News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර රටවල් ලංකාවේ ගෙල සිරකරද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනීසිටි ඉරානය..

Mar 1, 2026 at 03:58 PM
|

ශ්‍රී ලංකාවේ 2009ට පෙර ජාතිවාදී අන්තවාදී කුරිරු ත්‍රස්ත මෙහෙයුමක් දියත් වෙමින් තිබුණා. 

👉 මේ මෙහෙයුම වෙලාවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පෙනී සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඒ අන්තවාදී ජාතිවාදී සංවිධානයේ ආරක්ෂාව වෙනුවෙන්. 

👉 හැබැයි ඒ මොහොතේ ඉරානය, ලිබියාව වැනි මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැරදවීමේ සටනට විශාල සහයෝගයක් ලබාදුන්නා. 

👉 ඉරානය එහිදී ලංකාවට අවශ්‍ය තෙල් සහ ණය පහසුකම් ලබාදෙන්න කටයුතු කළා වගේම අමෙරිකාව ප්‍රමුඛ රටවලින් එල්ල වූ මානව හිමිකම් තර්ජන හමුවේත් දිගින් දිගටම ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.

👉 බටහිර රටවලින් ලංකාවේ ගෙල සිරකරමින් සිටි මොහොතක ඉරානයේ සහයෝගය අපට විශාල ශක්තියක් වුණා.

👉 එදා ජාතිවාදය අන්තවාදය වෙනුවෙන් පෙනී සිටියේ අමෙරිකාව. ඉරානය තමයි ඊට එරෙහිව එය පරාජය කිරීමේ සටනට සහයෝගය ලබාදුන්නේ. 

👉 හැබැයි අද ලංකාවේ බොහෝ දෙනාට ත්‍රස්තවාදය පැරදවීම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අමතක වී ඇති ආකාරයටම ඉරානයත් අමතකව ගොස් තිබෙනවා.

👉 එවැනි ඇතැම් පිරිස් අද අමෙරිකාව ඉරානයට එරෙහිව දියත් කර ඇති ම්ලේච්ඡ යුද්ධය ආගමික අන්තවාදයකින් ඉරාන ජනතාව මුදාගැනීමට කරන මහා මෙහෙවරක් විදිහට අර්ථ දක්වමින් සිටිනවා. 

👉 මෙය ලෝක දේශපාලනයේ හැසිරීම පිළිබඳ අවම හෝ අවබෝධයකින් තොරව හුදු ළාමක මුස්ලිම් විරෝධය මත පමණක් ගොඩනගන මුග්ධ තර්කයක්. 

👉 අමෙරිකාවට කිසිදු රටක අන්තවාදයන් පරාජය කිරීමට හෝ ඒවායින් ජනතාව මුදාගැනීමට ඇති රුදාවක් නැහැ. ඔවුන් සියල්ල කරන්නේ පරිහානියට යමින් තිබෙන තමන්ගේ අධිරාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් පමණයි. 

👉 ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම මොහොතක අන්තවාදයන්, ජාතිවාදයන් පෝෂණය කිරීමට කටයුතු කරනවා වගේම තමන්ට ඕන වුණාම අන්තවාදී ලේබල් අලවමින් තමන්ගේ ප්‍රතිවාදීන්ට පහරදීමත් සිදුකරනවා. 

👉 අමෙරිකාවේ මැදිහත් වීමෙන් මේ විදිහට විනාශ කළ ලිබියාව, ඉරාකය, සිරියාව වැනි කිසිදු රටක් ආගමික අන්තවාදයෙන් නිදහස් වී නැහැ. ඇත්තටම සිදුවුණේ ඒ රටවල ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් බරපතළ ලෙස වර්ධනය වී ඒ රටවල් අමු සොහොන් පිටි බවට පත්වීම පමණයි. 

👉 ලෝකයේ කිසිම රටක කිසිදු පාලන ක්‍රමයක් පරමාදර්ශී නැහැ. ඉරානය තුළ පැවති ක්‍රමයේත් ප්‍රබලතා වගේම දුබලතාත් තියෙන්න පුළුවන්. 

👉 හැබැයි ලංකාව වැනි රටවල බොහෝ දෙනා දන්නේ ඉරානය පිළිබඳ බටහිර මාධ්‍ය විසින් අපට මවා පෙන්වන කළු පැතලි පින්තූරය ගැන පමණයි. 

👉 ඒ පින්තූරය හැර වෙන කිසිවක් නොදන්නා අය තමයි ඉස්ලාම් විප්ලවයට පෙර අඩ නිරුවතින් සිටි කාන්තාවන්ගේ පින්තූර සමාජ මාධ්‍යවල පළ කරමින් ඉස්ලාම් විප්ලවයට පෙර පැවති නිදහසේ සුරපුරයක් ගැන සරල තර්ක ගොඩනගන්නේ.

👉 හැබැයි ඉස්ලාම් විප්ලවයෙන් පසු මැදපෙරදිග කලාපයේ ස්වාධීන බලවත් රටක් ලෙස නැඟී සිටිමින් ඉරානය අත්කරගත් දැවැන්ත ප්‍රගතිය, විද්‍යාත්මක දියුණුව, ඉහළ ජීවන තත්ත්වය, ඒ තුළ කාන්තාවන් ඇතුළු රටේ සමස්ත ජනතාවට අත්වූ ජයග්‍රහණ ආදිය ගැන ලංකාවේ බොහෝදෙනා තුළ කිසිදු අදහසක් නැහැ. 

👉 ඒ ගැන මීට පෙර නොයෙක් අවස්ථාවල මා අදහස් පළ කොට තිබෙනවා. මේ ලිපියේ පළමු කොමෙන්ටුව යටතේ පළ කර ඇති මිලියනයක් නැරඹූ වීඩියොව ඒ සඳහා එක් උදාහරණයක්. අවශ්‍ය අයට එය නරඹන්න පුළුවන්. 

👉 ඉරානය මේ සියලු ජයග්‍රහණ අත්කරගත්තේ තමන්ගේ රටට එරෙහිව පැනවූ සම්බාධක කන්දරාවක් මැද බවත් අප අමතක නොකළ යුතුයි. 

👉 ඉරානයේ ඇත්තටම අන්තවාදයක් ක්‍රියාත්මක වුණත් අමෙරිකාවට ප්‍රශ්නය තිබෙන්නේ අන්තවාදයක් ගැන නොවෙයි. ඉරානයට වඩා අන්තවාදී රටවල් මැදපෙරදිග තිබුණත් ඒ රටවල් තමන්ට අවනත නම් එවැනි රටවල රෙජීම් චේන්ජ් සඳහා අමෙරිකාව කිසි විටක මැදිහත් වන්නේ නැහැ. 

👉 ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ බලයට නතු නොවී ස්වාධීනව නැගී සිටිමින් ජයග්‍රහණ රාශියක් අත් කරගත් ස්වෛරී රාජ්‍යයක් විනාශ කිරීමේ අවශ්‍යතාව පමණයි. එමෙන්ම මේ ඔස්සේ තමන්ගේ ප්‍රධාන සතුරෙකු වන චීනය වැනි රටවල් දුර්වල කිරීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා. මොකද ඉරානය කියන්නේ චීනයේ ප්‍රධානතම බලශක්ති සැපයුම්කරුවෙක්. 

👉 එවැනි රටක් බිඳ වැට්ටවීම වෙනුවෙන් තමයි ඔවුන් ආගමික අන්තවාදය, ඊනියා න්‍යෂ්ටික අවි ගැන චෝදනා, ත්‍රස්තවාදී චෝදනා ආදි සියල්ල ඉස්මතු කරන්නේ. 

👉 එදා ලිබියාවට එරෙහිව අමෙරිකාව මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ලංකාවේ වාමාංශිකයන් ඇතුළු විශාල පිරිසක් ඒ වෙනුවෙන් පෙනී සිටියා. ලිබියානු කම්කරු පන්තියේ නැගිටීමෙන් ලිබියාවේ සිදුවන්නට යන සමාජවාදී විප්ලවයක් සිහින දකින තත්ත්වයට ඒ පෙනී සිටීම දුරදිග ගියා. 

👉 එදා මා ඒ සම්බන්ධව පුවත්පත් ඔස්සේ කරුණු දක්වන විට  Slavoj Zizek    වැනි මහා වාමාංශික චින්තකයන් පවා ලිබියාවේ නැගිටීම ගැන සුබවාදී දෙයක් ලෙස දකින විට මා දන්නේ මොනවාදැයි  එදා ලංකාවේ වාමාංශිකයන් ප්‍රශ්න කළා. 

👉 හැබැයි ඒ ඊනියා ජනතා නැගිටීමෙන් පසු බිහිවුණේ ත්‍රස්ත කල්ලි ආයුධ ඔසවාගෙන රට පුරා සැරිසරන, අයිඑස් වැනි අන්තවාදීන් මහ දවාලේ මග මග මිනිසුන් පෙළ ගස්වා බෙලි කපන, රටින් පැන යන මිනිසුන් බෝට්ටු පිටින්  මුහුදේ ගිලී මරණයට පත් වන ඛේදජනක ලිබියාවක්.

👉 අද ඉරානයේ සිදුවන දෙයට අත්පොලසන් දෙමින්, මෙය ආගමික අන්තවාදී මුල්ලාවරුන්ගේ පාලනයෙන් ඉරානය නිදහස් කිරීමට කරන සටනක් ලෙස අර්ථදක්වන නොදරුවන්ට අනාගතයේදී ලිබියාවට අත් වූ ඉරණමට සමාන ඉරණමක් ඉරානයටත් අත් වන ආකාරය දැකබලා ගැනීමට හැකිවේවි. 

👉 අද ඉරාන අධ්‍යාත්මික නායකයා ජීවිතයෙන් සමුගත්තත් ඔහු නික්ම යන්නේ අමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව දැවැන්ත සටනක් කරමින් එහි ජයග්‍රහණ තම ජනතාවට දිනා දුන් ශ්‍රේෂ්ඨ නායකයෙක් විදිහට. අද ඔහුගේ මරණයත් සමග එරට ජනයා දහස් ගණනින් වීදි බැස ශෝකය පළ කරන ආකාරය ඕනෑම කෙනෙකුට බලන්න පුලුවන්. 

👉 පසුගිය දිනවල ඉරාන රජයට එරෙහිව එරට විරෝධතා දියත් වන විටත් ඊට වඩා විශාල පිරිසක් රජයට පක්ෂව පාරට බැස්සා. හැබැයි ලෝක මාධ්‍යවලින් අපි වැඩිපුර දකින්නේ රජයට  එරෙහි විරෝධතාවල ජවනිකා පමණයි. 

👉 මේ සටනින් අමෙරිකාව ජයග්‍රහණය කළහොත් තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින ඉරානයක් අනාගතයේදී අපට දැකගන්නට බැරිවෙන්නට තිබෙන ඉඩකඩත් ඉතා විශාල බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. 

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.