News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රි ලංකා ජනාධිපති අනුනවයෙන් ගලවා ගත් හමුදා මෙහෙයුම!

Feb 26, 2026 at 09:04 AM
|

අරගලකරුවන් ජනපති මැදුරේ ගේට්ටුව කඩනකොටත් ජනපති ඇතුළේ..

හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ගෝඨා එපා කියයි..

මිරිහානේ සිය පෞද්ගලික නිවසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුරට ආවේ මාර්තු 31 වැනිදාය. ඒ අරගලකරුවන් මිරිහානේ නිවස වටලෑමත් සමගය. සිය බිරිය අයෝමා රාජපක්ෂ සමග ජනපති මන්දිරයට ආ ඔහුගේ ජීවිතය ඉකුත් සති අන්තය වන විට තිබුණේ භයානක අඩියකය.

එබැවින් රාජ්‍ය බුද්ධි අංශයේ නිර්දේශ සැලකිල්ලට ගත් ජනපති ආරක්ෂක බළසේනාව ජනපතිවරයා ඕනෑම මොහොතක ජනපති මැදුරෙන් ඉවත් කිරීමට කල්තියාම මෙහෙයුම් සැලැස්මක් සකස් කර තිබුණි. ජනපති මන්දිරයේදී එවැනි තර්ජනයට මින් පෙර මුහුණ දී තිබුණේ ජේ.ආර්. ජයවර්ධන පමණි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ඔහුට එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඉන්දීය කොමාන්ඩෝ භට කණ්ඩායමකින් සමන්විත නැවක් ජනපති මැදුර සමීපයේ කොළඹ වරායේ නවතා තිබුණි. ඔවුනට දුන් පැවරුම වූයේ ජනපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුවහොත් ජනපති මැදුරට කඩා පැන ජනපතිවරයා නිරුපද්‍රිතව ඉන්දීය නෞකාවට රැගෙන යාමටය. මේ කතාව ඇත්තේ එකල ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.ආර්. ඩික්සිට් ලියූ කොළඹ භූමිකාව කෘතියේය.

කෙසේ නමුදු ජේ.ආර්. ට නැව් නගින්නට සිද්ධ නොවුණත් ඉන් වසර 33කට පසු ජනපති මැදුරේ සිටි ගෝඨාභය රාජපක්ෂට ජීවිතය බේරා ගැනීමට නැව් නගින්නට සිද්ධ වූවේය. මින් පෙර කොළඹින් නැව් නැග දිවි ඇති තුරා ලංකාවට නොඑන්නට ගිය ලංකාවේ පාලකයා වූයේ ලංකාවේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහය. ඉන් ශත වර්ෂ දෙකකට පසු ගෝඨාභය රාජපක්ෂටත් නැව් නැග මුහුදට ගොස් එතැනින් ගොඩබිමට පැමිණ ගුවන් නැවෙන් ලංකාවෙන් පිට වූයේය.

දවල් 12 ට අරගලකරුවන් ජනපති මන්දිරය වටකරන විට ජනපතිවරයා සිටියේ ජනාධිපති මන්දිරය තුළය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ත්‍රිවිධ හමුදාපතිවරුන්ද එහි රැඳී සිටියහ. ඒ අතරේ කතාවක් පැතිර ගියේ ජනපතිවරයා හමුදා රැකවල් මැද කටුනායක අධිවේගය හරහා ගුවන් තොටුපොළට යන බවය. ඒ කතාව පැතිරී ගියේ අධිවේගයේ කොමන්ඩෝ භට පිරිසක් රැගත් ඩිෆෙන්ඩර් රථ හතර පහක් ගිය නිසාය. නමුත් එම රථ ගුවන්තොටුපොළට ගියේ ආරක්ෂක සමුළුවකට ඉන්දියාවට ගිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද කොළඹ බලා රැගෙන එන්නටය. ​

අරගලකරුවන් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාව

මේ අතරේ රයේ අවසන් ගේට්ටුව ළඟට පැමිණීමට පෙර සිටම ජනාධිපතිවරයාව මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු යෝජනා කළහ.

‘‘බලමු එයාලා මොකද කරන්නේ කියලා’’ ජනාධිපතිවරයාගේ උපදෙස විය.

මේ වනවිටත් ජනාධිපතිවරයා මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු සැලසුම් දෙකක් ක්‍රියාත්මක කළහ.

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ගජබාහු නෞකාවෙන් ජනපතිවරයා ඉවත්කර ගැනීම එක් සැලසුමකි. එම සැලසුම භාරවූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නටය. අනෙක් සැලසුම පැවරුණේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණටය. ඔහුට තිබුණේ කොළඹ වරාය තුළට හෙලිකොප්ටරයක් ගොඩ බස්සවා එතැන් සිට ගුවනින් ජනපතිවරයා ඉවත් කර ගැනීමය.

ඒ සඳහා ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇති ප්‍රභූන් ප්‍රවාහනය කරන අංක හතර ප්‍රභූ ආරක්ෂක බළඝනයට අයත් හෙලිකොප්ටර් සූදානම් කෙරිණි. එක් හෙලිකොප්ටරයක් ගුවනේ තබන්නට වූයේ අවසන් දොරටුව ළඟට​ අරගලකරුවන් ළං වෙද්දීය. ජනපතිවරයා කලින්ම රැගෙන යාමට හමුදාපතිවරුන් හා බුද්ධි ප්‍රධානීන් තීරණය කළත් දහවල් 12.00 පමණ වනතුරුත් එහිම රැඳී සිටියේ ජනපතිවරයාගේ උපදෙස් මතය.

‘‘සර් තවත් හිටියොත් කට්ටිය ඇතුළට කඩාගෙන එනවා. සර් හිටියොත් ඒ අයට අනිවාර්යයෙන්ම වෙඩි තියලා හරි නවත්වන්න අපට සිද්ධ වෙනවා යැයි’’ ආරක්ෂක ප්‍රධානීහු අනතුරු හැඟවූහ.

‘‘නෑ… කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම්’’ යැයි ජනපති ගෝඨාභය හමුදා ප්‍රධානීන්නට නියෝග කළේය.

වරායට හෙලිකොප්ටරය ගොඩබාන්නට යෑමේදී ඒ දෙසට අරගලකරුවන් පැමිණිය හැකි නිසා ඔහු නැවට රැගෙන යාම සැලසුම විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් කොළඹ වරායට යාමට ඇති ආරක්ෂිත මාර්ගය ඔස්සේ ජනපතිවරයා රැගෙන යාමට තීරණය වන්නේ ඒ අනුවය. ආරක්ෂක නිලධාරීන් සමග ජනපතිවරයා ‘ගජබාහු’ නෞකාව වෙත රැගෙනයන්නේ ආරක්ෂිතවය.

අරගලකරුවන් ජනපති මන්දිරයට කඩා පනින්නේ ජනපතිවරයා නෞකාවට ඇතුළුවන මොහොතේදීය.

නාවික හමුදාපතිවරයාද කැටුව නාවික හමුදාවේ නෞකාව දියඹට ඇදුණේ ජනපතිවරයා හා ජනපති බිරියද කැටුවය. ඔවුන් ගමන් කළ නැව වටා ආරක්ෂිත වළල්ලක් ලෙස ඩෝන යාත්‍රා ද ගමන් කළේය. අරගලකරුවන් ජනපතිවරයා සොයා යද්දී සියලු දෙනාට හොර රහසේ ජනපතිවරයා රැගත් නැව ත්‍රිකුණාමල නාවික වරාය දක්වා ගමන් කළාය. ඒ වන විටත් ත්‍රිකුණාමල වරායේ අධි ආරක්ෂිත ස්ථානයක ජනපතිවරයා හා ඔහුගේ බිරියට නවාතැන් ලැබෙන්නේ නාවික හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැදය.

ජනපතිවරයා ත්‍රිකුණාමලයේ රැඳී සිටින අතරතුර ඔහු කඩිනමින් රටින් පිටට ගෙන යන මෙහෙයුම සැලසුම් කෙරන්නේ මේ අතරය.

ආරක්ෂක හා බුද්ධි ප්‍රධානීහු ජනපතිවරයා රැගෙන යන සැලසුම් ක්‍රියාත්මක කරන්නට වූයේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාද සමගිනි.

ත්‍රිකුණාමල නාවික කඳවුර වෙත පසුදින (10දා) ප්‍රභූන් ප්‍රවාහනයට යොදවන හෙලිකොප්ටර් දෙකක් රත්මලානේ සිට ගුවන් ගත විය. හතර වන ප්‍රභූ ආරක්ෂක බළඝනයේ අණදෙන නිලධාරියා යටතේ හෙලිකොප්ටර් යානා ත්‍රිකුණාමලය බලා ගියහ. ජනපතිවරයා ගමන් ගන්නා මොහොතේ එම හෙලිකොප්ටරයේ නියමුවා වන්නේ අණ දෙන නිලධාරියාය.

ජනාධිපතිවරයා යළි කොළඹට රැගෙන ඒමට තීරණය කරන්නේ අරගලකරුවන්ගෙන් රටම කැළඹී තිබුණ මොහොතකය. එහි වගකීම ආරක්ෂක ප්‍රධානීහු තම කරමතට ගත්තේ සේනාවිධායක ලෙස ජනපති ආරක්ෂාව ඔවුනට පැවරුණ නිසාය.

ජූලි 11දා ජනපතිවරයාත්, ඔහුගේ බිරියත් සමග ප්‍රභූ ප්‍රවාහන බළඝනයේ හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුර බලා පැමිණියේ දහවල් 1.00ට පමණය. නාවික හමුදාපතිවරයාත් ජනපතිවරයා සමග​ හෙලිකොප්ටරයේ ත්‍රිකුණාමලයේ සිට පැමිණියේය.

මේ වන විට රත්මලාන ගුවන් කඳවුරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාපති, යුද හමුදාපතිද පැමිණ සිටියහ. ජනපතිවරයා රත්මලාන ගුවන් කඳවුරේදී ආරක්ෂක ප්‍රධානීන් සමග ඉදිරි පියවර ගැන සාකච්ඡාවක නිරත වූයේය. ඒ අතරේ ජනපති බිරිය අයෝමා රාජපක්ෂ ආරක්ෂිතව මෝටර් රථවල නංවාගෙන මිරිහානේ පුද්ගලික නිවස වෙත රැගෙන ආවාය. ජනපති බිරිය මිරිහාන නිවසට එන්නේ රටින් පිටව යාමට පෙර තමන්ගේ වටිනා කියන ලියකියවිලි ඇතුළු අත්‍යවශ්‍ය දේ රැගෙන යන්නටය. මිරිහාන නිවසේ යතුර තිබුණේද ඇය සතුවය.

පැය දෙකක් ඇතුළත මිරිහාන නිවසේ අවශ්‍ය දේ රැගෙන ඇයව නිරුපද්‍රිතව රත්මාලන කඳවුරට ගෙන ඒමට ප්‍රභූ ආරක්ෂකයෝ සමත්වූහ.

රත්මලානේ සිට ජනපතිවරයා හා බිරිය යළිත් ආරක්ෂිත ස්ථාන දෙකකට රැගෙන ගොස් රැකවරණය දීම එතැන් සිට පැවරෙන්නේ ගුවන් හමුදාපතිටය.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ හමුදාපති නිල නිවාසය ඇතුළු ආරක්ෂිත ස්ථාන දෙකක් ජනපතිට වෙන් කෙරුණේය.

රට පුරාම ජනාධිපතිවරයාට ඉවත්වනලෙස විරෝධතා පැවැත්වුණද රටින් පිටව යනතුරු ඔහු ඉවත් නොවීමට වගබලාගත්තේ ජනාධිපති මුක්තිය යටතේ වරප්‍රසාද ඉවත්වුණු පසුව නොලැබෙන බැවිනි. ජනාධිපති මුක්තිය නොමැතිව ජනපතිවරයා පිටවගියොත් ජීවිතයට අනතුරක් වන බවද බුද්ධි ප්‍රධානීහු දි​ගින් දිගම අනතුරු ඇඟවූහ.

ජනපතිවරයාට ඇමරිකා වීසා ප්‍රතික්ෂේප වෙද්දී තවත් රටවල් සමග සාකච්ඡා කර වාණිජ ගුවන් යානා මගින් කුලියට ලබා ගන්නා ගුවන් යානයකින් රැගෙන යාමට ඇති හැකියාවද සොයා බැලුවේය. මේ සඳහා බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවකින් අවසරයක් නොවීය. ඉන්දියාවට ගෙන ගොස් ජනපතිවරයා ආරක්ෂිතව සිංගප්පූරුවට රැගෙන යාමට ගත් උත්සාහයද ව්‍යර්ථවිය. ශ්‍රී ලන්කන් ගුවන් යානාවලින් රැගෙන යාම අනතුරුදායක බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දුන්හ. නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයා රැගෙන යාමට නොහැකි බව පෙන්වා දීම ඊට හේතුවය. වෘත්තිය සමිති මේ වන විටත් දැඩි විරෝධයක නිරතවූහ.

ජූලි 12 දා දහවල් වනවිට ගොඩ බිමේ මාර්ග ඔස්සේ ආරක්ෂිත උපාය මාර්ග යොදමින් ජනපතිවරයා බත්තරමුල්ලේ හමුදා මූලස්ථානයට රැගෙන ආවේය. එදින දහවල් හමුදා මූලස්ථානය ජනපතිවරයාගේ ආරක්ෂිත ස්ථානය විය. හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සමග ආරක්ෂක මණ්ඩලය රැස් කළ සාකච්ඡා කළ ජනපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතානායකවරයා සමගද සාකච්ඡා කළේය. අගමැති රනිල් වික්‍රමසිංහද හමුදා මූලස්ථානය තුළ රැඳී සිට ජනපතිවරයා සමග සාකච්ඡාවට එක්විය.

Mahinda Rajapaksa: බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථානය හැදුවේ ගෝඨාභය බව සිරස ටීවී වීඩියෝවකින් හෙළි කරයි.

බත්තරමුල්ලේ හමුදා මූලස්ථානය

ජනපතිවරයා විදෙස් රටකට ගිය පසුව ඉල්ලා අස්වීමේ ලිපියදීම අවසන් තීරණය විය.

කුලියට ගත් ගුවන් යානා හා වාණිජ ගුවන් යානාවලින් ජනපතිවරයාට පිටවීමේදී ඇති තර්ජනය සැලකිල්ලට ගෙන ගුවන් හමුදාවේ යානයකින් විදෙස් ගතවීම අවසන් සැලසුම විය.

ගුවන් හමුදාව සතුව තිබූ ඇන්ටනොව් 32 ගුවන් යානාවකින් ජනපතිවරයා රැගෙන යාම අවසන් සැලසුමට ගුවන් හමුදාව සතුව ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ ඇන්ටනොව් ගුවන් යානා තුනම රුසියානු යුක්රේන ගැටුම් ඇරඹීමට පෙර යුක්රේනයට ගොස් අලුත්වැඩියා කරගෙන ආ යානාවන් විය.

LIVE – Gotabaya Rajapaksa lands in Maldives on Sri Lankan military flight | Tamil Guardian

ඇන්ටනොව් 32 ගුවන් යානාව

විදෙස් රටවලට යාමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙද්දී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුදා මූලස්ථානයේ රැඳී සිටියදීම, මාලදිවයින් ජනපතිවරයා ඇමතුවේය. ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට යෑමට සහාය පැතුවේය. මාලදිවයිනේ ජනපතිවරයාගේ අනුමැතිය ලබා ගත් පසු ගමනට සියල්ල සැලසුම් විය.

Freedom, liberty and Maldivian ownership: President Solih's Independence Day address – Maldives Independent

මාලදිවයිනේ ජනපති

මාලදිවයිනේ අනුමැතිය ගැනීමේදී එරට කතානායක මොහොමඩ් නෂිඩ් ප්‍රශංසනීය කාර්යයක් ඉටු කළේය. වසර කිහිපයකට පෙර ඔහුගේ ජීවිතය තර්ජනයට ලක් වූ මොහොතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ඔහුට ආරක්ෂාව දී රැක බලා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.

එදින ජනපතිවරයා රාත්‍රි භෝජන සංග්‍රහය භුක්ති වින්දේ යුද හමුදා මූලස්ථානයෙනි. ඉක්බිතිව ජනපතිවරයා විශේෂිත ආරක්ෂාවක් මැද වාහනවලින්ම කටුනායක බලා පිටත් වූයේ රාත්‍රි 10.00ටය. කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ ජනපතිටත් ඔහුගේ බිරියටත් ආරක්ෂාව සැපයිනි.

රාත්‍රි 12.00 වන විට ගුවන් හමුදා නිලධාරීන්ම රේගුවට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ජනපති හා ඔහුගේ බිරියගේ ලියකියවිලි ඉදිරිපත් කර ගුවන් ගමනට අවශ්‍ය නිෂ්කාෂණ ගත්හ. ජනපතිවරයාගේ ආරක්ෂාවට ජනපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී විශේෂ බළකායේ මේජර් ​ෙජනරාල් මහින්ද රණසිංහ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් මදුර වික්‍රමරත්නද එක් වූහ. ජනපතිවරයාට එල්ල විය හැකි ඕනෑම තර්ජනයට දිවි හිමියෙන් මුහුණ දීමට ඔවුන් දෙන්නා සැදී පැහැදී සිටියේ විශේෂ බළකායේ හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලබා ඇති දැඩි පුහුණුවෙනි. ගෝඨාභය ජනපතිධුරයට පත්වන්නට පෙර සිටම ආරක්ෂාවට ළඟම සිටියේත් මෙම නිලධාරීන් දෙදෙනාය. ගජබා රෙජිමේන්තුවේ මේජර් ​ෙජනරාල් සෙනරත් නිවුන්හැල්ල ජනපතිවරයා ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ ජනපතිවරයාගේ සමස්ත ආරක්ෂාව භාරව සිටියේය.

කටුනායක ගුවන් තොටු​පොළෙන් පිටත්වීමට පෙර ඇන්ටනොව් 32 ගුවන් යානය වාණිජ ගුවන් යානයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ලියාපදිංචි කිරීම කටයුතුද මේ වන විටත් කර තිබිණ. ගුවන් යානයේ නියමුවා ලෙස එක්වූයේ එම ගුවන් හමුදා දෙවන බළඝනයේ අණ දෙන නිලධාරී ගෲප් කපිතාන් වෙලගෙදරය. සහායක නියමුවා වූයේ වීන්ග් කමාන්ඩර් මල්ලවාරච්චිය. රජය ගුවන් ගමනට අනුමැතිය දුන්නද මාලේ ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පාලක පද්ධතියට ගුවන් යානාව ගොඩ බැස්සවීමට අවසරයක් නොලැබුණේය. ඒ වන විටත් වාණිජ ගුවන් යානා ගොඩ බැස්සවීමට තිබූ නිසා මාලේ ගුවන් තොටු​පොළේ ගොඩබෑමට අවසරය ලැබෙන තුරු යානාව කටුනායක ගුවන් පථයේ රඳවා තැබුවේය.

මාලේ ගුවන් තොටුපොළෙන් ලද අනුමැතිය සමග 13 වනදා අලුයම 1.00ට ගුවන් යානය ගුවන් ගත විය. පැයකුත් විනාඩි හතළිහක ගුවන් ගමනකින් පසුව ජනපතිවරයා හා ඔහුගේ බිරිය ඇතුළු සිව් දෙනා ආරක්ෂිතව ගොඩ බස්සවා යළිත් ඉන්ධන ලබා ගෙන ගුවන් යානය පෙරළා කටුනායකට පැමිණියේය. උදෑසන 7.00 වන විට එය කටුනායකට සේන්දු වන්නේ දැඩි පීඩනයක් මැද කළ මෙහෙයුමක් සාර්ථකව අවසන් කරමින්ය.

DIMO achieves another milestone | Sunday Observer

මාලේ ගුවන් තොටුපොළ

ඔවුන් එය කළේ ගෝඨාභය රාජපක්ෂට නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපතිවරයා සේම සේනාධිනායකයාටය. ඔහු දෙන සියලු නීත්‍යානුකූල නියෝග පිළි ගැනීමට සන්නද්ධ හමුදා බැඳී සිටිති. එම නි​යෝග නොතකා හැරීම රාජද්‍රෝහී වරදක් යටතේ යුද්ධාධිකරණයේදී නඩු පවරා මරණ දඬුවම දිය හැකි වරදකි. රටේ ව්‍යවස්ථාව යුද, ගුවන්, නාවික හමුදා පනත්වල තිබෙන බලතල නොදන්නා හැඟුම්බර ආවේගශීලී පිරිස් ගෝඨාභයට ගුවන් යානා දුන්නේ කොහොමද ආරක්ෂාව දුන්නේ කොහොමද කියා කීවට එය නොකළ සිටීමට හමුදාවට බැරිය. මක්නිසාද යත් ඔහු නමින් ගෝඨාභය වුවත් තනතුරින් ජනපති වන නිසාය.

- තිස්ස රවීන්දු පෙරේරා

(මුහුණුපොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.