News Category
From Date
To Date
Maximum Number of Result

බොරු කියන්නේ රවීද, නන්දලාල්ද?

Feb 13, 2026 at 06:47 AM
|

ඉදිරියේදී ඇතිවෙන්න නියමිත අර්බුදය සහ අරගලය ගැන සමාජය සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.ඒ අරගලයත් 2022ක පන්නයේ බල පෙරලියක් දක්වා යයිද කියන සාකච්ඡාවත් ඒ අතර තියනවා.ඒ ගැන විවිධ පුරෝකථනයන් තියනවා.රටේ රාළ දිගටම කිව්වේ 2026 අධි අර්බුදකාරී අවුරද්දක් සහ 2027 පලවෙනි කාර්තුව පෙරලිකාරී කාලපරිච්ඡේදයක් කියලයි.බල පෙරලියක් සම්බන්ධව සළකුණක් දැනට නැති උනත් දැවැන්ත අර්බුදයක් සහ අරගලයක් ගැන නං පෙරනිමිති හතර වටෙන් පහල වේගෙන එනවා.

මේ අවුරද්ද ආරම්භයත් එක් අර්බුද ගණනාවක් කරලියට ආවා. හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න තිබුණේ ජනවාරි 06 වෙනිදා උනත් ඊට ඉස්සෙල්ලා රටේ දැවැන්ත විරෝධයක් මතුවුනා.ඒක නිසාම 06 ශ්‍රේණියට ගෙනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගන්න ආණ්ඩුවට සිද්ධවුනා.හැබැයි හරිනි නං තවමත් කයිවාරු ගහන්නේ වැඩේ කරනවාමයි කියලා.ඊළඟට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සටන තවම ඇදි ඇදී යනවා. 

ඊට අමතරව මතුවුන පාසැල් සංවර්ධන නිළධාරීන්ගේ සටන තවත් බොරුවක් කියලා තාවකාලික කල්දාගන්න අනුරට පුළුවන් වුනා.

දැන් මාදැල් ධීවරයන්ගේ සටනක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා.ඊට අමතරව ආණ්ඩුව ගෙනාපු පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අකුලගෙන තියනවා.ත්‍රිකුණාමල සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට එරෙහිව පොලිය මැදිහත් කරලා ආණ්ඩුව ආරම්භ කරපු සිංහල බෞද්ධයන්ගෙන් පලිගැනීමට එරෙහි සටන තවමත් අවසන් නෑ.

ඒක නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව ආණ්ඩුව එක්ක ලොකු ආරෝවක ඉන්නවා.කොයි මොහොතක හරි බෞද්ධ සමාජය ඇතුලේ ලොකු පිපිරීමක් වෙන්න පුළුවන්.ඒ වගේම මේ ආණ්ඩුව කොටි ඩයස්‌පෝරාවේ සහය ඇතිව බෙදුම්වාදය පෝෂණය කරනවා සහ ඒ වෙනුවෙන් දෙමල ජාතිවාදය අවුස්සනවා කියන සැකයත් සමාජයට කාන්දුවෙලා තියනවා.

ඊට අමතරව මේ මාසේ 28 වෙනිදා දක්වා මහජන අදහස් ගන්න කියලා කොලේ වහලා තියන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට එන්න නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත ගෙනාවොත් තවත් ලොකු සටනක් ඇවිලෙන්න පුළුවන්.මේ ආණ්ඩුවේ බැරිකම විසින් හෙට දවසේත් තවත් රණ්ඩු ගොඩක් වැටෙන්න පුළුවන්.ඇත්තටම ගත්තොත් අර්බුදය නිර්මාණය වෙන්න බලපාන ප්‍රධාන හේතුව ආර්ථිකය.

ආර්ථික අර්බුදය තමයි දේශපාලන අර්බුදයක් බවට හැරෙන්නේ. මේ වෙනකොට ආර්ථික ගැන කරන විවිධ පුරෝකථන අපට නිතර අහන්න ලැබෙනවා.අද ආණ්ඩුවට වාසිදායක පුරෝකථන කරන කෙනෙක් විදිහට මහ බැංකු අධිපති නන්දනලාල් වීරසිංහ ගන්න පුළුවන්.නන්දනලාල් කියන්නේ මාලිමා ආණ්ඩුව ආපු ගමන් එලවන්න හිටපූ කෙනෙක්.කොහොම හරි නන්දලාල් 360° ක් අනිත් පැත්ත හැරිලා ආණ්ඩුවට සුදුහුණු ගාන කෙනෙක් බවට පත්වෙලා.

රටේ රාළගේ විග්‍රහයට අනුව නං ආණ්ඩුව නන්දලාල් දිනාගත්තා නෙවෙයි.නන්දලාල් තමන්ට ඕනි තැනට ආණ්ඩුව ගෙනවා. නන්දලාල්ට ඕනි තැන කියන්නේ වෙන මොකවත් නෙවෙයි IMF එකට ඕනි තැනයි.අද තියෙන්නේ IMF එකට පූර්ණ වශයෙන් යටත්වුන ආණ්ඩුවක්.නන්දලාල් කියන්නේ IMF Agent කෙනෙක්ද කියන සැකය කාටත් තියනවා.නන්දලාල් දැන් කියන්නේ " 2028 දී ණය ගෙවාගන්න බැරිවෙයි කීම කිසිම පදනමක් නැති කතාවක්. ඔය කතාව කියලා ආයෝජකයෝ අධෛර්යමත් කරන්න එපා " කියලයි.

2028දි ණය ගෙවන්න බැරිව රට ආපහු අර්බුදයකට යයි කියන කතාවේ කිසිදු පදනමක් නෑ.එහෙම කීමෙන් වෙන්නේ ආයෝජකයන් තුළ සැක සංකා මතුවෙලා අපට ණය දෙන්න කැමැත්තෙන් ඉන්න රටවල් පවා අධෛර්යමත් වීමලු.නන්දලාල් කියන විදිහට 2025 අවුරුද්දේදී අපි ඩොලර් බිලියන 2.5 ක මුදලක් විදේශීය ණය සේවාකරණය සදහා වැයකරලා තියනවා.

ඉදිරි කාලය පිළිබදව සලකා බැලීමේ දී ණය සේවාකරණය සදහා වාර්ෂිකව අවශ්‍යවන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 3.5 ක් වගේලු.ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන අටත් දහයත් අතර ප්‍රමාණයක විදේශ සංචිත ප්‍රමාණයක් රැස්කර ගැනීමට රජය අපේක්ෂා කරන බැවින්,ආයෙත් ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යන්න ඕනි නෑ කියලයි නන්දලාල් කියන්නේ.දැන් නන්දලාල් කියන්නෙත් අනුර කියන ජාතීයේම කතාවක්.නන්දලාල් අනුරගෙන් ඉගෙන ගෙනද නැත්තං අනුර නන්දලාල්ගෙන් ඉගෙනගෙනද කියලා කියන්න දන්නේ නෑ. 

මෙතනදී එජාප මන්ත්‍රී රවී කරුණානායක කියන අදහසත් සලකා බලන්න ඕනි.මොකද මහ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධව රවී දිගටම විවේචනයක් ගේනවා.එකක් මහ බැංකුව ස්වාධීන වීමෙන් රටට ඇතිවුන ප්‍රයෝජන මොකද්ද කියලා රවී දිගටම ප්‍රශ්න කළා. ඒ වගේම මහ බැංකුවේ භූමිකාව ගැනත් රවී දිගටම ප්‍රශ්න කරනවා.රවී දිගටම කිව්වේ අපේ ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් හම්බකරලා දෙන ඩොලර් ටික වාහන ගේන්න යොමු කිරීමෙන් රුපියල් කඩා වැටෙන්න පුළුවන් කියලයි.

එහෙම උනොත් රුපියල බාල්දුවීමට සාපේක්ෂව අපට උන ලාබ සහ පාඩුව හරියට ගණනය කරන්න ඕනි කියන කතාව රවී දිගටම මතු කරනවා.රවී හැබැයි දිගටම කිව්වා ඔය වැඩෙන් රුපියල් කඩා වැටෙන්න පුළුවන් කියලා.ඒ වගේම රුපියල කඩා වැටිලා තියනවා?රවී කියන විදිහට ගිය අවුරද්දේ අපි ඩොලර් බිලියන 905 ක ආදායමක් උපයලා තියනවා.ඒ බිලියන 905 උපයන්න අපි ඩොලර් බිලියන 2.1 ක් වියදම් කරලා තියනවා.

හැබැයි ඒ ආදායම ඉපයිම ඇතුලේ 292 ට තිබුණ ඩොලර් එකේ වටිනාකම අද වෙනකොට රුපියල් 314ට ගිහින් තියනවා. රුපියලේ මේ කඩා වැටීමත් එක්ක අපේ තියන තොග ණය ප්‍රමාණය ඩොලර් බිලියන 884කින් වැඩිවෙලා.ඩොලර් බිලියන 905 ක ආදායමක් හොයද්දී ඩොලර් බිලියන 884ක් ණය සංචිතයට එකතු වෙනවා කියන්නේ අපේ ඇත්ත ආදායම ඩොලර් බිලියන 21යි.නිකං හිතන්නකෝ මේ යන විදිහට ඩොලර් එක රුපියල් 350 කට විතර ගියොත් අපේ ණය බර කීයකට යයිද?

එතකොට නන්දනලාල් කියන සුන්දර කතා ඔක්කොම ඉවරයිනේ. නන්දලාල්ට රුපියල් කඩා වැටීම නතර කරන්න බැරිවීමෙන් අපේ ණය බර තොග පිටින් වැඩි වෙනවා.රුපියල් කඩා වැටීම පාලනය කරන්න ඕනි මහ බැංකුව.හැබැයි මේ දක්වා ඒක කරන්න මහ බැංකුව අසමත් වෙලා තියනවා.න්දනලාල් කරන්නේ අපේ ණය තව තව තවත් වැඩි කරලා IMF ඇතුළු මූල්‍ය සංවිධාන සහ ණය දෙන රටවල්වලට විශාල ලාභ අරන් දෙන එකද කියන සැකය එනවා. 

ඇත්තටම මේක ආර්ථික ඝාතක වැඩක්ද කියන සැකය රටේ රාළට නං තියනවා.එක පැත්තකින් ආදායම වැඩිකරගෙන තියෙන්නේ අනිත් පැත්තෙන් රුපියල් පාවාදීලා.මේ කතාව රවී දිගටම කිව්වා. දැන් නන්දලාලා කියන කතාවයි,රවී කියන කතාවයි ගත්තම වඩාත් ප්‍රායෝගික රවී කියන එක බව ඕනිම පොඩි ලමයෙකුට උනත් තේරෙනවා.රටේ රාළ කියන්නේ නන්දලාල්ට මේක නොතේරෙනවා වෙන්න බෑ.

ඒක නිසා නන්දනලාල්ගේ ක්‍රියාකලාපය ඇතුලේ hidden Agenda එකක් තියනවද කියන ප්‍රශ්නය මතුවෙනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.