ලංකාව දුප්පත් වීමට ප්‍රධාන හේතුව බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය භාෂාව කිරීමද? - හීබෘ භාෂාවෙන් ඊශ්‍රායලය තම අනන්‍යතාවය හදාගත්තු හැටි මෙන්න..
ලංකාව දුප්පත් වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසාත් ඉන් පසුව පාසල්වල අධ්‍යාපන මාධ්‍යය සිංහල කිරීම නිසාත් කියලා හිතන අති විශාල පිරිසක් ලංකාවේ ඉන්නවානෙ. ඒ අය ඊශ්‍රායලය ගැන මොකද කියන්නේ?
1948 දී ඊශ්‍රායලය පිහිටුවන කොට හීබෘ කියන්නේ මල භාෂාවක්. අලුතෙන් පිහිටුවන මේ ඊශ්‍රායලයට යුරෝපය, උතුරු අප්‍රිකාව වගේ කලාපවලින් විවිධ භාෂා කතා කරන ගොඩක් දෙනා ආවනේ. ඒ අනුව ගොඩක් අය යෝජනා කළා අලුත් රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරන්න කියලා. නමුත් මම අහල තියෙන විදියට ප්‍රධාන වශයෙන් බෙන් ගුරියෙන් ඇතුළු පිරිසක් තරයේ කියා සිටියා ඊශ්‍රායලයේ යුදෙව් අනන්‍යතාවය නිර්මාණය කර ගැනීම සඳහා තමන්ගේම වූ භාෂාවක් තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ එයාලගෙ සම්ප්‍රදායික භාෂාව වන හීබෘ, රාජ්‍ය භාෂාව ලෙස භාවිත කළ යුතුයි කියලා.
නමුත් යථාර්ථය තමයි ඒ වෙනකොට ප්‍රායෝගික වශයෙන් හීබෘ කියලා භාෂාවක් තිබුණෙ නැහැ. ඒක මල භාෂාවක්. නමුත් ඔවුන් කොයිතරම් ජාතිකවාදී ද සහ ඒ අතින් කොයි තරම් ශූරද සහ අධිෂ්ඨානශීලී ද කියනවා නම් ඒ වෙනකොට ලේඛනගතව ඉතිරි වෙලා තිබුණු වචන අටදාහක් පාවිච්චි කරලා වචන ලක්ෂ දෙකකද කොහෙද අලුත් භාෂාවක් බිහිකළා. එහෙම අලුත් භාෂාවක් හදලා, ඒක තමන් ඉගෙනගෙන සහ ළමයින්ට උගන්වලා අද වෙනකොට ඒක ප්‍රායෝගික වශයෙන්ම රටේ රාජ්‍ය භාෂාව බවට පත්කරගෙන තිබෙනවා. ලෝකෙ ඒ වගේ වික්‍රමයක් කරපු එකම රට තමයි ඊශ්‍රායලය.
ලංකාවේ මේ වෙනකොට ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්න යුවාල් නෝවා හරාරි එයාගේ සේපියන්ස් පොත මුලින් ලියලා තියෙන්නේ හීබෘවලින්. පස්සෙ වෙන කෙනෙකුගේ උදව්වෙන් තමයි ඒක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ. දැනුම ගන්නවත්, දැනුම නිර්මාණය කරන්නවත්, ඒ දැනුම බෙදා හරින්නවත් ඒ යුදෙව්වන්ට තමන්ගේ රාජ්‍ය භාෂාව සහ පාසල්වල අධ්‍යාපන මාධ්‍ය භාෂාව ඉංග්‍රීසි නොවී හීබෘ වීම ප්‍රශ්නයක් වෙලා නෑ. කොටින්ම හීබෘ වලින් ලියපු ඒ පොත බෙස්ට් සෙලර් එකක් වෙලා තියෙනවා.
මේ වෙලාවේ ඊශ්‍රායලය පැත්තෙ හිටගන්න මගේ හිත දෙන්නේ නෑ. නමුත් අපේ ෆේස්බුක් ප්‍රාඥයෝ ටික කිසිම දෙයක් දන්නේ නැතිව ඔහේ බණ්ඩාරනායකට බනිනකොට ඊශ්‍රායලය සිහියට නැගෙන එක වළක්වන්නත් බෑ.
ඊශ්‍රායලය කියන්නේ මැද පෙරදිග තියෙන සුදු කොළණියක්. ඒක අද මේ තත්ත්වයෙන් තියෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ ඒ සුදු රටවල්වලින් ලැබෙන කොන්දේසි විරහිත සහයෝගය නිසා කියන එකත් බොරුවක් නෙවෙයි. නමුත් මෙලෝ දෙයක් කරගන්න බැරි දුර්වල ජාතියකට ඇමරිකාව නෙවෙයි දෙවියන් වහන්සේ උදව් කළත්, හොඳට හෝ නරකට ඊශ්‍රායලය කරන ඔය දේවල් ටිකක් කරන්න බෑ.
ඊශ්‍රායල් කාරයින්ගේ විශේෂත්වය මොකක්ද කියලාඇහුවොත් මට මතක් වෙන්නේ අයන් ඩෝම් එකවත්, කෆීර්වත්, අර කෘෂිකර්මයවත් නෙවෙයි. මැරිච්ච භාෂාවක් අලුතෙන් උපද්දවලා ඒක සමස්ත ජාතියක භාවිත භාෂාව කරපු එකයි. ඒක තමයි ආශ්චර්යය. ලෝකෙ ලේසි ජාතියක් එහෙම දෙයක් කරන්න හිතන්නෙවත් නෑ. එහෙම හිතුවත් ඒක දිගට පවත්වාගෙන යන්න අවශ්‍ය අඛණ්ඩ සාමූහික අධිෂ්ඨානය තියෙයි කියලා හිතන්නෙත් නෑ.
රටක් ජාතියක් කියලා කියන්නේ ඉඩමක පදිංචි වෙලා ඉන්න පුද්ගලයෝ ටිකක් නෙවෙයි. පුද්ගලයෝ ටික ජාතිය කියන සමූහය බවට පත්වෙන්න නම් ඒ පුද්ගලයන්ට සාමූහිකත්වය පිළිබඳ අදහසක්, ඒ සාමූහිකත්වය ගොඩනගන ගොඩනඟන අනන්‍යතා ලක්ෂණ පිළිබඳ එකඟතාවක්, ඒ අනන්‍යතා ලක්ෂණ පිළිබඳ ගෞරවාන්විත හැඟීමක් තියෙන්න ඕනේ. භාෂාව කියන්නේ ඒ අතුරින් ප්‍රධානතම එකක්. ඊශ්‍රායල් කියන්නේ ඒක හොඳින්ම තේරුම් ගත්තු රටක්.
ලංකාවේ ප්‍රශ්නය ඊශ්‍රායලයටත් වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. යුදෙව්වන්ට එකිනෙකා කතා කර ගන්න පොදු භාෂාවක් තිබුණෙ නෑ. ඒ අනුව ප්‍රායෝගිකව ඒ වෙලාවේ ඉංග්‍රීසි පාවිච්චි කරන්න හිතුවත් එතන වැරැද්දක් නැහැ. නමුත් ලංකාවේ මිනිස්සුන්ගෙන් 96% කටම ඒ කාලේ ඉංග්‍රීසි බෑ. එහෙම තියෙද්දි ප්‍රජාතන්ත්‍රවාදීම, මානුෂිකම විතරක් නෙමෙයි ප්‍රායෝගිකම දේ තමයි ස්වභාෂාවන්ට මාරු වීම. ඒක තමයි බණ්ඩාරනායක කළේ. බණ්ඩාරනායක එතනදි කරපු වැරැද්ද සිංහල සමග දෙමලත් රාජ්‍ය භාෂාව නොකිරීමයි. එහෙම නැතිව ඉංග්‍රීසි වෙනුවට ස්වභාෂාවන්ට මාරු වීම නෙවෙයි.
ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කළා කියලා රටවල් දියුණු වෙන්නේ නෑ කියන එක කොයි තරම් උදාහරණ ගෙනල්ලා පෙන්නුවත් අපේ ගොඩක් ප්‍රාඥයන්ට ඒක වැටහෙන්නේ නෑ. රටවල් දියුණු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික ප්‍රතිපත්ති නිසා මිසක් ඉස්කෝලවල උගන්වන භාෂාව නිසා නෙවෙයි. අප්‍රිකාවේ ගොඩක් රටවල්වල මිනිස්සුන්ට ඉංග්‍රීසි පුළුවන්. ඒ රටවල් දියුණු වෙලා නෑ. ඒ රටවල්වල මිනිස්සු ඉංග්‍රීසියෙන් හිඟා කනවා. නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ තියෙන ඉංග්‍රීසි බැරි චීනය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය දියුණුවෙද්දි ඉංග්‍රීසි පුලුවන් මිනිස්සු ඉන්න පිලිපීනය ඔහේ එක තැන පල්වෙවී තියෙනවා. ඉංග්‍රීසි නිසා පිලිපීන ජාතිකයන්ට හම්බවෙලා තියෙන එකම වාසිය තමයි දියුණු රටවල්වල ශ්‍රමිකයන් විදිහට යන්න පුළුවන් වෙලා තිබීම. එච්චරයි.
මේ කියන්නේ ඉංග්‍රීසි එපා කියන එක නෙවෙයි. සිංහලෙන් හෝ දෙමළෙන් වෙනුවට ඉංග්‍රීසියෙන් ඉගැන්නුවා කියලා රට දියුණු වෙන්නේ නෑ කියන එකයි. ඉංග්‍රීසි ඉගෙන ගැනීම පෞද්ගලිකව ඉතාම ප්‍රයෝජනවත්. නමුත් රටවල් දියුණු වෙන්නේ නම් ඒවා සමූහයක් ලෙස සංවිධානය කිරීමට කොයිතරම් සමත්ද කියන කාරණයත් ඒ වගේම ඒ සමූහය අනුගමනය කරන ප්‍රතිපත්ති මොනවාද කියන කාරණයත් මතයි.
ඒ නිසා තමන්ගේ දුප්පත්කම ගැන හෝ රටේ දුප්පත්කම ගැන බණ්ඩාරනායකට බනින්න හිතෙන හැම වෙලාවකම ඊශ්‍රායලය, චීනය, ජපානය, දකුණු කොරියාව වගේ රටක් දිහා බලන්න.
(අනුරුද්ධ ප්‍රදීප් කරුණාසූරියගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..