ඊශ්‍රායලය වෙනුවෙන් සිරියාවේ ත්‍රස්තවාදීන් සමඟ එක්සත් ජනපදය ‘සෘජුවම කටයුතු කළා’- ට්‍රම්ප්ගේ ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියා
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් පෙරලා දමා සිරියාව විනාශ කිරීමට එක්සත් ජනපදය “අල්-කයිඩා” සහ ඉස්ලාමීය රාජ්‍ය (IS, කලින් ISIS) සමඟ සෘජුවම වැඩ කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියා වන ජෝ කෙන්ට් පවසා තිබේ.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරෝධය පළ කරමින් ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ඉල්ලා කටයුතු කළ ඉල්ලා අස් වූ අමෙරිකානු ජාතික කෙන්ට් සිකුරාදා(27) මින්ට්ප්‍රෙස් නිවුස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
ඉරාන ගැටුම යනු ඉරාක යුද්ධය සහ සිරියානු යුද්ධය මෙන් එක්සත් ජනපදය ඊශ්‍රායලය වෙනුවෙන් සටන් කළ තවත් යුද්ධයක් පමණක් බව පැවසූ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියා , එම ගැටුම්වලදී එක්සත් ජනපදය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය දුන් බවද කියා සිටියේය.
"අපි සිරියාවට පය ගසමින් කියා සිටියේ: අපි ඊශ්‍රායලය සමඟ වැඩ කරනවා. ඒත් සිරියාවේ ජීවත්වන සුන්නි ජනතාව සමඟත් ගොඩක් වැඩ කරලා එතන උද්ඝෝෂණයක් හෙවත් නැගිරීමක් ඇති කරන්න ඕනේ කියලා.” ඔහු පැවසීය.
“ISIS ගොඩ නැගුණේ එතනින්. අපි අල්-කයිඩා සමඟ සෘජුවම කටයුතු කළා; හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් මගින් මෙය සනාථ කරනවා. ඊනියා නිදහස් සිරියානු හමුදාවට සහාය දැක්වීම සඳහා අපි කළ මෙහෙයුම් සකස් කළ නමුත් එහි මධ්‍යස්ථ මතධාරීන් කිහිප දෙනෙක් සිටියා. එහෙත් මූලිකව වඩාත්ම ඵලදායී පුද්ගල කණ්ඩායම වූයේ අල්-කයිඩා සහ පසුව ISIS.”
"අවසානයේ IS අපේ 'පාලනයෙන් මිදුණා'. එලෙසම එක්සත් ජනපදයට ආපසු ගොස් අප ආරම්භ කළ කටුක ගින්න නැවත වරක් නිවා දැමීමට සිදු වුණා.” කෙන්ට් පැවසුවේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් එක්සත් ජනපදය සිරියාවේ සමහර ත්‍රස්ත කොටස් අත්පත් කර ගැනීම පිළිබඳව සඳහන් කරමිනි.
සිරියාව විනාශ කිරීමට ගත් උත්සාහයන් අවසානයේ 2024 අගභාගයේදී අසාද් රජයේ බිඳවැටීමට සහ නැවත නම් කරන ලද අල්-කයිඩා ශාඛාවක් වන හයාත් තහ්රිර් අල්-ෂාම් (HTS) විසින් මෙහෙයවන ලද IS අත්පත් කර ගැනීමට හේතු විය.
හයාත් තහ්රිර් අල්-ෂාම් හි හිටපු නායක සහ සිරියානු අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරාට කෙන්ට් බැණ වැදුණේ ඔහුගේ දිගු ත්‍රස්තවාදී වාර්තාව පෙන්වා දෙමිනි. එහෙත් ඔහුගේ ම්ලේච්ඡත්වය ට්‍රම්ප් පරිපාලනය ඔහුගේ රජය නීත්‍යානුකූල යැයි හඳුනා පිළිගැනීම වැලැක්වූයේ නැත.
“අපි ඔහුව සිරගත කළා. ඔහු පසුව ISIS සංවිධානයට එක්වුණා. පසුව එයිනුත් වෙන්වුණා. එතනින් බින් ලාඩන්ගේ දකුණු අත ලෙස හඳුන්වන අයිමන් අල්-සවාහිරි විසින් Jabhat al-Nusra සංවිධානයේ නායකත්වයට තෝරාගත්තා. පසුව ඔවුන් නම වෙනස් කළා.”යනුවෙන් කෙන්ට් පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “ජිහාදීයකු ලෙස ඇමරිකානුවන් මෝහනය කරන්න ඉතාම පහසුම ක්‍රමය අළුත් ඇඳුමක් ඇඳ ගැනීම පමණයි. ” යනුවෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්