News Category
From Date
To Date
Maximum Number of Result

ආපදා කළමනාකරණය ආපදාවට ලක් කිරීම..

Dec 14, 2025 at 08:58 AM
|

ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින දිට්වා නමින් හැඳින්වූ සුළි කුණාටුව මගින් ශ්‍රී ලංකාවට බරපතළ ආපදා තත්ත්වයක් ඇතිවන බවට බී.බී.සී. ගුවන් විදුලිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2025.11.10 දිනයේදී ය. ඉන්පසුව 2025.11.12 ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා විසින් රූපවාහිනී වැඩසටහනක් මගින් අදාළ සුළි කුණාටුව නිස මිලිමීටර 300ක පමණ අධික වැසි තත්ත්වයක් ඇති විය හැකි බවට රටේ මහජනතාවට අනතුරු අඟවනු ලැබීය. එහිදී ඔහු අදාළ විද්‍යාත්මක සාක්ෂිවලට අමතරව තමාගේ දීර්ඝ කාලීන අත්දැකීම් අනුවද ආපදා තත්ත්වය බරපතළ විය හැකි බවට අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මිලිමීටර් 600කි. ඒ අනුව දින කිහිපයක් තුළ ඉන් අඩක වර්ෂාපතනයක් ඇදහැලුණහොත් කෙතරම් විශාල ජල කඳක් මහපොළොවට කඩා වැටෙනු ඇත් ද යන්න තේරුම් ගැනීමට විශේෂ තාක්ෂණික ඥානයක් අවශ්‍ය වන්නේ නැත. අවසානයේදී ආපදා තත්ත්වය වර්ධනය වූ පසුව වාර්තාවූයේ වර්ෂාපතනය මිලිමීටර් 500ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. 

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂකතුමා එසේ ආපදා තත්ත්වය ආරම්භ වීමට දින 12කට පමණ පෙර රූපවාහිනය මගින් මහජනයා වෙත සිදුකළ අනතුරු ඇඟවීම අදාළ රාජ්‍ය බලධාරීන්ට අවධාරණය සහිතව සිදු කළා ද යන්න පැහැදිලි නැත. නමුත් එම රූපවාහිනී වැඩසටහනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා සහ ගොඩවැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ද සහභාගී විය. එම සෙසු නිලධාරීන් දෙදෙනාටද ඔවුන්ට අදාළ පනත් මගින් දීර්ඝ කාලීන ආපදා කළමනාකරණ වගකීම් පැවරී ඇත. කෙසේ වෙතත් 2005 ආපදා කළමනාකරණ පනත අනුව පිහිටුවා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියාට විශේෂ වගකීමක් පැවරෙන අතර එම නිලධාරීන් දෙදෙනා විසින්ම හෝ එක් අයෙකු විසින් ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ලේකම්වරයාට ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බවට උපකල්පනය කළ හැක. එම නීතිය අනුව පිහිටුවා ඇති ආපදා කළමනාකරණ සභාවේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිතුමා වන අතර අගමැතිවරයා විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනකු ඇතුළු අමාත්‍යවරුන් 20 දෙනෙකු  එම සභාවේ සාමාජිකයන් වේ. නීතියට අනුව එම සභාව ආපදාවක් නැති තත්ත්වයක දී පවා මාස 3කට වරක් රැස්වී ආපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට සහ ජාතික සැලසුමට අනුව පවතින තත්ත්වයන් සමාලෝචනය කළ යුතුය.

ආපදා කළමනාකරණ පනත මගින් රට තුළ ඇතිවිය හැකි ගංවතුර, නායයම් ඇතුළු ආපදා තත්ත්වයන් 20කට අධික ප්‍රමාණයකට මුහුණ දීම සඳහා පූර්ව සූදානම් වීම සහ පූර්ව ක්‍රියාමාර්ග සඳහා ප්‍රතිපාදන පනවා ඇත. ඉහත සඳහන් කළ ආකාරයට කාලගුණ විද්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදු කළ අනතුරු ඇඟවීම වැනි ආපදාවක පෙර ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් වත් වූ වහාම ඒ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීම සහ සභාවට සහ ජනාධිපතිවරයාට උපදෙස් දීම සඳහා තාක්ෂණික කමිටුවක් ද පිහිටු  විය යුතු බව නීතියේ සඳහන් කර ඇත. නමුත් ජාත්‍යන්තර සහ දේශීය තාක්ෂණික අනතුරු ඇඟවීම්වලින් පසුව ආපදාව ආරම්භ වීම සඳහා ගත වූ දින 12ක කාලය තුළ ආපදා කළමනාකරණ සභාව කැඳවූ බවක් හෝ නීතියට අනුව එහි සාමාජිකයෙක් ලෙස සැළකෙන විපක්ෂ නායකවරයා විසින් සභාව කැඳවන ලෙස ඉල්ලීමක් සිදු කළ බවක් වාර්තා වූයේ නැත.ආපදා කළමනාකරණ නීතියට අනුව ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ජාතික සැළසුමක් සකස් කළ යුතුය. ඊට අමතරව පනතේ දක්වා ඇති අමාත්‍යාංශ විසින් තම විෂය පථයට අදාළව හදිසි ආපදා කළමනාකරණ සැලසුම් සකස් කළ යුතුවේ. එසේ නැතහොත් පනත අනුව පූර්වගාමීව සකස් කර තිබෙන හදිසි සැලසුම් නව තත්වයට අනුව යාවත්කාලීන කිරීම අදාළ අමාත්‍යාංශවල වගකීම වේ. නීතියට අනුව එක් එක් අමාත්‍යාංශ වලට අදාළ සැලසුම් මධ්‍යගතව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුය. නමුත් එතෙක් අදාළ අමාත්‍යංශ විසින් හදිසි ක්‍රියාමාර්ග ගැනීමට නීතිය මඟින් බාධාවක් පමුණුවා නැත.

කෙසේ වෙතත් අදාළ පනත මගින් ආපදා කළමනාකරණ සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අරමුදල පිහිටුවීම මෙන්ම දීර්ඝ කාලීනව වගකීම ඉටු කිරීම පිළිබඳව විස්තීර්ිණව ප්‍රතිපාදන පනවා ඇතත් ආපදාවක් පිළිබඳව අනතුරු ඇඟවීමත් සිදුවූ සැණින් ආරම්භ කළ යුතු ක්‍රියාවලිය සහ නිශ්චිත වගකීම පිළිබඳව එනම්, ආපදාවක දී කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායකව රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමට අදාළ නිශ්චිත වගකීම් පැවරීමක් පනත තුළ අඩංගු නොවේ. එම තත්ත්වය එම නීතියේ බරපතල අඩුපාඩුවක් බව පනත සම්මත කිරීමට පෙර අප විසින් පෙන්වා දෙනු ලැබීය. ඊට හේතුව ආපදා කළමනාකරණයට අදාළව කොපමණ විස්තීරණ ප්‍රතිපත්ති සහ ජාතික සැලසුම් තිබුණ ද හදිසි තත්ත්වයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය වීමය. 

එසේ නීතියේ කුමන අඩුපාඩුවක් තිබුණා වුවද අදාළ වගකිවයුතු ඉහළ නිලධාරීන්ට ඇඟ බේරා ගැනීමට සදාචාර අයිතියක් නැත. එහෙත් ආපදාව වර්ධනය වන තෙක් පෙර ක්‍රියා සිදු නොකර බලා සිටීම නිසා මේ වන විට දුෂ්කර ක්‍රියාවලියකට නායකත්වය දීමට සිදුවීම තුළ වෙහෙසට පත්ව සිටින ඔවුන්ගේ සිත් බිඳවීම සඳහා  විවේචන එල්ල කිරීම මේ මොහොතට අදාළව වරදකි. නමුත් වැරදි නිවැරදි කර ගැනීමෙන් තොරව අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිය නොහැක. ඒ අනුව මහජනයා තම කුඩා දැනුම අනුව ප්‍රශ්න කරන්නේ අධික වර්ෂාව නිසා ගංගා සහ වැව් උතුරා යනවිට වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව මාධ්‍ය මගින් මහජනයාට අනතුරු ඇගවීම් කරන නිලධාරීන් ඊට පෙර ඔවුන් විසින් ගතයුතු ක්‍රියාමාර්ග නොගත්තේ කුමක් නිසාද යන්නයි.  

උදාහරණයක් ලෙස දින කිහිපයක් තුළ වර්ෂාපතනය මිලිමීටර් 300 ක් විය හැකි නම් සහ වැඩි ආරක්ෂාව සඳහා ඊටත් වැඩි විය හැකි යැයි උපකල්පනය කරමින් ජලාශවල ජල මට්ටම් කොපමණ මට්ටමකින් ඉහළ යා හැකිදැයි ගණනය කළ නොහැකි ද? ඒ අනුව ගංවතුර තත්වයක් ඇති නොවන ලෙස යම් කාල රාමුවක් තුළ ජලය නිදහස් කිරීම සඳහා සැලසුමක් සකස් කළ නොහැකි ද? එසේම ගංවතුර ගැලීමට හේතුවන කැලණි කළු සහ මා ඔය වැනි ගංගාවල මෝය කටවල් පිරිසිදු කර පුළුල් කිරීම මූලික පෙර සූදානමක් නොවේ ද? කෘතිම බුද්ධිය තාක්ෂණය භාවිතා කිරීම සහ ඩිජිටල්කරණය මගින් මහා පෙරළියක් කිරීමට හැකි බවට පිළිගන්නා රජයක නිලධාරීන්ට වර්ෂාපතනය අනුව ගංගාවල ජල මාපකවල ඉහල යාම පූර්වගාමීව ගණනය කිරීමට සහ ඊට අනුව ඒ අදාළ ගංගා නිම්න ආශ්‍රිත ජල ගැලීම් සිතියම් සකස් කළ නොහැකි ද? ජනමාධ්‍ය මගින් පොදුවේ මහජනතාව වෙත අනතුරු ඇඟවීම හෝ රතු නිවේදන නිකුත් කිරීම වෙනුවට අදාළ සිතියම් අනුව ප්‍රදේශීය ලේකම්වරුන් ප්‍රමුඛ බිම් මට්ටමේ නිලධාරීන් මගින්  මහජනයා පූර්ව සූදානම සඳහා පෙළඹවිය නොහැකිද?  

එසේම මාධ්‍ය මගින් යම් පුළුල් ප්‍රදේශයක් හෝ යම් සැතපුම් කණුවක සිට තවත් කණුවක් දක්වා නාය යෑමේ  රතු නිවේදන නිකුත් කිරීම වෙනුවට නිශ්චිත ප්‍රදේශ සහ නිවාස හඳුනාගැනීම මෙන්ම සැලකුණු කිරීම මගින් අදාළ නිවාස හිමියන් පූර්වගාමීව සෘජුව දැනුවත් කිරීම වඩා සුදුසු නොවේද? ඒ සඳහා දින 12 කාලයක් සෑහෙන්නේ නැතිනම් කළ හැකි ප්‍රමාණයක් විශේෂයෙන්ම වැඩිම අනතුරුදායක ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කිරීම සිදුකළ නොහැකිද? ගංවතුර සිතියම් සහ නාය යෑම සිතියම් අනුව බිම් මට්ටමේ නිලධාරීන් මෙහෙයවීම සිදුවූවා නම් බොහෝ ඛේදවාචකයන් වළක්වා ගත හැකිව තිබූ බව බැහැර කළ නොහැකි සත්‍යයකි. විශේෂයෙන්ම වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ජල රකුසා බිලිගන්නා තෙක් බලා සිටීම වැනි බරපතළ වැරදි සිදු නොවීමට ඉඩ තිබුණි. එහිදී මහජනයා මාධ්‍ය මගින් නිකුත් කරන අවවාද හෝ අනතුරු ඇඟවීම් පිළි නොගන්නා බවට සහ ඒ නිසා ඛේදවාචකය වඩා දරුණු වූ බවට මහජනයාට දොස් පැවරීම සාධාරණ නොවේ. ඊට හේතුව ඔවුන් විසින් පවතින  තත්ත්වයන් ඊට පෙර පැවති  තත්වයන් සමග ගොඩනගන්නේ පවතින තත්ත්වයන් සංසන්දනය කිරීමට පෙළඹීමය. උදාහරණයක් ලෙස කොළඹ නගරයේ 2016 ගංවතුර තත්ත්වය සමඟ සසදන විට මෙවර තත්ත්වය ඊට වඩා ඉතා බරපතල වේ.

එම නිසා එක් පැත්තකින් ජන මසාධ්‍ය මගින් හුදු සිදුවීම් වාර්තා කිරීම වෙනුවට හෝ ඊට අමතරව නිශ්චිත අවධාරණය සහිතව මහජනයා දැනුවත් කිරීම සඳහා බලධාරීන්ට සහ විද්වතුන්ට අවස්ථාව ලබා දීමද වැදගත් වේ. එසේම මාධ්‍ය මගින් පසු නිවේදන නිකුත් කිරීමට අමතරව එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ට ඉවත්වීම සඳහා සහාය ලබාදීම පිණිස බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්, ස්වේච්ඡා කණ්ඩායම්, ආරක්ෂක හමුදාව සහ පොලිසියේ යෙදවිය යුතු නොවේ ද? ආපදා කළමනාකරන නීතියට අනුව වැඩි අවදානම් ප්‍රදේශවලට අදාළ හදිසි සැලසුම් තුළ ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළු විය යුතුය. නමුත් ප්‍රායෝගිකව ගත්විට ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අදාළ සහන සේවා සඳහා වියදම් සීමා සහිත චක්‍රලේඛ සංශෝධනය කර නිකුත් කරන්නේ ආපදා තත්වය වර්ධනය වී දින කිහිපයකට ද පසුවය.

ඒ පිළිබඳ උසස් නිලධාරීන් වගකිවයුතු වුවද ,පහළ නිලධාරින් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් තමා සතු බලතල සහ වගකීම් අනුව මීට පෙර කටයුතු කළ ආකාරයට අඩියක් පෙරට තබා මහජනයා වෙනුවෙන් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විසින්ම මානසික බාධක රාශියක් පනවා ඇත.  පසුගිය කාලයේදී පරිපාලන නිලධාරීන්ගේ අතපසුවීම් නොසැලකිලිමත් භාවය හෝ එදිනෙදා පරිපාලනයේදී සිදුවිය හැකි වැරදි පිළිබඳව පවා අල්ලස් දූෂණ කොමිසම විසින් පරීක්ෂණ පැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම සිදුවිය.  සමහර ඉහළ නිලධාරීන්ට අමාත්‍යවරයාගේ නියෝග මත ගනු ලැබූ තීරණ හේතුකොට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරගතවීමට සිදුවිය. නාවික හමුදාපතිවරයෙකුට තම සේවයේ යෙදී සිටියදී ඉටුකළ වගකීම් මුල් කරගෙන අභූත චෝදනා මත රිමාන්ඩ් බන්ඩනාගාර ගතවීමට සිදුවිය. ඊට අමතරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා ඉහළ රාජ්‍ය නිලධාරීන්ට අවවාද කරන්නේ අමාත්‍ය මණ්ඩල තීරණ තිබූ පමණක් නිලධාරීන්ට ඔවුන් ගන්නා තීන්දුවල වගකීමෙන් ගැලවිය නොහැකි බවය. 

නමුත් 2018-2119 කාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාගේ නියෝජිතයා ලෙස අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබීය. එම කාලයේදී ජාතික ආපදා කළමනාකරණ සැළසුමක් සකස් කළ අතර දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ මෙහෙයුම් මධ්‍යස්ථාන පමණක් නොව ආරක්ෂක හමුදා මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීම මුල්කරගෙන අකුමත මෙහෙයුම් පටිපාටීන් ද සකස් කරනු ලැබීය. නමුත් පසුකාලීනව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවා අහෝසි වූ අතර අද්මිරාල් දසනායක මහතාට අභූත චෝදනා මත රහස් පොලීසියේ කට උත්තර දීමට සහ රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම සඳහා කාලය වැය කිරීමට සිදුවිය.   

කෙසේ වෙතත් ඒ සියලු වැරදිවලට අමතරව 2005 ආපදා කළමනාකරණ පනත නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ පනතේ පවතින දුර්වලතා ද වත්මන් ආපදාව නිසි ලෙස කළමනාකරණය කිරීමට ආණ්ඩුව අසමත් වීමට අදාලව හුවා දැක්විය හැක. බොහෝ විට පරිපාලන සේවයට නවකයකු වන වර්තමාන ජනාධිපති ලේකම්වරයාට එම පනත පිළිබඳව අවබෝධයක් තිබෙනවා ද යන්න සැක සහිතය. එසේ තිබුණා නම් අදාළ ආපදා කළමනාකරණ සභාව කැඳවිය යුතුව තිබුණේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂවරයාගේ අනතුරු ඇඟවීමට පසු දිනය. එම පනත මගින් ඉටු කර ගත යුතු අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරනුයේ ප්‍රධාන වශයෙන් විකල්ප අමාත්‍ය මණ්ඩලයක් ලෙස පෙනෙන ආපදා කළමනාකරන සභාව මඟිනි. එවැනි සභාවක් අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් වුවද පිහිටුවිය හැකි අතර එ සඳහා නව නීතියක් අවශ්‍ය වන්නේ නැත. නමුත් විපක්ෂ නායකවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරු පස්දෙනකු ඊට ඇතුල්කර නව නීතියක් මගින් සභාව පිහිටුවීම නිසා ආණ්ඩුව විසින් අදාළ භූමිකාව ඉටු නොකරන තත්ත්වයක් විපක්ෂයට විසින් ආණ්ඩුවට බල කිරීමේ භූමිකාව ඉටු කිරීම සඳහා අවස්ථාව සැලසේ. නමුත් පනතේ ප්‍රතිපාදන අනුව ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ පළමු අනතුර ඇඟවීම සිදුවී දින 15කට පසුවය.

ඒ සියල්ලටම වඩා ඉහත සඳහන් කළ ආකාරයට පනතට අනුව සකස් කළ යුතු අපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තිය සහ ජාතික සැලසුම් මේ වනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. එසේම පනතට අනුව අමාත්‍යංශ විස්සක් විසින් සකස් කළ යුතු ඊට අදාළ ක්‍රියාකාරී සැළසුම් පිළිබඳව මහජනයා දන්නේ නැත. තවද ඉහත සඳහන් කළ ආකාරයට පනතේ ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ සභාවට සියල්ල පැවරීම වෙනුවට ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු ආයතන සහ නිලධාරීන්ට අදාළව යම් නිශ්චිත ප්‍රතිපාදන ඇතුල් කිරීමක් සිදු නොවීමය. තවද පනත අනුව පිහිටවිය යුතු තාක්ෂණික උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් පිළිබඳව ද මහජනයා දන්නේ නැත. එසේ පිහිටුවා තිබුණා නම් අනිවාර්යෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා එහි සාමාජිකයකු විය යුතු අතර එසේ වූවා නම් ඔහු මහජනයාට අනතුරු ඇඟවීමට එම විදවත් මණ්ඩලයට අදාළ අනතුරු ඇඟවීම සිදුකර ඉදිරි පියවර ගන්නා බවට සැකයක් නැත.

කෙසේ වෙතත් පනතට අදාළව ඒ ආකාරයට දුර්වලකම් රාශියක් දැකගත හැකි වන්නේ 2005 දී සම්මත කළ එම පනතේ සැබෑ අරමුණු එක්තරා යටි අරමුණක් වීම නිසා බවටද එකල චෝදනාවක් එල්ල විය. ඊට හේතුව පනත මගින් ආපදාවකදී දේශීය සහ විදේශීය රාජ්‍ය නොවෙන සංවිධානවලට විශේෂ ආවරණයක් ලබාදීමේ ඒ අනුව එම සංවිධාන වලට විශාල මුක්තියක් සහ වරප්‍රසාද සහිතව රාජ්‍යය ආයතනයකට සමාන ආකාරයට බිම් මට්ටමේ පුනරුත්ථාපන කටයුතු මෙහෙයවීමේ හැකියාව ලැබේ. සුනාමි ව්‍යසනයෙන් පසු විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ඉතා බලවත් භූමිකාවක් ඉටු කරනු ලැබීය. එම සංවිධාන බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බවට සහ එම ක්‍රියාවලිය “ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක්” හෙවත් ආපදාවක් යොදා ගනිමින් අධිරාජ්‍යවාදී න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් බවට සාක්ෂි සහිතව චෝදනා එල්ල විය.

අවසාන වශයෙන් කිය යුත්තේ මෙම ස්වභාවික ආපදාව නිසා ජීවිත 400ක් අහිමි වී තවත් එවැනි දස ගුණයක්  අතුරුදහන් විය හැකි  තත්ත්වයක් තුළ ඊට අදාළ නොසැලකිලිමත් භාවය පිළිබඳ චෝදනාව පාස්කු ප්‍රහාරයට අදාලව නිලධාරීන්ට දේශපාලන නායකයින්ට  එල්ල වූ චෝදනා වලට වඩා බරපතළ විය හැක. විශේෂයෙන්ම එම ක්‍රියාවලියට අසදාළ විශේෂ නීතියක් මගින් ප්‍රතිපාදන පණවා තිබීම තුළ අදාළ නිතිය නොසලකා හැරීම හෝ උල්ලංගණය කිරීම යන චෝදනාව වඩා බරපතළ වේ. 


වෛද්‍ය වසන්ත බණ්ඩාර

ප්‍රධාන ලේකම්,

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය  


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.