News Category
From Date
To Date
Maximum Number of Result

චීනයේ ජනගහණය ලෝකයේ ජනගහණයෙන් පහෙන් එකක් පමණ වන බවත්, චීන විප්ලවය ජය ගැනීමෙන් පසුව ඔවුන් එදා පැවතුනු ලෝක ක්‍රමයෙන් ඉවත් වූ වෙනත් ක්‍රමයකට යොමු වූ බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

මේ, රට වෙනුවෙන් කැපවී යුද කළ සහ හමුදා නිලධාරීන්ට සහ අයුක්‌තියට අසාධාරණයට එරෙහිවත් මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධවත් සටන් කළ පොලිස්‌ නිලධාරීන් එකා පිට එකා හිරගෙට දක්‌කන කාලයක්‌ යයි සමාජයේ මතයක්‌ පවතී.

පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ලම සියලු පෝෂක අඩංගු එහෙත් නමක් දැමිය නොහැකි පානය කළ නොහැකි 'සුප්' එකක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ(26) රාත්‍රී නිකුත් කිරීම ගැන මම පළකළ පෝස්ටුවෙන් පසු බොහෝදෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ.

හරිනි අමරසූරිය ඇයගේ පළමු උපාධිය ලබාගත්තේ නවදිල්ලි විශ්වවිද්‍යාලයෙනි. ඇය පාසල් අධ්‍යාපනය අවසන් කරන විට 88-89 ජවිපෙ භීෂණය නිසා විශ්වවිද්‍යාල වසා තිබිණි. හරිනිට නවදිල්ලි විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව දුන්නේ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයය.

ජාතිය මුහුදෙන අභියෝගය සහ ජාතික බලවේගවලට පැවරී ඇති ඓතිහාසික වගකීම පිළිබඳව පැහැදිලි කරමින් ජාතික සංවිධාන එකමුතුව මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ලොකු කතාබහක් ඇති විය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ඉතාම දැඩි විරෝධයකින් මාලිමවේ ප්‍රතිපත්ති හා දේශපාලන ව්‍යාපාරය නිර්දය ලෙස විවේචනය කල අයෙක් වශයෙන් පළමුව සඳහන් කල යුත්තේ අනුර සහෝදරයාගේ ජයග්‍රහණය ගැන මගේ හිතේ අබමල් රේණුවක් තරම්වත් අහිතක් හෝ කුහක කමක් නෑ කියාය.


ප්‍රධාන පුවත්

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි

සමාජ ඒකාග්‍රතාවය, සහජීවනය, සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් න්‍යායාත්මකව සාධාරණීකරණය කිරීම සහ එම මතවාද බහුතර සිංහල බෞද්ධ ජනයා මත පැටවීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් මිලට ගත් බවට චෝදනා එල්ල වන භික්ෂූන් හත් නමක් යොදාගනිමින් ඉදිරිපත් කරන 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියැවිල්ල 2024-12-20 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදෙන බව වාර්තා වේ.

ජර්මනියෙන් චීනයට තර්ජන

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, රුසියානු-යුක්‍රේන ගැටුම මධ්‍යයේ චීනය රුසියාවට මිලිටරි සහාය ලබා දෙන බවට තිබෙන මෑත කාලීන බුද්ධි තොරතුරු සාකච්ඡා කිරීමට රැස් වූ බ්‍රසල්ස් හි පැවති රැස්වීමකදී ජර්මානු විදේශ ඇමතිනි ඇනලේනා බෙයර්බොක් විසින් සම්බාධක පනවන බවට බීජින පාලනයට තර්ජනය කර ඇත.

පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් ලැබී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.