‘මම ඉන්නෙ හරි අවුලෙන්’- ඉරාන විරෝධතාකරුවන් සන්නද්ධ කිරීමට එක්සත් ජනපදය උත්සාහ කළ නමුත් තුවක්කු වෙන අතකට හැරවූවා- ට්‍රම්ප් පවසයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(06) පැවසුවේ එක්සත් ජනපදය මීට පෙර ඉරාන යේ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සන්නද්ධ කිරීමට උත්සාහ කර ඇති නමුත් ලබා දුන් ආයුධ වෙනතකට හරවා යවා ඇති අතර කිසි විටෙකත් නිවැරදි පුද්ගලයින් අතට අයුධ ළඟා නොවුනු බවයි. " ලබාදුන් ගිනි අවි තමන් වෙනුවෙන් තබා ගත් අයට “විශාල මිලක් ගෙවිය යුතු” බවට ඔහු තර්ජනය කළේය.
ඔහු පල කළ අදහස් කුර්දි බෙදුම්වාදීන් ඉලක්ක කරගත් බවක් පෙනෙන්නට තිබෙන්නේ දිනකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ලබා දුන් ආයුධ නිවැරදි කණ්ඩායම් වෙත නොලැබීම සම්බන්ධයෙන් කුර්දි බෙදුම්වාදීන්ට දොස් පැවරූ නමුත් ඔහුගේ සඳුදා(06) අදහස් දැක්වීම තුළ මෙම කරුණ නිශ්චිතව පැවසීමට කටයුතු කළේ නැත.
ධවල මන්දිරයේ පාස්කු උත්සවයකදී මාධ්‍ය වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ ඉරාන බලධාරීන්ට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට මෙම ආයුධ ලබා දීමට අදහස් කර තිබූ බවයි.
ජනවාරි මාසයේදී, ඉරානය පුරා පැතිර ගිය පාලන විරෝධී විරෝධතා රැල්ලක් අතරතුර, ට්‍රම්ප් “උදව් පැමිණෙමින් තිබේ” යනුවෙන් සපථ කර ඇති අතර විරෝධතාකරුවන්ට වීදිවලට බැස රාජ්‍ය ආයතන අත්පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. නමුත් පාලන තන්ත්‍රය දස දහස් ගණනක් මරා දැමූ බවට වාර්තා වූ මර්දනය ආරම්භ කිරීමෙන් පසුව, ට්‍රම්ප් පසුබැස ගිය අතර සති කිහිපයකට පසු ඊශ්‍රායලය සමඟ ඉරානයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කළේය.
බෝම්බ හෙලීමේ ව්‍යාපාරයෙන් ආරක්ෂා වීමෙන් පසුව පමණක් ඉරාන ජාතිකයන් වීදි බැසිය යුතු බව ඔහු පවසා තිබේ.
“අපි අවි ආයුධ විශාල ප්‍රමානයක් යැව්වා, ඒවා ජනතාව අතරට යා යුතු වූ අතර එමඟින් ඔවුන්ට මෙම මැරයන්ට එරෙහිව සටන් කළ හැකිව තිබුණා.” ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසීය.
“ඔබ දන්නවාද මොකද වුණේ කියා? ඔවුන් එවූ නියෝජිතයන් අවි ආයුධ අත් පත් කර ගත්තා,” ට්‍රම්ප් තවදුරටත් පැවසීය.
“ඔවුන් කිව්වා, ‘මොනතරම් ලස්සන තුවක්කුවක්ද? නෑ නෑ ඒක මම නොකියා ඉන්නම්’” ට්‍රම්ප් කියා සිටි අතර, තවදුරටත් මෙසේ පැවසීය: “ඒ නිසා මම යම් පිරිසක් සම්බන්ධයෙන් බොහෝ කලකිරී සිටින අතර, ඔවුන්ට ඒ සඳහා විශාල මිලක් ගෙවීමට තියෙනවා.”
ඊයේ(06) ට්‍රම්ප් සිය මාධ්‍ය හමුවේදී, එක්සත් ජනපද අවි ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා කරන්නේ කවුරුන් වෙතද යන්න පිළිබඳ විස්තර ලබා දුන්නේ නැත. කෙසේ වෙතත්, පසුගිය 5 වනදා, ට්‍රම්ප් ඉරාන රජයේ විරුද්ධවාදීන් සඳහා නියම කර ඇති ආයුධ ලබා ගැනීම සම්බන්ධයෙන් කුර්දි අතරමැදියන්ට දොස් පැවරූ බව "ෆොක්ස් නිවුස්" වාර්තාකරුවෙකු වාර්තා කළේය.
“අපි විරෝධතාකරුවන්ට තුවක්කු යැව්වා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්… මම හිතන්නේ කුර්දි ජාතිකයන් තුවක්කු ගත්තා,” ට්‍රම්ප් පැවසූ බව වාර්තා වේ. කෙසේ වුවද ඔහුගේ ප්‍රකාශය තහවුරු කිරීමට සාක්ෂි ලබා දුන්නේ නැත.
පාස්කු උත්සවයෙන් පසු ඊයේ(06) ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් කුර්දි ජාතිකයින්ට එරෙහිව වාචික ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන ගියේ, ඔවුන් යුද්ධයට සම්බන්ධ වීමට කැමති දැයි විමසූ පසුවය.
“ඔවුන් යම් යම් ගැටලු සහ දුෂ්කරතා ගෙන එනු ඇතැයි මම සිතන නිසා මම ඔවුන් ඈත්ව සිටිනවාට කැමතියි,” ඔහු පිළිතුරු දුන්නේය.
“ඔවුන් තමන්ටම මරණය රැගෙන ඒවි.” ඔහු පැවසීය.
පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද චැනල් 12 විමර්ශන වාර්තාවකට අනුව, ඉස්ලාමීය ජනරජය බිඳ දමන කැරැල්ලක් ඇති කිරීමට බලාපොරොත්තුවෙන්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, පවතින යුද්ධයේ මුල් අවධියේදී කුර්දි මිලීෂියා හමුදා ඉරානය ආක්‍රමණය කිරීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද ඔවුන්ගේ වැඩපිළිවෙල මාධ්‍ය වෙත කාන්දු වීම, මිත්‍ර පාක්ෂිකයින්ගේ බලපෑම් සහ කුර්දි ජාතිකයන් අතර ඇති වූ අනතුරු ඇඟවීම් වොෂින්ටනයට එම අදහස අතහැර දැමීමට හේතු විය.
මුලදී, බෙන්ජමින් නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙය ඉරාන වැසියන්ට තම රජය පෙරලා දැමීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් බවයි. නමුත් යුද්ධය ආරම්භ වූ දා සිට, ඔවුන් රජය වෙනස් කිරීම සම්බන්ධයෙන් අඩුවෙන් අදහස් දක්වා ඇත. ඉරානයේ ජනතාව ඉරාන රජයට එරෙහිව සැබවින්ම නැගී සිටීදැයි තමාට විශ්වාස නැති බව නෙතන්යාහු මෑතකදී කිහිප වතාවක්ම පවසා තිබේ.
‘I’m very upset’: Trump says US tried to arm Iranian protesters, but guns were diverted
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..