News Category
From Date
To Date
Maximum Number of Result

ගෝඨාභය හෙළිදරව් කළ කුමන්ත්‍රණයෙන් ඔබ්බට

Mar 24, 2024 at 07:08 AM
|

පෙට්‍රල් ලීටර් 33,000 පිරවූ සිපෙට්කෝ බව්සරයක් ගිනි තැබීමට කලහකාරීන් 2022 අප්‍රේල් 19 රඹුක්කන දී උත්සහ කළ අවස්ථාවේදී එය වැළැක්වීමට වෙඩි තැබීමට නියෝග කළ එවකට කෑගල්ල පොලිස් ප්‍රධානි කේ. බී. කීර්තිරත්න අත්අ ඩංගුවට ගැනීම නිසි පරිදි විමර්ශනය නොකර ඊට පසුව රටේ උත්ගත වූ තත්ත්වය තේරුම්ගත නොහැකිය. එසේ අත්අඩංගුවට ගත් කීර්තිරත්න කලහකරුවන් 2022 ජුලි 09, වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවාහැර, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටිය නිවසට ගිනිතබා, පාර්ලිමේන්තුව වටලන අවස්ථාවේදීත් කීර්තිරත්න සිටියේ ඇප නොමැතිවය. ඔහුට අමතරව තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඇප නොමැතිව සිටියේය. රඹුක්කන සිද්ධියෙන් පසුව පොලිසිය හෝ යුද හමුදාව කලහකරුවන්හට කිසිදු අවස්ථාවක වෙඩි තැබුවේ නැත.

මෙම ලිපිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑතකදී එළිදැක්වූ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නම්වූ කෘතිය සම්බන්ධයෙන් කළ විචාරයක් නොවේ.

හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සම්බන්ධයෙන් එම කෘතිය ඉදිරිපත් කර ඇති අතිශය ආන්දෝලණාත්මක අදහස් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් දඬුකඳේ හිරවී සිටීම පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවක් රට තුළ ඇතිවීමට බලපෑමක් කළ යුතුය.

ජාතික මැතිවරණයක් අභියස සිටින බංකොලොත් ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව කුමන හේතුවක් මත හෝ දුර්වල වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු නොවේද?

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසර 15 කට පසුවවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකිරීම් සහ සමූල ඝාතන චෝදනා නිෂ්ප්‍රභා කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම පසුබිමේ ඇමෙරිකා එක්සත් ජනපදය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව 2020 පෙබරවාරි 14 වන දින පැනවූ ගමන් තහනම ඔහුට ප්‍රබල බලපෑමක් කළ බවට හිටපු ජනාධිපතිවරයා යෝජනා කර ඇත. (රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව මිරිහානේ පැඟිරිවත්තේ ඔහුගේ පෞද්ගලික නිවාසය අසල 2022 ජුලි 31 දින රාත්‍රියේ කලහකාරී තත්ත්වය ඇතිවූ අවස්ථාවේ යුද හමුදාව එම ප්‍රදේශයට යෙදවුවාද / යෙදවූයේ නොමැතිද යන තත්ත්වය කිසිදු අපහසුවකින් තොරව තහවුරු කරගත හැකිය.)

රට ගිනිගත් 2022 මාර්තු 31, මැයි 09/10 සහ ජුලි 09 දිනවලදී යුද හමුදාවට සහ අනෙකුත් ආරක්ෂක හමුදාවන්වලට නිසි නියෝග නිකුත් නොකිරීම ජෙනරාල් සිල්වා ඇමෙරිකානු බලපෑමට යටත් වීම නිසා සිදුවූවා දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කර ඇත. කෙසේ වෙතත් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පෞද්ගලික නිවාසය ගිනිතබා ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මන්දිරය අතහැර දැමීමට සිදුවූ ජුලි 09 දින ජෙනරාල් සිල්වා රටේවත් සිටියේ නැත. ඒ වනවිට හමුදාපති ධූරය දැරුවේ වත්මන් හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේය. එවකට ජනාධිපතිවරයා ඔහු එම තනතුරට ජුනි 01 දින පත් කළේය.

ලුතිනල් කර්නල්වරයකු ලෙස 1991 අග විශ්‍රාම ගිය ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ජෙනරාල් සිල්වා, ජෙනරාල් ගුණරත්න සහ ලුතිනල් ජෙනරාල් ලියනගේ ද ගජබා රෙජිමේන්තුවේය.

ජනාධිපති ධුරයට අමතරව ආරක්ෂක අමාත්‍ය මෙන්ම සන්නද්ධ හමුදා ප්‍රධානි වූ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) එක්වී ගොඩනැඟූ යහපාලන ආණ්ඩුව 2015 ජිනීවාහිදී කළ මහා පාවාදීම හේතුවෙන් ඇතිවූ තත්ත්වය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ නින්දාසහගත අසමත් වීමයි.

ජිනීවා පාවාදීම පසුබිමේ සමස්ත ආරක්ෂක ක්‍රියාදාමය බිඳ වැටීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ කතුවරයා පලකළ කෙටි අදහස් දැක්වීමට එහා තත්ත්වය වගකිවයුත්තන්ගේ අවධානයට යොමු විය යුතුය. ජිනීවා උගුල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පමණක් ප්‍රශ්නයක් නොවේ. ඔහුගේ දියණියකට ඇමෙරිකාවේ යෑමට අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් ගැටලුවක් ද නොවේ. ජිනීවා මානව හිමිකම් අභියෝගයට නිසියාකාරව මුහුණ දීමට අසමත් වීම නිසා රට පැටලී ඇති අතිශය තීරණාත්මක සහ අර්බුදකාරී තත්ත්වය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට උපාය මාර්ගික වශයෙන් යොදා ගත්තාද ?

බටහිර මෙහෙයවන ජිනීවා උපාය මාර්ගය ආපසු හැරවීමට කටයුතු කිරීමට ගෝඨාභය රජය උනන්දු කිරීමට ජාතික සංවිධාන දැරු උත්සාහය අසාර්ථක විය. ඒ යහපාලන රජය කාලය තුළ ජාතික සංවිධාන ජිනීවා ප්‍රෝඩාවට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුමේ දිගුවක් විය. ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන්, යසස් ධර්මදාස සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර එම කණ්ඩායමේ විය.

ජාතික ආරක්ෂක කවුන්සිලය ඉදිරියේ පවා ජිනීවා තර්ජනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, වෛද්‍ය බණ්ඩාර, නීතිඥ කල්යානන්ද තිරාණගම සහ රජා ගුණරත්න අයත්විය. එම කරුණු දැක්වීම 2022 ජනවාරි 11 සිදුවිය. ඒ 2021 දෙසැම්බර් මාසයේ ඩුබායි හිදී යසස් ධර්මදාස, අජන්ත ප්‍රේමරත්න සහ සුනිල් චන්ද්‍රකුමාර ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවරයාට කළ කරුණු දැක්වීමට අමතරවය. ඒ කිසිදු සාකච්ඡාවක් සාධනීය ප්‍රතිපලයක් ලබා ගැනීමට පුළුවන් වූයේ නැත. මෙම ලියුම්කරුද ජනාධිපති මාධ්‍ය ප්‍රධානි මොහාන් සමරනායක සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සමඟ රාජපක්ෂ ජනාධිපතිවරයාට එතුමාගේ රජය ජිනීවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් විය.

යහපාලන මෙහෙයුමක්

එජාප ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණද (ජවිපෙ) ඇතුළු දේශපාලන පක්ෂ කොටි ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය (ද්‍රජාස/Tamil National Alliance) සමඟ 2009 අග භාගයේ සන්ධානගත විය. ඒ එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා අපේක්ෂකයා වශයෙන් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටය. පළාත් සභාවකටවත් තරග කර නොමැති හංසයා ලාංඡනය යටතේ ෆොන්සේකා ඡන්දයට ඉදිරිපත් විය. ඊට පසු 2015 (මෛත්‍රිපාල සිරිසේන) සහ 2019 (සජිත් ප්‍රේමදාස) ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේද හංසයා ලාංඡනයෙන්ය. මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ද නැවතත් එම ලාංඡනය කරළියට පැමිණිය හැක.



ශ්‍රී ලංකා ආරක්ෂා හමුදා ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් අවම වශයෙන් 40,000 නැගෙනහිර වන්නි පෙරමුණේ මරා දැමූ බවට ප්‍රකාශ කළ දරුස්මාන් වාර්තාව මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ එම ආන්දෝලනාත්මක යෝජනාව අවම වශයෙන් කැබිනට් මණ්ඩලයේදීවත් සාකච්ඡාවට ලක් නොවූ බවට මෙම ලියුම්කරු මාධ්‍ය සාකච්ඡාවලදී නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එවකට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක සහ යහපාලන අමාත්‍ය මහින්ද සමරසිංහ (දැනට වොෂින්ටනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා) පිළිගත්තේය.

වරක් මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් යහපාලන අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් මාධ්‍ය හමුවකදී මෙම ලියුම්කරු ප්‍රශ්න කළ විට අමාත්‍යවරයා කෝපයට පත්විය. අනවශ්‍ය ප්‍රශ්න නඟමින් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට මෙම ලියුම්කරු උත්සහ කරන බවට අමාත්‍යවරයා චෝදනා කළේය.

ජිනීවා උගුලට ශ්‍රී ලංකාව හිර කළේ යහපාලන ආණ්ඩුව බව අවධාරණ කළ යුතුය. එම තීරණය අතිශයින් දේශපාලනිකය. ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව, ඇමෙරිකාව සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර ඇතිවූ රහස්‍ය එකඟතාවය 2016 ජුනි මාසයේදී හෙළිදරව් කළේ එම පක්ෂයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාය. එවකට වොෂින්ටනයේ සිටි ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සමඟ ඇමෙරිකාවේ ඔවුන් සහභාගිවූ රැස්වීමකදී එම හෙළිදරව්ව කළ බව අප වාර්තා කර ඇත. ඊට පසුව කාරියවසම් විදේශ ලේකම් ලෙස පත්වීම ලැබීය.

පදනම් විරහිත යුද අපරාධ චෝදනා නියමාකාරයෙන් ප්‍රතික්ෂේප කිරීමට යෝග්‍ය තත්ත්වයක් 2017 ඔක්තෝම්බර් මාසයේදී උදාවිය. හතරවන ඊළාම් යුද්ධය අවසන් කාලයේදී (2009 ජනවාරි -මැයි) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් ලන්ඩන් නුවර විදේශ අමාත්‍යාංශයට යැවූ රහස්‍ය ලිපි එම රටේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ වසර තුනක නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ලබාගත් බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයා 40,000 මරා දැමූ චෝදනාව නිෂ්ප්‍රභ කළේය.

වරක් නේස්බි සාමිවරයා මෙම ලියුම්කරු කොළඹදී 2019 සැප්තැම්බර් මුණගැසුන අවස්ථාවකදී (එම අවස්ථාවට මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වන අමල් අබේවර්ධන ද සහභාගි විය) තමන් වෙහෙස මහන්සි වී ශ්‍රී ලංකාවට ලබා දුන් තොරතුරු නිසියාකාරයෙන් පාවිච්චි නොකිරීම සම්බන්ධයෙන් පුදුමය සහ කනගාටුව පල කළේය.

යහපාලන විදේශ අමාත්‍යාංශය එම හෙළිදරව්ව කුණු කූඩයට දැමුවේය. නමුත් මාධ්‍ය දිගින් දිගටම එවකට ආණ්ඩුවට නේස්බි හෙළිදරව්ව සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම පෙන්වා දීම පසුබිමේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවට පොරොන්දුවක් දීමට පසුබට නොවීය. හිටපු නීතිපතිවරයකු වූ එතුමා ජිනීවා කවුන්සිලය 2019 ආමන්ත්‍රණය කළ අවස්ථාවේදීත් නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සඳහනක් කළේය. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව කළ එම පාවාදීම නිවැරදි කිරීමට දේශපාලන නායකත්වය කටයුතු කළේ නැත.

2019 නොවැම්බර් මාසයේදී පැවැත්වූ ජනාධිපතිවරණයට සතියකට පෙර එවකට සුව අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් කිඹුලන්ට ආහාරයට ගැනීමට මොනරාගල ජලාශයකට විසිකළ බවට මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළේ ජිනීවා චෝදනා පසුබිමේය. එම ප්‍රකාශය වෛද්‍ය සේනාරත්න කළ චෝදනාවකට වඩා 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ක්‍රියාත්මක කළ එජාප ප්‍රමුඛ මාධ්‍ය මෙහෙයුමේ ප්‍රධාන අංගයක් ලෙස අවධාරණය කළ යුතුය.

අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ පිහිටුවූ ආණ්ඩුවට කිඹුල් චෝදනාව සහ කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැහැර ගෙන ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් සතියක් යෑමට පෙර එල්ල කළ පට්ටපල් බොරු චෝදනාව ජනාධිපතිවරයාට සහ රටට එරෙහි ප්‍රබල මාධ්‍ය මෙහෙයුමේ කොටසක් බව සලකා කටයුතු කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් ආණ්ඩුවට නොවීය. රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ද ස්විට්සර්ලන්තට තම පවුල සමඟ තානාපති සේවිකාවට පෙර ගුවන් මගින් යෑමද නිසි අවධානයට යොමු වූයේ නැත. ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂට බටහිර බලවේග කකුල් මාට්ටුවක් දැම්මේය.

ස්විට්සර්ලන්තය ජනාධිපතිවරයාගේ අවසරය මත ෆ්‍රැන්සිස්ව ශ්‍රී ලංකාවෙන් පිට කර ගැනීමට කළ දැඩි උත්සාහය වූවානම් තත්ත්වය මීටත් වඩා අයහපත් වීමට තිබිණි.

බරපතළ වරදක්

2019 ජනාධිපතිවරණයේදී ඓ්තිහාසික ජයග්‍රහණයක් හිමිකර ගත් ගෝඨාභය රාජපක්ෂ ජිනීවා අභියෝගයට මුහුණදීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළාද? මානව හිමිකම් පෙරමුණේ වර්ධනය වෙමින් පැවති තත්ත්වය නිසි සමාලෝචනයකට ලක් නොවීය. ඒ වනවිට කිසිදු අධිකරණ පද්ධතියක් තුළ හෝ අවම වශයෙන් නිසි පරීක්ෂණයකට භාජනය නොවූ චෝදනා මත (යම් අවස්ථාවල පුද්ගලයකුට නොව සේනාංකයකට නැතහොත් සමස්ත හමුදාවට) යම් විදේශීය ආණ්ඩු ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර තිබිණි.

එවකට සේවයේ නියුතු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන තම සහෝදරයාව බැලීමට යෑමට කළ වීසා ඉල්ලීම 2016 දී මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කළේය. ගජබා රෙජිමේන්තුවට අයත් එම නිලධාරියා 2018 අගෝස්තු මාසයේ විශ්‍රාම යනතුරුම ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිවක් කළේ නැත. 2018. අගෝස්තු 31 දින විශ්‍රාම ගොස් සතියකට පසුව අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ එම නිලධාරියා ගතවන කතාවක් කළේය. ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදාව වෙනුවෙන් පෙනී නොසිටීම හේතුවෙන් තමන්ට යුද අපරාධකරුවකු ලෙස විශ්‍රාම යෑමට සිදුවූ බවට චෝදනා කළේය. අද වෙනතුරුත් කිසිදු ආණ්ඩුවක් ගාල්ලගේ ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැත. මෙය එක සිද්ධියක් පමණි. ගාල්ලගේ ට වීසා නොදීම ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් විය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පළමුවෙන්ම අසමත් වූයේ එතැනය. එතුමා පත්කළ පළමුවැනි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන 2020 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ජිනීවා ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බවයි. එසේ ඉවත්විය නොහැකි බව අද වනවිට අවධාරණය වන්නේ ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව නොයෙකුත් රටවල ක්‍රියාත්මක නඩු කටයුතුවලට මානව හිමිකම් කොමසාරිස් පූර්ණ සහයෝගය දෙන තත්ත්වයක් තුළය.

යහපාලන සමයේදී ඇමෙරිකාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට වීසා දීම ප්‍රතික්ෂේප කළේය. ඒ එතුමා එවකට ජනාධිපති සිරිසේන සමඟ එක්සත් ජාතීන්ගේ සැසියට යෑමට උත්සහ කළ අවස්ථාවේදීය. 2010 ජනාධිපතිවරණයේදී තමන් ෆොන්සේකා වෙනුවෙන් කැපවූ බව ඇමෙරිකාවට අමතක වූවාද ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වී මාස 4 යෑමට පෙර ඇමෙරිකාව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කළේය. ආණ්ඩුව ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේය. නමුත් 2020 පෙබරවාරි 14 දින කළ ඇමෙරිකානු ප්‍රකාශය ශ්‍රී ලංකාවට එරෙහිව ගනු ලබන සමස්ත ක්‍රියාවලියේ කොටසක් ලෙස ආණ්ඩුව නිවැරදිව තේරුම් ගත්තේ නැත. තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් තිබුණේද නැත. ආණ්ඩුව 2022 ජුලි මාසයේ වෙනස් වෙනතුරුම ජිනීවා සම්බන්ධයෙන් කිසිදු පසු විපරමක් කළේ නැත.

නේස්බි සාමිවරයා මහත් පරිශ්‍රමයක් දරා ශ්‍රී ලංකාව වෙනුවෙන් සොයාදුන් තොරතුරු නිසි පරිදි ජිනීවා මානව හිමිකම් කොමිසමේ අද වනතුරු පාවිච්චි කළේ නැත.

කැනඩාව 2022 ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනයට ලක් කළ බවයි. ඇමෙරිකාව 2023 අප්‍රේල් මාසයේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩට ගමන් තහනමක් පැනවූ අතර ඊට මාස තුනකට පෙර කැනඩාව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට සම්බාධක පනවා තිබිණි.

රට මුහුණ දෙන අර්බුදය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයාගෙන් මෙම ලියුම්කරු 2022 සැප්තැම්බර් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ නිලධාරීන් පමණක් නොව වන්නි පෙරමුණේ සටන් කළ සමස්ත සේනාංක තහනමට භාජනය වී ඇති බවයි. සබ්රි මෙම ප්‍රකාශය කරන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම අතහැර අවසානය. 2015 ජිනීවා යෝජනාවලියට එකඟ වූ එජාප නායක වික්‍රමසිංහ ජනාධිපතිය. ආරක්ෂක අමාත්‍ය සහ සේනාධිනායකද එතුමාමය.

ගෝඨාභය රාජපක්ෂ කතුවරයා වැඩබලන වික්‍රමසිංහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් ඔහුගේම වචනයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි. ඊට පෙර අමාත්‍ය හරින් ප්‍රනාන්දු වැනි වික්‍රමසිංහ හිතෛෂීන් එජාප නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි මෙහෙයුමට නායකත්වය දුන් බවට කළ ප්‍රකාශය බැහැර කළ නොහැක. කතුවරයා සිංගප්පූරුවේ සිටි අවස්ථාවේ එජාප නායකයා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කර ඇත. “ඒ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබා දීමට මම හිත හදාගෙන තිබුණේ රටේ නීතිය සහ සාමය යළි ස්ථාපිත කළ හැකි එකම පුද්ගලයා ඔහුය යන නිගමනයට මා පැමිණ සිටි නිසාය.” (පිටුව 178). රටේ එදා තිබූ තත්ත්වය අවබෝධ කර ගැනීමට එම වාක්‍ය ප්‍රමාණවත්ය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ -
(දිවයින)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.