News Category
From Date
To Date
Maximum Number of Result

පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඉවත් කිරීමේ නවතම පියවරක් ලෙස, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ්වට (Randy George) තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග කර ඇති බව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි (Pam Bondi) සිය ධුරයෙන් ඉවත් කරන බවත්, ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බහරේනයේ පිහිටි 'ඇමේසන්' (Amazon) සමාගමට අයත් ක්ලවුඩ් පරිගණක දත්ත මධ්‍යස්ථානයකට (Cloud Computing Facility) ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

මාරාන්තික ප්‍රහාරවලට වරදකරුවන් වූ පලස්තීනුවන්ට මරණ දඬුවම නියම කරන නව ඊශ්‍රායල නීතියට එරෙහිව ජනතාව වීදි බැස විරෝධතා දැක්වීම නිසා බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම පුරා පලස්තීන වෙළඳසැල් සහ විශ්ව විද්‍යාල ඇතුළු පොදු ආයතන වසා දැමූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඇමරිකාව පෙර කාලයේ සම්බන්ධ වූ ප්‍රධාන යුද කිහිපයක කාලසීමාව සඳහන් කරමින්, වර්තමාන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ඒවාට වඩා කෙටි බව ට්‍රම්ප් අවධාරණය කරයි.

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු "සම්පූර්ණ වීමට ආසන්න" බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබේ.

නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රධාන භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි.

ඉරානයට එරෙහි යුද්ධය තමන්ගේ යුද්ධයක් නොවන බවත්, තමන් ඊට කිසිසේත් සම්බන්ධ නොවන බවත් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් පවසයි.

ඉරානය විසින් කිසිදු සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්‍රකාශ කර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.