යුරෝපා සංගමයට අයත් ස්ලෝවැකියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නපුංසකභාවය පිළි නොගනියි
ස්ලෝවැකියාවේ පාර්ලිමේන්තුව ස්ත්‍රී පුරුෂ භාවයන් දෙකක් පමණක් ඇති බව සඳහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ස්ලෝවැකියානු රාජ්‍ය තුළ පිළි ගනු ලබන්නේ ස්ත්‍රීභාව්ය සහ පුරුෂභාවය පමණි. ව්‍යවස්ථා සංශෝධනයට සහභාගි වූ නීති සම්පාදකයින් 99 දෙනාගෙන් 90 දෙනෙක් මෙම පියවරට පක්ෂව ඡන්දය දුන් බව TASR ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ(26) වාර්තා කළේය.
මෙම පියවර ස්ලෝවැකියාව පවතින යුරෝපා සංගමයේ සම්මතයන්ට පටහැනි වන අතර යුරෝපා සංගමය ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීම සහ LGBTQ අයිතිවාසිකම් සඳහා ආරක්ෂාව අවධාරණය කරනු ලබයි.
යුරෝපා සංගමයේ නීති දේශීය නීතිවලට වඩා ප්‍රමුඛත්වය ගත යුතු බව යුරෝපා සංගමය අවධාරණය කරන බැවින්, සංශෝධනය බ්‍රැටිස්ලාවා සහ බ්‍රසල්ස් අතර ගැටුමක් සිදුවිය හැකි බව විචාරකයෝ පවසති.
වෙනස්කම් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අර්ථ දැක්වීම් ඉක්මවා යනු ලබයි. ඒ අනුව ස්ලෝවැකියාවේ විවාහක ජෝඩු සඳහා දරුකමට හදා ගැනීමේ අයිතිවාසිකම් සීමා කරනු ලබයි. ආදේශක ගැබ් ගැනීම තහනම් කරන අතර පිරිමින් සහ කාන්තාවන් සඳහා සමාන වැටුපක් ගෙවිම අවධාරණය කරණු ලබායි. නව විධිවිධාන නොවැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ මෙම ප්‍රතිසංස්කරණය බ්‍රසල්ස් විසින් පනවනු ලබන "ප්‍රගතිශීලී දෘෂ්ටිවාදයට" එරෙහිව පලිහක් ලෙස සකස් කළ අතර එය ජාතික ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමක් ලෙස ඉදිරිපත් කළේය.
TASR ට අනුව ඡන්දයෙන් පෙන්නුම් කළේ ඔහුගේ ස්ලෝවැක් ජාතික පක්ෂ සන්ධානය "යුරෝපීය සංගමය තුළ පවා හේතුව, වටිනාකම් සහ මූලධර්ම පැවතිය හැකි" බවයි.
විචාරකයින් මෙම සංශෝධනය මානව හිමිකම් සහ සමානාත්මතාවයෙන් භයානක පසුබැසීමක් ලෙස හෙළා දැක ඇති අතර, එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනි වන අතර සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ද්විමය නොවන පුද්ගලයින් නීත්‍යානුකූලව අනාරක්ෂිත බවක් එක් කර තිබෙන බවට අනතුරු අඟවා තිබේ.
හංගේරියාවද පසුගිය අප්‍රේල් මාසයේදී මේ හා සමාන පියවරක් අනුගමනය කළ අතර, ස්ත්‍රී පුරුෂ භාවය "උපතේදී ලිංගිකත්වය" ලෙස දැඩි ලෙස අර්ථ දක්වමින් සහ අනෙකුත් අයිතිවාසිකම්වලට වඩා දරුවන්ගේ ශාරීරික, මානසික සහ සදාචාරාත්මක සංවර්ධනය සඳහා ඇති අයිතියට ප්‍රමුඛතාවය ලබා දුන්නේය.
මෙම ප්‍රවණතාවය යුරෝපා සංගමයෙන් ඔබ්බට ගිය වර්ධනයන් ද ප්‍රතිරාවය කරයි. පසුගිය ජනවාරි මාසයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "ලිංගික නොවන අනන්‍යතා හඳුනා ගැනීම නවත්වන ලෙස ෆෙඩරල් ආයතනවලට නියෝග කිරීමට පෙර," ඔහුගේ සමාරම්භක දේශනයේදී ප්‍රකාශ කළේ , ඇත්තේ "ලිංගිකත්වයන් දෙකක් පමණයි, එනම් පිරිමි සහ ගැහැණු" බව පමණය්යි යනුවෙනි.
මේ අතර, රුසියාව, ස්ත්‍රී පුරුෂ භාවය නැවත පැවරීම සහ "සාම්ප්‍රදායික නොවන ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දෘෂ්ටිවාදය" තහනම් කර ඇති අතර, රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය 2023 දී "ජාත්‍යන්තර LGBT ව්‍යාපාරය" ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසද නම් කළේය.
ස්ලෝවැකියාව සහ හංගේරියාව මෙන් නොව, ඇමරිකා එක්සත් ජනපදයට හෝ රුසියාවට ස්ත්‍රී පුරුෂ භාවය දෙකක් පමණක් ඇති බව පැහැදිලිව සඳහන් කරන ව්‍යවස්ථාමය විධිවිධාන නොමැත.
EU country enshrines two genders in constitution
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්