‘මම ඉන්නෙ හරි අවුලෙන්’- ඉරාන විරෝධතාකරුවන් සන්නද්ධ කිරීමට එක්සත් ජනපදය උත්සාහ කළ නමුත් තුවක්කු වෙන අතකට හැරවූවා- ට්‍රම්ප් පවසයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(06) පැවසුවේ එක්සත් ජනපදය මීට පෙර ඉරාන යේ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සන්නද්ධ කිරීමට උත්සාහ කර ඇති නමුත් ලබා දුන් ආයුධ වෙනතකට හරවා යවා ඇති අතර කිසි විටෙකත් නිවැරදි පුද්ගලයින් අතට අයුධ ළඟා නොවුනු බවයි. " ලබාදුන් ගිනි අවි තමන් වෙනුවෙන් තබා ගත් අයට “විශාල මිලක් ගෙවිය යුතු” බවට ඔහු තර්ජනය කළේය.
ඔහු පල කළ අදහස් කුර්දි බෙදුම්වාදීන් ඉලක්ක කරගත් බවක් පෙනෙන්නට තිබෙන්නේ දිනකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ලබා දුන් ආයුධ නිවැරදි කණ්ඩායම් වෙත නොලැබීම සම්බන්ධයෙන් කුර්දි බෙදුම්වාදීන්ට දොස් පැවරූ නමුත් ඔහුගේ සඳුදා(06) අදහස් දැක්වීම තුළ මෙම කරුණ නිශ්චිතව පැවසීමට කටයුතු කළේ නැත.
ධවල මන්දිරයේ පාස්කු උත්සවයකදී මාධ්‍ය වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ ඉරාන බලධාරීන්ට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන්ට මෙම ආයුධ ලබා දීමට අදහස් කර තිබූ බවයි.
ජනවාරි මාසයේදී, ඉරානය පුරා පැතිර ගිය පාලන විරෝධී විරෝධතා රැල්ලක් අතරතුර, ට්‍රම්ප් “උදව් පැමිණෙමින් තිබේ” යනුවෙන් සපථ කර ඇති අතර විරෝධතාකරුවන්ට වීදිවලට බැස රාජ්‍ය ආයතන අත්පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. නමුත් පාලන තන්ත්‍රය දස දහස් ගණනක් මරා දැමූ බවට වාර්තා වූ මර්දනය ආරම්භ කිරීමෙන් පසුව, ට්‍රම්ප් පසුබැස ගිය අතර සති කිහිපයකට පසු ඊශ්‍රායලය සමඟ ඉරානයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කළේය.
බෝම්බ හෙලීමේ ව්‍යාපාරයෙන් ආරක්ෂා වීමෙන් පසුව පමණක් ඉරාන ජාතිකයන් වීදි බැසිය යුතු බව ඔහු පවසා තිබේ.
“අපි අවි ආයුධ විශාල ප්‍රමානයක් යැව්වා, ඒවා ජනතාව අතරට යා යුතු වූ අතර එමඟින් ඔවුන්ට මෙම මැරයන්ට එරෙහිව සටන් කළ හැකිව තිබුණා.” ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසීය.
“ඔබ දන්නවාද මොකද වුණේ කියා? ඔවුන් එවූ නියෝජිතයන් අවි ආයුධ අත් පත් කර ගත්තා,” ට්‍රම්ප් තවදුරටත් පැවසීය.
“ඔවුන් කිව්වා, ‘මොනතරම් ලස්සන තුවක්කුවක්ද? නෑ නෑ ඒක මම නොකියා ඉන්නම්’” ට්‍රම්ප් කියා සිටි අතර, තවදුරටත් මෙසේ පැවසීය: “ඒ නිසා මම යම් පිරිසක් සම්බන්ධයෙන් බොහෝ කලකිරී සිටින අතර, ඔවුන්ට ඒ සඳහා විශාල මිලක් ගෙවීමට තියෙනවා.”
ඊයේ(06) ට්‍රම්ප් සිය මාධ්‍ය හමුවේදී, එක්සත් ජනපද අවි ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා කරන්නේ කවුරුන් වෙතද යන්න පිළිබඳ විස්තර ලබා දුන්නේ නැත. කෙසේ වෙතත්, පසුගිය 5 වනදා, ට්‍රම්ප් ඉරාන රජයේ විරුද්ධවාදීන් සඳහා නියම කර ඇති ආයුධ ලබා ගැනීම සම්බන්ධයෙන් කුර්දි අතරමැදියන්ට දොස් පැවරූ බව "ෆොක්ස් නිවුස්" වාර්තාකරුවෙකු වාර්තා කළේය.
“අපි විරෝධතාකරුවන්ට තුවක්කු යැව්වා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්… මම හිතන්නේ කුර්දි ජාතිකයන් තුවක්කු ගත්තා,” ට්‍රම්ප් පැවසූ බව වාර්තා වේ. කෙසේ වුවද ඔහුගේ ප්‍රකාශය තහවුරු කිරීමට සාක්ෂි ලබා දුන්නේ නැත.
පාස්කු උත්සවයෙන් පසු ඊයේ(06) ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් කුර්දි ජාතිකයින්ට එරෙහිව වාචික ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන ගියේ, ඔවුන් යුද්ධයට සම්බන්ධ වීමට කැමති දැයි විමසූ පසුවය.
“ඔවුන් යම් යම් ගැටලු සහ දුෂ්කරතා ගෙන එනු ඇතැයි මම සිතන නිසා මම ඔවුන් ඈත්ව සිටිනවාට කැමතියි,” ඔහු පිළිතුරු දුන්නේය.
“ඔවුන් තමන්ටම මරණය රැගෙන ඒවි.” ඔහු පැවසීය.
පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද චැනල් 12 විමර්ශන වාර්තාවකට අනුව, ඉස්ලාමීය ජනරජය බිඳ දමන කැරැල්ලක් ඇති කිරීමට බලාපොරොත්තුවෙන්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, පවතින යුද්ධයේ මුල් අවධියේදී කුර්දි මිලීෂියා හමුදා ඉරානය ආක්‍රමණය කිරීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද ඔවුන්ගේ වැඩපිළිවෙල මාධ්‍ය වෙත කාන්දු වීම, මිත්‍ර පාක්ෂිකයින්ගේ බලපෑම් සහ කුර්දි ජාතිකයන් අතර ඇති වූ අනතුරු ඇඟවීම් වොෂින්ටනයට එම අදහස අතහැර දැමීමට හේතු විය.
මුලදී, බෙන්ජමින් නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙය ඉරාන වැසියන්ට තම රජය පෙරලා දැමීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් බවයි. නමුත් යුද්ධය ආරම්භ වූ දා සිට, ඔවුන් රජය වෙනස් කිරීම සම්බන්ධයෙන් අඩුවෙන් අදහස් දක්වා ඇත. ඉරානයේ ජනතාව ඉරාන රජයට එරෙහිව සැබවින්ම නැගී සිටීදැයි තමාට විශ්වාස නැති බව නෙතන්යාහු මෑතකදී කිහිප වතාවක්ම පවසා තිබේ.
‘I’m very upset’: Trump says US tried to arm Iranian protesters, but guns were diverted
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්