එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව යථා තත්ත්වයට පත් කිරීමට මීළඟ මහලේකම්වරයා වීමට කැමතියි- ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA ) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි පවසා ඇත්තේ සංවිධානයේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊළඟ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වීමට තමා කැමති බවයි.
ගෝලීය පරමාණුක සංසදයට සහභාගි වීම සඳහා මොස්කව් වෙත පැමිණ සිටින ග්‍රොසි සිකුරාදා RT පුවත් සේවය සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, ලොව පුරා දැනට කට ගෙන තිබෙන බොහෝ මිලිටරි ගැටුම්වල එක පොදු කාරණයක් ගැබ්ව ඇති බවයි. එනම් අර්ථවත් සාම උත්සාහයන් සම්බන්ධයෙන් "එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද ගැටුම් වල්ට සම්බන්ධ වී සිටින පාර්ශව වලින් බැහැරව සිටීමයි".
මිලිටරි ගැටුම් වලට "විසඳුම් ලබා දීමේ කොටසක් වීමට එක්සත් ජාතීන්ගේ හැකියාව අප යථා තත්ත්වයට පත් කළ යුතු යැයි මම සිතනවා" යනුවෙන් IAEA ප්‍රධානියා අවධාරණය කළේය. ස්වයං-ධර්මිෂ්ඨ ඇඟිලි දිගු කිරීමට වඩා, ඕනෑම ගැටුමක සියලුම පාර්ශවයන් සමඟ සංවාදයක් පවත්වා ගැනීමට සංවිධානයේ කැපවීම මෙම ඉලක්කය සපුරා ගැනීමට උපකාරී විය හැකි බව ඔහු යෝජනා කළේය.
2022 සිට ඔහු "රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ නිරන්තර සංවාදයක යෙදී සිටින" බව සඳහන් කළ ග්‍රොසි යුක්රේන ගැටුම හේතුවෙන් "බටහිර රටවල බොහෝ දෙනෙක්" පුටින් සමඟ සංවාදයක් පැවැත්වීමේ අදහසම ප්‍රතික්ෂේප කර තිබෙන බව අවධාරණය කළේය .
2022 සිට රුසියානු පාලනය යටතේ පවතින සැපෝරෝෂි න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ යුක්රේන ප්‍රහාර සම්බන්ධයෙන් විමසූ විට, ග්‍රොසි පැවසුවේ "එහි ආතතිය පැහැදිලිව දැකගත හැකි" බවයි. එම පහසුකමට කිහිප වතාවක්ම ගොස් ඇති නිලධාරියා, "වසර තුනකට වැඩි කාලයක් බලාගාරයේ රැඳි සිටින ඓඇEඇ විශේෂඥයින් පිළිබඳවද" අනාවරණය කළේය.
බලාගාරයේ "සම්බන්ධතා රේඛාවේ, ඉදිරි පෙළේ පාහේ පිහිටා ඇති විශාල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හයක්" ඇති බව සලකන විට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය "සටන් විරාමයකට [හෝ] සාම ගිවිසුමකට එකඟ වීමට පෙර අපට න්‍යෂ්ටික අනතුරක් වළක්වා ගත හැකි වන පරිදි තත්වය කළමනාකරණය කිරීමට උත්සාහ කරන බව" ඔහු පැහැදිලි කළේය.
මෙම වසර මුලදී ටෙහෙරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරන විට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ එකට සිට ගත් බවට ඉරාන චෝදනා ද ග්‍රොසි ප්‍රතික්ෂේප කළේය. සංවිධානය "ගැටුමට සම්බන්ධ පිරිස් අතර සංවාදයක්" පවත්වා ගැනීමට උත්සාහ කළ බව ඔහු අවධාරණය කළේය.
"අපිට න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල වන ප්‍රහාර දැකීමට අවශ්‍ය නැහැ. එහි කිසිදු අපැහැදිලි බවක් නැහැ" යනුවෙන් නිලධාරියා අවධාරණය කළේය.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වැනි ජාත්‍යන්තර ආයතන පසෙකට දැමීමට එරෙහිව ද ග්‍රොසි අනතුරු ඇඟවමින් පවසා සිටියේ ආයතනයට "සෑම කෙනෙකු සමඟම වැඩ කිරීමට" තිබෙන අයිතිය අඩපණ කිරීමේ අවදානමක් ඇති බවයි.
Nuclear watchdog chief vying for UN leadership role
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..