News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති පුටින්ගේ දැවැන්ත ජයග්‍රහණය බටහිර මැදිහත්වීමේ අසාර්ථක බව සනාථ කරනවා - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් එස් දගාරියන්

Mar 21, 2024 at 01:43 PM
|

(ද අයිලන්ඩ් පුවත්පතේ ඊයේ(20) දින පළ වූ, ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ  විසින් මෙරට රුසියානු තානාපති ලිවාන් එස් දගාරියන් මහතා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය - පරිවර්තනය කළේ, ජීවන්ත ජයතිස්ස)

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් එස් දගාරියන් ඊයේ (20) පළවූ "දි අයිලන්ඩ් පුවත් පත" සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ යුක්‍රේන යුද්ධය පදනම් කර ගනිමින් රුසියානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑම් කිරීමට එක්සත් ජනපදය ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් සහමුලින්ම අසාර්ථක වූ බව පසගියදා  අවසන් වූ රුසියානු ජනාධිපතිවරණයෙන් වත්මන් නායක ව්ලැඩිමීර් පුටින් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීම මගින් ඔප්පු කළ බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල මැතිවරණ වලදී සිදුවන බාහිර කූටෝපායන් සම්බන්ධයෙන් සඳහන් කළ රුසියානු තානාපතිවරයා, බටහිර අපේක්ෂාවන්ට පටහැනිව රුසියානු ඡන්දදායකයින් ඔවුන්ගේ වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා ඔවුන්ගේ ඡන්ද බලය පාවිච්චි කළ බව අවධාරණය කළේය.

රුසියානු නායකයාට වසර හයක නැවුම් ධූර කාලයක් ලබා දුන් පෙර නොවූ විරූ ජයග්‍රහණය සහ රුසියානු යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්,“ රුසියාව සිදු කරන්නේ යුක්රේනයට එරෙහි යුද්ධයක් නොවේ. එම යුද්ධය යුක්රේනයේ වියදමින් යුක්රේන භූමියේ රුසියාව සහ සාමූහික බටහිර අතර යුද්ධයක්. යුක්රේනය රුසියාව පරාජය කිරීමට ලීවරයක් ලෙස භාවිතා කරනවා." යනුවෙන් පැවසීය.

රුසියාව යටපත් කිරීමේ මිල අධික නමුත් ව්‍යසනකාරී බටහිර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රුසියානු ජනතාව එකඟ නොවන නිසා ජනතාව පුටින් ජනාධිපතිවරයා වටා රොක් වූ බව තානාපතිවරයා අවධාරණය කළේය.

බටහිර රාජ්‍යන් විසින් ප්‍රකාශ කරන ලද සැක මුසු කළ ව්‍යාජ මත බැහැර කරමින් රුසියානු තානාපතිවරයා “බටහිර රටවල ජනාධිපති පුටින් තරම් ජනප්‍රිය නායකයින් කිසිවෙක් නැහැ. එය සැම දෙනාම දන්නවා. රුසියාව ගත් ස්ථාවරයට ගෝලීය දකුණේ සහ එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සාමාන්‍ය ජනයාගේ ප්‍රතිචාරය ඉතා ඉහළයි.අපි බහු ධ්‍රැවීය ලෝකයක් සඳහා පෙනී ඉන්නවාඅ. රුසියාව සහ එක්සත් ජනපදය අතර විශාල වෙනස එයයි," යනුවෙන් පැවසීය.

ගෝලීය දකුණ එනම් ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු තානාපතිවරයා පැවසුවේ රුසියාව ගෝලීය දකුණ සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බවත් ඔවුන් බටහිර ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන බවත්ය. පසුගිය ජූලි මාසයේදී ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති රුසියානු-අප්‍රිකා සමුළුවේ ඇති මුලික වැදගත්කම අවධාරනය කරමින්,රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේ රුසියාව සහ අප්‍රිකානු ජාතීන් අතර දේශපාලන, ආරක්ෂාව, ආර්ථික සබඳතා, විද්‍යාව, තාක්ෂණය, සහ සංස්කෘතික හා මානුෂීය ක්ෂේත්‍ර  ඇතුළු සමාජයේ සෑම ක්ෂේත්‍රයකම විස්තීර්ණ හා සමාන සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අදහස් කරන බවයි. .

බටහිර මාධ්‍ය සහ වෙනත් විවිධ  පාර්ශ්ව විසින් පවසන පරිදි යුක්රේනයේ රුසියාව සහ බටහිර අතර යුද්ධය රුසියානු ආර්ථිකය දුර්වල කළේ දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රුසියානු ආර්ථිකය ශක්තිමත් බව අවධාරණය කළේය. දළ දේශීය නිෂ්පාදිතය අනුව රුසියාව අංක 5 ස්ථානයට පත්ව ඇති අතර එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව සහ ජපානය ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය. "යුරෝපයේ, අපි අංක එකේ ආර්ථිකය බවට පත්වී තිබෙනවා", බටහිර සම්බාධක ඔවුන්ගේ නායකයින් බලාපොරොත්තු වූ දේ සාක්ෂාත් කර නොගත් බවඅවධාරණය කරමින් තානාපතිවරයා පැවසීය.

රුසියාවට පැනවූ සම්බාධකවලින්  අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට බටහිරට නොහැකි වූ බව ප්‍රකාශ කළ තානාපතිවරයා, බටහිර සම්බාධක වලින් ශ්‍රී ලංකාව ද ප්‍රතිලාභ ලැබූ බව පැවසීය. “යුරෝපීය සම්බාධක හේතුවෙන් රුසියානුවන්ට යුරෝපයට යා නොහැකි වුනා. ඒ නිසා ඔවුන් තායිලන්තය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල සංචාරය සඳහා තෝරා ගත්තා. සම්බාධක පැනවීමට තීරණය කළ අයට ශ්‍රී ලංකාව ද කෘතඥ විය යුතුයි.” තානාපතිවර්යා පැවසීය

2022 පෙබරවාරි අගදී ජනාධිපති පුටින් බටහිර 'බොරු අධිරාජ්‍යයක්' ලෙස හැඳින්වූ බව රුසියානු තානාපතිවරයා සිහිපත් කළේය. එලෙස කරනු ලැබුවේ ඔවුන්ගේ මූලෝපාය බොහෝ දුරට පදනම් විරහිත චෝදනා මත රඳා පැවතීම නිසා බව පැවසූ තානාපතිවරයා රුසියානු ජනාධිපතිවරණය අඩපණ කිරීමට ඔවුන් ගත් උත්සාහයන් පරාජය වූ පසු ජනාධිපති පුටින්ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය සමච්චලයට ලක් කිරීමට උත්සාහ කර බව පෙන්වා දුන්නේය.

2003 දී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් සඳහන් කළ ඔහු ජනාධිපති සදාම් හුසේන් සතුව "මහා විනාශකාරී අවි"  ඇති බවට අසත්‍ය ප්‍රකාශයන් පදනම් කරගනිමින් එලෙස ආක්‍රමණ්ය කළ බව ප්‍රකාශ කළේය. ඔවුන් මේ දක්වා අවම වශයෙන්  "මහා විනාශකාරී අවි" එකක්වත් සොයාගෙන තිබෙනවාද යනුවෙන් ප්‍රශ්න කළේය.

යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගවීම ඉල්ලා සිටින අතරවාරයේ ගාසා තීරයේ ඊශ්‍රායල ම්ලේච්ඡ හමුදා ප්‍රහාරයට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ප්‍රතිචාර නොදැක්වීම ඔවුන්ගේ කුහකකම හෙළිදරව් කරන බව රුසියානු තානාපතිවරයා  අවධාරණය කළේය. 

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා 2022 ජූනි මාසයේදී කටුනායක ගුවන් තොටුපලේදි එරොෆ්ලොට්  ගුවන් යානය ගුවන්ගත කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල නැවත අවධාරණය කළේය. එම සිදුවීම කිසිදු තත්වයක් යටතේ සාධාරණීකරණය කළ නොහැකි බව පෙන්වා දුන් තානාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ව්‍ය්වස්ථාදයකයින්  ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයන් අගය කිරීමටද කටයුතු කළේය.

කෙසේ වුවද එරොෆ්ලොට් ගුවන් සේවය  2022 ඔක්තෝබර් මස නැවත සේවා ආරම්භ කිරීමෙන් පසු රුසියානුවන් 230,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පෙනවා දුන් රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව එම වැරැද්ද නැවත නොකරනු ඇතැයි තමා අවංකවම බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

රුසියාව, චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය විසින් 2006 දී දියත් කරන ලද BRICS සංවිධානයේ වර්ධනයෙහි  වැදගත්කම පිළිබඳව රුසියානු තානාපතිවර්යා සාකච්ඡාවේදී කරුණු දැක්වීය. 2011 දී දකුණු අප්‍රිකාව BRICS හා සම්බන්ධ වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, ඉතියෝපියාව සහ ඊජිප්තුව ඇතුළත් වීමත් සමඟ සමූහය තවදුරටත් පුළුල් වී ඇති බව තානාපතිවරයා පැවසුවේය.ලෝකයේ මුළු දළ දේශීය නිෂ්පාදිතයේ (DDP ) BRICS සාමාජිකයන්ගේ 2020 වසරේ ප්‍රතිශතයන් උපුටා දක්වමින්  මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (PPP) අනුව සංවිධානයේ ශක්තිය අවධාරණය කළේය.

තනාපතිවරයාට අනුව ජනාධිපති පුටින්ගේ ජයග්‍රහණය BRICS වෙත විශාල ශක්තියක් ලැබී තිබේ.

ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ යම් තරමකට පෙලගැසී ඇති බවට ඇති මතයට එරෙහිව රුසියාව ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ බටහිර රටවල් මෙන් රුසියාව දේශීය කටයුතුවලට මැදිහත් නොවන බවයි. "අපි මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සහ අනෙකුත් ගැටළු පිළිබඳව අපගේ මතය ප්‍රකාශ කර නොමැති අතර දේශීය ගැටලුවලට මැදිහත් නොවන ලෙස අනෙකුත් රටවලින් ඉල්ලා සිටීමට කැමැත්තෙමු." යනුවෙන් පැවසීය.

 යුක්රේනය තුළ ප්‍රංශ පාබල හමුදාවන් යෙදවීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේ ඒ වෙනුවට ප්‍රථමයෙන් ප්‍රංශ ගොවි ප්‍රජාව විසින් මතු කරන ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවත් පැරිස් සහ අනෙකුත් ප්‍රංශ නගරවලින් කුණු ඉවත් කළ යුතු බවත්ය.

යුක්රේනය ඇතුළු විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙතෙක් දැක්වූ සමබර මධ්‍යස්ථ ප්‍රතිපත්තිය  ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යනු ඇතැයි රුසියාව අපේක්ෂා කරන බව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට රුසියාව සූදානම් බව පැවසූ තානාපතිවරයා, කවුරුන් දේශපාලන බලය දැරුවද ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට සූදානම් නමුත් කොළඹපරිපාලනය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

"බටහිර රටවල දැඩි බලපෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රුසියාවට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඉන්දියාව ද යුක්රේන ප්‍රශ්නයේදී පාර්සහවයකට නතුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළා. අපි කැමතියි ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටවල් අතරට සිටිනවා දකින්න." තානාපතිවර්යා පැවසුවේය.

නවදිල්ලිය එක්සත් ජනපදය ප්‍රමුඛ ‘ක්වාඩ්’ සංවිධානයට එක්වීමේ පසුබිමට එරෙහිව රුසියාව-ඉන්දියා සබඳතා පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා පැවසුවේ දෙරට ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන බවයි. රුසියාවට එරෙහි සම්බාධකවලට සම්බන්ධ නොවීම නිසා ඉන්දියාවට වාසි වූ බව පැවසූ තානාපතිවරයා චීනය මෙන්ම ඉන්දියාව ද රුසියානු තෙල් ප්‍රධාන ආනයනකරුවෙක් වූ බවත් ඉන්දියාව වෙනත් රටවල් සමඟ සබඳතා පවත්වමින් මොස්කව් පරිපාලනය සමඟ කටයුතු කිරීම අගය කරන බව පෙන්වා දුන්නේය.

එක්සත් ජනපදය සහ අනෙකුත් නේටෝ රටවල් ඇෆ්ගනිස්ථානය අතහැර දැමූ ආකාරය සිහිපත් කරමින්,තානාපතිවරයා කියා සිටියේ ඇෆ්ඝනිස්ථානය රැක ගන්නා බවට පොරොන්දු වී බටහිර බලවතුන් කාබුල් නගරයෙන් පලා ගිය ආකාරය මුළු ලෝකයම තේරුම් ගත්තද යුක්රේනය පාඩමක් ඉගෙන ගෙන නොමැති බව අවධාරණය කළේය.

කියෙව් වෙත පියාසර කළ  එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන්ගේ මැදිහත්වීම  හේතුවෙන්  යුද්ධය දිගටම කරගෙන යාමට යුක්‍රේනයේ රූකඩ පාලනය තල්ලු නොකළේ නම් යුක්රේන යුද්ධය වළක්වා ගත හැකිව තිබූ බව රුසියානු තානාපතිවරයා පැවසීය. එසේ නොවුණා නම් සාම ගිවිසුමක් අත්සන් කිරීමට තුර්කිය ගත් උත්සාහය සාර්ථක වීමට ඉඩ තිබූ බවද තානාපතිවරයා  පැවසීය.

NEWSPrez Putin’s massive victory proves failure of Western intervention – Russian envoy

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.