News Category
From Date
To Date
Maximum Number of Result

බුද්ධඝෝෂ හිමි කවුද? මොනවාද කළේ?..

Feb 11, 2026 at 04:29 PM
|

අපේ ථෙරවාදී සම්ප්‍රදාය ඇතුළේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට තියෙන්නේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්. විසුද්ධිමග්ගය කියන විශිෂ්ට ග්‍රන්ථය සම්පාදනයත් අටුවා ලිවීමත් නිසා තමයි මේ පිළිගැනීම උන්වහන්සේට ලැබිලා තියෙන්නේ. ඒත් උන්වහන්සේවත් උන්වහන්සේ විසින් සිදු කළ කටයුතුත් විවේචනය කරන පිරිසක් මෑත කාලයේ ඉස්සරහට ඇවිල්ලා. පෙර පැවැති හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම බුද්ධ ධර්මයට කරපු විශාල හානියක් කියලා කියන ඒ පිරිස බුද්ධඝෝෂ හිමියන්ව විදේශ ඔත්තුකාරයෙක් කියලා හඳුන්වන තරමට ම සාහසික වෙලා.

උන්වහන්සේ කළ කී දෑ ගැන කිසිම අවබෝධයක් ඇති අය නෙවෙයි මේ දේවල් කියන්නේ. අටුවා පාලි භාෂාවෙන් ලියන කටයුත්ත ආරම්භ කෙරිලා තිබුණේ උන්වහන්සේ අපේ රටට එන්න කලින්. බුද්ධදත්ත වගේ අටුවාචාරීන්වහන්සේලා ගැන පොඩි ළමයි පවා දන්නවා. එහෙම නම් අටුවා පාලියට පෙරලන කටයුත්තේ ආරම්භකයා විදිහට බුද්ධඝෝෂ හිමියන්ව සැළැකිය යුතු නෑ.

මේ කටයුතුවලට අදාළ කරුණු කාරණා හොඳින් පැහැදිළි කරගැනීමට නම් අපිට අපේ ශාසනික සම්ප්‍රදායයන් ගැන විතරක් නෙවෙයි අපේ ජාතික අරමුණු ගැනත් අවබෝධයක් තියෙන්න ඕන. අපි ඒ ගැන කියලා මේ කාරණය පැහැදිළි කරගනිමු.

අපේ ජාතියට ඉතාමත් පැහැදිළි අරමුණක් තියෙනවා. මේ අරමුණ හොඳින් අවධාරණය කරලා ප්‍රකාශයට පත් කළේ දුටුගැමුණු මහ රජතුමා විසින්. එළාර සමඟ සටනට සැරසෙද්දි තමයි එතුමා ඒ අරමුණ ප්‍රකාශයට පත් කළේ. තමන් සටන් කරන්නේ රජ සැප පිණිස නොවන බවත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස බවත් එතුමා කිව්වා. ඒ අරමුණ වෙනුවෙන් තමයි අපේ ජාතිය එතුමා වටා එකතුවුණේ. ඒ සටන දිනලා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළ කැපැවීම හින්දා තමයි එතුමාව අපේ අසහාය ජාතික වීරයා විදිහට අපි සළකන්නේ.

දුටුගැමුණු - එළාර යුද්ධයෙන් පස්සේ අවුරුදු දෙදහෙකට වඩා ගතවෙලා තිබුණත් අපේ මේ ජාතික අරමුණ වෙනස්වෙලා නෑ. අදටත් අපි බුද්ධ ශාසනය රැකගන්න කොච්චරක් නම් දේවල් කරනවා ද? අපි වෙහෙර විහාර හදන්නේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. දරුවෝ මහණ කරවන්නේ ඒ වෙනුවෙන්. මොන අඩුපාඩු තිබුණත් භික්‍ෂූන්වහන්සේලා අවශ්‍ය චීවර, පිණ්ඩපාත, ගිලන්පස සපයලා දීලා අපි උන්වහන්සේලාව පෝෂණය කරන්නේ, රැකගන්නේ ඒ වෙනුවෙන්.

බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අනතුරක් ඇතිවෙනවා කියලා යන්තමින් හරි තේරුණොත් අපි කලබල වෙනවා. ඒ අනතුර නැතිකරලා දාන්න අපි ඉස්සරහට එනවා. ඒ වෙනුවෙන් සංවිධානගත වෙනවා. වාද-විවාද කරනවා. සමහර වෙලාවට ගහ මරාගන්න පවා ඉදිරිපත් වෙනවා. මේ වගේ වෙලාවට අන්‍යාගමික පණ්ඩිතයෝ පවා අපිට බුදු බණ කියලා දෙන්න එනවා. ඒත් අපි ඒ වැදි බණ අහලා ඇටවැල අතට ඇරගෙන සිල් රකින්න යන්නේ නෑ. අපි අපේ ජාතික අරමුණ ගැන හොඳින් දන්නවා.

චෝල ආක්‍රමණය හින්දා ශාසනික සම්ප්‍රදායයන් බිඳවැටුණාම අපි කම්පාවුණා. ඉතින් මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහය යටතේ දිඹුලාගල කාශ්‍යප නා හිමියන්ගේ නායකත්වය යටතේ ශාසනික ශෝධනයක් කරලා අපි ශාසනය රැකගන්න කටයුතු කළා. තවත් කාලයක් ගතවුනාම, කාලිංග මාඝයා ඇවිල්ලා මහා විනාශයක් කළා, ධර්ම පුස්තක බැමිවලින් ලිහලා හතර වටේ විසුරුවලා, පොත් පත් ගිණි තියලා අපේ ශාසනයේ චිරස්ථිතියට විශාල අනතුරක් කරන්න කාලිංග මාඝට පුළුවන් වුණා. ඊට පස්සේ දඹදෙණිය යුගයේ අපි කරපු මූලික ම කටයුත්ත වුණේ ධර්ම ග්‍රන්ථ නැවත නැවතත් ලියලා කාලිංග මාඝයා කරපු හානියෙන් ශාසනය මුදවාගන්න එක.

වෙනත් විකල්පයක් නැති තැනට ජාතිය දුර්වල වෙලා ඉංග්‍රීසින්ට ගිවිසුමකින් රටේ පාලනය පවරලා දෙන වෙලාවේත් අපි අපේ ජාතික අරමුණ අමතක කළේ නෑ. ඉතින් 1815 උඩරට ගිවිසුමටත් මේ කාරණය ඇතුළත් කරන්න අපිට පුළුවන් වුනා. රට පාලනය කරනවා නම් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වගවෙන්න ඕන කියන කොන්දේසිය අපි ඉංග්‍රීසින්ට ඉදිරිපත් කළා. ගිවිසුමට පටහැනිව මොන දේ කළත් ඉංග්‍රීසින් ඒ වෙනුවෙන් විවිධ නියෝග පනවමින් කටයුතු කළේ මේ ජාතික අරමුණ නො සළකා හැරියොත් සිද්දවෙන්න පුළුවන් අනතුර වටහාගෙන හිටිය හින්දා.

ඉංග්‍රීසි පාලන කාලය ඇතුළේ ම ඇතිවෙච්ච ආගමික වාදවලට අපි ඉදිරිපත්වුණෙත්, ඒවායින් දිනලා විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් ඇති කරගෙන ඉස්සරහට ගියෙත් මේ ජාතික අරමුණ අපි අමතක කරලා නො තිබුණු හින්දා. තමන් පවරාගත්ත වගකීම නැති ව්‍යවස්ථාවක් ඉංග්‍රීසි පාලකයෝ හැදුවේ 1947 දී. ඒ, උන් අපිට අපේ පාර්ලිමේන්තුවක් පිහිටුවාගන්න දීලා ආපහු යන්න සූදානම් වෙද්දි.

මේ දේ නිවැරැදි කරගන්න අපිට පුළුවන් වුණේ ඊට අවුරුදු 25 කට පස්සේ. ඒ කියන්නේ, 1972 දී. ඉතින් අදටත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තමන්ගේ වගකීමක් විදිහට පිළි ඇරගෙන අපේ ආණ්ඩු කටයුතු කරනවා. මේ වෙනුවෙන් ආණ්ඩුවලින් හරි හමන් සේවයක් සිද්ද නොවෙන එක ඇත්ත. ඒත් මේ වගකීම නාමිකව හරි ආණ්ඩුව භාරගන්න ඕන කියලා අපි හිතනවා. ඉතින් ඒ වගකීම පැත්තකින් තියලා ව්‍යවස්ථා හදන්න යද්දි අපි ආයෙත් පාරට එනවා. අපිට අපේ ජාතික අරමුණ ගැන හොඳ අවබෝධයක් තියෙන හින්දායි අපි මේ විදිහට ඉස්සරහට එන්නේ.

මේ අරමුණ අපේ සම්, මස්, නහර, ලේ, ඇට විනිවිදගෙන ගිහිල්ලා ඇට මිදුළු දක්වා ම කිඳාබැහැලා තියෙන බව පැහැදිළියි. මෑත කාලයේ අලුත් ශාසනික සම්ප්‍රදායයන් හඳුන්වලා දෙන්න යම් යම් පිරිස් කටයුතු කරද්දි, ධර්මය විකෘති කර කර අලුත් බණ කියන පිරිස් ඉස්සරහට එද්දි අපි ඒවාට එරෙහිව සංවිධානය වෙන්නෙත් මේ අරමුණ ගැන හොඳින් දන්න හින්දා.

අපේ ජාතික අරමුණත් එක්ක බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා මේ ලිපිය කියවන අයට දැන් හිතෙන්න පුළුවන්. ඒ කාරණය තේරුම්ගන්න පුළුවන් උන්වහන්සේ විසින් සම්පාදනය කරපු අටුවා ග්‍රන්ථවල මුල් පිටු කියවනවා නම්. "ථෙරීය වංශයට පහන් බඳු වූ විනිශ්චයෙහි මැනැවින් නිපුණ වූ මහා විහාරවාසී තෙරවරුන්ගේ දහම නො ඉක්මවමින්, සුදනන් ගේ සතුට පිණිස ද ධර්මයේ චිරස්ථිතිය පිණිස ද යළි යළිත් පැමිණි අරුත් හැර අර්ථ ප්‍රකාශ කරන්නෙමි" කියලා මේ කාරණය අටුවා ග්‍රන්ථවලට ඇතුළත්වෙලා තියෙනවා.

අටුවා ග්‍රන්ථ සම්පාදනය කෙරිලා තියෙන්නේ ධර්මයේ චිරස්ථිතිය වෙනුවෙන්. මේ කටයුත්ත පවා තම අභිමතයට කරන්න අටුවාචාරීන්වහන්සේලා කටයුතු කරලා නෑ. මේ කටයුත්ත කරලා තියෙන්නේ “මහාවිහාර අර්ථ දැක්වීම්” ඉක්මවන්නේ නැති විදිහට.

බුද්ධඝෝෂ හාමුදුරුවෝ මහාවිහාරයට වැඩම කළ පමණින් උන්වහන්සේට අටුවා සම්පාදනය කරන වැඩේ භාර කෙරුණේ නෑ. අපේ හාමුදුරුවරු මුලින් ම කළේ උන්වහන්සේගේ හැකියාව, දැනුම සහ ධර්මය තේරුම්ගන්නා ආකාරය පරීක්‍ෂා කිරීම. විසුද්ධිමග්ගය කියලා කියන්නේ මේ විභාග‍යට බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉදිරිපත් කරපු නිබන්ධනය. මේ නිබන්ධනය තුන් වතාවක් ලියන්න උන්වහන්සේට සිද්දවුණා. ඉතින් ඒ විදිහට විභාගයෙන් සමත්වුණාට පස්සේ තමයි අටුවා සම්පාදන කටයුත්ත උන්වහන්සේට භාර කෙරුණේ.

අටුවා සම්පාදනය කියන්නේ මහා විහාරීය මහා ස්ථවරයන්වහන්සේලා විසින් ආරම්භ කරලා තිබුණු මහා ව්‍යාපෘතියක්. මුල් කාලයේ මේ කටයුත්තට සම්බන්ධ වුණේ ප්‍රාමාණික දැනුමෙන් පිරිපුන් වයෝවෘද්ධ භික්‍ෂුන්වහන්සේලා. ඒත් ඒ වගේ භාරදූර කාර්යයක් ඒ විදිහට කරගෙන යන්න අමාරුයි. ඉතින් ඒ වෙනුවෙන් දහම මැනැවින් ඉගෙනගත්ත, අපේ මහාවිහාරීය අර්ථදැක්වීම් ඒ විදිහට ම පිළිගන්න තරුණ අටුවාචාරීන්වහන්සේ නමක් හොයාගන්න සිද්දවෙලා තිබුණා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමයි ඒ වෙනුවෙන් පවත්වපු පරීක්‍ෂණවලින් සමත්වුණේ. ඉතින් උන්වහන්සේට ඒ කටයුත්ත භාර කෙරුණා.

ධර්මයේ අර්ථ දීර්ඝ කාලයකට රැකදෙන්න දිනපතා වහරන භාෂාවකට බෑ. සිංහල භාෂාවේ අර්ථ වෙනස්වෙන විදිහ අපි දන්නවා. “පරිප්පු” කියන වචනයේ තියෙන්නේ ඒ නමින් හඳුන්වන ධාන්‍ය වර්ගය ගැන අදහස විතරක් ම නෙවෙයි. “එයා හොඳ උපාසක අම්මා කෙනෙක්” කිව්වොත් ඒකෙන් කියැවෙන්නේ වෙන දෙයක්. බුද්ධ ජයන්ති ත්‍රිපිටක සිංහල පරිවර්තන අද ඉන්න බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නෑ. මෙහෙම වෙන්නේ දිනපතා වහරන භාෂාවක අර්ථ නිරන්තරයෙන් වෙනස්වෙන හින්දා.

ඉතින් අටුවා පාලි භාෂාවෙන් සම්පාදනය කරන්න මහාවිහාරීය ස්ථවිරයන් වහන්සේලා තීරණය කළේ මේ කාරණය හොඳින් දැනගෙන හිටිය හින්දා. නාගාර්ජුනපාදයන් විසින් ඉදිරිපත් කරපු මාධ්‍යමික අදහස් හින්දා ආන්ද්‍ර ප්‍රදේශයේ තිබුණු ථෙරවාදී බුද්ධාගම අභියෝගයට ලක්වුණා. මේ වගේ අදහස් අපේ රටටත් ගලාගෙන ආවා. ඉතින් හිතෙන හිතෙන විදිහට ධර්මය පැහැදිළි කරන අය අද වගේ ම එදත් ජීවත්වුණු බවට සැකයක් නෑ. ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්මය සහ අර්ථ සුරැකිය යුතුයි කියන තීරණයට මහාවිහාරීය ස්ථවිරයන්වහන්සේලා එළැඹුණේ මේ කාරණය අත්දුටු හින්දා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියන්නේ ඒ වෙනුවෙන් යොදාගත්ත ධර්මඥානයෙන් පිරිපුන් ප්‍රාඥයෙක්!

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ෴

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.