News Category
From Date
To Date
Maximum Number of Result

වීරයෝ හදන රටක්

Dec 31, 2025 at 12:13 PM
|

2025 දෙසැම්බර් මස 28 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 24 වැනි කොටස

නීති-රීති, යහපත් පාලනයක්, විධිමත් අධ්‍යාපනයක්, හොඳ ආර්ථික ක්‍රමයක් තිබුණු පමණින් ජාතියක් ශක්තිමත් වෙන්නේ නෑ. ඒ අරමුණ සාක්‍ෂාත් කරගන්න නම් මේ කටයුතු වෙනුවෙන් කැපවුණු මිනිස්සු ඉන්නත් ඕන. ඒ වැඩේ කරලා දෙන අය අතර ඉස්සරහින් ම වීරයෝ ඉන්නවා. වීරයෙක් කියලා කියන්නේ තමන්ගේ පුද්ගලිකත්වය සමාජය වෙනුවෙන් කැප කරන කෙනෙක්. සමහර මිනිස්සු සමාජය වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් පූජා කරනවා. තවත් සමහරු සමාජය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිත කාලය ම කැප කරනවා. මෙන්න මෙහෙම අයට අපි වීරයෝ කියලා කියනවා.

වීරයකුගේ චරිතය තුළින් මිනිස්සු අගය කරන කතන්දරයක් කියැවෙනවා. මෙහෙම කතන්දර තේරුම්ගන්න ලේසියි. පොඩි ළමයින්ට, අකුරු දන්නේ නැති අයට පවා මේ කතන්දර තේරෙනවා. පාඩම් පොතක තියෙන න්‍යාය, ප්‍රවාද, ලොකු තර්ක විතර්කවලට වඩා මේ කතා ඉතා හොඳින් ජනගත වෙනවා. මිනිස්සු මේ වීර චරිත ගැන කතන්දර තමන්ගේ ළමයින්ටත් කියලා දෙනවා. ඒ ආදර්ශ හිතට ඇරැගෙන ලොකු මහත්වෙන අය ඒවාට අනුව ජීවත්වෙන්න උත්සාහ කරනවා.

වීර කතා සන්නිවේදනය තනි තනි පුද්ගල මට්ටමිනුත් සමාජයක් විදිහට සංවිධානාත්මකවත් කරන්න පුළුවන්. තනි තනිව කරන සන්නිවේදනයට වඩා සංවිධානාත්මකව කරන සන්නිවේදනය බලවත්. එහෙම කාර්යයක් වෙනුවෙන් විශාල ශ්‍රමයක්, විවිධ හැකියාවන් සහ ප්‍රමාණවත් ධනයක් වැය කිරීමේ හැකියාව සංවිධානගත ක්‍රමයට තියෙනවා. ඉතින් සංවිධානාත්මක ක්‍රමයේ දී පිළි රූ හැදෙනවා, ස්මාරක හැදෙනවා, උත්සව පැවැත්වෙනවා, තව තවත් වැඩ ගොඩක් සිද්දවෙනවා.

චීනයේ බිහිවෙන වීරයන් අගයන්න, ඒ සඳහා උපකාර වෙන විවිධ මැදිහත්වීම් කරන්න ඒ රටේ ආණ්ඩුවත් මුල්වෙලා ඉන්නවා. වීරයන්ගේ නාමලේඛන ජාතික මට්ටමින් ප්‍රකාශයට පත් කරනවා. 2009 දෙසැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කරපු 1949 මහජන ජනරජය පිහිටු වූ දිනයේ ඉඳලා මේ දක්වා චීන සමාජය සලිත කරවීමට සමත් වූ වීරයන් සිය දෙනාගේ නාම ලේඛනයත් එහෙම එකක්. චීන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සමාජයට වීරයන් ගැන කියැවෙන ස්මාරක, කෞතුකාගාර හැදෙනවා. නවකතා, ළමා කතා, චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, චිත්‍ර නර්මාණ, ගීත, නැටුම් නිර්මාණය කරනවා. විවිධ ක්‍ෂේත්‍රවල කටයුතු සඳහා කැපැවුණු වීරයන්ගේ කතා ඉතාමත් ප්‍රබල විදිහට සමාජගත කරනවා.

මෑත කාලයේ දී, චීනයේ ඇගැයීමට ලක්වෙලා තියෙන වීර චරිත කීපයක් හරහා මේ වීරයෝ හැදිල්ල ගැන කියන්නම්.

ලැයි නිං ඉපැදුණේ 1973 ඔක්තෝබර් 20 වැනි දා. 1988 වෙද්දිත් ඔහු පාසල් ශිෂ්‍යයෙක්. 1988 මාර්තු 13 වැනි දා ඔහු ඉගෙනගත් පාසල කිට්ටුව කැලෑවක ලැව් ගින්නක් ඇවිලෙන්න පටන්ගත්තා. ඒ ගින්න හින්දා ආශ්‍රිත ගම්මානත් ඒ කිට්ටුව තිබුණු චන්ද්‍රිකා රූපවාහිනී මධ්‍යස්ථානයේ පැවැත්මත් තර්ජනයට ලක්වුණා. ගිනි නිවන කණ්ඩායම්, ගම් වැසියන් එක්ක පාසල් ශිෂ්‍යයොත් ලැව්ගින්න නිවන්න දායකවුණා. ඉතාමත් දැඩි අධිෂ්ඨානයකින් ගින්න නිවන්න දායකවෙච්ච ලැයි නිං තමන්ට පැවැරුණු සීමාව ඉක්මවලා ඉස්සරහට ම ගිහිල්ලා ගින්න නිවන්න පටන්ගත්තා. එහෙම ඉස්සරහට ගිය ඔහු මහ ගිනි ජාලාවකට කොටුවුණා. ඒ ගින්නෙන් ඔහු මියගියා.

මේ වීර කතාව පැතිරෙන්න පටන්ගත්තා. ස-ඡුවන් පළාතේ ආණ්ඩුව දිවි පිදූ වීරයෙක් කියලා ලැයි නිංව නම් කළා. චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ තරුණ සංගමයේ මධ්‍යම කමිටුව විසිනුත් ජාතික අධ්‍යාපන කොමිසම විසිනුත් “ළමා වීරයා” කියලා ඔහුව නම් කළා. ලැයි නිංගේ කතාව පාසල් පාඩම් පොත්වලටත් ඇතුළත් කෙරුණා. මූලික නිල ඇගැයීම්වලට අමතරව ලැයි නිංගේ රූපය සහිත පෝස්ටර් පාසල් පංති කාමරවල ඇලෙව්වා. ඔහුව සමරන උත්සව සංවිධානය කෙරුණා. ඔහුගේ ස්මාරක ඉදි කෙරුණා. ඔහුගේ නම “ළමා පෙරගමන්කරුවෝ 10 දෙනා” අතරටත් එකතු කළා. චීනය කම්පනයට පත් කරපු 100 දෙනාගේ ලේඛනයට ඔහුගේ නමත් ඇතුළත් කෙරුණා. 2019 වසරේ දී පත් කරපු “සොඳුරුතම අරගලකරුවෝ” ලේඛනයටත් ලැයි නිංගේ නම ඇතුළත් කෙරුණා. මේ ලේඛනයේ 278 දෙනෙක් ඉන්නවා.

යුවන් ලුං-පිං කියන්නේ ලෝක ප්‍රසිද්ධ කෘෂි විශේෂඥයෙක්. එතුමා හඳුන්වලා දීපු දෙමුහුන් වී නිසා ලෝකයේ ආහාර ප්‍රශ්නය විසඳන්න ඔහුගෙන් ලැබුණු දායකත්වය ජාත්‍යන්තර වශයෙන් පවා අගය කෙරිලා තියෙනවා. නිතර සාගතවලින් පෙලිච්ච රටක් හින්දා චීන ජනතාව යුවන් ලුං-පිං සළකන්නේ දෙවියෙක් විදිහට. චීන සමාජය කම්පාවට පත් කරපු 100 දෙනාගේ ලේඛනයට ඔහුගේ නමත් ඇතුළත්. 1930 ඉපැදුණු යුවන් ලුං-පිං 2021 දී මියගියා. ඔහුගේ දේහය ගෙනියද්දි පාර දෙපැත්තට එකතුවෙච්ච මිනිස්සු හඬා වැටුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එතුමාගේ ගුණ ගයමින් පාර දෙපැත්තෙන් දිව්වා.

රන් ඡං-ශියා ඉපැදුණේ 1964 පෙබරවාරි මාසයේ. 1980 දී ඇය හ-නන් පළාතේ පොලිස් විද්‍යාලයට බැඳුණා. 1983 දී, ඇය පොලිස් ක්‍රියාකාරි සේවයට එකතුවුණා. පැවැරුණු හැම රාජකාරියක් ම හොඳින් ඉටු කරපු ඇය 2001 වසරේ දී තං-ෆං නගරයේ පොලිස් ස්ථානයේ ප්‍රධාන තනතුරට පත්වුණා. (ලෝක ප්‍රසිද්ධ ෂඕ-ලින් පන්සල පිහිටලා තියෙන්නෙත් මේ පොලිස් බල ප්‍රදේශයේ). ඒ තමයි හ-නන් පළාතේ පොලිස් ස්ථානයක ප්‍රධාන තනතුරට කාන්තාවක් පත්වෙච්ච මුල් ම අවස්ථාව.

තං-ෆං නගර පොලිස් ස්ථානයේ රාජකාරි කරපු අවුරුදු තුනක කාලය තුළ පැමිණිලි 3,467 ක් විමර්ශනය කරලා වැරැදිකරුවන්ට දඬුවම් ලබාදෙන්න ඇය මුල්වුණා. කලින් නොවිසැඳී තිබුණු අපරාධ සිදුවීම් පවා ඒ අතර තියෙනවා. ජනතාවගේ පැමිණිලිවලට තමන් ම සවන්දෙන දවසක් බවට හැම සෙනසුරාදාවක් ම පත් කළා. අපරාධ තොරතුරු හොයන්නත් මහජනතාව තුළ පොලීසිය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්නත් ඇය වෙස්වළාගෙන මිනිස්සු අතරට ගියා.

රන් ඡං-ෂියා හැම දා ම උදේ පාන්දර ඉඳලා මධ්‍යම රාත්‍රිය පහුවෙන කල් එක දිගට ම සේවය කළා. තමන්ගේ මුළු කාලය ම සේවයට කැප කරපු හින්දා ගෙදර ගිහිල්ලා ස්වාමියා සහ පුතා සමඟ ගත කරන්න ඇයට ඉඩක් ලැබුණේ කලාතුරකින්. දෙමව්පියන් අහිමිවුණු ගැහැණු දරුවකුගේ භාරකාරත්වය පවරාගත්ත ඇය ඒ ළමයා ඉගෙනගන්න පාසල පොලීසියේ මැදිහත්වීමෙන් වැඩිදියුණු කළා.

මෙහෙම වැඩ කරලා පොලීසියට ජනතාවගේ සහයෝගය ලබාගැනීමට රන් ඡං-ශියාට පුළුවන් වුණා. අපරාධ විසැඳීම පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් ලබාගැනීමටත් ඇය ක්‍රියා කළා. මේ සියලු කටයුතු හින්දා තං-ෆං පොලිස් බල ප්‍රදේශයේ ජනතාව ඇයව තමන්ගේ පවුලේ කෙනෙක් විදිහට පිළිගත්තා. 2004 වසරේ දී ඇය හදිසි අනතුරකින් මියයෑම නිසා මුළු ප්‍රදේශය ම කම්පාවට පත්වුණා. ඇයගේ අවමංගල්‍යයට ලක්‍ෂ තුනකට වැඩි ජනතාවක් සහභාගී වුණා.

මියගිහිල්ලා සති දෙකක් ගතවෙන්නත් කලින් “මහජන ආරක්‍ෂාව සැලැසීම පිළිබඳ පළමු පංතියේ වීරවරිය” කියන ඇගැයීම රන් ඡං-ශියාට පිරිනැමුණා. 2005 පෙබරවාරි මාසයේ දී, 2004 වසරේ දී චීන සමාජය කම්පනයට පත් කළ 11 දෙනාගේ ලේඛනයටත් ඇයගේ නම ඇතුළත් කෙරුණා. 2009 සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කරපු, චීන සමාජය කම්පනයට පත් කළ 100 දෙනා අතරට ඇයගේ නමත් එක් කෙරුණා. ඒ මාසයේ දී ම ප්‍රකාශයට පත් කරපු “නව චීනයේ ආදර්ශවත් නායක චරිත” ලේඛනයටත් ඇයගේ නම ඇතුළත් කෙරුණා. ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රවෘත්තිමය වටිනාකම් එකතු කළ අයගේ ලේඛනයට ඇයගේ නම ඇතුළත් කෙරුණේ 2018 දෙසැම්බර් මාසයේ දී. 2019 වසරේ දී, “සොඳුරුතම අරගලකරුවෝ” ලේඛනයටත් ඇයගේ නම ඇතුළත් කෙරුණා.

චීන ජනාධිපති හූ චින්-ථාඕ සහ අගමැති වන් චියා-පාඕ නිවේදන නිකුත් කරමින් රන් ඡං-ශියාගෙන් ජාතිය ඉගෙනගත යුතු බව කිව්වා. ඇයගේ සේවය ජනතාව අතරට සන්නිවේදනය කිරීම වෙනුවෙන් ඇය මිය ගිහිල්ලා මාසයක් ඇතුළත ගුණ සමරු ගීතයක් නිර්මාණය කෙරුණා. 2004 මැයි මාසයේ දී ම ඔපෙරාවක් නිර්මාණය කළා. 2004 ජුනි මාසයේ දී වේදිකා නාට්‍යයක් හැදුවා. 2004 ජුලි මාසයේ දී සංගීතමය නාට්‍යයක් හැදුවා. තවත් නාට්‍ය සහ ඔපෙරා මහ ගොඩක් නිර්මාණය කෙරුණා. 2005 වසරේ දී චිත්‍රපටයක් සහ කොටස් 21 කින් සමන්විත ටෙලි නාට්‍යයක් නිර්මාණය කෙරුණා.

වූ මං-ඡාඕ කියන්නේ අක්මා සැත්කම් පිළිබඳ ලෝ පතල වෛද්‍යවරයෙක්. 1922 ඉපැදුණු ඔහු මියගියේ 2021 මැයි මාසයේ දී. වයස අවුරුදු 97 දී තමයි එතුමා විශ්‍රාම ගත්තේ. එතුමා චීනයේ ඉහළ ම විද්‍යා සම්මානයෙනුත් පිදුම් ලැබූවා. චීන තාරකා විද්‍යාඥයන් විසින් 1995 වසරේ හඳුනාගත් කුඩා ග්‍රහලෝකයක් 17606  Wumengchao කියලා නම් කරලා තියෙනවා. “2011 අවුරුද්දේ චීන සමාජය කම්පනයට පත් කළ මිනිසුන්” ලෙසින් නම් කරපු 10 දෙනා අතර වූ මං-ඡාඕ මහාචාර්යතුමාත් ඉන්නවා. වයස අවුරුදු 96 දී පවා ඔහු සතියකට සැත්කම් තුනක් කරලා තියෙනවා.

1988 දී කුයි-චෝ පළාතේ ඉතාමත් දුෂ්කර ගම්මානයක ඉපැදුණු ලියු ශියු-ශියංට අයියලා අක්කලා හතර දෙනෙක් ඉන්නවා. ලියු ශියු-ශියංට වයස අවුරුදු 10 ක් වෙද්දි ඔහුගේ පියා මියගියා. ඒ පීඩනය මැද්දේ ඔහුගේ මවට පිස්සු හැදුණා. ඔහුගේ අයියලා, අක්කලා පවුල අත්හැරලා ගියා. ඉතින් ගෙදර හැම වැඩක්මත් අම්මා රැක බලාගැනීමත් ලියු ශියු-ශියං පවරාගත්තා. ඉස්කෝලෙට යද්දි ඔහු අම්මාවත් එක් කරගෙන ගියා.

මේ අභියෝග මැද්දේ ලියු ශියු-ශියං ඉගෙනගැනීමටත් කැපැවුණා. විවිධ රැකියාත් කළා. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය පළමු වතාවෙන් අසමත් වුනත් තවත් කැපැවෙලා දෙවැනි වතාවේ දී ඔහු ඒ අරමුණ සාක්‍ෂාත් කරගත්තා. අම්මා කරේ තියාගෙන ගිහිල්ලා විශ්වවිද්‍යාල කිට්ටුව පාරක් අයිනේ කුඩා මඩුවක් හදාගත්ත ලියු ශියු-ශියං ඒකේ නැවතුණා. විශ්වවිද්‍යාලයෙන් ලැබුණු මූලික ආධාරය ඇරෙන්න ඔහු වෙනත් කිසිම බාහිර උදව්වක් ගත්තේ නෑ. උපාධිය ලබාගත්තට පස්සේ ඔහුට විශ්වවිද්‍යාලයේත් පුද්ගලික ආයතනවලත් රැකියා ලැබුණා. ඒත් ඔහු ඒවා එපා කියලා අම්මාව කරේ තියාගෙන ආපහු ගමට ආවා.

ආපහු ගමට ආපු ලියු ශියු-ශියං ගමේ ඉස්කෝලේ හැදුවා. ඒකට ළමයි සම්බන්ධ කරගන්න ඔහු ගෙයක් ගෙයක් ගානේ ගියා. ක්‍රම ක්‍රමයෙන් ඔහු ඒ වැඩේ සාර්ථක කරගත්තා. ළමයි ඉහළින් විභාග සමත්වෙන්න පටන්ගත්තා. තමන්ගේ කෝරළයේ තුන්වැනියට වැඩිම ප්‍රමාණයක් සරසවි ප්‍රවේශ විභාගය සමත්වෙන පාසල නිර්මාණය කරගන්න ඔහුට පුළුවන් වුණා.

2020 වසරේ දී, ලියු ශියු-ශියංට “සොඳුරුතම ගුරුවරයා” සම්මානය හිමිවුණා. 2021 වසරේ දී, දෙමව්පියන්ට සැළැකීම පිළිබඳ ආදර්ශ චරිතය වශයෙනුත් ඔහුව නම් කෙරුණා. ඔහු පිළිබඳ විශාල මාධ්‍ය ආවරණයක් ලැබිලා තියෙනවා. ඒ සියලු ඇගැයීම්වලට වඩා තමන්ගේ ගම් ප්‍රදේශයේ ළමයි අතර තමන්ට ලැබිලා තිබෙන පිළිගැනීම ගැන ලියු ශියු-ශියං සතුටුවෙනවා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

=== === === === ===

පින්තූරය:- පොලිසියේ වීරවරිය: රන් ඡං-ශියා

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.