යුරෝපා සංගමයට අයත් ස්ලෝවැකියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නපුංසකභාවය පිළි නොගනියි
ස්ලෝවැකියාවේ පාර්ලිමේන්තුව ස්ත්‍රී පුරුෂ භාවයන් දෙකක් පමණක් ඇති බව සඳහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ස්ලෝවැකියානු රාජ්‍ය තුළ පිළි ගනු ලබන්නේ ස්ත්‍රීභාව්ය සහ පුරුෂභාවය පමණි. ව්‍යවස්ථා සංශෝධනයට සහභාගි වූ නීති සම්පාදකයින් 99 දෙනාගෙන් 90 දෙනෙක් මෙම පියවරට පක්ෂව ඡන්දය දුන් බව TASR ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ(26) වාර්තා කළේය.
මෙම පියවර ස්ලෝවැකියාව පවතින යුරෝපා සංගමයේ සම්මතයන්ට පටහැනි වන අතර යුරෝපා සංගමය ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීම සහ LGBTQ අයිතිවාසිකම් සඳහා ආරක්ෂාව අවධාරණය කරනු ලබයි.
යුරෝපා සංගමයේ නීති දේශීය නීතිවලට වඩා ප්‍රමුඛත්වය ගත යුතු බව යුරෝපා සංගමය අවධාරණය කරන බැවින්, සංශෝධනය බ්‍රැටිස්ලාවා සහ බ්‍රසල්ස් අතර ගැටුමක් සිදුවිය හැකි බව විචාරකයෝ පවසති.
වෙනස්කම් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අර්ථ දැක්වීම් ඉක්මවා යනු ලබයි. ඒ අනුව ස්ලෝවැකියාවේ විවාහක ජෝඩු සඳහා දරුකමට හදා ගැනීමේ අයිතිවාසිකම් සීමා කරනු ලබයි. ආදේශක ගැබ් ගැනීම තහනම් කරන අතර පිරිමින් සහ කාන්තාවන් සඳහා සමාන වැටුපක් ගෙවිම අවධාරණය කරණු ලබායි. නව විධිවිධාන නොවැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ මෙම ප්‍රතිසංස්කරණය බ්‍රසල්ස් විසින් පනවනු ලබන "ප්‍රගතිශීලී දෘෂ්ටිවාදයට" එරෙහිව පලිහක් ලෙස සකස් කළ අතර එය ජාතික ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමක් ලෙස ඉදිරිපත් කළේය.
TASR ට අනුව ඡන්දයෙන් පෙන්නුම් කළේ ඔහුගේ ස්ලෝවැක් ජාතික පක්ෂ සන්ධානය "යුරෝපීය සංගමය තුළ පවා හේතුව, වටිනාකම් සහ මූලධර්ම පැවතිය හැකි" බවයි.
විචාරකයින් මෙම සංශෝධනය මානව හිමිකම් සහ සමානාත්මතාවයෙන් භයානක පසුබැසීමක් ලෙස හෙළා දැක ඇති අතර, එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනි වන අතර සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ද්විමය නොවන පුද්ගලයින් නීත්‍යානුකූලව අනාරක්ෂිත බවක් එක් කර තිබෙන බවට අනතුරු අඟවා තිබේ.
හංගේරියාවද පසුගිය අප්‍රේල් මාසයේදී මේ හා සමාන පියවරක් අනුගමනය කළ අතර, ස්ත්‍රී පුරුෂ භාවය "උපතේදී ලිංගිකත්වය" ලෙස දැඩි ලෙස අර්ථ දක්වමින් සහ අනෙකුත් අයිතිවාසිකම්වලට වඩා දරුවන්ගේ ශාරීරික, මානසික සහ සදාචාරාත්මක සංවර්ධනය සඳහා ඇති අයිතියට ප්‍රමුඛතාවය ලබා දුන්නේය.
මෙම ප්‍රවණතාවය යුරෝපා සංගමයෙන් ඔබ්බට ගිය වර්ධනයන් ද ප්‍රතිරාවය කරයි. පසුගිය ජනවාරි මාසයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "ලිංගික නොවන අනන්‍යතා හඳුනා ගැනීම නවත්වන ලෙස ෆෙඩරල් ආයතනවලට නියෝග කිරීමට පෙර," ඔහුගේ සමාරම්භක දේශනයේදී ප්‍රකාශ කළේ , ඇත්තේ "ලිංගිකත්වයන් දෙකක් පමණයි, එනම් පිරිමි සහ ගැහැණු" බව පමණය්යි යනුවෙනි.
මේ අතර, රුසියාව, ස්ත්‍රී පුරුෂ භාවය නැවත පැවරීම සහ "සාම්ප්‍රදායික නොවන ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය" තහනම් කර ඇති අතර, රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය 2023 දී "ජාත්‍යන්තර LGBT ව්‍යාපාරය" ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසද නම් කළේය.
ස්ලෝවැකියාව සහ හංගේරියාව මෙන් නොව, ඇමරිකා එක්සත් ජනපදයට හෝ රුසියාවට ස්ත්‍රී පුරුෂ භාවය දෙකක් පමණක් ඇති බව පැහැදිලිව සඳහන් කරන ව්‍යවස්ථාමය විධිවිධාන නොමැත.
EU country enshrines two genders in constitution
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..