News Category
From Date
To Date
Maximum Number of Result

පුටින්ගේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව කළ කථාවේ ප්‍රධාන කරුණු

Mar 19, 2024 at 10:49 AM
|

ඉතිහාසගත ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වූ ප්‍රකාශිත ඡන්දවලින් 87%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ රාත්‍රියේ රුසියානු ජනතාව ඇමතීය. 

ඉරිදා රාත්‍රියේ මොස්කව්හි ප්‍රචාරක මූලස්ථානයේදී ජනාධිපති පුටින් කළ කතාවෙන් සහ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු වල ප්‍රධාන උපුටා ගැනීම් පහත පරිදිය.

1) පුටින්ගේ සිහිනය

“මම ශක්තිමත්, ස්වාධීන, ස්වෛරී රුසියාවක් ගැන සිහින මැව්වා,” යනුවෙන් පුටින් පැවසුවේ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය “රුසියානු ජනතාව සමඟ අප සැමට මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉඩ සලසනු ඇති” බවට වන ඔහුගේ බලාපොරොත්තුව ප්‍රකාශ කරමිනි.

2) වාර්තාගත මැතිවරණ ප්‍රතිඵලය 

රුසියාවේ පුරවැසියන් රුසියාව අත්විඳින වර්තමාන තත්ත්වය වටහාගෙන බොහෝ දේ ඔවුන් මත රඳා පවතින බව තේරුම් ගෙන ඇති  බව පුටින් අවධාරණය කළේය.

“වර්තමාන තත්වය හේතුවෙන්, රුසියානු සමූහාණ්ඩුව හෙවත් අපේ මව්බිමේ පූර්ණ, ස්වෛරී, සුරක්ෂිත සංවර්ධිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ පුරවැසියන්ගේ අත්වල ආයුධ රඳවා තබා ගනිමින් කටයුතු කිරීමට අපට සිදුවී ඇත.” පුටින් සඳහන් කළේය.

මෙවර මැතිවරණය 74% ඉක්මවන වාර්තාගත ප්‍රකාශිත ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් සනිටුහන් වූ අතර පුටින් එම ඡන්ද වලින් 87% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. ඒකීය එහෙත් ජනවර්ග රැසක් ජිවත් වන රාජ්‍යයකට මෙම මැතිවරණ ප්‍රතිඵලය යහපත් වන අතර රුසියාව වැනි බහු වාර්ගික රටකට ඒවා අද්විතීය ලෙස සුවිශේෂී වන බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අනාගත අභියෝග

රට අභියෝග රැසකට මුහුණ දෙන  බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා රුසියානු ජනතාව සමගියෙන් සිටියහොත් එම අභියෝගයට මුහුණ දෙන බව ඔහු සඳහන් කළේය.

“අපට ඉදිරියේදී බොහෝ කාර්යයන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපි එකමුතුව සිටීමෙන් කිසිවෙකුට අපව බිය කිරීමට හෝ මර්දනය කිරීමට හැකිවන්නේ නැහැ. මීට පෙර කිසිවෙකු රුසියාව බිඳ වැට්ටවීමට ගත් ක්‍රියා මාර්ග සාර්ථක වූයේ නැහැ. එය දැන් මේ මොහොතේදී සාර්ථක නොවූ අතරම අනාගතයේදී කිසිදා සාර්ථක නොවනු ඇත. ”

“අපට විශාල සංවර්ධන න්‍යාය පත්‍රයක් තිබෙනවා. ජනතාව එය හදවතින්ම තේරුම් ගෙන තම මාතෘභූමිය සංවර්ධනයට සහ ශක්තිමත් කිරීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීමට ඉදිරියට පැමිණියා. මෙම මැතිවරණ ප්‍රතිඵලය එම කාර්යයන් ඉටු කර ඉලක්ක කරා ළඟා වන බවට සහතිකයක් බව කිව යුතුයි." ඔහු පැවසුවේය.

යුක්රේනයේ දේශසීමා ආක්‍රමණ සහ 'යුද මුක්ත කලාපය'

පසුගිය සතිය පුරා යුක්රේන කඩාකප්පල්කාරී කණ්ඩායම් රුසියානු භූමියට කඩා වැදීමට ගත් බහුවිධ උත්සාහයන් ව්‍යර්ථ කර ඇති අතර, පුටින් පැවසුවේ සතුරා පන්දහසක පමණ පිරිසක් යොදවා ඇති අතර ඔවුන්ගෙන් 40% ක් පමණ වන පිරිසක් දිවි අහිමි කර ගෙන ඇති  බවයි.

“අපේ භූමියට හොර රහසේ ඇතුළු වූ අයගෙන් 100%ක්ම විනාශය අත්පත් කරගත්තා... සතුරාට ‘මස් ඇඹරුම් යන්ත්‍රයක්’ අවශ්‍ය නම් - අපි එයින් පවා ප්‍රයෝජන ලබනවා.

මේ සම්බන්ධයෙන් කියෙව් පරිපාලනය අදහස් දක්වමින් කියා සිටියේ මෙම මෙහෙයුම පැරාමිලිටරි ඒකක විසින් සිදු කරන ලද බවත්, ඔවුන් රුසියාවෙන් පලාගියවුන්ගෙන් සහ පලාගිය නව-නාසිවරුන්ගෙන් සැදුම්ලත් සහයෝගිතා බලකායක් බවයි. පුටින් කඩාකප්පල්කාරීන් සමාන කළේ දෙවන ලෝක යුද්ධයේදී ජර්මානු නාසි අණ යටතේ සටන් කළ ව්ලසොව් හමුදා සහයෝගිතාකරුවන්ට ය.

"එදා එම ද්‍රෝහීන්, එම දුෂ්ඨ නාසීන්ගේ පාර්ශවය සමඟ එක්ව සටන් කළ අතර, වර්තමානයේ නව- නාසිවරුන්ගේ පාර්ශවය සමඟ සිට ගනිමින් සටන් කරන ඒ හා සමාන මිනිසුන් පිරිසක්." ජනාධිපතිවරයා අවධාරණය කළේය. "එහෙත් දෙවන ලෝක යුද සමයේ ඔවුන් අවසන් වූයේ කෙසේදැයි අපි කවුරුත් දනිමු."

යුක්‍රේන දේශසීමා ප්‍රදේශ වල ජීවත්වන රුසියානු වැසියන්  යුක්රේන ප්‍රහාරවලින්  ආරක්ෂා කර ගැනීම සඳහා, රුසියාවට යම් අවස්ථාවක දී කියෙව් පාලන ප්‍රදේශවල ස්වාරක්ෂක කලාපයක් පිහිටුවීමට පවා "බල කළ හැකිය". රුසියානු හමුදා විසින් "ප්‍රධාන වශයෙන් විදේශීය සම්භවයක් ඇති" ආයුධවලින් සතුරාට ජය ගැනීම තරමක් අපහසු වන ආරක්ෂක කලාපයක් ස්ථාපිත කරනු ඇත. එලෙසම "අපි එය සුදුසු යැයි සලකන මොහොතකදී ගොඩ නැගෙනු ඇත." පුටින් තවදුරටත් පැවසීය.

යුක්රේනය සමඟ සාකච්ඡා

"විරුද්ධවාදියාගේ පතොරම් අවසන් වී ඇති" නිසා පමණක් නොව, දිගු කාලීනව හොඳ අසල්වැසි සබඳතා ඇති කර ගැනීමට විරුද්ධවාදීන් බැරෑරුම් ලෙස කටයුතු කරන තාක් මොස්කව් සැමවිටම සාම සාකච්ඡාවලට කැමැත්තක් දක්වයි.

රුසියාව ජාතික අවශ්‍යතා සමඟ පෙළගැසෙන්නේ නම්, විවිධ අවස්ථා සලකා බැලීමට සූදානම් බව ඔහු පැවසීය. එහෙත් කියෙව් වත්මන් නායකත්වය සමඟ මොස්කව්හි සාකච්ඡා තහනම් කර ඇති නිසාත්, ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිට මැතිවරණයක් පැවැත්වීමට අදහසක් නැති නිසාත්, “එහිදී සාකච්ඡා කළ යුත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීමට පවා “වේදනීය පර්යේෂණ” අවශ්‍ය වනු ඇති” බව පුටින් සඳහන් කළේය.

නේටෝ සමග ගැටුම

නේටෝව සහ රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීමේ සම්භාවිතාව ගැන කිරා මැන බලමින් පුටින්, “නූතන ලෝකයේ ඕනෑම දෙයක් විය හැකි” බව පැවසූ අතර එය “පූර්ණ පරිමාන තුන්වන ලෝක යුද්ධයකට එළබීමට ඇට්තේ එක් පියවරක් පමණක් වනු ඇති” බවට අනතුරු ඇඟවීය.

"කිසිවෙකු තුන්වන ලෝක යුද්ධයකට උනන්දු යැයි මම සිතන්නේ නැහැ." ඔහු තවදුරටත් අවධාරණය කළේ, යුක්රේනයේ හමුදා යෙදවීමට එක්සත් ජනපදය ප්‍රමුඛ කඳවුරේ ඇති අභිලාශය සම්බන්ධයෙන් මොස්කව් හොඳින් දන්නා බවද පුටින් පැවසීය.

නේටෝ ප්‍රාන්තවල ස්වේච්ඡා සටන්කාමීන් අතිශය භයානක තත්වයන්ට මුහුන දී සිටින බව සඳහන් කරමින්, "මෙම යුද්ධය තුළ ඔවුන්ට යහපත් දෙයක් ලැබෙන්නේ නැහැ. මුලිකවම ඔවුන් එහිදී විශාල වශයෙන් මිය යන නිසා" යැයි පැවසීය.

Putin’s dream, Russian unity, conflict with NATO: Key takeaways from victory speech

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.