News Category
From Date
To Date
Maximum Number of Result

"රුසියානු-චීන සබඳතා, අපගේ විස්තීර්ණ හවුල්කාරිත්වය සහ උපායමාර්ගික සහයෝගීතාවය ඉතිහාසයේ හොඳම කාල පරිච්ඡේදය පසුකරමින් සිටිනවා මෙන්ම අපි ශක්තිමත් පදනමක් සහිතව නැවත නැවතත් මේ බව ප්‍රකාශ කර තිබෙනවා." වැල්දිමිර් පුටින් පැවසීය. ඔවුන් "සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ එකිනෙකාගේ පරමාධිපත්‍යයට ගරු කිරීම යන මූලධර්ම මගින් මඟ පෙන්වනු ලැබේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි.

රුසියානු ආයුධ නිෂ්පාදනය අඩපණ කිරීමට බටහිර සම්බාධක අපොහොසත්වී ඇති බව නේටෝ සංවිධානය විසින් අනාවරණය කර තිබේ.

මේ වන විට වසර 103ක් පැරණි චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) ලෝකයේ තිබෙන සමෘද්ධිමත් සංවිධානයක් ලෙසත් ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව ඇති සංවිධානයක් ලෙසත් පෙරට විත් තිබේ. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 99.185 අගයට ළඟා වි තිබෙන බව ජුනි 30 ඉදිරිපත් වූ නවතම දත්ත මගින් පෙන්නුම් කරයි. ඒ අනුව අදට(01) යේදී තිබෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වන සංවත්සරය ලෝකයේ තිබෙන දැවැන්තම දේශපාලන පක්ෂ සංවිධානය ලෙස සමරණු ලබන්නේය.

චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(26) වියට්නාමයේ අගමැති ෆාම් මින් චින්හ් බෙයිජිංහිදී හමු විය. මෙය දෙරටේ වේගවත් ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වය සමාජවාදී ක්‍රමයේ ශක්තීන් පෙන්නුම් කරන බව දෙරටේ නායකයන්ගේ අදහසයි.

ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගා ප්‍රමුඛ සොල්දාදුවන් පිරිසක් ඊයේ(26) මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රය අල්ලාගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වූහ.ජනාධිපති ලුයිස් ආර්ස් "බොලිවියානු හමුදාවේ සමහර ඒකක අවිධිමත් ලෙස බලමුලු ගැන්වීම" හෙළා දුටු අතර ජෙනරාල් ජුවාන් ජෝස් සේවයෙන් පහ කර ඔහු වෙනුවට ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිළධාරියා ලෙස ජෙනරල් Jose Wilson Sanchez පත් කරනු ලැබුවේය.ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී තනතුරට පත් වූ වහාම සැන්චෙස් චතුරශ්‍රයේ බල මුළු ගැන්වී සිටින හමුදාවට චතුරශ්‍රයෙන් පිටව යන ලෙස නියෝග කළේය.

රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව (NAC) දකුණු රුසියානු ප්‍රදේශයේ Dagestan හි දුසිමකට අධික පිරිසක් මිය ගිය ප්‍රහාර මාලාවෙන් පසුව එහි ස්ථානගත කොට සිටින ත්‍රස්ත මර්දන ඒකක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දර්ශන නිකුත් කර ඇත.

ISIS ත්‍රස්තයන් කවදාවත් ඊශ්‍රායලයට පහර නොදෙන බවත්, එයට හේතුව ඔවුන්ට ඊශ්‍රායලය සහ CIA විසින් අනුග්‍රහය දක්වන නිසා බවත් හිටපු බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රේග් මරේ පවසයි.

ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදී’ කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.