක: DMR/325/2022) ගොනු කළේය. එහිදී පැමිණිලිකරු ලෙස සලේ විසින් ඒ වන විටත් සාක්ෂි ලබාදී අවසන්ව තිබූ අතර, මීළඟට සාක්ෂි කූඩුවට නැගීමට නියමිතව සිටියේ සිරිල් ගාමිණී පියතුමාය.

නෛතිකව සිරිල් ගාමිණී පියතුමා දැඩි අර්බුදයකට ලක්වෙමින් සිටි මේ මොහොතේ, එකී මුල් සූම් මාධ්‍ය සාකච්ඡාවටම සහභාගී වූ ඔහුගේ මිතුරෙකු වන රොහාන් සිල්වා පියතුමා විසින් හදිසියේම නව අපරාධ පැමිණිල්ලක් ගොනු කරන්නේ තම මිතුරාට මෙම නඩු වලින් ගැලවීමට උපකාරයක් ලෙසින්දැයි බරපතල සැකයක් මතු වේ. එහි ප්‍රතිඵලය වූයේ 2026 පෙබරවාරි 25 වැනිදා කිසිවෙකුත් නොසිතූ පරිදි, නීතිය ඉදිරියට ගිය පැමිණිලිකරු වූ සුරේෂ් සලේව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ හදිසියේම අත්අඩංගුවට ගැනීමයි.

2. ඊයේ (04) නීතියේ දෙවඟනට ඇසුණු අපූරු දෙබස: "තවමත් හිතනවා ස්වාමීනී"

පුද්ගලයෙකු PTA වැනි අතිශය දැඩි නීතියක් යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවා ගන්නේ ඔහු යම් බරපතල ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට 'සාධාරණ සැකයක්' පවතින විටදීය. එහෙත් මාර්තු 04 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී දිගහැරුණේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි.

සැකකරුගේ භාර්යාව විසින් CID අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ නිල ලිපියේ සඳහන් වන පරිදි, අධිකරණ කටයුතු අතරතුර මේජර් ජෙනරාල් සලේ ව රඳවා තබා ගැනීම පිළිබඳව අධිකරණය නිල වශයෙන් දැනුවත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර ඇත.

* අධිකරණය ප්‍රශ්න කළ අවස්ථාවේදී එහි සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා (PC 85967) ප්‍රකාශ කර ඇත්තේ මේජර් ජෙනරාල් සලේ මහතා මෙතෙක් කිසිදු නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බවයි.

* ඔහු කුමන නඩුවක සැකකරුවෙකු ලෙස නම් කරන්නේද යන්න බලධාරීන් තවමත් සලකා බලමින් සිටින බවද එම නිලධාරියා පවසා ඇති අතර, මෙම ප්‍රකාශය අධිකරණය විසින් සටහන් කරගෙන ඇත.

* ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඕනෑම රැඳවුම් නියෝගයක (Detention Order) සහතික කළ පිටපතක් පැය 48ක් ඇතුළත අදාළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, ඇයගේ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් එවැනි කිසිදු රැඳවුම් නියෝගයක් අධිකරණයට ඉදිරිපත් කර නැති බව සලේ මහත්මිය පෙන්වා දෙයි. මෙය බරපතල ක්‍රියාපටිපාටිමය ගැටලුවක් මෙන්ම නීතිය අමු අමුවේ අවභාවිත කිරීමකි.

3. රහස්‍යභාවය ඝාතනය කිරීම: නීතිඥ හමුව රෙකෝඩ් කළ CID "චරපුරුෂයෝ"

නීතිය ඉදිරියේ ඕනෑම පුරවැසියෙකුට හිමි අතිපූජනීයම අයිතියක් වන්නේ තම නීතිඥවරයා සමග රහසිගතව උපදෙස් ලබාගැනීමට ඇති අයිතියයි. එහෙත් 2026 මාර්තු 04 වැනි දින නීතිඥ උපදේශනයක් සිදුවූ ආකාරය පිළිබඳව සලේ මහත්මිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

*  නීතිඥවරයාට සහ රඳවා සිටින පුද්ගලයාට සෘජුවම ඉදිරියෙන් වාඩි වී ඔවුන්ගේ සංවාදය නිරීක්ෂණය කරමින් සහ සටහන් ලබා ගනිමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මෙම උපදේශනය පවත්වා ඇත.

*  එක් අවස්ථාවකදී නිලධාරියෙකු (මොහු මීට පෙර වත්මන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගත් අවස්ථායේ ඔහු සමගම අත් අඩංගුවට පත් SI මෙන්ඩිස් නැමැත්තා බව පැවසේ) ජංගම දුරකථනයක් මේසය මත තබා ඇත්තේ එම සාකච්ඡාව පටිගත කරන බව හැඟවෙන අයුරිනි. අනෙක් නිළධාරියා පොතක සටහන් කිරීමට සූදානම්ව තිබේ.

* නීතිඥවරයා ඊට විරෝධය පළ කිරීමෙන් පසුව පමණක් එම උපාංග ඉවත් කර ඇත.

* එවැනි ක්‍රියාවන් නීතිඥයෙකු සහ සේවාදායකයෙකු අතර පැවතිය යුතු රහස්‍යභාවයට සහ වරප්‍රසාදයට හානි පමුණුවන අතර රඳවා සිටින පුද්ගලයෙකුට නිසි නීති උපදෙස් ලබා ගැනීමට එය බාධාවක් වන බව සලේ මහත්මිය පවසන්නීය.

බරපතලම පරස්පරය:

නීතිඥ උපදේශනය අතරතුර, රඳවා තබා ගැනීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 35882/24 දරන නඩුවට අදාළ වන බව CID නිලධාරීන් පවසා ඇති අතර, එදිනම අධිකරණය හමුවේ ඔවුන් පවසා තිබුණේ ඔහු මෙතෙක් කිසිදු නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බවයි. තම ස්වාමිපුරුෂයා රඳවා තබා ඇත්තේ කුමන නිශ්චිත නඩුව යටතේද යන්න ලිඛිතව තමන්ට දැනුම් දෙන ලෙස ඇය ඉල්ලා සිටින්නේ මේ නිසාය.

4. වස දීමේ තර්ජනය සහ පාතාලයටත් නොකරන අන්තවාදී පීඩනය

තම ස්වාමිපුරුෂයා රඳවා තබා ගැනීමේ තත්ත්වය සම්බන්ධයෙන් සලේ මහත්මිය බරපතල කනස්සල්ල පළ කර සිටින්නීය.

* පවුලේ සාමාජිකයින්ට ඔහුව හමුවීමට අවසර ලබාදෙන ලෙසත්, නිවසේ සිට ආහාර ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඉල්ලමින් 2026 පෙබරවාරි 26 වැනි දින ප්‍රථමයෙන් ලිපියක් යොමු කර ඇත.

* එහෙත් 2026 පෙබරවාරි 27 වැනි දිනැති පිළිතුරු ලිපියක් මගින් CID ය නිවසේ සිට ආහාර ලබාදීමට කළ ඉල්ලීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත.

* පවුලේ සාමාජිකයින්ට හමුවීමට අවසර ලබා දී ඇත්තේ පොලිස් නිෂ්කාශන වාර්තා (Police Clearance Reports) ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත සෙනසුරාදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පමණි.

* සිය 21 ක් හැවිරිදි පුතුට පියා බැලීමට යාම සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට අදාළ අයදුම්පත් ඉදිරිපත් කර තිබුණද, එම සහතිකය මෙතෙක් නිකුත් කර නොමැති බැවින් ඔහුට පියා හමුවීමට ඇති අවස්ථාව වැළකී ඇත.

* මෙම ප්‍රමාදය පවුලේ පාලනයෙන් බැහැර කරුණක් බැවින්, නිෂ්කාශන සහතිකය මත බල නොකර සිය පුතුට පියා හමුවීමට අවසර දෙන ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මේ අතර, ඇයගේ ස්වාමිපුරුෂයාගේ නීතිඥවරුන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් සම්පූර්ණ නඩු වාර්තාවට ප්‍රවේශ වීම, පවුලේ අයට හමුවීමට ඇති කාලය වැඩි කිරීම, නිවසේ සිට ආහාර ලබාදීමට අවසර දීම සහ රඳවා සිටින පුද්ගලයාගේ යහපැවැත්ම සඳහා ආරක්ෂිත පියවර ගැනීම ඇතුළු සහන කිහිපයක් ඉල්ලා සිටියහ.

විමර්ශනාත්මක නිගමනය

තම ස්වාමිපුරුෂයා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය සහ නිරීක්ෂණය කරන ලද ක්‍රියාපටිපාටිමය අක්‍රමිකතා හේතුවෙන් පවුලේ අයට දැඩි මානසික පීඩනයක් සහ කාංසාවක් ඇති වී ඇති බව සලේ මහත්මිය ප්‍රකාශ කර ඇත. චෝදනාවක් නිශ්චිතව ගොනු කර නොමැතිව ඊයේ දිනයේ අධිකරණය ඉදිරියේ නිරුත්තර වූ ආයතනයක්, අද එක රැයින් සාක්ෂි මවාගෙන ඔහුව 3 වැනි සැකකරු කිරීම පිටුපස ඇති තර්කනය කුමක්ද?

මෙය පැහැදිලිවම, නීතිය සහ ව්‍යවස්ථාව තම පෞද්ගලික න්‍යාය පත්‍රයට යටත් කරගත් අදෘශ්‍යමාන හස්තයක් විසින් මෙහෙයවන පලිගැනීමේ "දේශපාලනික දඩයමක" නිර්ලජ්ජිත ප්‍රතිමූර්තියකි. මෙම ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙසත්, රඳවා සිටින පුද්ගලයාගේ නීතිමය අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන ලෙසත් සලේ මහත්මිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සංස්කාරක සටහන (Disclaimer):

මෙම ලිපියේ අඩංගු කරුණු මුළුමනින්ම පදනම් වී ඇත්තේ සැකකරුගේ නීතිඥවරුන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම, සැකකරුගේ භාර්යාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කළ ලිපි ලේඛන සහ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මතය. මෙහි අරමුණ විභාග වෙමින් පවතින විමර්ශනයකට හෝ අධිකරණ ක්‍රියාවලියකට කිසිදු ආකාරයකින් බලපෑමක් කිරීම හෝ අධිකරණයට අපහාස කිරීම නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ මාධ්‍ය නිදහසේ මායිමේ සිට පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය කිරීමයි. 

 - ද ලීඩර් -

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.