දෙවන ඇමරිකානු F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශය පිළිබඳ වාර්තා තවමත් තහවුරු කර නැහැ-තස්නිම් පුවත් සේවය පවසයි
ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ දෙවන F-35 ප්‍රහාරක ජෙට් යානය විනාශ කිරීම පිළිබඳව පලවන මෑත කාලීන මාධ්‍ය වාර්තා මෙතෙක් තහවුරු කර නොමැති බව ඉරාන බලධාරින් පවසා ඇතැයි ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියට අදහස් දැක්වූ ඉරානයේ වගකිව යුතු නිලධාරියෙකු පවසා සිටියේ, “දෙවන ඇමරිකානු F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශ වීම පිළිබඳව සංසරණය වන මාධ්‍ය වාර්තාව මෙතෙක් තහවුරු කිරිමට තමන්ට නොහැකි බවයි.”
“පළමු F-35 ප්‍රහාරක ගුවන් යානය තවදුරටත් ඉලක්ක කිරීම යටපත් කිරීම සඳහා මෙම ව්‍යාජ පුවත ඇමරිකානුවන් සහ ඊශ්‍රායල මුලාශ්‍ර විසින්ම පතුරුවා හැරීමට ඉඩ තිබෙනව.” ලෙස ප්‍රවෘත්ති මූලාශ්‍රය තවදුරටත් පැවසූ බව තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
දෙවන F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශය තහවුරු වුවහොත් අදාළ ඉරාන නිලධාරීන් එය නිවේදනය කරනු ඇති බවද තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
ඇමරිකානු F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශය ලෝකයේ එක්සත් ජනපද හමුදා තාක්ෂණිකව උසස් යැයි පතුරුවන මිත්‍යාව ප්‍රායෝගිකව විනාශ කළ බවත්, මේ හේතුව නිසා, තහවුරු නොකළ කටකතා පතුරුවා හැරීම සහ ඒවා ප්‍රතික්ෂේප කිරීම වැනි උත්සාහයන් එක්තරා ආකාරයක ව්‍යාජත්වය පතුරුවන මාධ්‍ය ව්‍යාපාරයක් විය හැකි බවත් ඉහත සඳහන් කළ නිළධාරියා පැවසූ බව තස්මින් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
මීට පෙර, නිකුත් කළ නිවේදනයක් මගින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසා සිටියේ මධ්‍යම ඉරානයේ ගුවන් කලාපයේදී ඇමරිකානු ගුවන් හමුදාවේ F-35 ප්‍රහාරක ගුවන් යානයට රහසිගත ප්‍රහාරක ජෙට් යානයක් මගින් සාර්ථකව පහර දුන් බවයි.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඊයේ(19) සිය නිල ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ කළ නිවේදනයකට අනුව, F-35 ප්‍රහාරක ගුවන් යානයට ඉරාන වේලාවෙන් අලුයම 2:50 ට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ දියුණු, නවීන ගුවන් ආරක්ෂක පද්ධති මගින් පහර එල්ල කරන ලද බවයි.
"ප්‍රහාරක ජෙට් යානයේ ඉරණම අපැහැදිලි වන අතර විමර්ශනය කරමින් පවතින අතර, එය කඩා වැටීමේ සම්භාවිතාව ඉතා ඉහළ යි." නිවේදනය පැවසීය.
ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් එක්සත් ජනපද-ඊශ්‍රායල ඩ්‍රෝන යානා 125 කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව බිම හෙළීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළ අතර, එය රටේ ඒකාබද්ධ ගුවන් ආරක්ෂක ජාලයේ සැලකිය යුතු හා අරමුණු සහිත වැඩිදියුණු කිරීම් පෙන්නුම් කරයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් විමර්ශනය වෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..