නංගි පෙන්වා අක්කා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යාපනයේ මළගම ලිවීම..
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මොඩයුලවල ඇතුළත් සමරිසි වෙබ් යොමු ඉවත් කිරීමෙන් සුජාතභාවයක් ලැබෙන්නේ නැත. මෙය අනාගත පරපුරට අතිශය ව්නාශකාරීය.
අපට කලින් දශක ගණනක් එම මාර්ගයේ ගිය සාපේක්ෂව ධනවත් බලවත් නවසීලන්තය නෙදර්ලන්තය පවා මෙම ක්‍රමවේද වෙනුවට අප මෙතෙක් අනුගමනය කළ විභාග පදනම් කරගත් ක්‍රමවෙත නැඹුරු වෙමින් ඇත.
මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ විභාග ක්‍රමය අහෝසි කරයි, නැතහොත් දුර්වල කරයි. එමගින් දුප්පත් පවුල්වල දරුවන්ට ස්වෝත්සාහයෙන් සමාජ හිනිමගේ ඉහළට නැගීමට තිබූ එකම අවස්ථාව අහිමි කරයි. දරුවෙකුට මහන්සි වී විභාගයක් සමත්ව ඉහළට යෑමට තිබූ අවස්ථාව ඇගයුම් ක්‍රම මත ගුරුවරුන් අතට පත්කිරීම සාධාරණ අවස්ථා අහිමි කිරීමකි.
තරඟ විභාගවලට මුහුණ දෙමින් ඉහළම ලකුණු ලබා විශ්වවිද්‍යාලවලට යන සිසුන්ට වර්තමාන විශ්වවිද්‍යාල තුළ මුහුණ දීමට සිදුවන්නේ ද මෙවැනිම ඉරණමකට බව කිව යුතුය.
එහිදී සිසුවෙකු පළමු පෙළ සමාර්ථයක් ලබා ගන්නේද නැද්ද තීරණය කිරීමේ හැකියාව ඔහුගේ අධ්‍යයන වසර කිහිපය තුළ විෂය ඒකක කිහිපයක් උගන්වන ගුරුවරුන්ට බොහෝ දුරට ලැබේ. ප්‍රශ්න පත්‍ර සැකසීම ලකුණු දීම සියල්ල ඇත්තේ ඔහු හෝ ඇය යටතේය.
මෙහි සැඟව ඇති තිත්ත ඇත්ත නම් සැබෑ ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු පරයා ලිංගික අල්ලස් ඇතුළු බොහෝ ගනුදෙනු ඉහළට එසවෙන බවයි. පන්ති සාමාර්ථයක් ලබා ගැනීමට මෙන්ම එහි කාර්ය මණ්ලයට බැඳීමට ද එය පහසුම මගකි. ඇතැම් විට එකම මගය.
වර්තමානයේ බොහෝ විශ්වවිද්‍යාල දැනුම නිෂ්පාදනය නොකරන ආලාපාළු මුඩුබිම් බවට පත්ව ඇත්තේ මේ අවාසනාවන්ත තත්ත්වය නිසාය. බොහෝ විශ්වවිද්‍යාලීය උගතුන් බුද්ධිමතුන් නොවේ. විහිළුකාරයින්ය.
මෙයට හේතුව විශ්වවිද්‍යාප පිරී ඇත්තේ, එවායේ රජ කරන්නේ සැබෑ ශාස්ත්‍රවන්තයන් දක්ෂයන් නොව විවිධ කායික මානසික අල්ලස් ලබා දෙමින් ඇතැම් ගුරුවරුන්ගේ මනදොළ සපුරාලූ අය වීමයි. මෙම චෝදනාවෙන් මිදීමට හැක්කේ ඉතාම සුලු පිරිසකට පමණි.
අද රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුය. එහි සීමා අතික්‍රමණය කළ යුතුය. එම නව ක්‍රමය වර්තමාන ක්‍රමයට වඩා අගතිදායක එකක් නොවිය යුතුය. එහෙත් මේ හඳුන්වා දෙන්නට යන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි පන්නයේ අධ්‍යාපන ක්‍රමයකි. නංගි පෙන්වා අක්කා දීමකි.
මෙම නව ක්‍රමය තුළ වර්තමානයේ විශ්වවිද්‍යාවල මෙන්ම සිසුවාගේ අනාගතය තීරණය කිරීමේ නිශේධ බලයක් ගුරුවරයාට හිමි වෙයි. එවිට සිය දරුවා ඉහළට ඔසවා තැබීමට දෙමාපියන්ට ගුරුවරුන් කායික මානසික වශයෙන් සන්තර්පනයට සිදුවනු ඇත. එය මිල මුදල් ඇතුළු විවිධ තෑගි භෝග දීමේ සිට ලිංගික අල්ලස් දක්වා දිවෙනු ඇත. ඉහළ පන්තිවල සිසුන්ට ද එම ඉරණම අත්වනු ඇත.
එය එසේ නොවනු ඇතැයි සිහිබුද්ධිය ඇති අගතිගාමී නොවන කිසිවෙකු විශ්වාස කරනු ඇතැයි නොසිතමි. මේ පෘථග්ජන ලෝකයයි. ගුරුවරුන් දෙවියන් යැයි කීව ද ඔවුන්ද විශ්වවිද්‍යාල ගුරුවරු මෙන්ම පෘථග්ජනයෝය.
රටේම දරුවන් සිය නම, ගම, කුලය, ගැහැනු පිරිමි බව පවා නොමැති විභාග අංකයක් පමණක් සඳහන් උත්තර පත්‍රයක් ඔස්සේ කිසිදු පුද්ගලික බැඳීමක් නැති නාඳුනන ගුරුවරයෙකු අතින් ස්වාධීනව සිදුවන ඇගයීම පාසලේ ගුරුවරයාට විශාල බලයක් හිමි වන මෙම නව ඇගයුම් ක්‍රමය තුළ නොලැබෙනු ඇත.
සැබවින්ම විශ්වවිද්‍යාල පද්ධතියට ද හඳුන්වා දිය යුත්තේ වර්තමාන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි ක්‍රමවේදයකි. සිසුන් ඔවුන්ට ඍජුව සම්මුඛව උගන්වන ගුරුවරයා අතින් නොව වෙනත් ස්වාධීන යාන්ත්‍රණයක් ඔස්සේ ඇගයීමට ලක්කළ යුතුය. එසේ නොමැතිව වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන ඛේදවාචකයට පාසල් පද්ධතිය බිලිදිය යුතු නැත.
එම විනාශයට අනාගත පරපුර බිලි දීමට වචනයකින් හෝ සහය දැක්වීම ගෙවාගත නොහැකි පාපයකි. මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවහොත් එය සී.ඩබ්.ඩබ්. කන්නංගර පරම්පරාව දිනාදුන් අප ඇතුළු පරම්පරා කිහිපයක් භුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ මළගම වනු ඇත. වර්තමාන පාලකයන් නිදහස් අධ්‍යාපනයේ මළගම සිදුකළ අය ලෙස හෙට ඉතිහාසයට එකතු වනු ඇත. අනාගත පරපුර ඊට සම්මාදම් වූ සැමට ශාප කරනු ඇත.
- නාමල් උඩලමත්ත...
(මුහුණුපොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්