News Category
From Date
To Date
Maximum Number of Result

නංගි පෙන්වා අක්කා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යාපනයේ මළගම ලිවීම..

Jan 13, 2026 at 09:50 AM
|

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මොඩයුලවල ඇතුළත් සමරිසි වෙබ් යොමු ඉවත් කිරීමෙන් සුජාතභාවයක් ලැබෙන්නේ නැත. මෙය අනාගත පරපුරට අතිශය ව්නාශකාරීය. 

අපට කලින් දශක ගණනක් එම මාර්ගයේ ගිය සාපේක්ෂව ධනවත් බලවත් නවසීලන්තය නෙදර්ලන්තය පවා මෙම ක්‍රමවේද වෙනුවට අප මෙතෙක් අනුගමනය කළ විභාග පදනම් කරගත් ක්‍රමවෙත නැඹුරු වෙමින් ඇත.

මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ විභාග ක්‍රමය අහෝසි කරයි, නැතහොත් දුර්වල කරයි. එමගින් දුප්පත් පවුල්වල දරුවන්ට ස්වෝත්සාහයෙන් සමාජ හිනිමගේ ඉහළට නැගීමට තිබූ එකම අවස්ථාව අහිමි කරයි. දරුවෙකුට මහන්සි වී විභාගයක් සමත්ව ඉහළට යෑමට තිබූ අවස්ථාව ඇගයුම් ක්‍රම මත ගුරුවරුන් අත⁣ට පත්කිරීම සාධාරණ අවස්ථා අහිමි කිරීමකි.

තරඟ විභාගවලට මුහුණ දෙමින් ඉහළම ලකුණු ලබා විශ්වවිද්‍යාලවලට යන සිසුන්ට වර්තමාන විශ්වවිද්‍යාල තුළ මුහුණ දීමට සිදුවන්නේ ද මෙවැනිම ඉරණමකට  බව කිව යුතුය. 

එහිදී සිසුවෙකු පළමු පෙළ සමාර්ථයක් ලබා ගන්නේද නැද්ද තීරණය කිරීමේ හැකියාව ඔහුගේ අධ්‍යයන වසර කිහිපය තුළ විෂය ඒකක කිහිපයක් උගන්වන ගුරුවරුන්ට බොහෝ දුරට ලැබේ. ප්‍රශ්න පත්‍ර සැකසීම ලකුණු දීම සියල්ල ඇත්තේ ඔහු හෝ ඇය යටතේය.

මෙහි සැඟව ඇති තිත්ත ඇත්ත නම් සැබෑ ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු පරයා ලිංගික අල්ලස් ඇතුළු බොහෝ ගනුදෙනු ඉහළට එසවෙන බවයි. පන්ති සාමාර්ථයක් ලබා ගැනීමට මෙන්ම එහි කාර්ය මණ්ලයට බැඳීමට ද එය පහසුම මගකි. ඇතැම් විට එකම මගය.

වර්තමානයේ බොහෝ විශ්වවිද්‍යාල දැනුම නිෂ්පාදනය නොකරන ආලාපාළු මුඩුබිම් බවට පත්ව ඇත්තේ මේ අවාසනාවන්ත තත්ත්වය නිසාය. බොහෝ විශ්වවිද්‍යාලීය උගතුන් බුද්ධිමතුන් නොවේ. විහිළුකාරයින්ය. 

මෙයට හේතුව විශ්වවිද්‍යාප පිරී ඇත්තේ, එවායේ රජ කරන්නේ සැබෑ ශාස්ත්‍රවන්තයන් දක්ෂයන් නොව විවිධ කායික මානසික අල්ලස් ලබා දෙමින් ඇතැම් ගුරුවරුන්ගේ මනදොළ සපුරාලූ අය වීමයි. මෙම චෝදනාවෙන් මිදීමට හැක්කේ ඉතාම සුලු පිරිසකට පමණි.

අද රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුය. එහි සීමා අතික්‍රමණය කළ යුතුය. එම නව ක්‍රමය වර්තමාන ක්‍රමයට වඩා අගතිදායක එකක් නොවිය යුතුය. එහෙත් මේ හඳුන්වා දෙන්නට යන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි පන්නයේ අධ්‍යාපන ක්‍රමයකි. නංගි පෙන්වා අක්කා දීමකි.

මෙම නව ක්‍රමය තුළ වර්තමානයේ විශ්වවිද්‍යාවල මෙන්ම සිසුවා⁣ගේ අනාගතය තීරණය කිරීමේ නිශේධ බලයක් ගුරුවරයාට හිමි වෙයි. එවිට සිය දරුවා ඉහළට ඔසවා තැබීමට දෙමාපියන්ට ගුරුවරුන් කායික මානසික වශයෙන් සන්තර්පනයට සිදුවනු ඇත. එය මිල මුදල් ඇතුළු විවිධ තෑගි භෝග දීමේ සිට ලිංගික අල්ලස් දක්වා දිවෙනු ඇත. ඉහළ පන්තිවල සිසුන්ට ද එම ඉරණම අත්වනු ඇත.

එය එසේ නොවනු ඇතැයි සිහිබුද්ධිය ඇති අගතිගාමී නොවන කිසිවෙකු විශ්වාස කරනු ඇතැයි නොසිතමි. මේ පෘථග්ජන ලෝකයයි. ගුරුවරුන් දෙවියන් යැයි කීව ද ඔවුන්ද විශ්වවිද්‍යාල ගුරුවරු මෙන්ම පෘථග්ජනයෝය. 

රටේම දරුවන් සිය නම, ගම, කුලය, ගැහැනු  පිරිමි බව පවා නොමැති විභාග අංකයක් පමණක් සඳහන් උත්තර පත්‍රයක් ඔස්සේ කිසිදු පුද්ගලික බැඳීමක් නැති නාඳුනන ගුරුවරයෙකු අතින් ස්වාධීනව සිදුවන ඇගයීම පාසලේ ගුරුවරයාට විශාල බලයක් හිමි වන මෙම නව ඇගයුම් ක්‍රමය තුළ නොලැබෙනු ඇත.

සැබවින්ම විශ්වවිද්‍යාල පද්ධතියට ද හඳුන්වා දිය යුත්තේ වර්තමාන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි ක්‍රමවේදයකි. සිසුන් ඔවුන්ට ඍජුව සම්මුඛව උගන්වන ගුරුවරයා අතින් නොව වෙනත් ස්වාධීන යාන්ත්‍රණයක් ඔස්සේ ඇගයීමට ලක්කළ යුතුය. එසේ නොමැතිව වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන ඛේදවාචකයට පාසල් පද්ධතිය බිලිදිය යුතු නැත.

එම විනාශයට අනාගත පරපුර බිලි දීමට වචනයකින් හෝ සහය දැක්වීම ගෙවාගත නොහැකි පාපයකි. මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවහොත් එය සී.ඩබ්.ඩබ්. කන්නංගර පරම්පරාව දිනාදුන් අප ඇතුළු පරම්පරා කිහිපයක් භුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ මළගම වනු ඇත. වර්තමාන පාලකයන් නිදහස් අධ්‍යාපනයේ මළගම සිදුකළ අය ලෙස හෙට ඉතිහාසයට එකතු වනු ඇත. අනාගත පරපුර ඊට සම්මාදම් වූ සැමට ශාප කරනු ඇත.

- නාමල් උඩලමත්ත...

(මුහුණුපොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.