එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව යථා තත්ත්වයට පත් කිරීමට මීළඟ මහලේකම්වරයා වීමට කැමතියි- ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA ) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි පවසා ඇත්තේ සංවිධානයේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊළඟ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වීමට තමා කැමති බවයි.
ගෝලීය පරමාණුක සංසදයට සහභාගි වීම සඳහා මොස්කව් වෙත පැමිණ සිටින ග්‍රොසි සිකුරාදා RT පුවත් සේවය සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, ලොව පුරා දැනට කට ගෙන තිබෙන බොහෝ මිලිටරි ගැටුම්වල එක පොදු කාරණයක් ගැබ්ව ඇති බවයි. එනම් අර්ථවත් සාම උත්සාහයන් සම්බන්ධයෙන් "එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද ගැටුම් වල්ට සම්බන්ධ වී සිටින පාර්ශව වලින් බැහැරව සිටීමයි".
මිලිටරි ගැටුම් වලට "විසඳුම් ලබා දීමේ කොටසක් වීමට එක්සත් ජාතීන්ගේ හැකියාව අප යථා තත්ත්වයට පත් කළ යුතු යැයි මම සිතනවා" යනුවෙන් IAEA ප්‍රධානියා අවධාරණය කළේය. ස්වයං-ධර්මිෂ්ඨ ඇඟිලි දිගු කිරීමට වඩා, ඕනෑම ගැටුමක සියලුම පාර්ශවයන් සමඟ සංවාදයක් පවත්වා ගැනීමට සංවිධානයේ කැපවීම මෙම ඉලක්කය සපුරා ගැනීමට උපකාරී විය හැකි බව ඔහු යෝජනා කළේය.
2022 සිට ඔහු "රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ නිරන්තර සංවාදයක යෙදී සිටින" බව සඳහන් කළ ග්‍රොසි යුක්රේන ගැටුම හේතුවෙන් "බටහිර රටවල බොහෝ දෙනෙක්" පුටින් සමඟ සංවාදයක් පැවැත්වීමේ අදහසම ප්‍රතික්ෂේප කර තිබෙන බව අවධාරණය කළේය .
2022 සිට රුසියානු පාලනය යටතේ පවතින සැපෝරෝෂි න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ යුක්රේන ප්‍රහාර සම්බන්ධයෙන් විමසූ විට, ග්‍රොසි පැවසුවේ "එහි ආතතිය පැහැදිලිව දැකගත හැකි" බවයි. එම පහසුකමට කිහිප වතාවක්ම ගොස් ඇති නිලධාරියා, "වසර තුනකට වැඩි කාලයක් බලාගාරයේ රැඳි සිටින ඓඇEඇ විශේෂඥයින් පිළිබඳවද" අනාවරණය කළේය.
බලාගාරයේ "සම්බන්ධතා රේඛාවේ, ඉදිරි පෙළේ පාහේ පිහිටා ඇති විශාල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හයක්" ඇති බව සලකන විට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය "සටන් විරාමයකට [හෝ] සාම ගිවිසුමකට එකඟ වීමට පෙර අපට න්‍යෂ්ටික අනතුරක් වළක්වා ගත හැකි වන පරිදි තත්වය කළමනාකරණය කිරීමට උත්සාහ කරන බව" ඔහු පැහැදිලි කළේය.
මෙම වසර මුලදී ටෙහෙරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරන විට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ එකට සිට ගත් බවට ඉරාන චෝදනා ද ග්‍රොසි ප්‍රතික්ෂේප කළේය. සංවිධානය "ගැටුමට සම්බන්ධ පිරිස් අතර සංවාදයක්" පවත්වා ගැනීමට උත්සාහ කළ බව ඔහු අවධාරණය කළේය.
"අපිට න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල වන ප්‍රහාර දැකීමට අවශ්‍ය නැහැ. එහි කිසිදු අපැහැදිලි බවක් නැහැ" යනුවෙන් නිලධාරියා අවධාරණය කළේය.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වැනි ජාත්‍යන්තර ආයතන පසෙකට දැමීමට එරෙහිව ද ග්‍රොසි අනතුරු ඇඟවමින් පවසා සිටියේ ආයතනයට "සෑම කෙනෙකු සමඟම වැඩ කිරීමට" තිබෙන අයිතිය අඩපණ කිරීමේ අවදානමක් ඇති බවයි.
Nuclear watchdog chief vying for UN leadership role
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්