News Category
From Date
To Date
Maximum Number of Result

චීනයට යාබද රාජ්‍යයේ පෙරලියක් සිදුව ඇත! එහෙත් බීජිං කනස්සල්ලට පත්විය යුතුද?

Sep 24, 2025 at 02:34 PM
|

අගමැති ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට බල කළ නේපාලයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන්, නොසන්සුන්තාව පිටුපස දේශීය දුක්ගැනවිලි හෝ බාහිර බලපෑම් තිබේද යන්න පිළිබඳව මේ වන විට විවාදයක් ඇති වී තිබේ. බීජිංහි දිගුකාලීන සගයෙකු වන ඔලි, චීනයේ පැවැති ඉහළ පෙළේ රාජ්‍ය සංචාරයකින් ආපසු පැමිණි විගසම වාගේ කත්මන්දු නුවර වීදි විරෝධතා වලින් පුපුරා ගොස් තිබුණි. නේපාලයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණය සහ විරැකියාව පිළිබඳ කලකිරීම් මගින් නේපාල යෞවනයන්ගේ ක්ෂණික කෝපය ඇවිස්සී තිබුණි. හිමාලයානු ජනරජය තුළ චීනයේ වර්ධනය වන භූමිකාව දුර්වල කිරීම ද කැරලිවල අරමුණ වූවාද යන්න බොහෝ දෙනෙක් දැන් ප්‍රශ්න කරති.

නේපාලය යනු ගොඩබිම් වටවූ රාජ්‍යයකි.ඒ අනුව නේපාලය යෝධයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනය අතර අවිනිශ්චිතභාවයේ ගිලී පවතින රාජ්‍යකි. නේපාලය රටක් ලෙස මධ්‍යස්ථ ප්‍රමාණයේ භූමියකට හිමිකම් කීවද  භූ දේශපාලනිකව ඉහළ වැදගත්කමක් උසුලන රටකි. භූගෝලීය පිහිටීම නේපාලයට එහි ජනගහනය හෝ ආර්ථිකය සලකා ලෝක දේශපාලන්යේ අවධානය දිනාගන්නවාට වඩා බොහෝ ඉහළ අගයක උපායමාර්ගික බරක් ලබා දෙනු ලැබේ. හිමාල කඳු පන්තිය මායිමේ නේපාලයේ පිහිටීම හේතුවෙන් නවදිල්ලිය සහ බීජිං පාලන තන්ත්‍රයන් දෙකටම සැලකිය යුතු වටිනාකමක් ඇති අවරෝධක රාජ්‍යයක් බවට පත් කර තිබේ. චීනය සම්බන්ධයෙන් ගත් කළ, නේපාලය චීනයට දකුණු ආසියාවට ප්‍රවේශ වීමට ගොඩබිම් මාර්ගයක් සපයයි. චිනයේ සංවේදී ටිබෙට් ස්වාධීන කලාපය අසල පිහිටා ඇති නේපාලය ජල කළමනාකරණය, ජල විදුලිය සහ සම්බන්ධතාවයේ හවුල්කරුවෙකි. දශක ගණනාවක් තිස්සේ  කත්මන්දු සමඟ සබඳතා ගොඩනඟා ගැනීම සඳහා බීජිනය ස්ථාවරව ආයෝජනය කර ඇත්තේ මන්ද සහ චීනයේ බල කොරිඩෝවල එහි අස්ථාවරත්වය නොසන්සුන් ලෙස සලකන්නේ මන්දැයි මෙම සාධක පැහැදිලි කරයි.

නේපාලය සහ චීනය 1955 දී නිල සබඳතා ආරම්භ කරනු ලැබූවේ 1954 දී චීනය සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුමක භාවිතා කරන ලද සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ මත පදනම්වය. ඉන් වසර පහකට පසුව, චීනය සමඟ මායිම් ගිවිසුමක් අත්සන් කළ පළමු අසල්වැසි රට බවට නේපාලය පත්විය. සහයෝගීතාවයේ මුල් වසරවල සංයුක්ත ප්‍රතිඵල දක්නට ලැබුණි, විශේෂයෙන් 1960 ගණන්වල අරනිකෝ අධිවේගී මාර්ගය ඉදිකිරීම කැපී පෙනුනු අතර එය කත්මන්දු ටිබෙට් ස්වයං පාලිත කලාපය  සමඟ දේශසීමාවට සම්බන්ධ කළේය.

කාලයත් සමඟ චීනය නේපාල ආර්ථිකයේ සිය භූමිකාව ක්‍රමයෙන් පුළුල් කළේය. මෑත දශක කිහිපය තුළ, ඉන්දියාවෙන් පසු, බීජිනය නේපාලයේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස මතු වී තිබේ. චීන වරායන් වෙත නේපාලයට ප්‍රවේශය ලබා දුන් 2016 සංක්‍රමණ ගිවිසුම, විශේෂයෙන් වැදගත් වූයේ එය කත්මණ්ඩුවේ ඉන්දියාව මත යැපීම අඩු කළ බැවිනි. ඊළඟ වසරේදී, නේපාලය චීනයේ තීර්යක් මාවතක් මුල පිරීම (BRI) සමඟ එක් වූයේ, බීජිං හි සම්බන්ධතා ව්‍යාපෘති තුළ අනාගත සංවර්ධනයට අවතීර්ණ වීමේ අභිප්‍රාය පෙන්නුම් කළේය. 2019 දී, දෙරටෙහි සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීය. කෝවිඩ් වසංගතය එහි ප්‍රගතිය මන්දගාමී කළද, විශේෂයෙන් ෂර්මා ඔලිගේ නායකත්වය යටතේ, වසර ගණනාවකට පසු එම ගම්‍යතාව නැවත පැමිණියේය.

සබඳතා ගැඹුරු වීම 2024 දෙසැම්බර් මාසයේදී ඔලිගේ චීන රාජ්‍ය සංචාරයේදී අවසන් අදියරට ළඟා විය. පසුව, නේපාල නායකයා ටියැන්ජින් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වූ අතර බීජිං හි ජයග්‍රාහී දින හමුදා පෙළපාළිය නැරඹීය. සංචාරය තුළ තිබූ සංකේත සැලකීමේදී සම්බන්ධතාවය කෙතරම් දුරට පැමිණ ඇත්ද යන්න අවධාරණය කරන ලදී. කෙසේ වෙතත්, දින කිහිපයකට පසු, ඔලි නිවසේදීම වටලෑමට ලක් වූ අතර, විරෝධතා කත්මන්දු නගරය පුරා පැතිර ගිය අතර අවසානයේ සැප්තැම්බර් 9 වන දින ඔහුට ඉල්ලා අස්වීමට බල කෙරුනි. මෙම සිද්ධිදාමය අහඹු ලෙස මාඕ සේතුං සමරුව සනිටුහන් කළ දිනය තුළම සිදුවීම විශේෂත්වයකි.

රටවල් දෙකටම ඇති අවදානම තේරුම් ගැනීමට, නේපාලය චීනයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ බීජිං කත්මන්දුවෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න සොයා බැලීම අවශ්‍ය වේ. නේපාලයේ අවශ්‍යතා පැහැදිලිය. රටේ නායකයින් බොහෝ විට දරිද්‍රතාවය අඩු කිරීම සහ ආර්ථික නවීකරණය සඳහා චීනයේ අසාමාන්‍ය ජයග්‍රහණ අනුකරණය කිරීමට ආදර්ශයක් ලෙස උපුටා දක්වයි. නේපාලය තම සමාජය පරිවර්තනය කිරීම සඳහා චීන තාක්ෂණය, ආයෝජන සහ අත්දැකීම් භාවිතා කිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව යටිතල පහසුකම් ප්‍රමුඛතාවය උසුලයි. මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන්තොටුපළ සහ විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඒ අතර වැදගත් තැනක් ගනී. ප්‍රවාහනයෙන් ඔබ්බට, නේපාලය විදුලි සංදේශ, විශේෂ ආර්ථික කලාප, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව චීනයෙන් අපේක්ෂා කරයි. ප්‍රමුඛතම කාර්යය වන්නේ 2022 දී එකඟ වූ ට්‍රාන්ස්-හිමාලයානු බහු-මාන සම්බන්ධතා ජාලය වන අතර එය 2026 වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන ශක්‍යතා අධ්‍යයනයකි. එය සාක්ෂාත් කර ගන්නේ නම්, එය නේපාලය චීනයේ සංවර්ධන උපාය මාර්ගයට සහ පුළුල් තීරයක් සහ මාවතක් මුල පිරීමේ කොරිඩෝවලට වඩාත් සමීපව සම්බන්ධ කළ හැකිය.

චීනයේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට නේපාලය ප්‍රායෝගික සහ උපායමාර්ගික ප්‍රතිලාභ දෙකෙන්ම ප්‍රයෝජනවත් බව තක්සේරු කර තිබේ. දේශපාලනිකව, නේපාලය එක්-චීන මූලධර්මයට නිරන්තරයෙන් අනුගත වීම සහ ටිබෙට් ස්වයං පාලිත කලාපය හා සම්බන්ධ බීජිං විරෝධී ක්‍රියාකාරකම් සීමා කිරීමට ඉතා ඉහළ වටිනා කමක් දක්වනු ලබයි. ආර්ථික වශයෙන්, නේපාලයේ ජල විදුලිය සහ ගංගා පද්ධති කලාපීය වශයෙන් විශේෂයෙන් දේශසීමා ජල කළමනාකරණයේ සන්දර්භය තුළ ඉහළ වැදගත්කමක් දරයි. උපායමාර්ගිකව, නේපාලය ඉන්දියාව හෝ බටහිර බලවතුන් දෙසට නැඹුරු වනවාට වඩා ස්ථාවර, මධ්‍යස්ථ සහ නොබැඳි රාජ්‍යයක් ලෙස සිටින නේපාලයකට හෙවත් ස්වාරක්ෂක රාජ්‍යයකට  චීනය කැමැත්ත පවතී. එහෙත් ගැටළු ආරම්භ වන්නේ මෙහිදීය.

නේපාලයේ දේශපාලන අස්ථාවරත්වය දිගුකාලීන ගැටලුවකි. 1990 දශකයේ සිට, නේපාල ඉතිහාසය කැලඹීම් වලින් සලකුණු වී ඇත. 1996 සිට 2006 දක්වා කොමියුනිස්ට් කැරලිකරුවන් සහ රාජකීයයන් අතර පැවැති දස වසරක සිවිල් යුද්ධය නේපාල ඉතිහාසයට ගැඹුරු කැළැල් ඇති කළේය. අවසානයේ රාජාණ්ඩුව අහෝසි කරන ලද නමුත්, නැවත නැවතත් දේශපාලන අර්බුද ඇති විය. ජනවාර්ගික ගැටුම්, 2015 දී විනාශකාරී භූමිකම්පාව සහ අඛණ්ඩ පාලන අසාර්ථකත්වයන් යන සියල්ලම නේපාලයේ බිඳෙනසුලු දේශපාලන පරිසරයකට දායක වී ඇත. නිතිපතා ආණ්ඩු  නැගී ඒමත් වැටීමත් අතර, සභාග දේශපාලනය බොහෝ විට තීරණ ගැනීම අඩාල කරනු ලැබුවේය. බීජිං සඳහා, එවැනි අස්ථාවරත්වය දිගුකාලීන ව්‍යාපෘති සඳහා බාධාවක් පමණක් නොව, නොසන්සුන්තාව දේශසීමා කලාප දක්වා පැතිර ගියහොත් චීනයේ ආරක්ෂවට තර්ජනයක් පවා ඇති විය හැකිය.

පසුගිය දිනවල ඇති වූ විරෝධතා තරුණ පරම්පරාවන් අතර ව්‍යාප්තව තිබෙන පුළුල් අතෘප්තිය මගින් අවුලුවන ලද්දකි. නේපාලයේ "Gen Z කැරැල්ල" දූෂණය, ඥාති සංග්‍රහය, අයුක්තිය සහ ඉහළ විරැකියාව හේතුවෙන් අවුලුවා ලන ලද කෝපය පිට කිරීමකි. නේපාල කොමියුනිස්ට් පක්ෂය (එක්සත් මාක්ස්-ලෙනින්වාදී), නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී මධ්‍යස්ථානය) සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නේපාල කොංග්‍රසය යන පක්ෂ තුනක පුද්ගලයින් කිහිප දෙනෙකු අතේ නේපාල දේශපාලන බලය සංකේන්ද්‍රණය වී ඇත. තරුණ නේපාල ජාතිකයින්ට නව නායකත්වයක් හෝ අවස්ථාවන් සඳහා ඇති ඉඩකඩ අඩු බව පෙනෙන්නට තිබෙන අතර, ඔවුන්ගේ කලකිරීම් වීදිවලට ​​ගලා ගියේය. මෙවැනි දුක්ගැනවිලි ප්‍රධාන වශයෙන් දේශීය මුහුණු වරක් ගත්තද, භූ දේශපාලනය අනිවාර්යයෙන්ම කතාව වර්ණවත් කළේය. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර තානාපති කාර්යාල කිහිපයක් විරෝධතාකරුවන්ට අනුකම්පාව පළ කරමින් ඉක්මනින්ම ප්‍රකාශ නිකුත් කළහ. කත්මණ්ඩු කේන්ද්‍ර කරගත් දේශපාලන විචාරකයින් තර්ක කරන්නේ, අන්තර්ජාතික ජාලවලට බැඳී ඇති දේශීය "කොම්පදොරු ධනේශ්වරයක්" ඇතුළු බාහිර ක්‍රියාකාරීන් නොසන්සුන්තාව දිරිගැන්වීමේදී විශාල භූමිකාවක් ඉටු කළ බවයි.

විරෝධතා සෘජු චීන විරෝධී ව්‍යාපාරයක් ලෙස රාමු කිරීම සරල වනු ඇත. බොහෝ විරෝධතාකරුවන් විරෝධතා දැක්වූයේ ඔලිගේ බීජිං ගැති දිශානතියට එරෙහිව නොව, ඔහු නියෝජනය කළ මුල් බැසගත් දේශපාලන ක්‍රමයට එරෙහිව ය. කෙසේ වෙතත්, බීජිං පරිපාලනය සමඟ ශක්තිමත් සබඳතා නැවත තහවුරු කරගත් නායකයෙකු නොසන්සුන්තා හේතුවෙන් හටගත් කැරැල්ලකින් නෙරපා හැරීම ස්වාභාවිකවම චීනය තුළ සහ එහි යුරේසියානු හවුල්කරුවන් අතර සැකයන් මතු කරයි. මියන්මාරයේ සිවිල් යුද්ධයේ සිට ඉන්දු-පකිස්ථාන ගැටුම, බංග්ලාදේශයේ ආතතීන් සහ ඇෆ්ගනිස්ථානයේ අනපේක්ෂිත බව දක්වා කලාපයේ අස්ථාවරත්වයේ පුළුල් රටාව සැලකිල්ලට ගෙන විග්‍රහ කර ගතහොත්, දේශීය අර්බුද තම උපායමාර්ගික ස්ථානය දුර්වල කිරීම සඳහා කොතරම් පහසුවෙන් උපයෝගී කර ගත හැකිදැයි චීනය හොඳින් දනී.

ඔලිගේ ඉල්ලා අස්වීමෙන් පසු, 2026 මාර්තු මාසයේ හදිසි මැතිවරණයක් දක්වා නේපාලය පාලනය කරන අන්තර්කාලීන අගමැතිනි සුෂිලා කාර්කි පත් කිරීම සම්බන්ධයෙන් බීජිනය ප්‍රවේශමෙන් නමුත් ධනාත්මකව ප්‍රතිචාර දක්වා තිබේ. චීනය කාර්කිට සුබ පැතූ අතර විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව දිගටම කරගෙන යාමට සූදානම ප්‍රකාශ කළේය. නායකත්ව වෙනස නේපාල-චීන සබඳතා මූලික වශයෙන් වෙනස් කිරීමට අපහසු බවට කරන නිගමනයට බොහෝ විශ්ලේෂකයින් එකඟ වේ. දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ආයෝජන සහ ව්‍යාපෘති ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් දකුණු ආසියාවේ චීනයේ උපායමාර්ගික සැලසුම් සංකීර්ණ කරන නේපාලයේ නිදන්ගත අස්ථාවරත්වය විශාල සැලකිල්ලක් දක්වයි.

බීජිනයට, නේපාලයේ ස්ථාවරත්වය යනු හුදු ආයෝජන ආරක්ෂා කිරීම පමණක් නොවේ. චීනය එහි හිමාලයානු දේශසීමාව ආරක්ෂිතව පවතින බවත් කත්මන්දු  පාලනය බටහිර හෝ ඉන්දියානු බලපෑමට තීරණාත්මක ලෙස නැඹුරු නොවන බවත් සහතික කිරීමකි. සමතුලිතතාවය ආරක්ෂා කිරීම පරිස්සමින් මැදහත් වියයුතු කාරණයකි. භූගෝලීය සමීපත්වය සහ දිගුකාලීන වෙළඳ ගිවිසුම් හේතුවෙන් නේපාලයේ බාහිර වෙළඳාම තවමත් ඉන්දියාව විසින් අතිමහත් ලෙස ආධිපත්‍යය දරනු ලබයි. ඉන්දියාව නේපාලයේ ඉහළම වෙළඳ හවුල්කරුවා සහ ආයෝජන ප්‍රභවය ලෙස තම ස්ථාවරත්වය රැකගෙන සිටියි. ඊට වෙනස්ව, චීනය සමඟ වෙළඳ කොරිඩෝ වේගයෙන් ඉදිරියට යන්නේ වුවද, ඌන සංවර්ධිත බවක් පෙන්වයි. පසුගිය වසරවලදී නේපාලය චීනය සමඟ කරනු ලබන අපනයනය සහ ආනයන ඉහළ ගොස් තිබේ. නව දේශසීමා ස්ථාන සහ සෘජු ගුවන් ගමන් සම්බන්ධතාවය වැඩි දියුණු කර තිබේ. නේපාලයේ ඊනියා "චීන ණය උගුලක්" පිළිබඳව අනතුරු ඇඟවීමක් කරන විචාරකයින්ගේ දත්ත නොසලකා හරිනු ලබති. 2024 වන විට, නේපාලයේ බාහිර ණයවලින් සියයට 2.82 ක් පමණක් චීනයට අත්පත් කරගෙන සිටි අතර නේපාලය ඉන්දියාවට හෝ ජපානයට ගෙවිය යුතු ණය සමඟ සැසඳීමේදී එම අගය කුඩා කොටසකි.

නේපාල-චීන හවුල්කාරිත්වයේ විභවය සැලකිය යුතු ලෙස තවමත් පවතී. එහෙත් අවදානම ඒහා සමානව පවතී. චීනය සඳහා, නේපාලය අවස්ථාව සහ අවදානම යන කාරනා දෙකම නියෝජනය කරනු ලබයි. බීජිංහි සම්බන්ධතාවය සහ සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යා හැකි සහයෝගීතාවයෙන් බාහිර මැදිහත්වීම් සඳහා දොරටු විවර කළ හැකි අසල්වැසියෙකි, නමුත් බිඳෙනසුලු බව මුසුව ඇති දේශපාලන දේහය බාහිර මැදිහත්වීම් සඳහා ද දොරටු විවර කළ හැකිය.

කත්මන්දු හි මෑත කාලීන නොසන්සුන්තාව, හිමාල කඳුකර රාජ්‍යයේ දේශීය අතෘප්තිය, භූ දේශපාලනික එදිරිවාදිකම් සහ ඓතිහාසික අස්ථාවරත්වය එකිනෙකට බැඳී ඇති ආකාරය මතක් කරනු ලබන දර්ශකයක් ලෙස සේවය කරයි. දැනට, නේපාලය නොබැඳි පිළිවෙත සඳහා එහි කැපවීම ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහ චීනය සමඟ සබඳතා සමතුලිත කිරීමට උත්සාහ කරමින් සිටියි. තම නොසන්සුන් තරුණයින්ගේ ඉල්ලීම් සපුරාලමින් සහ බාහිර බලපෑම්වලින් වැළකී සිටිමින් මෙම සමතුලිතතාවය පවත්වා ගත හැකිද යන්න එහි අනාගතය පමණක් නොව දකුණු ආසියාවේ ස්ථාවරත්වය ද හැඩගස්වනු ඇත.

There’s been a revolution next door to China. Should Beijing worry?


සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.