News Category
From Date
To Date
Maximum Number of Result

අනුර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට අරුන් සිද්ධාර්ථ දී ඇති පිළිතුර ඓතිහාසිකයි - මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා

Mar 28, 2024 at 12:22 PM
|

අරූන් ඔබ රටේ සමස්ත දේශපාලනය පිළිබඳව දරනා ආකල්පය කෙසේ වෙතත් උතුරේ දේශපාලනය පිළිබඳව ඔබ තරම් දන්නා කෙනෙක් උතුරේ නැති බවයි මගේ පෞද්ගලික හැඟීම.

මම ඔබගේ වර්තමාන දේශපාලනයට එකඟ නොවුනත්, අනුර කුමාර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට ඔබ විසින් දී ඇති පිළිතුර ඓතිහාසිකයි. 

එය කෙනෙක්ව නිරුවත් කරනවාට වඩා කන හරහා දුන් ප්‍රබල අතුල් පහරක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. 

මා හැමදාමත් විශ්වාස කළ පරිදි අනුර කුමාර කියන්නේ දේශපාලනයේ ළදරුවෙක්.

ජවිපය අතීතයේදී දරුණු ලෙස වරද්දාගත් ආකාර නැවත පුනරුචාරණය නොකරන්න ඔහු ඇතුළු ජවිපෙ නායකයින්ට අපගේ අත්දැකීම් අනුසාරයෙන් යමක් තෝරා බේරා දෙන්නට මා හට මැදිහත්වන්න කියා දැනට වසර දෙකකට ඉහතදී මාගේ මිතුරෙක් විසින් කරන ලද කාරුණික ඉල්ලීමකට අනුව ලිඛිතවම ඒ යෝජනා අනුර කුමාර ඇතුළු පක්ෂයේ නායකයින් පස්දෙනෙකුටම යවනු ලැබුවා.

එදා ඔවුන් මා කිව් දෙයට ඇහුම්කන් දුන්නේ නම්, අනුර කුමාර ඇතුළු පක්ෂයේ නායකයින් යන යන තැන මේ අනාගැනීම කරගන්නේ නැත.

දැන් ඔවුන් කණ්ඩායමක් ලෙස හැසිරෙන්නේ දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා අත දරුවන් පිරිසක් ලෙසින්.  

"කොට්ටෝරුව හැම ගහටම කොට කොට යනවා" කියලා ගැමි කියමනක් තියෙනවා.

ඒ වගේම "නොදන්නා දෙමළට ගිහින් වරිගෙ නහගන්න එපා" කියලත් කියමනක් තිබෙනවා.

මේ වතාවේදී අනුර කුමාර පමණක් නොවේ NPP එකේ කොට්ටෝරුවන් රැළම "ජාතික" ප්‍රශ්නයේදී සම්බන්ධන්ලාව, සුමන්තිරන්ලාව නළවන්න ගොස් කෙහෙල් ගස්වල හොට පටළවාගන්නවා.

අනුර කුමාර දේශපාලන වශයෙන් මොන තරම් බොළඳ ද කියාකිවහොත්, සම්බන්ධන්ගේ ජාතික අනන්‍යතාවයක් ගැන කතා කරන්න තරම් නූගතෙක් බවට පත් වී තිබෙනවා.

අප හැමදාමත් අපමණ වෙහෙසක් ගෙන ජාතිය අමතා කළ කතාවල් වලදී  හා ප්‍රකාශයට පත් කරන ලද ලිපි ලේඛන වල පැහැදිලිවම පෙන්වා දුන්නා ලංකාවේ  වාසය කරන්නේ විවිධ ජාතීන් නොව විවිධ ජනවාර්ගික කොටස් කියා.  දේශපාලනය කිරීමට උනන්දු වන ඕනෑම කෙනෙක් බාලාංශයේදීම ඉගෙන ගත යුතු දෙයක් නම් "ශ්‍රී ලාංකික" නම ජනතාවට ලැබී තිබෙන්නේ එම රටේ ජීවත් වෙන විවිධ ජනවාර්ගික  කොටස් සමස්තයක් ලෙස හැඳින්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව. 

දේශපාලනයේ මෙම "අ" යන්න නොදන්නා අනුර කුමාරව ජනාධිපති මැතිවරයණටත් කලින් තෝරාපත් කරගෙන තිබෙන්නේ ඇමරිකාවත් කතෝලික පල්ලියත්, දෙමළ ඩයස්‌පෝරාවක් විසින් බව දැන් දැන් ජනතාව තේරුම් ගනිමින් සිටී. 

ජනාධිපති කමට ඉදිරිපත් වෙන ඕනෑම කෙනෙක් චන්ද ලබාගත යුත්තේත්, රටේ පාලනයට ආශිර්වාදය ලබා ගත යුත්තේත්, ජනතා ප්‍රශ්න වර්ගීකරණය කිරීමේදී එය වාර්ගීය, කලාපීය හෝ සංස්කෘතික වශයෙන්ද නොව "ජාතිකත්වය" නැමැති පුළුල් සංකල්පය යටතේ බව තරයේම සිතට ගත යුතුව තිබෙනවා.

පැනමා රාජ්‍යයේ ප්‍රශ්න විසඳන්න කියා එරටේ කුඩු විකුණූ රස්තියාදුකාරයෙක් වූ නොරියේගා කියන පුද්ගලයාව ජනාධිපති බවට පත්කළේ ඇමෙරිකාව විසින්. ඒ පැනමා රාජ්‍යයේ ජනතාවට සේවයක් කිරීමට නොව මේ "මෝඩ හරකා" ලවා ඇමරිකාවේ වැඩ ටික කරගැනීම සඳහායි. තමන්ගේ වැඩ ටික කරගෙන අවසන් වූ පසු නොරියේගාව බල්ලෙක් මෙන් පයින් ගසා එළවා දමන්නේත් ඇමරිකාව විසින්මයි. නොරියේගා ගේ ජීවිතය ඉතාමත් අවාසනාවන්ත ලෙස අවසන් වන්නේ ඇමෙරිකානු සිරගෙයක් තුළදීයි.

ජීවිත කාලයක් පුරා පාර්ලිමේන්තුව තුළ ගැළරියට ආමන්ත්‍රණය කරමින් මෝඩයින් අතර වීරයෙක් වුනා හැර අනුර කුමාර දන්නා දෙයක් නැති බව නිර්භයවම ප්‍රකාශ කරමි.

කොන්ත්‍රාත් පදනමක් මත දේශපාලනයට ප්‍රවේශ වුණු බොහෝ දෙනකුගේ ඉරණම අවාසනාවන්ත ලෙස අවසන් වුන බව  අනුර කුමාරලා දැන්වත් අවබෝධ කරගත යුතුයි.

(Prof. Edward M Perera)
27.03.2024

සබැඳි පුවත්...
අනුරගේ අතින් අල්ලාගෙන සම්බන්ධන් කියූ කතාව ගැන අරුන් සිද්දාර්ඨන් රිදෙන්නම කියා දෙයි



සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.