බුදුදහම ආගමක් වන්නේ එය විශාල සංවිධානයක් බවට පත්වීම නිසා නොවෙයි.. එය ආගමක් වන්නේ එහි අන්තර්ගතය හුදු දර්ශනයක් නොවීම මතයි - බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? වීඩියෝවට පිළිතුරක්..
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට ආදරේ ඇයි? යනුවෙන් සඳහන් වීඩියෝව බැලීමෙන් මෙය ලිවීමට සිත්වුණි. මෙහිදී මා සළකා බැලීම කරණු ලබන්නේ දර්ශණයක්ද ආගමක්ද යන්න නිගමනය සඳහා එතුමා භාවිතාකළ නිර්නායකයේ නිරවද්‍යතාවය පිළිබඳවයි.
මෙතුමා විසින් තම අදහස් පැහැදිලිව හා ව්‍යක්තව ඉදිරිපත් කළ ද, ඉදිරිපත් කරන ලද තර්ක රටාවන්හි අංග අසම භාවයක් පෙනී යයි. මුලින්ම, බුදුදහම සංවිධානාත්මක ආගමක් බවට පත් වීම මත එය දර්ශනයක් නොවෙයි යන්න විදහා දක්වයි. එමඟින් බුදුදහම දර්ශනයක් නොවන බවට නිගමනයක් කරයි. කෙසේ වෙතත්, පසුව නම් වගයක් යටතේ කිසිවෙකුගේ දර්ශනයක් පැවතිය බව පිළිගනිමින් එය සාකච්ඡාවට ඇද ගැනේ.
ඊළඟට, කාර්ල් මාක්ස්ගේ දර්ශනයද සංවිධානාත්මක පද්ධතියක් බවට පත්ව ඇති බැවින් එය ද ආගමක් විය යුතුය යන්න මෙතුමාගේ මුලික නිගමනය අනුව සඳහන්කල යුතු උවත් එය දර්ශනයක් බව පවසයි. මෙය තර්ක සංගතියක ගැටළුවක් ඉදිරිපත් කරනාකාරයක් පෙන්නුම් කරයි.
පසුව, දර්ශනය සහ සංස්කෘතිය අතර සබඳතා සාකච්ඡාවට ලක් කරමින්, අවසානයේ බුදුදහම තනි දර්ශනයක් ලෙස හැඳින්වීමක් සිදුවේ. මෙය පුරෝකථනයක සහ අන්‍යෝන්‍යව පිළිගත් විධිමත් නිගමනයක අස්ථාවරභාවයකි. එබැවින්, මෙතුමා ගත් උත්සාහය සලකා බැලීමේදී යම් නිවැරදි කිරීමකට යටත් විය යුතු බව පැහැදිලි වේ.
බුදුදහම ආගමක් වන්නේ එය විශාල සංවිධානයක් බවට පත්වීම හේතුකොට නොවෙයි. එය ආගමක් වන්නේ එහි අන්තර්ගතය හුදු දර්ශනයක් නොවීමයි. දර්ශනයක් සීමාවෙහි තර්ක සහ විචාර පදනම් වන අතර, බුදුදහම පදනම් වන්නේ විශ්වාසය, තර්කය, පරීක්ෂණය, නිරීක්ෂණය සහ අත්දැකීමේ එකමුතු සන්ධානයක් මතය.
බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළා පමණක් නොව, ඒවා අත්දැකීමෙන්ද දැක බලා ඇත. එය දැකීමෙන් ලද අවබෝධයකි. සච්ඡක බමුණා යමෙක් මරණින් මතු ඉපදෙන්නේ කොහේද කියා පමණක් ඔහු අභ්‍යාසකළ ඥාණයෙන් දැනගත් නමුදු, බුදුරදුන් උපතක් සිදුවීමට බලපාන්නේ මොනවාද, එය නැතිකරන්නේ කෙසේද ආදියත් බුදු ඇසින් දුටුසේක. එබැවින් බුදුදහම පසුපසින් පැවතියේ විචාරකයන්ගේ මතවාදයක් ලෙස නොව, සජීවී පළපුරුද්දක් සහිත ආකාරයකි. අදද අපට ත්‍රිපිටකය, පට්ඨාන වැනි දේශනා පාඨය හා ශ්‍රවණය මඟින් එය යම් ප්‍රමාණයකට ධර්මය අවබෝධ කරගත හැක. නමුත් බුදුන් වහන්සේ ලබා ගත් බුද්ධත්වය යනු සාමාන්‍ය අවබෝධයකින් ඔබ්බෙහි යන, පුළුල් සහ ගැඹුරු අත්දැකීමකි. එම තත්ත්වය රහත් වහන්සේලාටද විවිධ මට්ටමින් ඇතිවිය හැක.
ඒ අනුව, බුදුදහම යනු තර්කමය දර්ශනයක් පමණක් නොව, අවබෝධය සහ පරික්ෂණාත්මක අත්දැකීම සමග යුත්, ආගමක් ලෙස පැවති හා පවතින සම්භාව්‍ය පද්ධතියකි. මෙය තර්කය හා ආගම අතර සීමාවන් අභිබවා යන විශිෂ්ට උදාහරණයක් ලෙස සැලකිය හැක. එබැවින්, මෙතුමා විසින් බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය අතරින් බෞද්ධ සංස්කෘතිය වඩා උසස් යැයි දැක්වීමට ගත් උත්සාහය වටිනා වුවද, එය තවදුරටත් ගැඹුරු අවධානයකට ලක් විය යුතුය. එසේ නොවුනහොත් බුද්ධාගම දර්ශණයක් ලෙස සඳහන් කරන දෙවන අවස්ථාවේදී බුදු දහමට වැඩිය වටිනාකමක් බෞද්ධ සංස්කෘතියට ලබාදීමෙන් නිවැරදි කල නොහැකි පඹගාලක එතුමාගේ තර්කය පැටලෙනු ඇත. ඒ මන්ද යත් බුදු දහම එකක්වුවද බෞද්ධ සංස්කෘතිය රටින් රටට වෙනස්වෙන බැවිනි.
අවසාන වශයෙන් සඳහන්විය යුත්තේ බුදු දහම හුදු දර්ශණයක් නොව බුදු දහම අන්‍යවූ ආගමකි. එහි සංස්කෘතික විවිධත්වය රටින් රටට වෙනස්වන අතර ඒවා ඒ ඒ සංස්කෘතියට අනන්‍යවේ.
- යසස් ධර්මදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා
මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි
ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි