News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ මොසාඩ් අධ්‍යක්ෂ ඩේවිඩ් බාර්නියා අතර පැන නැගී තිබූ මත භේද දැඩි ආරවුල් සහගත තත්වයකට උත්සන්න වී ඇති බව ඊශ්‍රායල ප්‍රවෘත්ති වාර්තා පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී රජය පෙරළා දැමීමට හේතු වූ දරුණු විරෝධතාවලදී පුද්ගලයන් රැසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි (KP Sharma Oli) අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ යේමනයේ ඉරාන හිතවාදී හූති සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලයේ බීර්ෂෙබා නගරය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරානය සමග පවතින යුද්ධයේදී අමෙරිකානු හමුදාව ටොමහෝක් (Tomahawk) කෲස් මිසයිල 850කට වඩා ප්‍රමාණයක් එල්ල කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉරානයට සම්බන්ධ හැකර්වරු කණ්ඩායමක් විසින් අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් බිඳදමා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

දැඩි මෙහෙයුම් ඉල්ලුම සහ වර්ධනය වෙමින් පවතින සෙබළුන්ගේ හිඟය හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) "අභ්‍යන්තරයෙන්ම බිඳවැටීමේ" බරපතල අවදානමකට මුහුණ දී සිටින බව එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයිල් සාමිර් (Eyal Zamir) මහතා පවසයි.

එක්සත් ජනපදය සහ ඉරානය අතර ආතතීන් අඛණ්ඩව ඉහළ යත්ම, සීමිත මිලිටරි ක්‍රියාමාර්ග පුළුල් ගැටුමක් දක්වා සර්පිලාකාර ලෙස ඉහළ යා හැකි භයානක චක්‍රයක් වන "Escalation Trap" හෙවත් උත්සන්න කිරීමේ උගුලට හසුවීමේ අවදානම පිළිබඳව කනස්සල්ල වැඩි වෙමින් පවතී.

චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මහජන විමුක්ති හමුදාවට (PLA ) මුහුණ දිය හැකි “තායිවාන පලිහක්” නොමැති බවත්, එය “තායිවාන කූඩුවක්” ලෙස චීනය සලකන බවත්ය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.