News Category
From Date
To Date
Maximum Number of Result

පුටින්ගේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව කළ කථාවේ ප්‍රධාන කරුණු

Mar 19, 2024 at 10:49 AM
|

ඉතිහාසගත ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වූ ප්‍රකාශිත ඡන්දවලින් 87%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ රාත්‍රියේ රුසියානු ජනතාව ඇමතීය. 

ඉරිදා රාත්‍රියේ මොස්කව්හි ප්‍රචාරක මූලස්ථානයේදී ජනාධිපති පුටින් කළ කතාවෙන් සහ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු වල ප්‍රධාන උපුටා ගැනීම් පහත පරිදිය.

1) පුටින්ගේ සිහිනය

“මම ශක්තිමත්, ස්වාධීන, ස්වෛරී රුසියාවක් ගැන සිහින මැව්වා,” යනුවෙන් පුටින් පැවසුවේ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය “රුසියානු ජනතාව සමඟ අප සැමට මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉඩ සලසනු ඇති” බවට වන ඔහුගේ බලාපොරොත්තුව ප්‍රකාශ කරමිනි.

2) වාර්තාගත මැතිවරණ ප්‍රතිඵලය 

රුසියාවේ පුරවැසියන් රුසියාව අත්විඳින වර්තමාන තත්ත්වය වටහාගෙන බොහෝ දේ ඔවුන් මත රඳා පවතින බව තේරුම් ගෙන ඇති  බව පුටින් අවධාරණය කළේය.

“වර්තමාන තත්වය හේතුවෙන්, රුසියානු සමූහාණ්ඩුව හෙවත් අපේ මව්බිමේ පූර්ණ, ස්වෛරී, සුරක්ෂිත සංවර්ධිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ පුරවැසියන්ගේ අත්වල ආයුධ රඳවා තබා ගනිමින් කටයුතු කිරීමට අපට සිදුවී ඇත.” පුටින් සඳහන් කළේය.

මෙවර මැතිවරණය 74% ඉක්මවන වාර්තාගත ප්‍රකාශිත ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් සනිටුහන් වූ අතර පුටින් එම ඡන්ද වලින් 87% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. ඒකීය එහෙත් ජනවර්ග රැසක් ජිවත් වන රාජ්‍යයකට මෙම මැතිවරණ ප්‍රතිඵලය යහපත් වන අතර රුසියාව වැනි බහු වාර්ගික රටකට ඒවා අද්විතීය ලෙස සුවිශේෂී වන බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අනාගත අභියෝග

රට අභියෝග රැසකට මුහුණ දෙන  බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා රුසියානු ජනතාව සමගියෙන් සිටියහොත් එම අභියෝගයට මුහුණ දෙන බව ඔහු සඳහන් කළේය.

“අපට ඉදිරියේදී බොහෝ කාර්යයන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපි එකමුතුව සිටීමෙන් කිසිවෙකුට අපව බිය කිරීමට හෝ මර්දනය කිරීමට හැකිවන්නේ නැහැ. මීට පෙර කිසිවෙකු රුසියාව බිඳ වැට්ටවීමට ගත් ක්‍රියා මාර්ග සාර්ථක වූයේ නැහැ. එය දැන් මේ මොහොතේදී සාර්ථක නොවූ අතරම අනාගතයේදී කිසිදා සාර්ථක නොවනු ඇත. ”

“අපට විශාල සංවර්ධන න්‍යාය පත්‍රයක් තිබෙනවා. ජනතාව එය හදවතින්ම තේරුම් ගෙන තම මාතෘභූමිය සංවර්ධනයට සහ ශක්තිමත් කිරීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීමට ඉදිරියට පැමිණියා. මෙම මැතිවරණ ප්‍රතිඵලය එම කාර්යයන් ඉටු කර ඉලක්ක කරා ළඟා වන බවට සහතිකයක් බව කිව යුතුයි." ඔහු පැවසුවේය.

යුක්රේනයේ දේශසීමා ආක්‍රමණ සහ 'යුද මුක්ත කලාපය'

පසුගිය සතිය පුරා යුක්රේන කඩාකප්පල්කාරී කණ්ඩායම් රුසියානු භූමියට කඩා වැදීමට ගත් බහුවිධ උත්සාහයන් ව්‍යර්ථ කර ඇති අතර, පුටින් පැවසුවේ සතුරා පන්දහසක පමණ පිරිසක් යොදවා ඇති අතර ඔවුන්ගෙන් 40% ක් පමණ වන පිරිසක් දිවි අහිමි කර ගෙන ඇති  බවයි.

“අපේ භූමියට හොර රහසේ ඇතුළු වූ අයගෙන් 100%ක්ම විනාශය අත්පත් කරගත්තා... සතුරාට ‘මස් ඇඹරුම් යන්ත්‍රයක්’ අවශ්‍ය නම් - අපි එයින් පවා ප්‍රයෝජන ලබනවා.

මේ සම්බන්ධයෙන් කියෙව් පරිපාලනය අදහස් දක්වමින් කියා සිටියේ මෙම මෙහෙයුම පැරාමිලිටරි ඒකක විසින් සිදු කරන ලද බවත්, ඔවුන් රුසියාවෙන් පලාගියවුන්ගෙන් සහ පලාගිය නව-නාසිවරුන්ගෙන් සැදුම්ලත් සහයෝගිතා බලකායක් බවයි. පුටින් කඩාකප්පල්කාරීන් සමාන කළේ දෙවන ලෝක යුද්ධයේදී ජර්මානු නාසි අණ යටතේ සටන් කළ ව්ලසොව් හමුදා සහයෝගිතාකරුවන්ට ය.

"එදා එම ද්‍රෝහීන්, එම දුෂ්ඨ නාසීන්ගේ පාර්ශවය සමඟ එක්ව සටන් කළ අතර, වර්තමානයේ නව- නාසිවරුන්ගේ පාර්ශවය සමඟ සිට ගනිමින් සටන් කරන ඒ හා සමාන මිනිසුන් පිරිසක්." ජනාධිපතිවරයා අවධාරණය කළේය. "එහෙත් දෙවන ලෝක යුද සමයේ ඔවුන් අවසන් වූයේ කෙසේදැයි අපි කවුරුත් දනිමු."

යුක්‍රේන දේශසීමා ප්‍රදේශ වල ජීවත්වන රුසියානු වැසියන්  යුක්රේන ප්‍රහාරවලින්  ආරක්ෂා කර ගැනීම සඳහා, රුසියාවට යම් අවස්ථාවක දී කියෙව් පාලන ප්‍රදේශවල ස්වාරක්ෂක කලාපයක් පිහිටුවීමට පවා "බල කළ හැකිය". රුසියානු හමුදා විසින් "ප්‍රධාන වශයෙන් විදේශීය සම්භවයක් ඇති" ආයුධවලින් සතුරාට ජය ගැනීම තරමක් අපහසු වන ආරක්ෂක කලාපයක් ස්ථාපිත කරනු ඇත. එලෙසම "අපි එය සුදුසු යැයි සලකන මොහොතකදී ගොඩ නැගෙනු ඇත." පුටින් තවදුරටත් පැවසීය.

යුක්රේනය සමඟ සාකච්ඡා

"විරුද්ධවාදියාගේ පතොරම් අවසන් වී ඇති" නිසා පමණක් නොව, දිගු කාලීනව හොඳ අසල්වැසි සබඳතා ඇති කර ගැනීමට විරුද්ධවාදීන් බැරෑරුම් ලෙස කටයුතු කරන තාක් මොස්කව් සැමවිටම සාම සාකච්ඡාවලට කැමැත්තක් දක්වයි.

රුසියාව ජාතික අවශ්‍යතා සමඟ පෙළගැසෙන්නේ නම්, විවිධ අවස්ථා සලකා බැලීමට සූදානම් බව ඔහු පැවසීය. එහෙත් කියෙව් වත්මන් නායකත්වය සමඟ මොස්කව්හි සාකච්ඡා තහනම් කර ඇති නිසාත්, ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිට මැතිවරණයක් පැවැත්වීමට අදහසක් නැති නිසාත්, “එහිදී සාකච්ඡා කළ යුත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීමට පවා “වේදනීය පර්යේෂණ” අවශ්‍ය වනු ඇති” බව පුටින් සඳහන් කළේය.

නේටෝ සමග ගැටුම

නේටෝව සහ රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීමේ සම්භාවිතාව ගැන කිරා මැන බලමින් පුටින්, “නූතන ලෝකයේ ඕනෑම දෙයක් විය හැකි” බව පැවසූ අතර එය “පූර්ණ පරිමාන තුන්වන ලෝක යුද්ධයකට එළබීමට ඇට්තේ එක් පියවරක් පමණක් වනු ඇති” බවට අනතුරු ඇඟවීය.

"කිසිවෙකු තුන්වන ලෝක යුද්ධයකට උනන්දු යැයි මම සිතන්නේ නැහැ." ඔහු තවදුරටත් අවධාරණය කළේ, යුක්රේනයේ හමුදා යෙදවීමට එක්සත් ජනපදය ප්‍රමුඛ කඳවුරේ ඇති අභිලාශය සම්බන්ධයෙන් මොස්කව් හොඳින් දන්නා බවද පුටින් පැවසීය.

නේටෝ ප්‍රාන්තවල ස්වේච්ඡා සටන්කාමීන් අතිශය භයානක තත්වයන්ට මුහුන දී සිටින බව සඳහන් කරමින්, "මෙම යුද්ධය තුළ ඔවුන්ට යහපත් දෙයක් ලැබෙන්නේ නැහැ. මුලිකවම ඔවුන් එහිදී විශාල වශයෙන් මිය යන නිසා" යැයි පැවසීය.

Putin’s dream, Russian unity, conflict with NATO: Key takeaways from victory speech

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.