News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය දියත් කර ඇති යුද මෙහෙයුම් සඳහා සහය නොදැක්වීම සම්බන්ධයෙන් නේටෝ (NATO) සංවිධානයේ සාමාජික රටවල් දැඩි ලෙස විවේචනය කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. සිය දිගුකාලීන මිත්‍ර රටවල් මෙලෙස සහය දැක්වීමෙන් වැළකී සිටීම "බියගුලු ක්‍රියාවක්" බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

අද (20) අලුයම ඉරාන වේලාවෙන් 01:20 ට පමණ ඊශ්‍රායලය අත්පත් කරගත් පලස්තීනයේ ස්ථාන සහ කලාපයේ ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නිල මාධ්‍ය ප්‍රකාශක අලි මොහොමඩ් නයිනි (Ali Mohammad Naini), ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය තහවුරු කරයි.

ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ දෙවන F-35 ප්‍රහාරක ජෙට් යානය විනාශ කිරීම පිළිබඳව පලවන මෑත කාලීන මාධ්‍ය වාර්තා මෙතෙක් තහවුරු කර නොමැති බව ඉරාන බලධාරින් පවසා ඇතැයි ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා ඇති යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන, අමෙරිකාව විසින් ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සලකාබලමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සන්නිවේදන ක්ෂේත්‍රයේ සමහර විශේෂිත කණ්ඩායම් ඊශ්‍රායල හමුදාවේ ආරක්ෂිත සන්නිවේදනයට අදාළ කේත බිඳ දැමීමෙන් පසු ඊශ්‍රායලයේ යුද කළමනාකරණය අර්බුදයකට මුහුණ දී සිටින බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා පවසයි.

ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය නැවත වරක් ඉරාන බලශක්ති යටිතල පහසුකම් වලට පහර දුන්නොත් ඔවුන්ගේ මැද පෙරදිග ඇති සියලුම යටිතල පහසුකම්වලට පහරදෙන බව ඉරානය නිවේදනය කර තිබේ.

පසුගිය දා ධුරයෙන් ඉල්ලා අස්වූ අමරිකානු ප්‍රතිත්‍රස්ත ඒකකයේ ප්‍රධානියා මාධ්‍යවේදියකු සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක දී ඉරානයට එරෙහි යුද්ධය සහ අමෙරිකාවේ පරිපාලනය විවේචනයට ලක්කර තිබේ.

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානිගේ දියණියක අමෙරිකාවේ එමරි විශ්වවිද්‍යාලයේ දැරූ තනතුරෙන් ඉවත් කර ඇති බව Califoia Post පුවත්පත වාර්තා කර ඇතැයි නිව්යෝර්ක් පෝස්ට් සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.