බුදුදහම ආගමක් වන්නේ එය විශාල සංවිධානයක් බවට පත්වීම නිසා නොවෙයි.. එය ආගමක් වන්නේ එහි අන්තර්ගතය හුදු දර්ශනයක් නොවීම මතයි - බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? වීඩියෝවට පිළිතුරක්..
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට ආදරේ ඇයි? යනුවෙන් සඳහන් වීඩියෝව බැලීමෙන් මෙය ලිවීමට සිත්වුණි. මෙහිදී මා සළකා බැලීම කරණු ලබන්නේ දර්ශණයක්ද ආගමක්ද යන්න නිගමනය සඳහා එතුමා භාවිතාකළ නිර්නායකයේ නිරවද්‍යතාවය පිළිබඳවයි.
මෙතුමා විසින් තම අදහස් පැහැදිලිව හා ව්‍යක්තව ඉදිරිපත් කළ ද, ඉදිරිපත් කරන ලද තර්ක රටාවන්හි අංග අසම භාවයක් පෙනී යයි. මුලින්ම, බුදුදහම සංවිධානාත්මක ආගමක් බවට පත් වීම මත එය දර්ශනයක් නොවෙයි යන්න විදහා දක්වයි. එමඟින් බුදුදහම දර්ශනයක් නොවන බවට නිගමනයක් කරයි. කෙසේ වෙතත්, පසුව නම් වගයක් යටතේ කිසිවෙකුගේ දර්ශනයක් පැවතිය බව පිළිගනිමින් එය සාකච්ඡාවට ඇද ගැනේ.
ඊළඟට, කාර්ල් මාක්ස්ගේ දර්ශනයද සංවිධානාත්මක පද්ධතියක් බවට පත්ව ඇති බැවින් එය ද ආගමක් විය යුතුය යන්න මෙතුමාගේ මුලික නිගමනය අනුව සඳහන්කල යුතු උවත් එය දර්ශනයක් බව පවසයි. මෙය තර්ක සංගතියක ගැටළුවක් ඉදිරිපත් කරනාකාරයක් පෙන්නුම් කරයි.
පසුව, දර්ශනය සහ සංස්කෘතිය අතර සබඳතා සාකච්ඡාවට ලක් කරමින්, අවසානයේ බුදුදහම තනි දර්ශනයක් ලෙස හැඳින්වීමක් සිදුවේ. මෙය පුරෝකථනයක සහ අන්‍යෝන්‍යව පිළිගත් විධිමත් නිගමනයක අස්ථාවරභාවයකි. එබැවින්, මෙතුමා ගත් උත්සාහය සලකා බැලීමේදී යම් නිවැරදි කිරීමකට යටත් විය යුතු බව පැහැදිලි වේ.
බුදුදහම ආගමක් වන්නේ එය විශාල සංවිධානයක් බවට පත්වීම හේතුකොට නොවෙයි. එය ආගමක් වන්නේ එහි අන්තර්ගතය හුදු දර්ශනයක් නොවීමයි. දර්ශනයක් සීමාවෙහි තර්ක සහ විචාර පදනම් වන අතර, බුදුදහම පදනම් වන්නේ විශ්වාසය, තර්කය, පරීක්ෂණය, නිරීක්ෂණය සහ අත්දැකීමේ එකමුතු සන්ධානයක් මතය.
බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළා පමණක් නොව, ඒවා අත්දැකීමෙන්ද දැක බලා ඇත. එය දැකීමෙන් ලද අවබෝධයකි. සච්ඡක බමුණා යමෙක් මරණින් මතු ඉපදෙන්නේ කොහේද කියා පමණක් ඔහු අභ්‍යාසකළ ඥාණයෙන් දැනගත් නමුදු, බුදුරදුන් උපතක් සිදුවීමට බලපාන්නේ මොනවාද, එය නැතිකරන්නේ කෙසේද ආදියත් බුදු ඇසින් දුටුසේක. එබැවින් බුදුදහම පසුපසින් පැවතියේ විචාරකයන්ගේ මතවාදයක් ලෙස නොව, සජීවී පළපුරුද්දක් සහිත ආකාරයකි. අදද අපට ත්‍රිපිටකය, පට්ඨාන වැනි දේශනා පාඨය හා ශ්‍රවණය මඟින් එය යම් ප්‍රමාණයකට ධර්මය අවබෝධ කරගත හැක. නමුත් බුදුන් වහන්සේ ලබා ගත් බුද්ධත්වය යනු සාමාන්‍ය අවබෝධයකින් ඔබ්බෙහි යන, පුළුල් සහ ගැඹුරු අත්දැකීමකි. එම තත්ත්වය රහත් වහන්සේලාටද විවිධ මට්ටමින් ඇතිවිය හැක.
ඒ අනුව, බුදුදහම යනු තර්කමය දර්ශනයක් පමණක් නොව, අවබෝධය සහ පරික්ෂණාත්මක අත්දැකීම සමග යුත්, ආගමක් ලෙස පැවති හා පවතින සම්භාව්‍ය පද්ධතියකි. මෙය තර්කය හා ආගම අතර සීමාවන් අභිබවා යන විශිෂ්ට උදාහරණයක් ලෙස සැලකිය හැක. එබැවින්, මෙතුමා විසින් බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය අතරින් බෞද්ධ සංස්කෘතිය වඩා උසස් යැයි දැක්වීමට ගත් උත්සාහය වටිනා වුවද, එය තවදුරටත් ගැඹුරු අවධානයකට ලක් විය යුතුය. එසේ නොවුනහොත් බුද්ධාගම දර්ශණයක් ලෙස සඳහන් කරන දෙවන අවස්ථාවේදී බුදු දහමට වැඩිය වටිනාකමක් බෞද්ධ සංස්කෘතියට ලබාදීමෙන් නිවැරදි කල නොහැකි පඹගාලක එතුමාගේ තර්කය පැටලෙනු ඇත. ඒ මන්ද යත් බුදු දහම එකක්වුවද බෞද්ධ සංස්කෘතිය රටින් රටට වෙනස්වෙන බැවිනි.
අවසාන වශයෙන් සඳහන්විය යුත්තේ බුදු දහම හුදු දර්ශණයක් නොව බුදු දහම අන්‍යවූ ආගමකි. එහි සංස්කෘතික විවිධත්වය රටින් රටට වෙනස්වන අතර ඒවා ඒ ඒ සංස්කෘතියට අනන්‍යවේ.
- යසස් ධර්මදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..