News Category
From Date
To Date
Maximum Number of Result

මහින්ද දැක්ක දුර..

Feb 9, 2026 at 06:37 AM
|

මීට වසර එකහමාරකට කලිං මහින්ද රාජපක්ෂලාට එරෙහිව ජනාධිපතිවරණයට අනුරට  මාළිමාවේ හෙද සමුළුව පැවැත්වුවා. හැබැයි ඒ මහින්ද ගොඩක් දුර දකින නායකයෙක්.  

ඉතිහාසය ඇතුලේ ලංකාවෙි හෙද වෘත්තිය වැඩිම වැඩ වර්ජන කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂලාට එරෙහිව  හැබැයි හෙද වෘත්තීය තමන්ගේ රජය ආරම්භයේම   උපාධියක් දක්වා  හෙද අධ්‍යාපනය විශ්ව විද්‍යාළ තුළ ස්ථාපිත කලේ  මහින්ද රාජපක්ෂයි.

රවී කුමුදේශ්ගේ ලිපියක කොටසක් එයට මම ඉදිරිපත් කරමි.

උපුටනය.

❤️

විශ්වවිද්‍යාලීය හෙද අධ්‍යාපනයේ වසර 20ක ගමන

2005 වසරේදී, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හෙද විද්‍යා බි.එස්.සී. (BSc Nursing) පාඨමාලාව ආරම්භ කිරීම ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසගත පියවරක් විය. එය හෙද වෘත්තීය කාර්යමය සේවයකින් විද්‍යාත්මක, ශාස්ත්‍රීය වෘත්තියක් ලෙස උසස් කිරීමේ ආරම්භයයි.

අද, එම ගමනට වසර 20ක් සම්පූර්ණ වී ඇත.

මෙම කාලය තුළ බි.එස්.සී. හෙද උපාධිධාරීන් දහස් ගණනක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ සේවය කරමින් සිටින අතර, තවත් බොහෝ දෙනෙක් එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, කැනඩාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර සෞඛ්‍ය පද්ධතිවල ප්‍රමුඛ භූමිකාවන් ඉටු කරති.

ඊටත් වඩා වැදගත් කරුණක් වන්නේ, අද ශ්‍රී ලංකාවට හෙද විද්‍යාවේ PhD උපාධිධාරීන් සහ Professor of Nursing පදවි දරණ විද්වත් පිරිසක් සිටීමයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවල හෙද පීඨ මඟින් ගවේශණ, ප්‍රතිපත්ති සංවර්ධනය සහ අන්තර්ජාතික මට්ටමේ හෙද අධ්‍යාපනය සාර්ථකව ඉදිරියට ගෙන යමින් පවතී.

මෙවැනි ශාස්ත්‍රීය ප්‍රගතියක් ලබා ඇති රටක, හෙද වෘත්තිය තවමත් සම්ප්‍රදායික සීමාවන් තුළ සීමා වී තිබීම ප්‍රශ්න කළ යුතු කරුණකි.

පීඩනයට ලක්වූ සෞඛ්‍ය පද්ධතියකට විසඳුමක්

අද ශ්‍රී ලංකාවේ රෝග රටාව මුළුමනින්ම වෙනස් වී ඇත. මධුෙමිහය, අධි රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග වැනි ෙබාෙනාවන රෝග ප්‍රමුඛත්වයට පැමිණ ඇත. රෝහල් OPD සහ සායන අධික ලෙස තදබදයට පත්ව ඇති අතර, වෛද්‍යවරුන් දැඩි සේවක පීඩනයකට මුහුණ දී සිටිති.

ලෝකයේ බොහෝ රටවල මෙයට ප්‍රතිචාරයක් ලෙස නර්ස් ප්‍රැක්ටිෂනර්ස් හඳුන්වා දී ඇත. ඔවුන්ට රෝගීන් පරීක්ෂා කිරීම, රෝග හඳුනා ගැනීම, ඖෂධ නියම කිරීම සහ දිගුකාලීන රෝග කළමනාකරණය කිරීමේ නීතිමය බලතල හිමි වේ.

ශ්‍රී ලංකාවට මේ සඳහා අවශ්‍ය මානව සම්පත් දැනටමත් ඇත. අහිමි වී ඇත්තේ නීතිමය හා ප්‍රතිපත්තිමය පිළිගැනීම පමණි.

ග්‍රාමීය ප්‍රදේශවලට සෞඛ්‍ය සාධාරණත්වය

නර්ස් ප්‍රැක්ටිෂනර් තනතුර හඳුන්වා දුන්නේ නම්, ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවට විශාල ශක්තියක් ලැබේ. ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පර්යන්ත රෝහල්වලදී, NP වරුන්ට දිගුකාලීන රෝගීන් පාලනය කිරීම, ප්‍රතිකාර ආරම්භ කිරීම සහ අඛණ්ඩ සත්කාරය සැපයීම කළ හැක.

රෝගීන්ට එය වේලාව, මුදල් සහ ජීවිත රැක ගැනීමක් වේ.

හෙද වෘත්තියට වෘත්තීය ගෞරවයක්

වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකාවේ හෙදියන් විශාල වගකීම් ඉටු කළද, සම්පූර්ණ වෘත්තීය ස්වයංපාලනයක් හෝ ඉහළ සායනික මට්ටමේ උසස්වීම් අවස්ථා සීමිතව පැවතිණි.

නර්ස් ප්‍රැක්ටිෂනර් තනතුර හඳුන්වා දීමෙන්, BSc, MSc සහ PhD මට්ටමේ හෙදියන් සඳහා සෘජු සායනික වෘත්තීය මාර්ගයක් විවෘත වේ. මෙය වෛද්‍යවරුන් වෙනුවට නොව, සෞඛ්‍ය කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා වූ පියවරකි.

රජයටද වාසිදායක තීරණයක්

නර්ස් ප්‍රැක්ටිෂනර්ස් රජයට ආර්ථිකවද ප්‍රයෝජනවත් වේ. වෛද්‍යවරයෙකු පුහුණු කිරීමේ වියදමට වඩා අඩු වියදමකින්, උසස් ගුණාත්මක සේවාවක් ලබා දිය හැකි වෘත්තීය කණ්ඩායමක් ලෙස NP වරුන් සැලකේ.

රෝහල් ඇතුළත් වීම අඩුවීම, දිගුකාලීන රෝග හොඳින් පාලනය වීම සහ OPD තදබදය අඩුවීම—all together—සෞඛ්‍ය පද්ධතියට දිගුකාලීන ලාභයකි.

ශ්‍රී ලංකාව දැනටමත්,

 • රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ වසර 20ක හෙද උපාධි අධ්‍යාපනය

 • ජාත්‍යන්තර මට්ටමේ හෙද වෘත්තීය බලකායක්

 • හෙද විද්‍යාවේ PhD උපාධිධාරීන් සහ Professor of Nursing

 • සක්‍රීය ගවේශණ හා ශාස්ත්‍රීය නායකත්වය, අත්පත් කරගෙන ඇත.

ඒ අනුව, නර්ස් ප්‍රැක්ටිෂනර්ස් හඳුන්වා දීම අලුත් අත්හදා බැලීමක් නොව, 2005දී ආරම්භ වූ ගමනේ ස්වභාවික ඊළඟ පියවරය.

ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව මේ සඳහා සූදානම්ද යන්න නොව,

අප විසින් දැනටමත් නිර්මාණය කර ඇති විශේෂඥතාව පූර්ණ ලෙස භාවිතා කිරීමට අප සූදානම්ද යන්නයි.

//

උපුටා ගැනීම අවසන් .‼️

මේ වසර 20 ඇතුලේ ලංකාව  දශක දහයක් ඈතට දැක්ක නායකත්වය වුනේ මහින්ද රාජපක්ෂ පමණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  හෙදබවෘත්තීය තුළ අද PHD  මට්ටමේ වෘත්තීය නිපුණයන් සිටිනවා කියන්නේ

එතැනට හෙද සේවය ගමන්  කරවීමට මීට වසර 20 කට පෙර  මහින්ද රාජපක්ෂ සහ එවකට විශ්ව විද්‍යාල  පද්ධතිය භාර උගතුන් කරපු කැපවීම  අද ජාතියට  වටිනාකමක් ලබා දී ඇත.❤️❤️

කරුමයට අපි ජාතියට දැක්මක් තිබ්බ මිනිසුන් එලවා ගැනීමේ කුහක මානසිනත්වයෙන් පෙලෙන ජාතියක් නිසා. ජාතික වටිනාකමක් ඇති කර්තව්‍යයක් දිගු කාලීනව වර්ධනයක් රටට ලබාගන්නා   ප්‍රතිපත්තිමය ගලායෑමක ගමන් කරන්නේ නැත.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.