News Category
From Date
To Date
Maximum Number of Result

කොතලාවල වෛද්‍ය පීඨයට පෞද්ගලික උපාධි අපේක්ෂකයන්ට ඉඩ දීමට පෙර මේ ගැනත් සිතන්න

Apr 11, 2024 at 06:56 AM
|

කොතලාවල වෛද්‍ය පීඨයට පෞද්ගලික උපාධි අපේක්ෂකයන්ට ඉඩ දීමට පෙර මේ කරුණු ගැන  සිතිය යුතුව ඇත. 

මේ රටේ අධ්‍යාපන ක්‍රම කිහිපයක් ඇත. 

ඒ ජාතික පාසල් ජාත්‍යන්තර පාසල් මද්‍රසා පාසල් අරාබි පාසල්  වශයෙන්.

මේවායෙන්  ළමුන් උසස් අධ්‍යාපනය සඳහා පිටවනුයේ විවිධ කාල වකවානු වලය. 

ජාත්‍යන්තර පාසල්වල උසස් පෙළ සාමාන්‍ය පෙළ සියලු විභාග සඳහා මෙරට ජාතික  විදේශ විනිමය ලක්ෂ ගණනින් එක් සිසුවෙක් සඳහා වැය වන අතර උසස් අධ්‍යාපනය සඳහා ද විශාල මුදලක් විදේශයන් වෙත යවනු ලබයි. 

ඇතමෙක් එසේ කරනු ලබන්නේ විදේශයක රැකියාව සහ ස්ථිර නේවාසික පහසුකම් ලබාගැනීම වෙනුවෙන්ය. 

එහෙත් ඒ වැය වන විදේශ විනිමය නැවත රටට ලැබෙන්නේ නැත. 

මද්‍රසා පාසල් අරාබි පාසල් ජාත්‍යන්තර පාසල් වල උගන්වනු ලබන විෂය ධාරා එකිනෙකට වෙනස්ය. 

මෙරට බෙදුම්වාදය ඇති කිරීමට එය හේතුවක් වේ. 

ඉහත එක කාරණයකි. 

දෙවැනි කරුණ වන්නේ රජයේ පාසලක දේශීය විෂය නිර්දේශය හදාරන සිසුන් විශ්ව විද්‍යාලයට හෝ වෛද්‍ය පීඨයට යන්නේ වයස අවුරුදු විසිඑක පමණ වන විටය. 

එහෙත් අන්තර්ජාතික පාසලක ළමුන් උසස් පෙළ හදාරා වයස අවුරුදු 16 පමණ වන විට  මෙරට හෝ පිටරට විශ්ව විද්‍යාල පෞද්ගලික ආයතන වෙත ඇතුළත් වනු ලබයි. 

කොතලාවල වෛද්‍ය උපාධියට අදාළ අන්තර් ජාතික පාසල්වල සිසුන් ඇතුළත් කරගතහොත් වයස අවුරුදු පහක වෙනසක් ජාතික විෂය නිර්දේශය හදාරන සිසුන්ට මුදල් නිසා ඇති වන්නේය. 

එය සමාජ අසාධාරණයට මුල් වුන ගැටුමට මුල්වන හේතුවකි. 

එසේම එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය පවා උල්ලංඝනය කරයි. 

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් හතළිස් දහසක පමණ හිඟයක් ඇති බව රජයේ පාර්ශ්වම ප්‍රකාශ කරයි. 

එසේම රජයේ වෛද්‍ය පීඨවල ද විශාල ගුරු හිඟයක් ඇති අතර එය පියවීමට වසර පහක් හයක් පමණ කාලයක් ගත විය හැක. 

එබැවින් කොතලාවලට ගුරුවරුන් ඉබේ පාත් වන්නේ ද නැත. 

එසේම රටේ උගත්ම පිරිස ඇතුළත් වන දැනට රජයේ වෛද්‍ය පීඨ හතරක විශාල මානව සම්පත් සහ භෞතික සම්පත් විශාල හිඟතාවයක් සහ අඩුපාඩු රාශියක් ඇත. 

පළමුව ඒවා විසඳිය යුතුව ඇත. 

එබැවින් සුදුස්සාට සුදුසු තැන මිස මුදල් වලට සුදුසු තැන ලබාදිය යුතු නැත.  

ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය දර්ශකවල  41 වෙන ස්ථානයේ සිටින අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති ඉන්දියාව සිටින්නේ  112 වෙන ස්ථානයේය. 

එහෙත් ලෝකයේ දියුණුම සෞඛ්‍ය පද්ධතියක් ඇති සිංගප්පූරුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත. 

සිංගප්පූරුව  එරටේ වෛද්‍ය හිඟය සඳහා කොළඹ වෛද්‍ය පීඨයන් පිටවන වෛද්‍යවරුන් තම රටේ සේවය සඳහා බඳවා ගනු ලබයි. 

එතරම් පහසුකම් ඇති සිංගප්පූරුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දමා තම රටේ සෞඛ්‍ය ගොඩනගා ගත හැකිව තිබුණත් එසේ නොකරන්නේ ඇයි ද යන්න මේ රටේ පෞද්ගලික ආයතන ඕනෑ යයි සිතන දේශපාලකයන් ඇතුළු සියලු දෙනා කල්පනා කළ යුතු කරුණකි.

ඊළඟ ප්‍රධානම කරුණ වන්නේ මේ රටේ සීමාවාසික වෛද්‍යවරයකුට අදටත් වැටුප් ලෙස ගෙවනු ලබන්නේ රුපියල් හැටදහසකට ආසන්න මුදලකි. 

එසේම වයස අවුරුදු විස්සක් පමණ සේවයේ නිරත ශ්‍රේණිගත වෛද්‍යවරයෙකුට පවා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්  උපයා ගත හැකි අතර එය ලෝකයේ අනිකුත් රටවල් හා සසඳීමේදී ඉතා අඩුම වැටුපකි. 

එබැවින් ඉහළ වැටුප් සොයා මෙරට වෛද්‍යවරුන් පිටරට යෑම  එයට කදිම උදාහරණයකි. 

එසේම මෑතක සිට විදේශයන් වෙත කොතරම් දැන්වීම් දැමුවත් වෛද්‍ය උපාධිය සඳහා යන පිරිස අවම වී ඇත. 

එවන් පසුබිමක මෙරට තුළ හෝ කෝටි ගණනක මුදලක් වියදම් කරමින් ඉතා අඩු වැටුපකට  සේවය කිරීමට මිනිසුන් පෙළඹෙද යන්න බරපතල ගැටළුවකි මක් නිසාදයත් එම කෝටි ගණනක මුදල් උපයා ගැනීමට වසර විස්සක් තිහක් පමණ තම දහඩිය ශ්‍රමය කාලය පවුල සමඟ ජීවත්වන කාලය කැප කළ යුතුව ඇත. 

එහෙත් මෙරට ජාතික ධනය සොරකම් කරන වෙනත් අයථා ක්‍රමවලින් මුදල් හම්බු කරන අයට තම කළු සල්ලි සුදු කර ගැනීමට  එය අවස්ථාවක් විය හැක. 

වෛද්‍යවරයා යනු කුල මල ධන බල ජාති ආගම් භේදයෙන් තොරව සියලු රෝගීන්ට එක සේ සැලකිය යුතු  කෙනෙක් මිස විවිධ වාර්ගික ආගමික සහ ජාතිවාදී  සහ ධන බලයෙන් ඔලුව පුරවා ගත් අයවලුන් නොවිය යුතුව ඇත. 

එසේම අපේ රටට කොතරම් වෛද්‍යවරුන් ප්‍රමාණයක් අනාගතයේදී සිටිය යුතුද ඒ වෙනුවෙන් වෛද්‍ය පීඨ සැකසිය යුතුද යන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුව ඇත. 

එසේ නොකොට හතු පිපෙන්නාක් මෙන් කටයුතු කළ යුතු නැත. 

වෛද්‍ය උපාධියට විදේශයන්  වෙත  යන මුදල මෙන් සිය දහස් ගුණයක් අන්තර්ජාතික සහ අනිකුත් ජාත්‍යන්තර පාසල් වල විභාග සඳහා විදේශයන් වෙත ඇදී යන ක්‍රමවේදය  නැවැත්වීමට කතා නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. 

රටේ සියලුම දරුවන්ට කුමන පාසලක හෝ එකම කාල රාමුවක එකම විෂය නිර්දේශයක් උගන්වීමට හැකියාවක් නැත්තේ ඇයි  සහ එසේ විසඳීමට කටයුතු නොකරන්නේ ඇයිද යන්න බරපතළ ප්‍රශ්නයකි.

වෛද්‍ය වෘත්තිය ගරු කටයුතු වෘත්තියකි මෙරටේ බහුතරයක් වෛද්‍යවරුන් එයට ගරු කරමින් විෂමාචාර ක්‍රියාවල නිරත නොවී කටයුතු කරන පිරිසකි.

එහෙත් මෑතක අපේ රටේ ඇතැම් පෞද්ගලික රෝහල්වල වකුගඩු ජාවාරම් සිදුවූ බව රටට රහසක් නොවේ. 

අපේ රටේ වෛද්‍ය වරුන්ට ලෝකයට සාපේක්ෂව අවම වැටුපක් හිමිවෙද්දී කෝටි ගණනක් වියදම් කරමින් මෙවැනි වෘත්තියකට එන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. 

එම වියදම් කරන ලද මුදල් සොයා ගන්නේ ඉන්දියාවේ මෙන් අවයවජාවාරම් වෙනත් විසමාචාර ක්‍රියා මගින් ද  යන්න සෙවීමට අනාගතයේ කමිටු දහස් ගණනක් පරීක්ෂණ දහස් ගණනක් සිදු කරන්නට සිදුවනු ඇත. 

සෑම දේම විකිණීමට ප්‍රථම එහි ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ආරක්ෂා කිරීම රටේ අනාගත අභිවෘද්ධියට රුකුලකි. 

සිංගප්පූරුව එසේ කර ඇත.  එහි පෞද්ගලික හෝ මුදලට උපාධිය විකුණන රජයේ වෛද්‍ය පීඨ නැත. 

ශ්‍රී ලංකාව ඉන්දියාව වෙනවාද එසේ නැත්නම් සිංගප්පූරුව වෙනවාද යන්න සිතා බැලිය යුතුව ඇත.

එසේම රට නැවත ආගාධයකට තල්ලු කිරීමට කටයුතු කරන සියලුම පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ පාලන ක්‍රමයෙන් බැහැර කිරීමට අතීතයේ මෙන් වර්තමානයේද මේ රටේ ජනතාව  පසුබට නොවනු ඇත. 

මේ පාලකයන් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නැත. 

- මහජන යුතුකම් කේන්ද්‍රය - 

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.