News Category
From Date
To Date
Maximum Number of Result

හෙළ අටුවා කියන්නේ මොනවාද?.. හෙළයෝ පිළිතුර දැනගත යුතුම ප්‍රශ්නයක්..

Jul 17, 2025 at 12:11 PM
|

👉 මෙය සිංහල භාෂාව භාවිත කරන සියලුදෙනා පිළිතුර දැනගත යුතු වැදගත් ප්‍රශ්නයකි.  

 👉 හෙළ අටුවා යනු මුලින්ම අපේ සිංහල භාෂාවෙන් සම්පාදනය වූ පොත් ලෙස සැකෙවින් හැඳින්විය හැකිය. 

👉 හෙළ යනු සිංහල යන තේරුම ඇති යෙදුමක් වන අතර, අටුවා යනු  අර්ථ විවරණ යන තේරුම ඇති යෙදුමකි. 

👉 ඒ අනුව හෙළ අටුවා යනු මිහිදු හිමියන් පාලි භාෂාවෙන් ලංකාවට ගෙන ආ ධර්ම කාරණාවලට සිංහල බසින් සම්පාදනය වූ අර්ථ විවරණ හෙවත් අට්ඨ කතා ලෙස හැඳින්විය  හැකිය. 

👉 පොත් ලෙස හැඳින්වුවද ආරම්භයේදී මේවා ග්‍රන්ථාරූඪව නොපැවති අතර, පළමුව හෙළ අටුවා සම්පාදනය වූයේ කට පාඩමින් මතක තබා ගත හැකි සූත්‍ර එකතුවක් වශයෙනි. 

👉 පැරණි කාලයේ ලංකාවේ මෙන්ම ඉන්දියාවේද පැවති සම්ප්‍රදාය වූයේ කට පාඩමින් මතක තබා ගත හැකි ශ්ලෝක ආකාරයෙන් ග්‍රන්ථ සම්පාදනය කිරීමය.

👉 ඒ අනුව ආරම්භයේදී මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ හෙළ අටුවා මුලින්ම ලේඛන ගත වූයේ වළගම්බා රාජ්‍ය සමයේදීය. 

👉 මීළඟට හෙළ අටුවාවල වයස ගැන සලකා බලතොත් මුලින්ම මේ කෘති සම්පාදනය වනුයේ දේවානම්පිය තිස්ස රාජ්‍ය සමයේදී, එනම් ක්‍රි.පූ. 307 - 267 අතර කාලයේය. ඒ අනුව දැනට හෙළ අටුවාවල වයස අවුරුදු 2300ක් පමණ වේ. 

👉 මෙකල ශ්‍රී ලංකාවේ භාවිත වූ භාෂාව සිංහල, හෙළ, සීහළ, හෙළදිව් බස ආදී නම්වලින් හඳුන්වා ඇති අතර, පාලි බසින් ලක්දිවට ගෙන ආ ධර්ම කාරණා තේරුම් කරදීම සඳහා හෙළ බසින් හෙළ අටුවා සම්පාදනය වී තිබේ.  

👉 මෙයින් අපට පැහැදිලි වන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස වන විටත්, බුදු දහමේ එන ගැඹුරු ධර්ම කාරණා විස්තර කළ හැකි භාෂාවක් ලංකාවේ පැවති බවය. එය සිංහල භාෂාවේ දියුණු බව හා ප්‍රකාශන ශක්තිය පිළිබඳ වැදගත් සාධකයකි. 

👉 ලෝකයේ දැනට ශේෂව පවතින හත්දහසක් පමණ වන භාෂා අතර, මේ තරම් දීර්ඝ ඉතිහාසයක් ඇති භාෂා සියයක්වත් දක්නට නැති බව බොහෝදෙනා නොදනිති. 

👉 ඒ අනුව හෙළ අටුවා ලියැවුණු යුගය පමණක් සලකා බැලුවද අපේ භාෂාවේ වයස අවුරුදු 2300ක් පමණ වන අතර, අපේ භාෂාව පිළිබඳ ඊටත් වඩා පැරණි සාධක හමුවී තිබේ. 

👉 අනුරාධපුර සල්ගහවත්ත නම් ස්ථානයේ කැණීම්වලින් හමුවූ ක්‍රිස්තු පූර්ව හය වන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර දැනට ලංකාවෙන් හමුවන පැරණිතම අක්ෂර සාධක වෙයි. 

👉 මේ අනුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී එනම් අදින් අවුරුදු 2300කට පමණ පෙර මුල්ම සිංහල ග්‍රන්ථ සම්පාදනය වී තිබුණද අද වන විට මේ හෙළ අටුවා මුළුමනින්ම පාහේ අභාවයට ගොස් තිබේ. 


👉 ඒ අනුව හෙළ අටුවා යනුවෙන් යමක් පැවති බව අද අපට දැනගත හැකිවී ඇත්තේ පසුකාලීනව ඒ පිළිබඳ ලියැවුණු වෙනත් පොත් තුළිනි. 

👉 කාලයේ බලපෑමට අමතරව හෙළ අටුවා අභාවයට යෑමට බලපෑ තව හේතුවක් වනුයේ පස් වන සියවසේ, එනම් ක්‍රිස්තු වර්ෂ 410 - 431 අතර කාලයේ, මහානාම රජ දවස දඹදිව සිට ලංකාවට පැමිණි, බුද්ධඝෝෂ නම් භික්ෂුවක් විසින් අපේ හෙළ අටුවා නැවතත් පාළි භාෂාවට පරිවර්තනය කිරීමය.  

👉 මේ කාලය වන විට ඉන්දියාවේ තිබූ බොහෝ ධර්ම ග්‍රන්ථ අභාවයට ගොස් තිබූ බැවින් උන්වහන්සේට අවශ්‍ය වූයේ ලංකාවේ ආරක්ෂා වී තිබූ ධර්ම ග්‍රන්ථ පාලි භාෂාවට පෙරලා වැඩි පිරිසකට වටහා ගත හැකි ආකාරයට සකස් කිරීම බව පැවසෙයි.  ඉන්පසුව මේ පොත්වලට වැඩි අවධානයක් ලැබීමද හෙළ අටුවා අභාවයට යාමට හේතුවක් ලෙස සැලකේ. 

👉 මීළඟට හෙළ අටුවා පිළිබඳ විස්තර හෙළි වන මූලාශ්‍ර මොනවාදැයි සලකා බලමු. එහිදී අපට ප්‍රධාන මූලාශ්‍ර තුනක් හමුවෙයි. ඒ සමන්තපාසාදිකාව, ධම්පිය අටුවා ගැටපදය, සාරාත්ථදීපනී යන කෘති තුනයි. 

මේ අතරන් සමන්තපාසාදිකාව යනු බුද්ධඝෝෂ හිමියන් විසින් විනය පිටකයට ලියූ අටුවාවකි. දම්පිය අටුවා ගැට පදය යනු දස වැනි සියවසේ දී රචනා වූ ධර්ම ග්‍රන්ථයකි. සාරාත්ථදීපනී යනු පොළොන්නරු යුගයේ ලියැවුණු කෘතියකි.  

👉 මේ අතුරෙන් අපට හෙළ අටුවා පිළිබඳ වැඩිම තොරතුරු අනාවරණය වන්නේ බුද්ධඝෝෂ හිමියන්  ලියූ කෘතිවලින් වන අතර, උන්වහන්සේ විසින් හෙළ අටුවා ලෙස ගත හැකි පොත් විසි අටක පමණ නම් විවිධ තැන්වල සටහන් කර තිබේ. 

👉 එහෙත් මේවා වෙන වෙනම පොත් විසි අටක් ලෙස ගත නොහැකි බවත්, ඒ ඇතැම් නාම එකම පොතට කියන පර්යාය පද බවත්, ඇතැම් නම් එකම පොතක අනු කොටස් බවත් විද්වත්හු පෙන්වා දෙති. ඒ අනුව එවැනි අවශේෂ නාම ඉවත් කළ විට බොහෝ විද්වතුන් විසින් අවිවාදයෙන් හෙළ අටුවා ලෙස පිළිගන්නා මූලික ග්‍රන්ථ තුනක් තිබේ. ඒවා නම් 

1. මහා අට්ඨකතා හෙවත් මූලට්ඨකතා (මහා අටුවාව)  

2. මහා පච්චරිය අට්ඨකතා හෙවත් මහා පසුරු අටුවාව  

3. කුරුන්දි අට්ඨකතාව හෙවත් කුරුන්දිවෙල්ලී අට්ඨකථා 

යන පොත් තුන වන අතර, මේවායින් සමස්ත ත්‍රිපිටකයේ පිටක තුනටම අර්ථ විවරණ සැපයුණු බව පැවසේ. 

👉 මේ අතරින් කුරුන්දි යන නාමය බෙහෙවින් ප්‍රකට එකක් වී ඇත්තේ කුරුන්දි විහාරය පිළිබඳ කාලයක් තිස්සේ රටේ කතාබහක් ඇතිවී තිබීම නිසාය. කුරුන්දි අට්ඨකතාව දේවානම්පිය තිස්ස රජ සමයේදී කුරුන්දි විහාරයේ රචනා වූවක් ලෙස සැලකේ. එය කුරුන්දි විහාරයේ ඓතිහාසික වැදගත්කමට අදාළ තීරණාත්මක සාධකයකි. 

👉 මීට අමතරව අනුරාධපුර යුගයේදී රචනා වූ ධම්පිය අටුවා ගැටපදයේ හෙළ අටුවාවල ඇතුළත්ව තිබූ පාඨ කිහිපයක්ම උපුටා දක්වා තිබේ. 

👉 මේ පාඨවල භාෂා ලක්ෂණ ඒ යුගයේ ලියැවුණු සෙල්ලිපිවල භාෂා ලක්ෂණ සමඟ මනාව ගැලපෙන අතර, විල්හෙල්ම් ගයිගර් විද්වතා මේ යුගය හඳුන්වා ඇත්තේ සිංහල ප්‍රාකෘත යුගය යනුවෙනි. 

👉 ඒ අනුව සිංහල ප්‍රාකෘත යුගයේ ලියවුණු සෙල්ලිපි සහ හෙළ අටුවා භාෂා ලක්ෂණ අතින් සමානකම් පෙන්වීමද හෙළ අටුවා ලියවුණේ ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස තුළ බව සනාථ කෙරෙන කරුණකි. 

👉 ඉතිහාස කාරණා දැන ගැනීමට අමතරව, සිංහල භාෂාවේ වැදගත්කම ගැන බොහෝදෙනා තුළ ඇති අඩු තක්සේරුව, හීනමානය වැනි රටක් වශයෙන් අප තුළ ඇති ආකල්පමය ගැටලු නිරාකරණය කරගැනීමටද අපට මේ දැනුම වැදගත් වෙයි. 

👉 භාෂාව යනු හුදු සන්නිවේදන මෙවලමකින් ඔබ්බට ගිය, ඕනෑම රටක ඉදිරි ගමන, අභිවෘද්ධිය සමඟ අනුලංඝනීය සම්බන්ධයක් සහිත මානව පැවැත්මේ අතිශය වැදගත් අංගයකි. 

👉 ජනප්‍රිය මාතෘකා නොවුණද අප මේ පිළිබඳ සංවාදයක් ගොඩනැඟිය යුත්තේ ඒ නිසාය. 

- ඉසුරු ප්‍රසංග


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.