වෛද්‍යවරුන් රට හැරයාමට පිළිතුර පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ ඇරීමද..?
2048දී රට දියුණු කිරීමට සිතන ජනාධිපතිට අනුව නම් වෛද්‍යවරුන් රට හැරයාමට පිළිතුර පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩ විවෘත කිරීමයි.
මේ ප්‍රකාශ මගින් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනුමක් නැති පොදු මහජනයා මුලා කිරීමට පාලකයන් සැරසෙන බව පෙනේ..
වෛද්‍යවරයක් ලෙස වෛද්‍ය පීඨයකින් සිසුන් බිහි කිරීමට අවම වශයෙන් අවුරුදු 5ක කාලයක් ගතවේ.. ඒ කාලය තුළ නියමිත පූර්ව සායනික (pre clinical ), සායනික ( clinical ) අධ්‍යාපනයක් මෙන්ම නියමිත ප්‍රමිතියකින් යුක්ත මහාචාර්ය ඒකකයන් ( proffesorial unit) තුළද පුහුණුව ලැබිය යුතුය.
අවසානයේ තවත් අවුරුද්දක කාලයක් පැය 24 පුරා සීමාවාසික පුහුණුවක් ලැබිය යුතු වේ.. ඉන් අනතුරුව පමණක් ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවේ..
වෛද්‍යවරුන් රට හැරයාමට මූලික හේතුව ලංකාවේ දැනට පවතින, දේශපාලකයන්ම නිර්මාණය කරන ලද ආර්ථික සමාජීයය ගැටලු වේ.
එසේ රට හැරයන්නේ වැඩිපුරම විශේෂඥ වෛද්‍යවරුන්, විශාල කාලයක සේවා අත්දැකීම් සහිත වෛද්‍යවරුන්ය. එම අඩුව පිරවීමට ලාබ අපේක්ෂිත පුද්ගලික ව්‍යාපාර කඩ වලින් ප්‍රමිතියකින් තොරව තොග වශයෙන් වෛද්‍යවරුන් බිහි කලත් නොහැකිය.
ජනාධිපතිවරයා පවසන පරිදි වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහි කිරීමට ඔහු සිතනුයේ 2048 දීම විය යුතුයි.
නොඑසේ නම් දැන් පවතින ගැටලුවට තව අවුරුදු 6කින් වෛද්‍ය උපාධි කඩ වලින් පිටවන අයගෙන් පිළිතුරු සෙවීමට ඔහු නොසිතනු ඇත.
එසේම දැනට විශාල ගැටලු පවතින මොරටුව,වයඹ , සබරගමුවේ වෛද්‍ය පීඨ වලට අදාළ විසදුම් ලබා දී තවත් සුදුසුකම් සහිත සිසුන් පිරිසක් වෛද්‍යවරුන් බවට පත් කිරීමේ විසඳුම අමතක වන ජනාධිපතිවරයාට NSBM, Lyceum, කොතලවල පමණක් මතක් වීමද පුදුම සහගතය.
මේ උත්සාහ දරන්නේ රටේ ජනතාව සතු නිදහස් අධ්‍යාපනයේ අවස්ථාවන් ලාභ සොයන ව්‍යාපාරිකයන්ට විකුණා දැමීමටයි.
දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨවල ගැටලු විසඳා නිදහස් වෛද්‍ය අධ්‍යාපනය රැකගැනීමටත් පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ යෝජනා හකුළා ගැනීමටත් පාලකයන්ට බල කරමු.!
(Doctors for free education පිටුවෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..